රජයෙන් දෙන දීමනාව තරම්වත් වතු සමාගම් ආදායම් බදු රජයට ගෙවන්නේ නෑ – මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

රජයෙන් දෙන දීමනාව තරම්වත් වතු සමාගම් ආදායම් බදු රජයට ගෙවන්නේ නෑ – මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ


රජයෙන් දෙන දීමනාව තරම්වත් වතු සමාගම් ආදායම් බදු රජයට ගෙවන්නේ නෑ – මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

(15.11.2025 – lankacnews.com)

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේදී දිරි දීමනාවක් ලෙස රජයෙන් ලබා දෙන රුපියල් 200 ක දීමනාව හිමි වන්නේ විශාල වතු සමාගම් 25 සේවය කරන කම්කරුවන්ට පමණක් බව ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා සඳහන් කරයි.

මෙරට ප‍්‍රධාන වතු සමාගම් 25 සේවය කරන පිරිස 115,000 ක් පමණ වන බවද මෙරට කුඩා තේවතු විශාල ප්‍රමාණයක් පවතින බවත් ඒවා රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට හැත්තෑ හතරක (74%) ප්‍රමාණයක් ආවරණය කරන බවත් ඔහු පෙන්වා දෙයි.

නමුත් එම කම්කරුවන්ට අයවැයෙන් යෝජනා වී ඇති දීමනාව නොලැබෙන බව ද හෙතෙම කියා සිටී.

රජය මේ සඳහා රුපියල් මිලියන පන්දහසක (5000) මුදලක් වෙන් කිරීමට අයවැය යෝජනා කර ඇති බවද පැවසූ ඔහු නමුත් මහා පරිමාණ වතු සමාගම්වලින් රජයට බදු ආදායම් වශයෙන් ඊට සමාන හෝ එම අගය ඉක්මවා යන මුදලක් නොලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

මෙම දීමනාව අඛණ්ඩව ලබා දෙන්නේ නම් අයවැයට බරක් වෙන බවත් ඉන් ප්‍රතිලාභ වතු සමාගම් ලබන බවද පැවසූ ඔහු ඒ සඳහා ජනතා බදු මුදල් යෙදවීම යුක්ති සහගතදැයි ප්‍රශ්නයක් ඇතැයිද පැවසීය ෴


කිරින්දේ දී ‘අයිස්’ සමග ඇල්ලූ හිටපු කමාන්ඩෝ සෙබළාගේ නිවාස 02 ක් පොලිසිය පිරික්සයි

(15.11.2025 – hirunews.lk)

කිරින්ද – අඳගල වැල්ල මුහුදු ප්‍රදේශයෙන් රුපියල් කෝටි 349 කට ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 330 කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනාගේ දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර බොරැල්ල ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ සෙබළෙකු ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු වසර 22 ක් යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර, වෙඩි වැදීමකින් සිදු වූ අනතුරකින් පසු සේවයෙන් ඉවත්වී ඇති බව විමර්ශන නිලධාරීන් පැවසුවා.

ඔහු සතුව බොරැල්ල ප්‍රදේශයේ පිහිටි තෙමහල් (3) නිවසට අමතරව ඒ ආසන්නයේම ඉදි කෙරෙමින් පවතින සිව්මහල් (4) නිවසක් ද වන අතර, එම නිවෙස් දෙක (2) බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (14) පරීක්ෂාවට ලක් කර තිබුණා.

එමෙන්ම, සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමක තිබී රුපියල් කෝටියක (1,00,00,000) මුදලක්ද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති අතර, සැකකරුගේ බැංකු ගිණුම් ඉදිරියේදී පරීක්ෂා කිරීමට නියමිතයි.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු දැනට ප්‍රංශයේ සැඟව සිටින බවට සැලකෙන ‘රූබන්’ නමැති මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මෙරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන ගෝලයෙකු බවට සැක කෙරෙන බවයි.

මේ අතර, නීති විරෝධී වත්කම් උපයාගැනීමේ චෝදනාව මත කොළඹ 9 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ක් වයසැති පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මොහු මත්පැන් ජාවාරම මගින් උපයාගත් මුදලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 250 ක් වටිනා ඉඩමක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴


තුම්මුල්ලේ, මහල් නිවාස ව්‍යාපෘතිය පිටුපස හැංගුණ කතාවක් – සම්පූර්ණ විස්තරය මෙන්න (14.11.2025)

+


විජේපාලට කතා කරලා නීතියෙන් ගැලවෙන්න හදන කුඩු මුදලාලිලා කවුද ? හර්ෂ නොදැක්ක අයවැය අවුල (15.11.2025)

+


පාඨලී රට හෙල්ලෙන කතාවක් කරයි – ජනාධිපතිගේ වාර්තාවත් මගේ ළඟ තියෙනවා (15.11.2025)

+


හායි ෂුගර් ඩැඩී, ඔයාගෙ කටෙත් සීනි අපේ කටෙත් සීනි – වැඩිම නම් තියෙන ඇමති (15.11.2025)

+

ලිංගික සේවකයන් 10,000 ක් නීතිමය හඳුනාගැනීම ඉල්ලයි… ඇඟ විකිණීම රටපුරාම එළිපිටම තියෙනවා (15.11.2025)

+

දැන් ජාතියම අමතන, තඹුත්තේගම රංබණ්ඩාගේ ගොවි පුතා (15.11.2025)

+


රියැදුරු බලපත්‍රය අලුත් කරගන්න සල්ලි අරං යන්න එපා. සල්ලි අරං ගිය අය ගොඩක් අසරණ වුනා (15.11.2025)

+


විදෙස් තරුණියකට තම ලිංගේන්ද්‍රිය පෙන්වූ මානසික රෝගියා | විශේෂ වීඩියෝව සහ සම්පුර්ණ කතාව මෙන්න (15.11.2025)

+


රට අනුරට දීලා දැන් කොරගත්තනේ – රට ඉඳන් සල්ලි වියදම් කරගෙන ආවේ දෙන්න (16.11.2025)

+


මිනිස්සු ඉල පත්ත ලෑස්ති කරන් ඉන්නේ – සජබේ රෝහණ ආණ්ඩුවට රතු එළි දල්වයි (16.11.2025)

+


මාලිමාව මේ රටේ මිනිස්සු රැවට්ටුවා – මිහින්තලේ හිමි මහින්ද හමු වෙන්න යයි (15.11.2025)

+


21 රැලියට ලෝක ලෙඩක් | විපක්ෂයෙන් හදිස්සියේම CIDය පැමිණිල්ලක් | දේශපාලන කරලිය හෙල්ලෙන සිද්ධියක් එළියට (15.11.2025)

+


රැළියට ගොඩක් එන්නේ මාලිමාවේ මිනිස්සු – 21 වෙන්නේ මොකක්ද කියලා බලන්න (16.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Dunusinghe. Who is he, an activist of one of the corrupt opposition parties trying to stain the good work of the government? You must be ashamed, as if you claim to be a professor, to spread such misinformation on behalf of your losing party. NPP is not a party supporting ruthless capitalists, the government has its own strategic teams, intellectuals, that can think for themselves, ensuring the welfare of the underprivileged in this country. Go listen to what SJB were telling the media, and then what Premadasa boy later denies, and see what the response from estate workers. Like a highschool kid, you now talk silly nonsense. If you are so concerned for the small private estate workers, why the hell did n’t you do something for their welfare during the tenure of your party government. Where was your active tongue then? Those that belong to the camp of losers, carry on belly aching, you will not get anywhere. The voters will make sure of that.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *