1,94,000 කට සරසවි අයදුම් කිරීමට වරම්

1,94,000 කට සරසවි අයදුම් කිරීමට වරම්

*********************************************

1,94,000 කට සරසවි අයදුම් කිරීමට වරම්

(04.05.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ (2020) ඔක්තෝම්බර් මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව අයදුම්කරුවන් 194,297 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ප්‍රතිඵල අද (04) පස්වරුවේ අන්තර්ජාලය වෙත මුදා හැරුණු අතර, නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 277,625 දෙනාගෙන් 178,337 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පැරණි නිර්දේශය යටතේ 24,146 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 15,960 ක්.

ඒ අනුව විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන් වන 301,771 දෙනාගෙන් සියයට 64.39ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 72 නෙකුගේ සහ පැරණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 14 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සියළුම පාසල්වල ප්‍රතිඵල ලේඛන ඉදිරි දිනකදී විදුහල්පතිවරුන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, අද (04) නිකුත් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය චාවකච්චේරිය – හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්භවන් ශිෂ්‍යයා හිමි කරගෙන තිබෙනවා.

කලා අංශයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ දෙහිවල – ප්‍රෙස්බ්‍රිටේරියන් කාන්තා විද්‍යාලයේ චමල්කා සෙව්මිනී ශිෂ්‍යාවයි.

එමෙන්ම වාණිජ අංශයේ ප්‍රථමයා විමට අමන්දි ඉමාෂා ශිෂ්‍යාව සමත්ව තිබෙනවා. ඇය සංඟමිත්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා.

2020 උසස් පෙළ, ජෛව පද්ධති තාක්ෂණවේද විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා විද්‍යාලයේ සුසික සඳසර ශිෂ්‍යයා ලබා ගෙන තිබෙනවා ෴

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා අංශයේ, දිවයිනේ ප්‍රථම ස්ථානය, කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් විජේසිංහ ශිෂ්‍යයා හිමිකරගෙන තිබෙනවා.

++++++++++++++

******************************************

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනපතිට පළඳවයි

(04.05.2021 – president.gov.lk)

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.

දශක 03 කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.

මැයි මාසයේ පළමු සතියේ ජනාධිපතිතුමාට ජාතික රණවිරු කොඩිය පැළඳ වූ දින සිට රණවිරු සැමරුම් මාසය ඇරඹේ.

ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද මේ අවස්ථාවට එක් විය.

******************************************

(04.05.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

දැනට කටුපොල් වගා කර ඇති භූමිවල එම වගාවන් ඉවත් කර විකල්ප වගාවන් හඳුන්වා දීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කර තිබෙනවා.

හෙක්ටයාර 12,000 ක මෙලෙස කටුපොල් වගා කර ඇති අතර, වසර 5 ක් තුළ දී වසරකට සියයට 20 ක භූමි ප්‍රමාණයක් බැගින් කටුපොල් ඉවත් කර රබර් හෝ සුදුසු භෝගයන් වගා කිරීම මේ යටතේ සිදුකෙරෙනු ඇති ෴

******************************************

(04.05.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියම කළා ෴

******************************************

මවක් සහ පුතෙක් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වෙයි – පුත්‍රයා මරුට

(04.05.2021 – 19:03 +0530 – sinhala.adaderana.lk)

සූරියවැව සමාජසේවාපුරදී පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධවලින් සිදුවූ පහරදීමකින් 23 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ.

ඔහුගේ මවද ආරවුලේදී බරපතළ තුවාල ලබා හම්බන්තොට රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

සූරියවැව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් යුවලක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මියගිය තරුණයා සිය වගාව සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී, පහරදීම සිදුකළ යුවලගේ පුත්‍රයා මීට මාස 3 කට පෙර මියගොස් ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මියගිය තරුණයාගේ පාර්ශ්වයෙන් පොලීසියට පැමිණිළි කර තිබුණ ද නිසි විභාගයක් නොවුණු නිසා මෙම අවාසනාවන්ත සිදුවීම ඇතිව තිබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

සිය පුත්‍රයාගේ තුන්මස් දානය දීමෙන් පසු අදාළ තරුණයාව ඝාතනය කරන බවට මීට පෙර එම යුවල ඔවුන්ට තර්ජනය කර තිබූ බවද මේ වනවිට අනාවණය වී ඇත ෴

******************************************

ලොව ගුරුත්වාකර්ෂණය අඩුම යුධ ගුවන් තොටුපොළවල් ලංකාවෙන් සොයාගනී (10.03.2021)

@@@@@@@@@@@@@@@@

(04.05.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද නිමා වීමෙන් පසු අනුරාධපුර – කැකිරාව ප්‍රදේශයෙන් මේ දක්වා ආසාදිතයන් 38 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින් දස දෙනෙකු (10) හදුනාගෙන ඇති අතර, ඉපලෝගමින් ආසාදිතයින් 17 දෙනෙකු, වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

මේ අතර, ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අලුත් අවුරුද්දෙන් පසු ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වීමත් සමග 600 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.

දඹුල්ල මහනගර සභා බලප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් 60 දෙනෙකු මේ දක්වා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස්වල රැදී සිටින බව වාර්තා වනවා.

එමෙන්ම දින 9 ක කාලයක් පුරා වසා දමා තිබූ දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය හෙට (05) අලුයම 5 සිට දැඩි සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සඳහා පැමිණෙන රෝගීන්ට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. ඒ, පවතින කොවිඩ්-19 වෛරස තත්වය හේතුවෙන් රෝගීන් එම පරිශ්‍රයේ රැඳී සිටීමේ කාලය අවම කිරීමේ අරමුණින්.

එමෙන්ම, රුධිර සංචිත පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය අවශ්‍ය වී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඒ අනුව 011 533 2153 හෝ 011 236 9931 සිට 9934 දක්වා යන අංකවලට ඇමතීමෙන් ඒ පිළිබද තොරතුරු ලබා ගත හැකියි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියළුම සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම් හෙට (05) සිට තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

+++++++++++++++++++

(04.05.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති දෙක (2) තුළ කොරෝනා රෝගීන් සඳහා අමතර ඇදන් 10,000 ක් වෙන් කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබිමේ විවාදයට එක්වෙමින් ඇය සඳහන් කළේ මේ වන විට දැඩි සත්කාර ඒකකවල කොරෝනා රෝගීන් 58 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන බවයි.

පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන සියළු දොරටු විවෘත කර අද (04) මෙම විවාදය පැවැත්වුණා.

මේ අතර, හෙට (05) පැවැත්වීමට සැලසුම් කර තිබූ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදය කල් තැබීමට පක්ෂ නායකයින් තීරණය කළා. ඒ, එම පනත් කෙටුම්පත පිළිබද ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායකවරයාට මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන්.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබුණු පසු මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී එම විවාදය පැවැත්වීමටයි අද (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණේ.

ඒ අනුව හෙට (05) දිනයේදී ද කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි ෴

+++++++++++++++++++++

(04.05.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත පොලිසිය ඊයේ (03) කොළඹදී වටලනු ලැබුවා.

ඒහිදී නිරෝධායන නීති උල්ලඝනය කළ පුද්ගලයින් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුනා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ්-19 අවදානම් තුන්වන මට්ටම යටතේ පසුගියදා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ පසුගිය සිකුරාදා යළි සංශෝධනය කෙරුණා.

ඒහිදී ජනතාව රැස්වන රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ඔට්ටු අල්ලන ස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන වසාදැමුනා.

රටතුල ඒවැනි තහනමක් පවතිද්දී ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තාවුයේ ඊයේ (03) රාත්‍රියේ කොළඹ – බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාත්‍රී සමාජ ශාලාවක සාදයක් සංවිධානය කර ඇති බවයි.

දිනපතා කොවිඩ්-19 ආසාධිතයන් ඉහළම ප්‍රමාණයක් වාර්තාවන අවදානම් තත්ත්වයක් හමුවේ සිදුකිරීමට යන මෙම නීති නොතකන සාදය පිළිබදව අප පොලිසිය දැනුවත් කළා.

‘හිරු සි.අයි.ඒ.’ ලබාදුන් එම තොරතුරු අනුවයි ඊයේ (03) රාත්‍රී 11:00 ට පමණ සාදය සංවිධානය කළ රාත්‍රී සාමාජ ශාලාව මෙලෙස වටලනු ලැබුවේ.

+++++++++++++++++++++

(04.05.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

මේ වසර අවසාන වීමට ප්‍රථම මෙරට ජනගහනයෙන් සියයට 63 කට වඩා පිරිසක් පූර්ණ කොවිඩ් එන්නත්කරණයකට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින්.

තවත් කොවිඩ් ආසාදිතයන් 710 ක් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (04) දිනයේදී මෙරටින් හදුනාගත් ආසාදිතයන් ගණන 1860 ක් ෴

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් හෙට (05) උදෑසන පිළියන්දල සහ කැස්බෑව වෙත ගොස් එම ප්‍රදේශ යලි හුදකලා කිරීමට අවශ්‍ය දැයි පරික්ෂා කර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි ෴

විදෙස්ගතව පැමිණි තවත් 54 දෙනෙක්, කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (04) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 1914 ක් ෴

++++++++++++++++++++

++++++++++++++++++++

(04.05.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ටී.වී.’ ඔස්සේ ඊයේ (03) රාත්‍රී විකාශය වූ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමින්.

මෙලෙස වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධායනයට ලක් කර මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පසුගිය දා චෝදනා කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *