සමරිසි ලිපියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි

සමරිසි ලිපියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි


සමරිසි ලිපියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි

(14.11.2025 – hirunews.lk)

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

‘දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ’ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළා.

මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාලව අතුරු තහනම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරනවාදැයි ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ සඳහන් කළේ මෙම නඩුකරයට අදාලව අතුරු තහනම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

එසේ නම් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කර ඔවුන් අධිකරණය හමුවේ කැදවීමෙන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළව ලිපිය ඉවත් කරගෙන ඇති බවට රජය විසින් ප්‍රකාශ කර තිබෙන කරුණ ජනමාධ්‍ය වලින් වාර්තා කර තිබූ බවයි.

රජය එසේ ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණද මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින් අධිකරණය වෙතින් නියෝගයක් අපේක්ෂා කරන බව නීතිඥ විතාරණ සඳහන් කළා.

සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගඋත්තරකරුවන් දරණ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥ කනිෂ්ක විතාරණ මෙහිදී චෝදනා කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා ඒ පිළිබඳ දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ‘ඊක්වල් ග්‍රවුන්ඩ්’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වග උත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම ලිපිය තුළින් වගඋත්තරකාර සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සමරසි ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එකඟතාවය පළකර තිබෙන බව පෙත්සම්කරුවන් චෝදනා කළා.

මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසුව මතුවූ මහජන විරෝධය මෙන්ම මහා නා හිමිවරු සහ කාදිනල් හිමිපාණන් විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවන් කියා සිටියා.

ඊට අමතරව විදේශ අමාත්‍යවරයාද එම ප්‍රකාශයම සිදුකළ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාල ලිපිය නිකුත් කර ඇති බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනද උල්ලංඝනය කිරීම සිදුවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සංකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වග උත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා ෴


බඹර ප්‍රහාරයකින් සරසවි සිසුන් 6 ක් රෝහලේ

(14.11.2025 – hirunews.lk)

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

බඹර ප්‍රහාරය සිදුව ඇත්තේ, බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සදහා පැමිණි සිසුන් පිරිසකට බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තේ වතු ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාවක නියැලී සිටියදී තේ වත්තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී තමන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ බව තුවාල ලැබූ සිසුන් පවසනවා.

මේ දිනවල වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රායෝගික වැඩමුළුව සදහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් පැමිණ සිටින බවද සඳහන්.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

+++

+


ඇස් අන්ධ කර ගන්නනම් එපා | දියවැඩියාව ගැන බය හිතෙන කතාවක් | මේ දේවල් හරියට නොකෙරුවොත්නම් සොරි තමයි… (14.11.2025)

+


වතු කම්කරුවන් දඩමීමා කරගෙන අයියලා, මල්ලිලාට සලකනවෝ… මේවා කරන්න ආණ්ඩු ඕනේද? (14.11.2025)

+


පාසල් වෙලාව දිගු කිරීම නවත්තනු | අධ්‍යාපන වෘතිකයන්ගේ සංගමය ආණ්ඩුවට සැරටම හරස් වෙයි (14.11.2025)

+


මාලිමාවට නොරැවටුණු අය සේම, රැවටුණු අයත් 21 වෙනිදාට නුගේගොඩට එන්න හේතු 21 ක් (14.11.2025)

+


සීලාචාර ආණ්ඩුවක් කොහොමද මේවට ඉඩ දෙන්නේ? අපේ නායකයන්ට කොන්දක් තිබිය යුතුයි (14.11.2025)

+


අනුර හර්ෂගේ කරට අත දැම්මාම, රටේ ප්‍රශ්න විසඳෙනවාද ? (14.11.2025)

+

රු. මි. 100 ක් වෙන් කළේ බල්ලන්ටද ? රතු තරුවේ නිකමුන්ටද ? බජට් එකෙන් ශේප් එකේ දීලා තියෙන ගේම් (14.11.2025)

+

ටිං ටිං ඩයි සීයා දැන් ‘නැගිටපල්ලා’ කියන්නැත්තේ ඇයි ? නැගිට්ටොත් ගුටි කන්ඩ වෙනවා, ඒකයි (14.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *