වඳ පෙති, වඳ කොත්තු , වඳ යට ඇදුම් හා වඳ දොස්තරලා වෙනුවට වඳ පොල්තෙල් ලැබි ඇත.. – ජනපතිට ලිපියක්…

වඳ පෙති, වඳ කොත්තු , වඳ යට ඇදුම් හා වඳ දොස්තරලා වෙනුවට වඳ පොල්තෙල් ලැබි ඇත.. – ජනපතිට ලිපියක්…

*********************************************

වඳ පෙති, වඳ කොත්තු , වඳ යට ඇදුම් හා වඳ දොස්තරලා වෙනුවට වඳ පොල්තෙල් ලැබි ඇත.. – ජනපතිට ලිපියක්…

(29.03.2021 – 15:50 +0530 – lankacnews.com)

හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ජනාධිපති තුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ 01
ගරු ජනාධිපති තුමනි,

වද පෙති, වඳ කොත්තු , වඳ යට ඇදුම් හා වඳ දොස්තරලා වෙනුවට වඳ පොල්තෙල් ලැබි ඇත.. දැන්වත් දඩුවම් දෙන්න…..

Aflatoxin විෂ පිළිකාරක අඩංගු පොල්තෙල් වෙළදපොළට මුදාහැර ඇත. මෙය පුස් විශේෂයකි. මේ පුස් විශේෂය ශරිරගත වු විට අක්මා පිළිකා හට ගැනීමේ සම්භාවිතය වැඩිය. අක්මා පිළිකාවක් හට ගැනීම මරණය ඉක්මන් වීමකි. Aflatoxin අඩංගු පොල්තෙල් තොග මේට්‍රික් ටොන් 37,000 දැන් ලංකවේ වෙළද පොලට ඇතුල් වි ඇත. මීට පෙර ද Aflatoxin අඩංගු වියළි මිරිස් ආනයන කර එවා ද ජනතාවට බෙදා අවසන්ය. මෙම තෙල් ආනයනය කර ඇත්තේ මුස්ලිම් රටවලිනි. වරායේ සභාපති වරයා එම විෂ සහිත තෙල් හොරාටම තබා ගන්න අවසර ලබා දි ඇත.

මෙවැනි තෙල් ඉන්දියාව ඇතුළු රටවල් කීපයක්ම තහනම් කර ඇත. දෙමාපියෙක් තම දරුවන්ට දෙන්නේ හොදම දේ පමණි. එහෙත් අද දෙමාපියන්ට එසේ කිරිමට වාසනවාක් නැත. මෙවැනි කූට ව්‍යාපාරිකයන්ගේ හා දේශපාලකයන්ගේ දරුවන් පමණක් නොව මෙවැනි කුට ව්‍යාපාරවලට උදව් උපකාර කරන නිළධාරින්ගේ දරුවන් ද ජිවත් වන්නේ පිටරටවලය.

ඔබතුමාගේ ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන වෙළද අමාත්‍යවරයා කියා සිටින්නේ මහජනතාවගෙන් මෙවැනි විෂ සහිත තෙල් සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි ලැබි නැති බවයි. මෙවැනි බලාධාරින් සිටින රටක ඔබත් මමත් අද ජිවත් වන්නේ නීතියක් නොමැති දුබලයාට පමණක් නීතිය ක්‍රියත්මක කරන රටකය. ඔබතුමාගේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර කියා සිටියේ සාෆි වැනි වෛද්‍යවරුන්ගෙන් සිංහල ජාතිය බෙරා ගැනිමට එන බවයි. මෙවැනි සමුල ඝාතන 30 වසරක යුද්ධයේ දි එල්.ටි.ටි.ඊ ත්‍රස්වාදින් විසින් වත් සිදු කර නොමැත. අද වන විට ලංකාවේ පිලිකා රෝගින්ගේ සීග්‍ර වර්ධනයක් දැකිය හැකිය. මෙම පොල්තෙල් නැවත ප්‍රතිඅපනයනය කළ ද ලෝකයේ කොහේ හෝ ජනතාවට ලබා දීමයි ඉන්සිදුවන්නේ. මෙවැනි සමාගම් සඳහා දැඩි දඩුවම් පැනවීමටත්, ඒ සදහා මුල් වු පිරිස් වලට දඩුවම් කිරිම නොවේද සිදුවිය යුත්තේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරපු පරීක්ෂාවෙදි පිළිකා කාරක හමු නොවිම පුදුම සහගතය. රජයේම වෙනත් ආයතනයක් පරික්ෂාවේ දි ඉහළ ප්‍රතිශතයකින් පිළිකා කාරක අඩංගු බව සදහන් වෙයි. එය දෙවන තත්ව පරික්ෂණයේ දි ද Aflatoxin තිබෙන බව අදවන විට ඔප්පු වී අවසන්ය. අදවන විට වඳ පෙති, වඳ කොත්තු, වඳ යට ඇදුම්, වඳ වෛද්‍ය සාෆිලා වෙනුවට වඳ පොල්තෙල් විද්‍යානුකුලවම ලැබි ඇත. දැන් දඬුවම් දෙන්න.

ගරු ජනාධිපති තුමනි. පොල්තෙල් හා සීනි ආනයන කළ සමාගම් මුස්ලිම් ජාතිකයන් සතුය. මෙරට සිංහල අවුරුද්ද එළඹිට ඇත්තේ ඉතා කෙටි කළකි. සිංහල අවුරුදු සදහා අපගේ අම්මාවරුන් රසකැවිලි සදාගැනීමට පොල්තෙල් භවිතා කරයි. එපමණක් නොව බිස්කට් වර්ගවලට ද මෙම තෙල් භවිතා කර අවසන්ය. එබැවින් මෙම කාලය තුළ වැඩි ඉල්ලුමක් පොල්තෙල් සදහා ඇත. මේ, සිංහළ ජනතාව දීර්ඝ කාලීනව රෝගි ජනතාවක් කිරිම හා ශ්‍රි ලංකාවේ අඩු ජනඝණත්වයක් ඇති කිරිමට ලෝක බලවතුන්ගේ හා අන්‍ය ජාතිකයන්ගේ අන්‍යාගමිකයන්ගේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියක සැළසුමකි.

සිංහල ජනතාව, බුදු දහම, බෞද්ධ සංස්කෘතිය ද විනාශ කිරිම මෙම බහුජාතික සමාගම් හා රජ්‍ය නොව ආයතනවල ප්‍රධාන අරමුණ වී අත. එම නිසා ජනාධිපති තුමනි. මෙවැනි දුෂිත නිළධාරින් හා ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට හසුකර ගැනිම ඔබතුමාට ජන්දය ලබා දුන් 69 ලක්ෂයක් ජනතාවට පමණක් නොව සමස්ත ජනතාවට නිරෝගිව ජිවත් වීම සදහා කරන්නාවූ පිංකමකි. එම නිසා අදාල සියලු දෙනාම නීතිය හමුවට පමුණුවන ලෙස ඔබ තුමාගෙන් ඉතා ඕනැ කමින් ඉල්ලා සිටිමු.

මෙයට
සසුන්ලැදි,

පූජ්‍ය බුදුගල ජිනවංස හිමි
සභාපති

******************************************

ආදේශක පොල්තෙල් ගෙන්වන තවත් සමාගම් තුනක් (3) දෙවැනි (2) තත්ත්ව පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ ආදේශක පොල් තෙල් සාම්පල වලද පිළිකා විෂ කාරක ඇෆ්ලටොක්සීන් අඩංගුවේ

(29.03.2021 – 14:46 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවට ආදේශක පොල්තෙල් ගෙන්වන ලද තවත් සමාගම් තුනක් (3) දෙවැනි (2) තත්ත්ව පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ ආදේශක පොල් තෙල් සාම්පල වලද පිළිකා විෂ කාරක ඇෆ්ලටොක්සීන් අඩංගු වීම හේතුවෙන් තත්ව පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කරන්නේ අදාල සමාගම් විසින් ආනයනය කරන ලද ආදේශක පොල් තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි.

ඊයේ (28) දිනයේ දී එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබුණු අතර අද (29) අසමත්වූ සමාගම් තුනත් (3) එකතුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් හතරම (4) ගෙන්වූ ආදේශක පොල්තෙල් වල පිළිකා කාරකයන් අඩංගු බව තහවුරු වී ඇත.

මේ වන විට අදාළ සියලුම ආදේශක පොල් තෙල් තොග ප්‍රති අපනයනය කරන ලෙස උපදෙස් දී ඇති බව වාර්තාවේ.

පිළිකා කාරක අඩංගු ආදේශක පොල් තෙල් මෙරටට ගෙන්වන ලද සමාගම් හතර (4) වන්නේ :

  • අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම,
  • සේන මිල්ස් පිරිපහදුව,
  • එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ
  • කටාන පිරිපහදුව

යන ආයතන යි ෴

******************************************

ජිවිත අහිමි කරන ඇෆ්ලටොක්සින් පිළිකාකාරකයේ ඇතුලාන්තය

(29.03.2021 – am.lk)

පිළිකා කාරක පොල්තෙල් වෙළඳ පොලට නිකුත් වී ඇති බවට පාර්ශව කිහිපයක් චෝදනා කරන පසුබිමක පිලිකා කාරක පොල්තෙල් කියන මාතෘකාව හරහා විද්‍යාත්මක කරුණු දැන් දැන් කරලියට පැමිණෙමින් තිබේ. ඒ නිසාම සාමාන්‍ය මිනිස්සුත් ඇෆ්ලටොක්සින් යනු කුමක්ද යන්න සොයමින් සිටියි.

ඇෆ්ලටොක්සින් යනු?

ඇෆ්ලටොක්සින් කියන්නේ පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්. ලෝකයේ ඇෆ්ලටොක්සින් වර්ග 14 ක් පමණ තිබුණත් මිනිසාට සහ සතුන්ට හානිදායක වන්නේ වර්ග 4 ක් පමණයි. මෙය ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ Aspergillus flavus සහ Aspergillus parasiticus නම් දිලීර (පුස් වර්ගය) මගින්. ඇෆ්ලටොක්සින් කියන්නේ හයිඩ්‍රොකාබන වලලු පහක් එකිනෙක බැඳී සෑදුන රසායනිකයක්. Aflatoxin B1, Aflatoxin B2, Aflatoxin G1, Aflatoxin G2, (AFB1, AFB2, AFG1, AFG2) කියලා වර්ග හතරක් තියෙනවා. මේවා නම් කරලා තියෙන්නෙ පාරජම්බුල කිරණ හමුවේ නිකුත් වන ෆ්ලොරසන්ට් ආලෝකයේ වර්ණය අනුව මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරයට B1,B2 නිල් පාටයි, G1,G2, කොළ පාටයි. Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර Aspergillus flavus නිෂ්පාදනය කරන්නේ B වර්ගය පමණයි.

මේ දිලීර වර්ග හැදෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන මත. විශේෂයෙන්ම ඒවා තෙත්, උණුසුම් ස්ථානයක වැඩි කාළයක් ගබඩා කිරීම නිසා මෙම දිලීර වර්ධනය වෙනවා. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩු වර්ග මත වර්ධනය වනවා. ඒ නිසා තමයි කියන්නේ මේ දේවල් හොඳින් අව්වේ වියලා ගබඩා කරන්න කියලා. මේ නිසා ඇෆ්ලටොක්සින් නිසා සිදුවන හානි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ඝර්ම කලාපීය රටවලයි. මේ දිලීරවල හැදෙන ඇෆ්ලටොක්සින් ආහාර ද්‍රව්‍ය මත රැඳෙනවා.

ඇෆ්ලටොක්සින්වල භයානක කම තියෙන්නේ, පියවි ඇසට අවර්ණ, ගඳක් සුවඳක් රසක් තිත්තක් නැති රසායන ද්‍රව්‍යයක් නිසා. ආහාරයක ඇෆ්ලටොක්සින් තියෙනවද කියලා බලන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. එයට TLC වර්ණාලේඛන ක්‍රමවේදයන් හෝ HPLC වැනි රසායනාගාරයක පමණක් දැකිය හැකි උපකරණ හරහා පමණයි. එපමණක් නොවෙයි එය තිබේදැයි සහතික කර ගැනීමට සුපිරිසිදු ඇෆ්ලටොක්සින් සාම්පල ද අවශ්‍ය වනවා. ඒවා සුවිශේෂී තත්ත්‍ව යටතේ භාවිතකළ යුතු වනවා. වැරදිලාවත් ශරීරයේ තැවරුනොත් සම හරහා ඇතුල් විය හැකියි.

ශරීරයට ඇතුළු වන ඇෆ්ලටොක්සින් වැඩි වශයෙන්ම හානි කරන්නේ අක්මාවට. අක්මාවේ ඇති සයිටක්‍රෝම් P 450 මගින් ඇෆ්ලටොක්සින් සක්‍රීය කරනවා. ඉන්පසු එය අපේ සෛලවල වූ DNA හා සම්බන්ධ වනවා. එහිදී DNA නිෂ්පාදනය අවහිර කිරීම, DNA ප්‍රතිවලිත වීමට බාධා කිරීම, පිළිකා කාරක ජාන සක්‍රීය කිරීම, සෛල විභේදනය විකෘති කිරීම යන කරුණු මගින් සාමාන්‍ය සෛල පිළිකා කාරක සෛල බවට පත් කරනු ලබනවා. ඉන්පසු පිළිකා සෛල වේගයෙන් විභේදනය වෙමින් පිළිකාව ඇතිකරනු ලබනවා.

ඇෆ්ලටොක්සින් ශරීරගත වී ඇතිදැයි බැලීමට ඇති එකම මාර්ගය වන්නේ මුත්‍රා පරීක්ෂාවයි. ශරීරයේදී glutathione S-transferase නම් ප්‍රතික්‍රියා දාමය හරහා සාමාන්‍යයෙන් ජලයේ අද්‍රාව්‍ය ඇෆ්ලටොක්සින්, ජලයේ දියවිය හැකි ව්‍යුහයක් බවට පත් කරනවා. එවිට ඇෆ්ලටොක්සින් මුත්‍රා සමග පිටවනවා. නමුත් මුත්‍රා පරීක්ෂාව ඇෆ්ලටොක්සින් ශරීරගත වී පැය 24 ක් ඇතුළත කළ යුතුයි. ඇෆ්ලටොක්සින් සිරුරේ පවතින්නේ උපරිම පැය 24 ක් පමණයි. ඉන්පසු හෝ ඒ අතරතුර ශරීරය විසින් ඇෆ්ලටොක්සින් බැහැර කරනු ලබනවා.

මිනිසුන්ට ඇෆ්ලටොක්සින් විෂ වීම දෙආකාරයකට සිදු වනවා. සුළු වශයෙන් දීර්ඝ කාලයක් සිදුවන ශරීරගත වීම (chronic toxicity) සහ විශාල ප්‍රමාණයක් කෙටි කාළයක් ඇතුලත සිදුවන ශරීරගත වීම (acute toxicity) වශයෙන්.

ඇෆ්ලටොක්සින් නිසා සෑදෙන පිළිකා ප්‍රධාන වශයෙන්ම හැදෙන්නේ අක්මාව සහ වකුගඩු ආශ්‍රිතවයි. මිනිසුන්ට වඩාත්ම හානිදායක වන්නේ AFB1 වර්ගයයි. දීර්ඝකාලීන ශරීරගතවීම නිසා විශේෂයෙන්ම අක්මාවේ Hepatitis B වෛරසය මගින් හානියක සිදුවී ඇතිනම් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. කුඩා දරුවන්ට දිගුකල් පවතින බඩේ අමාරු/බඩයාම, බෝවන රෝග මෙන්ම අංගවිකල/විකෘති දරුවන් ඉපදීම, මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කිරීම ද සිදු කරනවා. මේ තත්ත්‍වයන් ඇෆ්ලටොක්සිකෝසිස් ඇෆ්ලටොක්සින් යනුවෙන් හඳුන්වනවා.

එකවර විශාල ප්‍රමාණයක් ශරිරගතවීම අක්මාවට හානි පැමිණීම හරහා මරණය ලඟාකරදීමට සමත් වනවා. ශරීරය කහපැහැ වීම (පිත්තාශයේ අක්‍රීයතාවය නිසා) අලසබව, වමනය සහ කරකැවිල්ල, මරණය යන දේ වලින් ඕනෑම දෙයක් හෝ කිහිපයක් මේ නිසා සිදු වන්න පුළුවනි. දරුවන්ට වඩා වැඩුනු පුද්ගලයින් මේ රෝගයන්ට ප්‍රතිරෝධයක් දක්වනවා. නමුත්, අවම වශයෙන් ආහාර කිලෝග්‍රෑමයකට ඇෆ්ලටොක්සින් මිලිග්‍රෑම් 1 ක් (1 ppm) ඇති ආහාර ශරීරගතවීම ඇෆ්ලටොක්සිකෝසිස් තත්ත්‍වයන් ඇති කිරීමට සමත්, සති 1-3 ක් පුරා දිනකට AFB1 20–120 μg/kg ප්‍රමාණයක් ශරීරගත වීම කෙනෙකුට මරණය ලඟා කරදීමට ප්‍රමාණවත්.

සතුන්ට ද මෙය එක සේ බලපානවා. කුකුලන්ට අක්මාවේ ආබාධ, බිත්තර ඵලදාව අඩුවීම, වර්ධනය අඩුවීම, බිත්තර කටුවේ සංකූලතා ඇතිවීම, ආදිය සිදු විය හැකියි. ඌරන්ට මේ තත්ත්‍වය වඩාත් දරුණුයි. එහිදී ඌරන්ගේ වර්ධනයේ අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් ලංකාවේ මේ දෙවර්ගය ගැනම එතරම් අවධානයක් නැති නිසා, සහ මේ සතුන්ට පුස් බැඳුනු ආහාර ලබා දීමේ ප්‍රවණතාවය වැඩි නිසා, ඇෆ්ලටොක්සින් නිසා විවිධ සංකූලතා ඇති වූ කුකුළු මස් සහ ඌරු මස් අනුභවයෙන් ආහාර විෂ වීම සිදුවීමට ඉඩ තිබෙනවා.

සාමාන්‍ය මිනිසුන්ට තමන් ගන්නා ආහාරවල ඇෆ්ලටොක්සින් ඇතිදැයි කියන්න බැහැ. එය කළ හැක්කේ රසායනික පරීක්ෂා වලින්ම පමණයි. නමුත් තමන් ගන්නා ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කරගැනීම මගින් මේ තත්ත්‍වයන් වලක්වා ගන්න පුළුවනි.

• ආහාරමත පුස් බැඳීම වලක්වා ගන්න. මේ සඳහා ධාන්‍ය වර්ග, කුළුබඩු හොඳින් තද අව්වේ වියලා ගැනීම කළ හැකියි.
• ධාන්‍ය වර්ග, කුළුබඩු තෙත් ස්ථානවල ගබඩා කරන්න එපා
• ආහාරවල ඇති පුස් පිළිබඳ පරීක්ෂාවෙන් පසුවන්න. අමු ආහාර ගැනීමේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න. එසේ පුස් බැඳුන ආහාර පාවිච්චියට ගන්න හෝ සතුන්ට ලබා දෙන්න එපා.
• විශ්වාසදායී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදනය වන දේ පමණක් මිලට ගන්න. ලේබල් නොමැති ආහාර විශවීමක් සිදු වුවහොත් එය ලබා දුන්නේ කවුද යන්න හඳුනාගත නොහැකියි.
• කල් ඉකුත් වූ ආහාර භාවිතයෙන් වලකින්න.

පොල්තෙල්වල වූ ඇෆ්ලටොක්සින් ඉවත් කරගන්නේ කෙසේද ?

ශ්‍රී ලාංකික මහාචාර්ය වරයෙකු වන මහාචාර්ය උපාලි සමරජීව මහතා කළ පර්යේෂණයක් අනුව පොල්තෙල්වල AFB1 අඩංගු විය හැකි බව පෙන්වාදී තිබෙනවා. එම අඩංගු ප්‍රමාණයෙන් 85% ක්ම තෙල්වල ද්‍රාව්‍යව තිබිය හැකි අතර, ඉතිරිය මණ්ඩිවල තැන්පත්ව තිබෙනවා. ඒ අනුව මණ්ඩි නොමැති තෙල, තැටියක සෙන්ටි මීටර එකහමාරක් පමණ ගැඹුර ඇති ප්‍රමාණයක් 10 cal/cm2 ශක්තියක් ඇති හිරු එළියට නිරාවරණය කර තැබීමෙන් AFB1 විනාශ කළ හැකි බව සොයාගෙන තිබෙනවා. මෙය සෙමෙන් ගලායන පරිදි සකස් කිරීම, නැවත නැවතත් හිරු එළියට නිරාවරණය යන ක්‍රම මගින් සිදු කළ පිරිසිදු කර ගැනීමකින් අනතුරව ඇෆ්ලටොක්සින් හෝ වෙනත් ෆ්ලොරසන්ට් ආලෝකයට සංවේදී රසායනික ද්‍රව්‍ය නොතිබූ බව නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ හිරු එළියට නිරාවරණය කිරීම මගින් පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් ඉවත් කළ හැකි බවයි.

පොල්තෙල් රත් කිරීම මගින් ඇෆ්ලටොක්සින් ඉවත් කිරීම කළ නොහැකිද ?

ලංකාවේ වැඩි වශයෙන්ම භාවිතවන බැදුම් තෙල් වර්ගය වන්නේ පොල්තෙල්. පේරාදෙණිය සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් වන Nuwan B. Karunarathna, Chandima J. Fernando, D.M.S. Munasinghe, Ruchika Fernando විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඔවුන් වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 32 කින් 12 කම (වෙළඳ නාම සහිත 7 සහ රහිත 5) AFB1 පිළිවෙලින්, 2.25 – 72.70 μg/kg සහ 1.76 – 60.92 μg/kg, ප්‍රමාණ වලින් තිබූ බව සඳහන්. යුරෝපා ප්‍රමිතීන් අනුව ආහාරවල අඩංගු විය හැකි සම්පූර්ණ ඇෆ්ලටොක්සින් ප්‍රමාණය 4 μg/kg විය යුතු අතර AFB1 තිබිය හැක්කේ 2 μg/kg පමණයි. මේ සියළුම පොල්තෙල් වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කර තිබුණේ කොප්පරා වීම ද විශේෂත්වයක්. ඔවුන් කළ පර්යේෂණය අනුව වෙනත් එළවලු තෙල් වර්ගවල ඇෆ්ලටොක්සින් තිබී ඇත්තේ 0.8 μg/kg ප්‍රමාණයක්. මේ පර්යේෂණය එළිදැක්වී ඇත්තේ 2019 පෙබරවාරි මස. නමුත් කිසිම මාධ්‍යයකට මෙය වාර්තා වී නැහැ.

ඒ අනුව, දැන් සාකච්ඡාවට බඳුන්වන පොල්තෙල් තොගයේ ඇෆ්ලටොක්සින් තිබීම මෙන්ම, මීට පෙර ද වෙළඳපොලේ වූ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් තිබී ඇති බවත්, එය මේ කතාව කරලියට එන්නට පෙර ඒ තරම් වැදගත් නොවූ බවත් පෙනී යනවා. මෙය කරලියට පැමිණියේ මහා පරිමාණ තොගයක්ම ආනයනය කිරීම සහ එය විවාදාත්මක පාර්ශවයක් විසින් ආනයනය කිරීම නිසා බව මගේ හැඟීමයි.

පොල්තෙල් පමණක් නොවෙයි. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩු වර්ග ආදී දෑ වලත් ඇෆ්ලටොක්සින් තිබිය හැකියි. මේ නිසා පුස් බැඳනු ආහාර භාවිතයෙන් වැලකීම කවදත් ගුණදායකයි.

ඇෆ්ලටොක්සින් යනු බහුවලීය සංයෝගයක් වන නිසා එහි තාප ස්ථායීතාවය අධිකයි. මේ නිසා පොල්තෙල් රත් කිරීම මගින් ඇෆ්ලටොක්සින් ඉවත් කළ නොහැකියි.

ඇෆ්ලටොක්සින් ආහාරයේ අඩංගු වීම නිසා ඇති විය හැකි සෞඛ්‍යය උවදුරු?

  1. අක්මාවේ සෛල විනාශවීම නිසා අක්මාව අකර්මණ්‍ය වීම Liver failure. අක්මාව අකර්මණ්‍ය වීම මරණීය තත්ත්වයකි.
  2. විශාල ප්‍රමාණයක් ශරීරගත වීමෙන් මරණය සිදුවිය හැක.
  3. අක්මාවේ පිළිකා ඇති වීම Hepato cellular Cancer
    මෙය බටහිර රටවල අක්මාවේ පිළිකා හැදෙන්න ප්‍රධානම හේතුවකි. මෙම පිලිකා සෑදුනහොත් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ මරණයට පත් වෙයි.
  4. ඇෆ්ලටොක්සින් ශරීරගත වීමෙන් වලිප්පුව ඇතිවිය හැකිය (Convulsions)
  5. ඇෆ්ලටොක්සින් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට බරපතළ හානි සිදු කරයි.(Immunotoxicity) මේ නිසා ආසාදන එක පහසුවෙන්ම වැළඳීමේ හැකියාව ඇත. රට පුරා කොරෝනා ආසාදන තත්ත්වයක් පැතිර යන මෙවන් මොහොතක මේ බරපතළ සෞඛ්‍ය උවදුරකි .

පොල් තෙල් වැනි එදිනෙදා ආහාරයට බහුලවම භාවිතා වන ආහාර සංඝටකයක, ඇෆ්ලටොක්සින් අඩංගු වීම බරපතළ සෞඛ්‍ය උවදුරක් ඇති වීමට හේතු විය හැකිය.

ආචාර්ය පියල් ආරියනන්ද

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *