කොරොනාවෙන් එක් ලක්ෂ විසිදාහක් මිය යනවා, ඉන්දියාවේ කළු දිලීරයත් ලංකාවට ඇවිල්ලා-සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව

කොරොනාවෙන් එක් ලක්ෂ විසිදාහක් මිය යනවා, ඉන්දියාවේ කළු දිලීරයත් ලංකාවට ඇවිල්ලා – සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව

*********************************************

කොරොනාවෙන් එක් ලක්ෂ විසිදාහක් මිය යනවා, ඉන්දියාවේ කළු දිලීරයත් ලංකාවට ඇවිල්ලා – සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව

(19.05.2021 – 06:11 +0530 – lankaleadnews.com)

‘ටෘත් විත් චමුදිත’ අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් ‍සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටින්නේ මෙරට ජනතාවගෙන් 60% කට එනම් මිලියන 12 කට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇති බවයි.

එසේ වෛරසය ආසාදනය වන ආසාදිතයන් ගෙන් අඩුම තරමෙන් 120,000 දෙනා මියයනු ඇති බවත් ඔහු පුරෝකතනය කර සිටී.

මාධ්‍යයවේදී චමුදිත මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍යය චමල් සංජීව මහතා “රජය මේ වන තෙක් වෛරසය නිසි ලෙස හඳුනාගෙන නැහැ. දැන් සිදු කරන ආකාරයට ලොක්ඩවුන් කිරීමෙන් කිසිදු ඵලක් නැහැ” යනුවෙන් අවධාරණය කළේය.

සාකච්ඡාවේදී වෛද්‍යවරයා අවධාරණය කළේ ඉන්දියාවේ පැතිරෙමින් යන මාරාන්තික ‘කළු දිලිර රෝගය’ ද ලංකාවට පැමිණ ඇති බවයි.

++++++++++++++++++++++++++

දින සියයකින් (100) මෙරට මිලියනයකට කොරෝනා හැදේවි..- සෞඛ්‍ය අමාත්‍යංශය පුරෝකතන කරයි..

(18.05.2021 – 22:02 +0530 – lankacnews.com)

දින සියයක් ඇතුළත මේ රටේ කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා වාර්තා විය හැකි බවය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයකු තවත් පස් දෙනකුට (5) මෙම රෝගය බෝකරන්නේ නම් සෑම දින 5 කට වරක් ම රෝගීන් සංඛ්‍යාව දෙගුණ (2) වන බවයි.

ඒ අනුව 20 වතාවක් රෝගීන් දෙගුණ (2) වුවහොත් දින සියයක් (100) ඇතුලත මෙරට ආසාදිතයන් මිලියනය ඉක්මවා යනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

[ https://www.youtube.com/embed/7FBhkGX2bQM?rel=0&start=141&end=163 ]

++++++++++++++++++++++++++

තවත් සති තුන හතරකින් අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකියි! – කොළඹ අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

(19.05.2021 – 15:29 +0530 – lankaleadnews.com)

කොළඹ අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටින්නේ නිසි පියවර නොගතහොත් තවත් සති තුන හතරකින් (3 – 4) අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකි බවයි.

ඒ අනුව සමාජයේ සියලු දෙනාම එක්ව කොරෝනා පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යයවරයා පවසා සිටියේ වෛරසය ලංකාව තුළ තවදුරටත් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බවත් එය පාලනය කිරීමට ගත හැකි සියලු පියවර ගත යුතු බවත් අද ගත යුතු පියවර අදම නොගතහොත් ලංකාව භයානක තත්වයකට පත්වනු ඇති බවත්ය ෴

++++++++++++++++++++++++++

කොරෝනා මැඩලන හැටි.. හෙළ නිළ වෙදකම ප්‍රගුණ කළ බටහිර වෛද්‍යවරයෙකු හෙලි කරයි…

(19.05.2021 – 00:02 +0530 – lankacnews.com)

වෛද්‍ය මාලීන් බටගොඩ මහතා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ බටහිර වෛද්‍යවරයෙකු වන අතර ඔහු මේ වනවිට මාතර රෝහලේ සේවය කරයි.

ඔහු බටහිර වෛද්‍ය ක්‍රමයට අමතරව ‘හෙළ නිළ වෙදකම’ ද ප්‍රගුණ කර තිබේ.

කොරෝනා වසංගතය රට පුරා වේගයෙන් පැතිරී යමින් තිබෙන මේ අවස්ථාවේ ඔහු ජනතාවට උපදෙස් දෙන්නේ තමන් ගන්නා ආහාර මගින් ප්‍රතිශක්තීකරණය වැඩිකර ගැනීම තුළින් කොරෝනා වෛරසයෙන් සිදුවන බලපෑම අඩුකර ගත හැකි බවයි.

ලබාගන්නා ආහාර වලින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගෙන කොරෝනා රෝගයේ බලපෑම අඩුකර ගන්නා ආකාරය ඔහු අන්තර්ජාල නාලිකාවකට පැහැදිලි කරයි.

+++++++++++++++++++++

වසංගතයෙන් බේරෙන්න ඕනෑම කෙනෙකුට ගෙදරදීම කරන්න පුළුවන් දෙයක් – සැකයක් ආවොත් මේ ටික කරන්න – වෛද්‍ය සම්පත් කලුතරගේ (18.05.2021)

https://www.youtube.com/watch?v=FkXqQlvoq2s

++++++++++++++++++++++

ආයුර්වේද අනුමැතිය තියෙන ලෝකය පුරා කොවිඩ් රෝගීන් සුවපත් කළ හෙළ ඔසුව – Truth with Chamuditha (19.05.2021)

දහස් ගනනකගේ විශ්වාසය දිනූ
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ඇති
වහරක උණ පැණිය
දැන් ඔබට කිට්ටුම නගරයෙන් ලබාගත හැක.
ml 28 ක් ඇති එක් බෝතලයක උපරිම සිල්ලර මිල රු. 220 ක් පමණි.

වහරක හෙළ ඔසු වෛද්‍ය සායනයන් :
1) 838 F , අතුරුගිරිය පාර, හෝමාගම. – දු. ක. 011 219 7111
2) බටගන්විල, ගාල්ල. (තෙල් මෝල අසල) -දු. ක. 076 351 9538
3) ජස්මින් හංදිය, තවලම, නෙලුව. දු. ක. 076 939 4110
4) ඔරුතොට පාර, ගම්පහ.
5) මධ්‍යම සංස්කෘතික අරමුදල් වෙළඳ සංකීර්ණය, පොලොන්නරුව.
6) නව පුත්තලම් පාර, පොතානේ ගම, අනුරාධපුරය. (පන්සල ඉදිරිපිට) – දු. ක.

නියෝජිත ජාලය :
කොලඹ දිස්ත්‍රික්කය
1) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය, තුම්මුල්ල, කොලඹ 3.
2) S. H. G. ඔසු සැල් –
# හෝමාගම
# බොරලැස්ගමුව
# පිලියන්දල
# මහරගම
# විජේරාම
# තලවතුගොඩ
# පන්නිපිටිය
# කිරිබත්ගොඩ
3) ඇක්සස් පොත්හල, තලවතුගොඩ පාර, පිට කෝට්ටේ හංදිය.
4) P. S. ඔසු සල, දිගරොල්ල පාලම හංදිය, මොරටුව.
5) උදය ඔසු සල, කෙලින් වීදිය, පානදුර.
6) ජීවරක්ෂා ඖෂධාලය, මහ ඉංගිරිය, ඉංගිරිය.
7) චන්දන සිංහල බෙහෙත් හල, අංක 2, පොදු වෙළඳ සැළ, නුවර පාර, කඩවත.
8) සමන් ඔසු සැල, පරන පාර, ජාඇල. (මාළු වෙළඳපොල පිටුපස)
9) වෛද්‍ය සුජිත් මහතා, කොස්ගම.
10) ගයනි සිංහල බෙහෙත් වෙළඳ සැල, අංක 46, රත්නපුර පාර, අවිස්සාවේල්ල. (බස් රථ ගාල ඉදිරිපිට)
11) සවිරු ෆාමසි, ජගත් මහතා, කඩුවෙල.
12) නන්දන සිංහල බෙහෙත් හල, දෙහිවල පාර, මහරගම. ( CTB. ඩිපෝව ඉදිරිපිට)

ගම්පහ දිස්ත්‍රික්කය
1) ගම්පහ බෙහෙත් ශාලාව, මහවිට හංදිය, යක්කල.
2) තිසර ආයුර්වේද මධ්‍යස්ථානය, ගනේමුල්ල.
3) මුනසිංහ ඔසු සල, නො. 01, වෙළඳ (මාර්කට්) වීදිය, ගම්පහ.
4) ජයසේකර වෙද මැදුර, මීගමුව.

කළුතර දිස්ත්‍රික්කය
1) වෛද්‍ය මහීපාල මහතා, වෛද්‍ය සංරක්ෂක සභාව, බදුරලිය.
2) වෛද්‍ය මහීපාල මහතා, මතුගම.
3) මුනිරත්න ආයුර්වේද ඔසු හල, 39, දුම්‍.රියපොල පාර, කළුතර.
4) අමරසිංහ ඔසු හල, අඟුරුවාතොට පාර, හොරණ.

රත්නපුර දිස්ත්‍රික්කය
1) S. J. B. ඔසු සල, පල්ලිය පාර, රත්නපුර.
2) ජයසිරි සිංහල බෙහෙත් වෙළඳ සැල, රෝහල හංදිය, ඇහැලියගොඩ.
3) කළු මහතා සිංහල බෙහෙත් වෙළඳ සැල, මොරකැටිය පාර, ඇඹිලිපිටිය

ගල්ල දිස්ත්‍රික්කය
1) ජයසිංහ සිංහල බෙහෙත් වෙළඳ සැල, අංක 61, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, ගාලු පාර, අළුත්ගම.
2) නිව් ලංකා ෆාමසි, මහ වීදිය, ඇල්පිටිය.
3) T. K. J. හෙල ඔසු, මහ වීදිය, ඇල්පිටිය.

මාතර දිස්ත්‍රික්කය
1) කරුණාසේන මෙඩිකල් සෙන්ටර්, කොටුවේ ගෙදර, මාතර.

මහනුවර දිස්ත්‍රික්කය
1) වෛද්‍ය කෞෂල්‍යා මහත්මිය, කටුගස්තොට, මහනුවර.
2) සුවෙන් ඔසු හල, 361, කොළඹ පාර, පිලිමතලාව.
3) තිලිනි සිංහල බෙහෙත් වෙළඳ සැල, අංක 361, කොළඹ පාර, පිලිමතලාව.
4) බෝවත්තේ බෙහෙත් ශාලාව, අංක 44, කොළඹ වීදිය, මහ නුවර.

කුරුණෑගල දිස්ත්‍රික්කය
1) ඇතුගල ඔසු හල, අංක 28, බෝධිරාජ මාවත, කුරුණෑගල.
2) ශ්‍රී රම්‍යා ඔසු හල, ගිරිඋල්ල හංදිය, ගිරිඋල්ල.
3) නීරෝධා ෆාමසි, ප්‍රධාන බස් නැවතුම, වාරියපොල.
4) චින්තා මෙඩිකල්ස්, ඇහැටුවැව පාර, අඹන්පොල.

මාතලේ දිස්ත්‍රික්කය
1) ශානිකා සිංහල බෙහෙත් හල, කුරුණෑගල හංදිය, දඹුල්ල.

කෑගල්ල දිස්ත්‍රික්කය
1) ලක්සිරි ඔසු හල, අංක 170, වරකාපොල.
2) සරස්වතී ඔසු හල, කළුගල්ල පාර, කෑගල්ල.

පුත්තලම් දිස්ත්‍රික්කය
1) ආයුර්වේද බෙහෙත් ශාලාව, තෝප්පුව හංදිය, වෙන්නප්පුව.
2) සුහද ෆාමසි, නො.02 කොළඹ පාර හලාවත.
3) නිව් සෙත් ෆාමසි, හලාවත පාර, කාක්කාපල්ලිය.

මොණරාගල දිස්ත්‍රික්කය
1) වෛද්‍ය කුමාරි මහත්මිය, හුලංදාව හංදිය, මොණරාගල.
2) නිල්ගල ආයුර්වේද ඔසු සල, අංක 2, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, බිබිල.

හම්බන්තොට දිස්ත්‍රික්කය
1) වෛද්‍ය ලංකා මහත්මිය, වීරවිල.
2) සුමුදු ආයුර්වේද ඔසු සැල, කිරින්ද පාර, තිස්සමහාරාමය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
1) පරන්ජෝදි බෙහෙත් ශාලාව, N. C. වීදිය, ත්‍රිකුණාමලය.

වවුනියා දිස්ත්‍රික්කය
1) D. M. ෆාමසි, හොරොව්පතාන පාර, වවුනියාව.

අනුරාධපුර දිස්ත්‍රික්කය
1) අම්හාර් බෙහෙත් බඩු කඩේ, මහ වීදිය, C. P. නගරය, මැදවච්චිය.

මඩකලපුව දිස්ත්‍රික්කය
1) නිව් ඊස්ටර්න් ආයුර්වේද මධ්‍යස්ථානය, පන්සල පාර, මඩකලපුව. (මංගලාරාමය ඉදිරිපිට)

අම්පාර දිස්ත්‍රික්කය
1) ගම්පහ සිද්ධායුර්වේද ඖෂධාලය, 4 වන පටුමඟ, අම්පාර.

කොරෝනා / ඩෙංගු / මී උණ ඇතුළු සියළුම වෛරස් උණ වළකමු.
සුවෙන් සිටිමු. අපගේ ක්‍රම වේදයකට ගොඩ යමු.
සියළුම රෝගාබාධ සඳහා හෙළ වෙදකමෙන් ප්‍රතිකාර ගැනීමට අපගේ වහරක හෙළ ඔසු සායනයකට පැමිණෙන්න.

සියළු විමසීම් සඳහා :
077 774 1478 – අනිල් කාරියවසම් මහතා
ඖෂධ ගෙන්වා ගැනීමට :
077 777 0275 අමතන්න
හෝ
ඔබගේ නම, විස්තර WhatsApp කරන්න.

ඔබට ලැබෙන ගතේ සිතේ නිරෝගීතාවය උතුම් ගුණ පූර්ණය පිණිසම වේවා !

[ https://www.facebook.com/%E0%B7%80%E0%B7%84%E0%B6%BB%E0%B6%9A-%E0%B7%84%E0%B7%99%E0%B6%BD-%E0%B6%94%E0%B7%83%E0%B7%94-106165667864288/ ]

[ http://www.waharakahelaosu.lk/ ]

++++++++++++++++++++++

(19.05.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම ඉහළ යාම නිසා වයස අවුරුදු 12 ඉක්ම වූ දරුවන්ටත් එන්නත ලබාදීම සුදුසු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වර්තමානයේ පවතින්නේ කොරෝනා දෙවන (2) රැල්ලේ දිගුවක් වන බැවින් තවත් මාස 4 කින් පමණ තුන් වන (3) රැල්ල පැමිණීමට ඉඩ ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ෴

+++++++++++++++++++

(19.05.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 38,263 කට ඊයේ (18) දිනයේ එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 5,229 දෙනෙකුට ලබාදී ඇති අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 33,017 දෙනෙකුට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම ස්පුට්නික් වී එන්නතේ පළමු (1) මාත්‍රාව ද පුද්ගලයින් 17 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2,97,686 දෙනෙකුට ලබාදී ඇති අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හාරලක්ෂ 57,840 දෙනෙකුට ලබාදී ඇති බව සඳහන්. එමෙන්ම ස්පුට්නික් වී එන්නතේ පළමු (1) මාත්‍රාවලබාදී පුද්ගලයින් සංඛ්‍යාව 14,917 කට ලබා දී තිබෙනවා ෴

++++++++++++++++++

(19.05.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

ජපානය වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයිනේ සිට එරටට පැමිණෙන මගීන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව මෙම රටවල දින 14 ක් තුළ සංචාරය කල කිසිඳු පුද්ගලයෙකුට එරටට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ නැහැ.

මීට පෙර ජපානය ඉන්දියාවේ සිට පැමිණෙන සියලුම මගීන්ට දැඩි සංචරණ සීමා පැනවුයේ ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් පැතිරයන නව කොවිඩ් වෛරසය එරට තුළ ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහායි.

කෙසේවෙතත් ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ එරට ස්ථිර පදිංචි සහතිකය හිමි අයට PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් අනතුරුව අදාල රටවලින් පිටත දින 14 ක නිරෝධායන කාලයකින් පසු නැවත සිය රටට ඇතුලු වීමට අවසර ලබා දීම සම්බන්දයෙන් සලකා බැලෙන බවයි ෴

@@@@@@@@@@@@@@@@

(19.05.2021 – 08:48 +0530 – hirunews.lk/sinhala)

රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු මේ වනවිට 49 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අසාද් සාලිගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

මාර්තු මස 10 වනදා මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබූ අසාද් සාලි අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත කොල්ලුපිටිය ප්‍රදේශයේදී මාර්තු මස 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවා ෴

******************************************

(19.05.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙදින (2) විවාදය අද (19) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා.

විවාදයේ දෙවන (2) දිනය වන හෙට (20) පස්වරු හතරට (04:00) ඊට අදාළව ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (18) පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක්ද පැවැත්වුවා.

ඒ, සූම් තාක්ෂණය ඔස්සේයි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවටත් ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඊයේ (18) කථානායකරවයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

කෙසේ වෙතත්, රජය ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගනිමින් සංශෝධන ඇතුළත් කිරීමෙන් අනතුරුව සරල බහුතරයකින් එය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි ෴

******************************************

(19.05.2021 – 09:31 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කළු පැහැති ඇඳුම්වලින් සැරසී යුද්ධයෙන් මිය ගිය පිරිස් සමරා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) ඉටි පන්දම් දල්වා තිබෙනවා.

ඒ සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, රාසමානික්කම් සානක්‍යන්, සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවටයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති කාමරයේදී මෙලෙස ඉටි පන්දම් දල්වමින් සැමරුමක් සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කළේ අදාළ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු පිවිසුමේදී ඉටි පන්දම් දල්වා සැමරුමක් සිදුකිරීමට ප්‍රථමයෙන් උත්සාහ දැරූ බවයි.

එහිදී තමන් එය වැළැක්වූ බවත් පසුව ඔවුන් හොර රහසේ දෙමළ ජාතික සන්ධානයට වෙන්වූ කාමරයට පැමිණ ඉටි පන්දම් දල්වා සැමරුමක් සිදුකර ඇති බවට වාර්තා වී ඇති බවයි වේත්‍රධාරීවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙවැනි ආකාරයට සැමරුමක් සිදුකළ පළමු අවස්ථාව ද මෙය වන බව ඔහු සඳහන් කළා.

******************************************

(19.05.2021 – 09:34 +0530 – hirunews.lk/sinhala)

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් නිරෝධායන රීති අනුගමනය නොකරමින් යාපනය නගරයේ සැරිසරන අවස්ථාවකදී පොලීසියෙන් පැමිණ අවවාද කර යළි හරවා යවා තිබෙනවා.

ඊයේ (18) දිනයේ නිවසින් බැහැර යාමට හැකියාව පැවතියේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් නම් පමණයි.

කෙසේ වෙතත්, සිවාජිලිංගම් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස සටහන්වූයේ ඔත්තේ සංඛ්‍යාවක්.

මේ නිසා ඔහු හරවා යැවූ බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(19.05.2021 – 09:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස් ශ්‍රමික රක්ෂණ ආවරණයක් හඳුන්වාදී තිබෙනවා.

ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති අතර, එමගින් ශ්‍රමිකයෙකුගේ මරණයකදී රුපියල් ලක්ෂ 6 ක් සහ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් ලක්ෂ 4 ක් උපරිමයකට යටත්ව වන්දි හිමි වනු ඇති ෴

******************************************

(19.05.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ගෙල බැදි රන්මාල කැඩීම හා කොල්ල කෑම් සම්බන්ධයෙන් 4 දෙනෙකු කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් මඩපාත, කිරුළපන සහ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

සැකකරුවන් සතුව තිබී පවුම් 15 කට ආසන්න බරකින් යුත් රන් භාණ්ඩ, කාන්තා අත් ඔරලෝසු දෙකක්, විදේශීය මත්පැන් බෝතල් 9 ක් සහ මුදල් ද සොයාගෙන තිබෙනවා ෴

******************************************

(19.05.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්ට සහ පලනි දිගම්බරම්ට මාස තුනක (3) කාලයක් සඳහා නිවාඩු ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කළ ඉල්ලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) අවසර ලබාදුන්නා.

ඊයේ (18) සිට මාස තුනක (3) කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි අදාළ අවසරය හිමිව ඇති අතර, ඔවුන් දෙදෙනා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නිවාඩු ඉල්ලීම කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *