හික්කඩුව කොරල් පර ආශ්‍රිතවද නෞකාවෙන් විසිරුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමුවෙයි

හික්කඩුව කොරල් පර ආශ්‍රිතවද නෞකාවෙන් විසිරුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමුවෙයි

*********************************************

හික්කඩුව කොරල් පර ආශ්‍රිතවද නෞකාවෙන් විසිරුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමුවෙයි

(30.05.2021 – 18:57 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා රැදී සිටින හෝටලයට අද (30) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණියා.

ඒ, අදාළ ගින්න සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහායි. කෙසේ වෙතත්, අවශ්‍ය ලිපි ලේඛන නොමැති නිසා හෙට (31) අදාළ ප්‍රකාශය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් හෝටලයෙන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, නෞකාවෙන් සාගරයට එක්වූ අපද්‍රව්‍ය අද මාතර – වැලිගම – මිදිගම ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගොඩ ගසා තිබුණා. නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා ප්‍රකාශ කළේ පවතින කාලගුණ තත්වයත් සමඟ දියවැල්වල බලපෑම හේතුවෙන් දකුණු පළාත ආශ්‍රිත වෙරළ තීරයට මෙලෙස අපද්‍රව්‍ය ගොඩගසා ඇති බවයි.

එසේම සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය අද (30) දකුණු පළාතේ වෙරළ තීරයට නෞකාවේ අපද්‍රව්‍ය ගොඩ ගසා ඇති ආකාරය නිරීක්ෂණය කිරීමට පැමිණියා.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹදී අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නෞකාවෙන් වන්දි ලබාගැනීමේදී ධීවර ජනතාව පත්වූ අපහසුතාව ද සැළකිල්ලට ගන්නා බවයි.

මේ අතර බේරුවල ධීවර වරායේ නිලධාරියෙකු සඳහන් කළේ ජාත්‍යන්තර මුහුදෙන් සහ මෙරට මුහුදු සීමාවෙන් ධීවර කටයුතු සිදුකර ඇති බැවින් මේ මොහොතේ වෙළඳපොල තුළ පවතින මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමට ජනතාව බිය නොවිය යුතු බවයි.

එසේම නෞකාවේ රසායන ද්‍රව්‍ය විනාශවීම හේතුවෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට අම්ල වැසි ඇතිවිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා ප්‍රකාශ කළා.

මේ අතර මෙරට සුන්දරතම වෙරළ තීරයක් මෙන්ම ඉහළ සංචාරක ආකර්ශනයක් හිමි හික්කඩුව කොරල් පර ආශ්‍රිතවද නෞකාවෙන් විසිරුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමු වී තිබෙනවා.

+++++++++++++++

28-05-2021
27-05-2021

******************************************

(30.05.2021 – 22:42 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමාවන් දැඩිව ක්‍රියාත්මක වන මෙම කාලසීමාවේදී නීති විරෝධීව අධික මිල ගණනන්වලට මත්පැන් විකිණීමේ ජාවාරමක් වැටලීමට සුරා බදු දෙපාර්තමේන්තුවේ දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වුණා.

අද (30) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

දැඩි සංචරණ සීමා පනවා ඇති මෙම කාලසීමාව තුල කැකිරාව – ඉහළගම ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක හොර රහසේ මත්පැන් ගබඩාවක් පවත්වාගෙන යන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකයට තොරතුරු ලැබී තිබුනා.

පසුව අදාල ස්ථානය වැටලීම සඳහා සුරාබදු නිලධාරීන් හා ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම සැලසුමක් සකස් කළේ එම තොරතුරු අනුවයි.

******************************************

(31.05.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කිරීම සඳහා පොලිස්පතිවරයා නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන බවයි.

මේ අතර අද (31) දිනයේදී ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඉදිරි දිනකදී එහි කාර්ය මණ්ඩලයේ පිරිසගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතයි.

දැනට නිරෝධායනය වෙමින් සිටින නෞකාවේ කපිතාන්වරයාගෙන් ඊයේ (29) ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු රැදී සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයට ගිය නමුත් ලිපි ලේඛණ සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් මත එය සිදුනොකෙරුණු බවයි වාර්තා වූණේ.

මේ අතර ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් පරිසර පද්ධතියට සිදුවූ හානිය සොයා බැලීමට සහ එය නිරාවරණය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමට සූදානම් බවට පවතින ප්‍රචාර අසත්‍ය බවයි ෴

******************************************

(31.05.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

උසස් තාක්ෂණයෙන් යුත් කාබනික පොහොර ආනයනය කිරීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් අද (31) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරියේදී මෙරට ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවයට කඩිනමින් විසදුම් ලබාදිය හැකි බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

(31.05.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

රබර් වගාව තුළ නව පත්‍ර පතන දිලීර රෝගයක් පැතිර යාම නිසා මේ අවස්ථාවේ වගාව සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කර තබා ගන්නා ලෙස රබර් පර්යේෂණ ආයතනය වගාකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න මහත්මිය පෙන්වා දුන්නේ මෙම දිලීරය නිසරු ගස් තුළ පවතින බවට හඳුනාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් දත්ත මේ දක්වා ලැබී නොමැති නිසා මෙම රෝගයෙන් කිරි නිෂ්පාදනය අඩුවී ඇත්ද යන්න පිළිබදව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද ඇය සඳහන් කළා.

පසුගිය වසරේ මෙරට රබර් කිරි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 79,000 ක් ෴

******************************************

(31.05.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

2017 වසරේ සිට අන්තවාදී මත පැතිරවූ සහ සහරාන් හෂීම්ට රැකවරණය ලබාදුන් 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ඔලුවිල් ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට – දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

(30.05.2021 – colombotoday.com)

කාබනික පොහොර මෙරටට ආනයනය කරන මුවාවෙන් යුරියා ස්ප්‍රේ කල චීනයේ නාගරික කසල ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සැලසුමක් තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

කාබනික පොහොර පිළිබඳව පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට දෙරණ හිමිකරු වන දිලිත් ජයවීර වැනි ව්‍යාපාරිකයන් ද පත් කර ඇති බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත් හේරත් මන්ත්‍රීවරයා :

******************************************

(31.05.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවේ සිට ස්පාඤ්ඤ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකට ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 10 ක් දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ගිනි අවි සහ තවත් උපකරණ දොඹකරයක් මගින් නැවට පැටවීමට යාමේදී ඉන් කොටසක් මුහුදට වැටීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ ගිනි අවි නැව වෙත ගෙන ගිය යාත්‍රාව පැද වූ පුද්ගලයා විසින් ගාල්ල වරාය පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

පැමිණිල්ල සිදු කළ පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ නැව් ආරක්ෂක සමාගමක නියෝජිතයින් තම යාත්‍රාවෙන් අදාළ ගිනිඅවි සහ තවත් උපකරණ දොඹකරයක් මාර්ගයෙන් නැවට පැටවීම පසුගිය 28 වනදා උත්සහ කළ බවයි.

කෙසේ වෙතත් අයහපත් කාලගුණයත් සමඟ අධික සුළං නිසා මුහුද රළු වීම හේතුවෙන් දොඹකරය නැවේ බඳේ වැදී ඒවා මුහුදට වැටී ඇති බවද යාත්‍රාව පැදවූ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට වාර්තා කිරීමත් සමඟ නාවික හමුදාවේ යාත්‍රා දෙකක් (2) වහාම එම ස්ථානයට ගොස් සෝදිසි කර තිබුණා.

එහිදී ඒවායින් කොටසක් සොයාගෙන ඇතත් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 14 ක්, ඒ සඳහා යොදන උණ්ඩ 2400 ක පතොරොම් ගැබ්, ගමන් කතන, අවි බහාලන පෙට්ටි ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට හැකි වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(30.05.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 663 ක් වාර්තා වනවා. ඒ අනුව අද (30) මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2849 ක්.

ඒ අනුව මේ දක්වා මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 183,387 ක් දක්වා ඉහළ ගොස් තිබේනවා.

මේ අතර ගෙවුණු දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අලුතින් කොවිඩ් මරණ 42 ක් වාර්තා කළා ෴

මෙරට තුළ සිදු වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් කොරෝනා මරණ 36 ක් වාර්තා වීමත් සමඟයි ෴

++++++++++++++++++++++

(31.05.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 755 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර නිරෝධායන නීතිය නීතිය ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුල 18,055 දෙනෙකු එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ෴

++++++++++++++++++++

(31.05.2021 – 06:380 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පවතින කාලය තුල අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් රියදුරු, කොන්දොස්තර සහ එහි ගමන්ගත් පුද්ගලයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඟිනියාගල පොලිස් වසමේ නාමල් උයන ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේදී මෙම බස් රථය සහ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් 48 දෙනා අද (31) අම්පාර අධිකරණය හමුවට ඉරිදිපත් කිරීමට නියමිතයි ෴

++++++++++++++++++++

(31.05.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරන වැඩසටහනේ වත්මන් තත්ත්වය සම්බන්යෙන් විශේෂ නිවේදනයක් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඊයේ (30) දිනයේදී මෙරට පුද්ගලින් 66,977 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත් ලබා දී ඇති බවයි.

+++++++++++++++++++++

(31.05.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාවේ සිට ඉතාලියට ඇතුළුවීමට පනවා තිබූ තහනම ජුනි මස 21 වනදා දක්වා යළි දීර්ඝ කළ තිබෙනවා.

කෙසේ වෙතත්, එය ඉතාලි ජාතිකයින්ට බලාත්මක නොවන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අප්‍රේල් මස අවසානයේ මෙම තහනම පැනවූ අතර, එය ඊයේ (30) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා ෴

+++++++++++++++++++++++

(31.05.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

දැනට මුළු දිවයිනටම පනවා ඇති සංචරණ සීමා අද (31) දිනයේ ලිහිල් කිරීමක් සිදු නොවන බව රජය ප්‍රකාශ කළා.

ජුනි මස 07 වනදා දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පනවා තිබූ අතර රජය මීට පෙර ප්‍රකාශ කළේ අද (31) සහ ලබන මස 04 වනදා පැය 19 ක කාලයක් සඳහා එම සංචරණ සීමා ලිහිල් කරන බවයි.

කෙසේ වෙතත් පසුගිය 25 වනදා සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේදී ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් කරනු ලැබූ අධ්‍යයනයෙන් පසු අද සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් නොකිරීමට රජය පසුව තීරණය කළා.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග මිලදී ගැනීම සඳහා ජංගම රථ හරහා නිවෙස් වෙතට ගෙන ඒමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ජංගම වෙළදුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඊයේ (30) මෙන්ම අදත් (31) ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි රජය කියා සිටියේ.

ඒ අනුව තොග වෙළදුන්ට සහ ජංගම වෙළදුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතේ පවතින පෑලියගොඩ මැනිං වෙළදපොළ, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළ, නාරාහේන්පිට, මීගොඩ, වැලිසර, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන විවෘත වනු ඇති.

මීට අමතරව කැප්පෙටිපොළ, ඇඹිලිපිටිය, නුවරඑළිය, තඹුත්තේගම, දඹුල්ල සහ බණ්ඩාරවෙල විශේෂ තොග වෙළද මධ්‍යස්ථානය ද අදත් (31) විවෘත වනවා.

පොලීසිය සඳහන් කළේ බලපත්‍ර ලබා ගත් තොග වෙළදුන්ට සහ ජංගම වෙළදුන්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ අදත් (31) භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතින බවයි.

එසේම ජංගම වෙළදසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව සමූහ වශයෙන් ඒකරාශී වීම සිදුනොකරන ලෙස පොලීසිය දැනුම් දෙනවා.

ඒ අනුව එලෙස සමූහ වශයෙන් ජංගම වෙළදසැල් අවට පුද්ගලයින් ඒකරාශී වුවහොත් නිරෝධායන නීති රීති කඩ කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, නිරෝධායන නීති රීති කඩ කළ තවත් පුද්ගලයින් 755 ක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++

30-05-2021

+++++++++++++++++++++

(31.05.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් පැමිණීම වළක්වාලමින් පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණය සුදුසු ක්‍රියාවක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළා.

මෙරටට විදෙස් සංචාරකයින් පැමිණීම වළක්වාලමින් පනවා තිබූ තහනම හෙට (01) සිට තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කළ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පසුගිය බදාදා ප්‍රකාශ කළේ.

එහෙත් පසුගිය දින 14 තුල ඉන්දියාවට ගොස් සිටි පුද්ගලයන් සඳහා එම තහනම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වනු ඇති බව ද එම අධිකාරිය ප්‍රකාශ කළා.

ඊට අමතරව සංචාරක ගුවන් යානයක සමස්ත මගී සංඛ්‍යාව 75 කට නොවැඩි විය යුතු වනවා.

කෙසේ වෙතත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ දී ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සංචාරකයින් පැමිණීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව කොවිඩ් කමිටුව විසින් ගන්නා බවයි ෴

+++++++++++++++++++++

(31.05.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 2859 ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 183,425 දක්වා ඉහළ ගියා.

ඊයේ (30) වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි 10 දෙනෙකු ද සිටින බව සඳහන්.

එමෙන්ම, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවත් 1441 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (30) තවත් මරණ 36 ක් වාර්තා වීමත් සමඟයි.

එලෙස වාර්තා වූ මරණ 36 න්, 06 ක් ම නිවෙස් තුළ මිය ගිය පුද්ගලයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මෙම මරණ 36 න් මරණ 31 කටම කොවිඩ් නියුමෝනියා තත්ත්වය ද හේතුව වී තිබෙනවා.

මේ අතර, තෙවන (3) කොරෝනා රැල්ල ලෙස හැදින් වූ ‘අලුත් අවුරුදු පොකුරේ’ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව 15,257 ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 13,320 ක් වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 11,604 ක්.

මේ වන විට ආසාදිතයින් 31,549 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු ආසාදිත සංඛ්‍යාව 1,49,825ක්.

මේ අතර, සමස්ත හෙද කාර්ය මණ්ඩලය සඳහා කොරෝනා එන්නත ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (31) සංකේත වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කළා ෴

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පීඩාවට පත්වූ ජනතාවට රුපියල් 5000 සේ දීමනාව ලබාදීමට අදාළ වැඩපිළිවෙලේ මූලික කටයුතු අද (31) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේදී ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

++++++++++++++++++++++++

රට කොරෝනා බෝම්බයක් උඩ.. ගැබිනි මවුන් විශාල පිරිසක් මියයාවි.. – නැ. කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍ය හෙලි කරයි…

(31.05.2021 – 09:20 +0530 – lankacnews.com)

අද වන විට රට ඇත්තේ කොරෝනා බෝම්බයක් අභියස බව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය මයුර දෙවොලගේ මහතා සඳහන් කරයි.

ගර්භනී මවුවරුන් ඉතා බරපතල අනතුරක බවත් සියළු ඝර්භනී මවුවරුනට කොරෝනා වැළඳුණහොත් 500 ක් ඉන් මරණයට පත් වනු ඇති බවත් ඒ මහතා කියා සිටී.

එනිසා ගැබිණි මවුවරුනට ඉක්මනින්ම කොරෝනා එන්නත් ලබා දිය යුතු බවත් රටේ සෞඛ්‍ය අංශ ඒ සදහා සූදානම් කල යුතුව ඇතැයිද ඔහු පවසයි.

අද වන විට වෛද්‍යවරුන් සඳහා දත්ත ගබඩාවක් නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ක්‍රමවේදයක් නැති බවත් පවසන ඔහු ලොව අකාර්යක්ෂම ආයතනයක් ලෙස මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය නම් කළ හැකි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

+++++++++++++++++++++

විශ්වයේ රහස් වලින් ලෝකයක් පුදුම කරන අවුරුදු නවයේ විශ්වකර්ම අනාවැකිකරු – Truth with Chamuditha (29.05.2021)

29-05-2021

[ විශ්වකර්ම අනාවැකි කියන කෑගල්ලේ 9 හැවිරිදි ටෙනුක් ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *