ආයුර්වේද රෝහල් තුළ කොරෝනා රෝගීන්ගේ කැමැත්ත මත ප්‍රතිකාර

ආයුර්වේද රෝහල් තුළ කොරෝනා රෝගීන්ගේ කැමැත්ත මත ප්‍රතිකාර

*********************************************

ආයුර්වේද රෝහල් තුළ කොරෝනා රෝගීන්ගේ කැමැත්ත මත ප්‍රතිකාර

(06.05.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන් සඳහා අතරමැදි සත්කාර සේවා මධ්‍යස්ථාන ලෙස භාවිතයට ගන්නා ආයුර්වේද රෝහල් තුළ රෝගියාගේ කැමැත්ත මත ආයුර්වේද හෝ බටහිර ප්‍රතිකාර ලබා දීමට තීරණය වී තිබෙනවා.

ඒ, ඇදන් 5000 කින් සමන්විත ආයුර්වේද රෝහල් කොරෝනා පාලනය කිරීම සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අද (06) පැවති සාකච්ඡාවකදියි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම ආයුර්වේද රෝහල් අතරමැදි සත්කාර සේවා මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

රෝගීන් හැසිරවීම පිළිබඳව මූලික පුහුණුවක් ආයුර්වේද වෛද්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරියෙකු යටතේ එම මධ්‍යස්ථාන පවත්වා ගැනීමටත් එකඟතාව හිමිවූ බවයි කොවිඩ් රෝග පාලන කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගැබිණි කාන්තාවන් වඩාත් සැලකිලිමත් විය යුතු බව කාසල් විදීය කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා ප්‍රකාශ කළා.

මේ අතර, රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම අද (06) ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආරම්භ කෙරුණා ෴

රජයේ සෑම ප්‍රධාන රෝහලකටම කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්වූ වාට්ටු සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම්දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (06) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා ෴

තවත් කොවිඩ් ආසාදිතයන් 1035 ක් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ථ ආසාදිතයන් ගණන 118,834 ක් ෴

++++++++++++++++++++++

(06.05.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (07) සිට දිවයිනේ සියලුම ගොවීන්ට විවෘත කර තැබීමට තීරණය කළද පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ එය දින තුනකට (3) කල් තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දඹුල්ල විශේෂ ආර්ථීක මධ්‍යස්ථානය තවදුරටත් විවෘතව පවතින්නේ මාතලේ ගොවීන්ට පමණක් බවයි. දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා කියා සිටියේ.

එමනේම දඹුල්ල නගරය සහ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූ කාලසීමාවේදී ආර්ථීක මධ්‍යස්ථානය පිටුපස ගබඩාවක රඳවාගෙන කාන්තාවන් අටදෙනෙකු (8) සේවයේ යෙදවූ ස්ථානයක් වැටලීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂක ඒකකය සහ පොලීසිය අද (06) කටයුතු කළා.

හුදෙකලා කෙරුණු කාලසීමාවේ ඔවුන් ගබඩාවේ අර්තාපල් සහ ලොකු ලූණු තේරීම සහ ඒවා පැටවීමේ නිරතව සිටි බවටයි වාර්තාවන්නේ ෴

++++++++++++++++++++++

(06.05.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

මෙරටේ උද්ගතව පවතින තත්ත්වය හේතුවෙන් සංචරණ සීමා කෙටි කාලයකට හෝ පැනවීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කලේ හිරු සමඟ විශේෂ සාකච්ජාවකට එක් වෙමින්.

++++++++++++++++++++++

(06.05.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාම බරපතල තත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත වෛද්‍ය ඔලිවියා නෙවරාස් ප්‍රකාශ කළා.

මෙරට තත්වය පිළිබඳ ඇය නිකුත් කළ වීඩියෝ පණිවුඩයක් උපුටා දක්වමින් බී.බී.සී. සිංහල පුවත් සේවය මේ බව වාර්තා කළා.

එන්නත් ලබාදීමෙන් පමණක් ගැටළුවට විසඳුම් නොලැබෙන බැවින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි ඇය එමඟින් ඉල්ලා සිටියේ.

“ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථාන, අධිත තදබදයක් සහිත තැන්, එකිනෙකා සමීපව ගැවසෙන ස්ථාන වෙත යාමෙන් වැළකිය යුතුයි.

සමාජ දුරස්ථභාවය තබාගැනීම, කසින සහ කිවිසුම් හරින විට අනුගමනය කරන සෞඛ්‍ය පුරුදු, සබන් යොදා දෑත් සේදීම, මතුපිට පෘෂ්ඨ මත විෂබීජහරණය, නිවැරදිව මුව ආවරණ පැළඳීම සහ අසනීපයක් පවතින්නේ නම් නිවසේ නතරවීම යන මේ පුරුදු අපි ශ්‍රී ලාංකිකයන්ගෙන් බලාපොරොත්තු වනවා.

අප මෙන්ම පවුල්වල සාමාජිකයන් සහ ආදරණීයයන් ආරක්ෂා කරගැනීමට මේ නිර්දේශිත පුරුදු අනුගමනය කළ යුතුමයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණදී තිබෙන වඩාත් අභියෝගාත්මක අර්බුදය මෙය වනවා.

ශ්‍රී ලංකාව ඇතුලු කිසිදු රටක් ඉන් ගැළවී නැහැ.

මේ රෝගීන්ගේ ඉහළ යාම බරපතල ලෙස ගත යුතුයි.

මම දන්නවා අපි බොහෝ දෙනෙකුට මහන්සියි, දරාගන්න බැහැ. මොකද වසරකට වැඩි කාලයක සිට අපි කොවිඩ් 19 සමඟ සටනක යෙදී සිටිනවා. කෙසේ වුවත් වඩා අභියෝගාත්මක කාලයට තවමත් පැමිණ නොමැති වෙන්න පුළුවන්.”

++++++++++++++++++

(06.05.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 42 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව සිද්ධි අධ්‍යයනයක් සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගැනුණේ පසුගිය දෙවැනිදායි.

කෙසේ වෙතත් පැය 24 ක් ගතවීමටත් පෙර ග්‍රාම නිලධාරී වසම් 10 ක් හැර සෙසු ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා.

එම තීරණය තම අනුදැනුමෙන් තොරව සිදුවූ බවට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ අතර, චෝදනාව එල්ල වී ඇත්තේ අමාත්‍ය ගාමිණී ලොකුගේටයි.

ඊයේ (05) වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 122 ක්.

මෙලෙස රෝගීන් අඛණ්ඩව ඉහළ යමින් පවතින පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට ගත් තීරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාක්ෂණ කමිටුවක් පත් කළ අතර, එහි නියෝජිතයින් ඊයේ (05) එම ප්‍රදේශයට ගොස් සොයාබැලීමක් ද සිදු කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව දැනටමත් සිද්ධි අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර පිළියන්දල පොදු වෙළඳසැලේ පළතුරු වෙළඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හදිසියේ මියගොස් ඇති අතර, පසුව අනාවරණ වුණේ ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

ඒ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි සමන්තිකා විජේසුන්දර මහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ පිළියන්දල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීම සිදුකළ යුතු බවයි.

+++++++++++

++++++++++++++++++++++

(06.05.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

අද (06) දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා අසාදිතයින් 1305 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,18,832 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඉදිරියේදී දෛනිකව වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,000 ඉක්මවා යාමේ අවදානමක් පවතින බවයි.

ගෙවුනු දිනයේ මෙරටින් කොරෝනා මරණ 14 ක් වාර්තා වු අතර එය සැලකෙන්නේ මෙරටින් දිනක් තුළ වාර්තා වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙසයි.

ඉන් මරණ 10 කටම හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය වන අතර ගෙවුනු සතියේ මෙරටින් සමස්ත කොරෝනා මරණ 73 ක් වාර්තාවනවා.

ඉන් මරණ 51 ක් සිදුව ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

රෝගීන් අඛන්ඩව වාර්තාවීම හේතුවෙන් අසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයේ සෑම ප්‍රධාන රෝහලකටම ඔවුන්ට වෙන්වු වාට්ටු සකස් කරන ලෙස දැනුම් දි ඇති බව කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවේදි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන්කළා.

මේ අතර, කොරෝනා නීති කඩ කළ පුද්ගලයින් සොයා අදත් (06) විවිධ ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඒ අතරතුර අහංගම ෆේස්බුක් සාදයක් ද වටලනු ලැබුවා.

තවත් කොවිඩ් ආසාදිතයන් 546 ක් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (06) දිනයේදී මෙරටින් හදුනාගත් ආසාදිතයන් ගණන 1851 ක් ෴

විදෙස්ගතව පැමිණි තවත් 44 දෙනෙක්, කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (06) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 1895 ක් ෴

+++++++++++++++++++

(06.05.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මේ වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක්. මේ මෙරට ඔක්සිජන් නිෂ්පාදනය සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක්.

+++++++++++++++++++

(06.05.2021 – 22:57 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 745 ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් මරණ 11 ක් වාර්තා වීමත් සමගයි.

++++++++++++++++++++++

“මේ බොරුව තේරුම් ගන්න. කොවිඩි වලට බෙහෙත් නැත්නම් ‘රෝහල් ගත කර සුවපත් වී රෝහලෙන් නිදහස් කල පිරිස මෙපමණයි’ කියා සංඛ්‍යා ලේඛණ නිකුත් කරන්නේ ඇයි ? ඇත්තටම රෝහල් තුල සති දෙකක් පමණ සිරකර තබාගෙන ‘ඉබේම සුව වූ පසු නිදහස් කලා’ යැයි නොකියා ‘ප්‍රතිකාර වලින් පසු සුව වී නිදහස් කලා’ කියන බොරුව සමාජ ගත කරනවා. මේ රෝගීන් ආයුර්වේද රෝහල් වලට යොමු නොකරන්නේ මේ බොරුව හෙළිදරව් වන නිසා” – හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා

@@@@@@@@@@@@@@@@@

(06.05.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ගංඟාවේ ඉවුරු ඛාදනය වැළැක්වීම සඳහා ගං ඉවුර දෙපස උණ සහ සහ කුඹුක් පැළ 1,67,500 ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සූදානම් වනවා.

කිලෝමීටර් 335 ක දිගින් යුත් මහවැලි ගංඟා ද්‍රෝනියම ආවරණය වන පරිදි මෙලෙස පැළ රෝපණය කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අනුව සියයට 20 ක් උණ පැළ සහ සියයට 80 ක් කුඹුක් පැළ ඉවුර දෙපස රෝපණය කෙරෙනු ඇති ෴

******************************************

(06.05.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

ගෑස් වංචාවක් සිදු වන බව හෙළි කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද (06) ගෑස් ටැංකියක් රැගෙන මාධ්‍ය සාකච්ඡාවට පැමිණියා.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ රජය ජනතාවට හොරෙන් ගෑස් මිල වැඩි කර ඇති බවයි.

මීට පෙර බර අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක් වූ ගෑස් ටැංකිය ලීටර්වලට හරවා කිලෝග්‍රෑම් නවයක් (9) ඇති බව පෙන්වා දුන් නමුත් මෙය කිරා මැන බැලූ විට ගෑස් මිල සමග සංසන්දනය කළ විට 27% ක මිල වැඩිවීමක් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ලෝක වෙළෙඳ පොළේ විශාල ගෑස් මිල වැඩිවීමක් නැතිවද මෙවැනි දෙයක් කිරීම ජනතාව මුළා කිරීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම ගෑස් වල අඩංගු ද්‍රව්‍ය වෙනස් කළ බවට පෙන්වා ඇතත් එම රසායනික ද්‍රව්‍ය වෙනස් කිරීමෙන් ද මෙතරම් මිලක් වැඩි නොවන බව ඔහු කියා සිටිනවා.

පාරිභෝගික අධිකාරිය ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය ලබා දිය යුතු නමුත් මෙය පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව කරන මගඩියක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

******************************************

(06.05.2021 – 17:35 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර නවතා කාබනික පොහොරවලට ගමන් කිරීමෙන් ගොවියා කබලෙන් ලිපට ඇද දැමීමට ආණ්ඩුව සැරසෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කාබනික පොහොර සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන රටවල් ඇත්තේ කිහිපයක් පමණක් බවයි.

බොහෝ රටවල්වල කාබනික පොහොර සියයට 1.5 ක ප්‍රමාණයක් භාවිතා කරන්නේ තණකොළ වැවීම සඳහා පමණයි.

කාබනික පොහොර පාවිච්චියට ගැනෙන මෙවැනි ක්‍රමවේදයන් තුළින් ගොවියාගේ ආදායම අඩුවන අතර ආහාර හිඟයක් ද ඇතිවන බව ඔහු පෙන්වා දෙනවා.

පොල්, වී, රබර්, තේ වැනි බෝග සඳහා කාබනික පොහොර යොදා ගතහොත් සියයට විස්සක් (20%) වැඩිපුර යෙදිය යුතු බවත් එහිදී රංජිත් මද්දුම බණ්ඩාර කියාසිටියා.

මේ තත්ත්වය යටතේ වතු සමාගම් පවසන්නේ පොහොර නොමැතිව වගාකරන්න සිදුවුණොත් කම්කරුවන්ට රුපියල් දහසක (1000) වැටුපක් නොව රුපියල් 500 ක් වත් ගෙවීමට නොහැකි වන බවයි.

කොරෝනා පළමු වෙනි රැල්ල මැතිවරණය හේතුවෙන් වැඩි කරගත් අතර දෙවැනි රැල්ල ජනතාවට කොරෝනා නොමැති බවට පෙන්වීමට ගොස් වැඩිකර ගත් බව ද සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා ෴

******************************************

(06.05.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාවේ අද (06) පැවති මාසික මහා සභා රැස්වීම අතරතුර ගුටිබැට හුවමාරුවක් සිදුවුණා.

ඒ නගර සභාවේ පාලක පක්ෂය නියෝජනය කරන සාවිත්‍රි ගුණසේකර සහ නිශාන්ත විමලචන්ද්‍ර අතරයි.

නගර සභාවේ මන්ත්‍රී කාමරයක් තුළ ඇතිවූ සංවාදයක් පාලක පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රී සාවිත්‍රි ගුණසේකර පසුගියදා වීඩියෝ කර තිබුණා.

ඇය විසින් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැරීමට එරෙහිව අද (06) පැවති මාසික මහා සභා රැස්වීම අතරතුරදී මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවුනා.

එම සංවාදය අදාළ මන්ත්‍රීවරිය වීඩියෝ ගතකර ඇති අතර ඇය අසලට පැමිණි පාලක පක්ෂයේම නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා ඊට විරෝධය පළකිරීමත් සමග එය අවසන් වූයේ ගුටිබැට හුවමාරුවකින්.

+++++++++++

******************************************

පොම්ප ක්‍රියාකරු රවටා පිරවුම්හළෙන් ඉන්ධන සොරාගත් බස් සේවකයා – CCTV දර්ශන

(06.05.2021 – 11:48 +0530 – sinhala.adaderana.lk)

ඉන්ධන පිරවුම්හළක සේවකයින් රවටා බස් රථයකට ඉන්ධන ලබාගත් සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා විය. කුරුණෑගල පුත්තලම පාරේ සමූපකාර ඉන්ධන පිරවුම්හළේ එම සිද්ධිය ඇතිව තිබුණි.

පිරවුම්හළේ සේවකයින් මෝටර් රථ සඳහා පෙට්‍රල් ලබාදීම සිදුකරමින් සිටියදී ඩීසල් ඉන්ධන ලබාදෙන පොම්පය ඔවුන්ට නොපෙනෙන ආකාරයෙන් බස්රථය නවතා මෙම ඉන්ධන සොරකම සිදුකර තිබුණි.

අදාළ බස් රථයෙන් බැස එන එක් පුද්ගලයෙකු ප්‍රථමයෙන් රුපියල් 4,000 ක ඉන්ධන වංචා කර බස් රථයට ලබාගන්නා අතර පසුව මීටරය යළිත් සකසා සේවකයා පැමිණි පසු රුපියල් 2,000 ක මුදලක් දී යළිත් ඉන්ධන ලබා ගැනීම සිදුකර තිබුණි.

ඒ බව අනාවරණය වී ඇත්තේ ඉන්ධන පිරවුම්හළේ ඇති CCTV කැමරා පරීක්ෂා කිරීමේදීය.

අදාළ බස් රථය මහනුවර – කුරුණෑගල මාර්ගයේ ධාවනය වන බස් රථයක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කර තිබේ.

******************************************

පාස්කු ප්‍රහාරකයන් හෙළිකර, සහරාන් ගෙන් හිසට වෙඩි කෑ මාවනැල්ලේ තස්ලීම් – Truth with Chamuditha – 07.05.2021

******************************************

එංගලන්තයේ මුල් පෙළ වෛද්‍යවරුන් භාවනාව ප්‍රතිකාරයක් හැටියට පිලිගනී – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා (06.05.2021)

https://www.youtube.com/watch?v=fmKgdkqPbqI
‘පොහොය දිනය’ – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි (pdf file)

[ http://www.ogatharana.org/ ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *