මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න එරට රජයෙන් තීරණයක්
මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න එරට රජයෙන් තීරණයක්
(13.11.2025 – 10:12 +0530 – sinhala.adaderana.lk)
මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5 දෙනා දින 30 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
පසුගිය නොවැම්බර් 07 වන දින ‘අවිශ්ක පුතා’ නමැති බහුධින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග එරට ආරක්ෂක අංශ භාරයට ගනු ලැබීය.
එහි ‘අයිස් සහ හෙරොයින්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 355 කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති අතර එම යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනා (5) ද අත්අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ආරක්ෂක බළකාය සහ එරට පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව එම ධීවරයින් පිරිස මෙරටට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ද පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි.
එහෙත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බැවින් ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බව වාර්තා වන්නේ.
ඒ අනුව මෙරට ආරක්ෂක අංශ නිලධාරින් ඉදිරි දින දෙක තුළ දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් ය.
+
කිරින්දෙන් ඇල්ලූ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ගෙන්වූ ජාලය ගැන තවත් තොරතුරු හෙළිවෙයි
(13.11.2025 – 19:37 +0530 – sinhala.adaderana.lk)
තංගල්ල, කිරින්ද ප්‍රදේශයෙන් සොයාගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය ඉන්දියාවේදී මියගිය බව පැවසෙන ‘අංගොඩ ලොක්කා’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ අයෙකු හා මරණ දඬුවම නියමව සිටින ‘දෙමටගොඩ චමින්ද’ගේ පාර්ශ්වය විසින් මෙරටට ගෙන්වා ඇති බවට පොලීසිය සැක පළ කරයි.
එම මත්ද්‍රව්‍ය මෙරටට එවූ බව කියන ‘රන් මල්ලි’ නැමැත්තා, මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය මෙරට තුළ ප්‍රවාහනය කළ පුද්ගලයා බව ද උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා තංගල්ල කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 329 ක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.
මෙහෙයුම දියත් කෙරුණේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෘජු අධීක්ෂණයෙනි.
මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබූ දෙවිනුවර පදිංචිකරුවකු වන ප්‍රධාන සැකකරු සතුව තිබී සැටලයිට් ජංගම දුරකතනයක් ද සොයාගෙන තිබේ.
ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පවසා ඇත්තේ, මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ආ බෝට්ටුව පැදවූ පුද්ගලයා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවය.
දෙවිනුවර පදිංචිව සිට පසුව කොළඹ පදිංචියට ගිය අයෙක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 5 ක කොන්ත්‍රාත්තුවක් මත මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ආ බවත්, ඉන් රුපියල් 20,000 ක මුදලක් තම බැංකු ගිණුමට බැරකර තිබූ බවත් සැකකරු පොලීසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබේ.
+++
කිරින්දේ අයිස් වලට පාතාලයෝ පහක් හවුල්! ඇත්ත මහ මොළකරුත් හෙළිවේ! කිරින්දේ වැටලීමේ ඇත්තම කතාව! (13.11.2025)
+
ලාල්කාන්තගේ සෙල්ලං ගෙවල් කඩන ඇමතිකම (13.11.2025)
+
ලාල්කාන්තලාට දැන් ගමකට යන්ඩ බෑ… මිනිස්සු හූ කියලා එළවනවා (13.11.2025)
+
පන්සල් වත්තේ ආයුධ වල දාලා මාව ඇතුලට දාලා මරලා දාන්න මුන්ට ඕන | උඹල ගිහින් හාමුදුරුවෝ එක්ක ගහ ගනිල්ලා (12.11.2025)
+
දෙහිබාලේ හැදුවේ බන්ධනාගාරය ඇතුළෙදිම මගේ පුතා මරලා දාන්න | පැය 72 ඇතුළේ දෙවුන්දර එකෙකුට වෙඩි තියනවා (13.11.2025)
+
දිල්ලි පිපිරීම් පිටුපස සිටින Terror Modules වල අවතාර ලංකාවටත් බැල්ම දමයි? | Patali With Epicente (13.11.2025)
+
ඉල්මහේ Killers (13.11.2025)
+
උතුරේ LTTE මතවාදීන් සමඟ එකතු වූ ‘දාවිද් ඊබ්‍රහිම් කයිසර්’ යනු කවුද? මෙන්න විස්තරේ.. (13.11.2025)
+
බෙදුම්වාදයට පාර කපන ගේමක්? විපක්ෂ නායකත් ඉන්දියන් ඩීල් එකේ? (13.11.2025)
+
උඹලා සිංහලයාට කඩේ යන්නේ මොකද ? දිලිත්ගේ පක්ෂයේ අරුන් සිද්ධාර්ථන්ට මරණ තර්ජන (13.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴