මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ
මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දුරකතන අංක යවත්කාලීන කෙරේ
(28.02.2026 – 23:26 +0530 – sinhala.adaderana.lk)
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඒ අනුව පවතින කලාපීය අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් මැදපෙරදිග සිටින සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට දැඩි සුපරික්ෂාකාරීත්වයක් අනුගමනය කරන ලෙසත් අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් දේශීය මාධ්‍ය සහ සත්කාරක රටේ නිල නිවේදන නිරීක්ෂණය කරන ලෙසත්, අත්‍යවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම්වලින් වළකින ලෙසත් මෙන්ම ළඟම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමග නිතිපතා සම්බන්ධතා පවත්වා ගන්නා ලෙසත් අමාත්‍යාංශය මැදපෙරදිග වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම අවශ්‍ය අවස්ථාවල සහාය ලබා දීම සඳහා කලාපයේ සියලුම ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක සක්‍රීය කර ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඒ අනුව,
- විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය : +94 74 259 5546
- ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (SLBFE): +94 71 980 2822
- ක්ෂණික ඇමතුම් අංකය : 1989
අමාත්‍යාංශය අඛණ්ඩව වර්ධනයන් නිරීක්ෂණය කරන අතර අවශ්‍ය පරිදි වැඩිදුර යාවත්කාලීන කිරීම් නිකුත් කරනු ඇත ෴
+++
මැදපෙරදිග ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් විදේශිකයින්ට දින 7 ක වීසා දිගුවක්
(28.02.2026 – 22:22 +0530 – sinhala.adaderana.lk)
මැදපෙරදිග බලා යන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව එම කාලය දින 07 කින් දීර්ඝ කරන බවත් ඒ සඳහා ගාස්තු අය නොකරන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් එම ගුවන් කලාපය හරහා සිදු කෙරෙන සියලු ගුවන් ගමන් නතර කිරීමට අද (28) පියවර ගැණින.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකි වන මගීන් දුෂ්කරතාවන්ට මුහුණදීමට දෙනු ඇත.
මෙය සැලකිල්ලට ගනිමින් මෙම වීසා දිගුවල ලබාදීමට තීරණය කළ බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ඔවුන්ගේ පිටත්වීමේ කටයුතු සිදු කරන තෙක් ඔවුන්ට අපහසුතාවයකින් තොරව රට තුළ රැඳී සිටීමට ඉඩ සලසාදීමට අදාළ තීරණය ගෙන තිබේ ෴
+++
මැදපෙරදිග අර්බුදය හමුවේ මත්තල ගුවන් තොටුපළ සීරුවෙන් : හදිසි සැලසුමක් ක්‍රියාත්මකයි
(01.03.2026 – hirunews.lk)
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා වෙනත් මාර්ග වෙත යොමු කරන (Diverted) ගුවන් යානා ඕනෑම අවස්ථාවක පිළිගැනීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) සීරුවෙන් තබා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) නිවේදනය කරනවා.
මෙරටට පැමිණෙන සහ පිටත්ව යන මගීන්ගේ මෙන්ම ගුවන් යානාවල පහසුව වෙනුවෙන් විශේෂ වැඩසටහනක්, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ලගේ මෙහෙයවීම යටතේ ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර විශේෂ හදිසි සැලසුමක් (Emergency Contingency Plan) සකස් කර තිබෙනවා.
පවතින තත්ත්වය සලකා ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ (SriLankan Airlines) සහ ‘ෆිට්ස් එයාර්’ (FitsAir) සමාගම් මැදපෙරදිග රටවල් කිහිපයකට දියත් කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.
මැදපෙරදිග සහ ඒ අවට කලාප වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වන මගීන්, ගුවන් තොටුපළට පැමිණීමට පෙර තමන්ගේ ගුවන් සමාගම හෝ සංචාරක නියෝජිතයා සම්බන්ධ කරගෙන ගුවන් ගමන් තොරතුරු තහවුරු කරගන්නා ලෙසද උපදෙස් දී තිබෙනවා.
මේ අතර පවතින තත්ත්වය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ ෴
+++
අදත් (01) මැදපෙරදිග ගමනාන්තවල ශ්‍රී ලංකන් ගුවන් ගමන් අවලංගු කෙරේ
(01.03.2026 – hirunews.lk)
මැදපෙරදිග කලාපයේ පවතින අනාරක්ෂිත වාතාවරණය හේතුවෙන් අද (01) දිනයේත් මැදපෙරදිග ගමනාන්ත වෙත නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
කලාපයේ පවතින යුධමය තත්ත්වය සහ ගුවන් සීමාවන් වසා දැමීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත්, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි ගුවන් සමාගම පවසන්නේ.
මේ අතර මැදපෙරදිග ගුවන් සීමාවන්හි ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ගුවන් සේවා බලධාරීන් සමඟ එක්ව නිරීක්ෂණය කරමින් සිටින බවද ගුවන් සමාගම පවසනවා ෴
+++
තෙල් රැස් කරන්න දැඟලුවොත් – ගෙවල්වලට ඇවිත් නීතිය ක්‍රියාත්මක කරනවා – තෙල් සංස්ථා සභාපති (01.03.2026)
+++
ගෑස් පෝලිමත් තියෙනවා, තෙල් පෝලිමත් තියෙනවා | දැන් අඩු ගෝඨාභය මහත්තයා විතරයි | මෙන්න කතාව (01.03.2026)
+++
සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්
(01.03.2026 – 12:37 +0530 – sinhala.adaderana.lk)
මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වයේ ඇතිවෙමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් සහ සැලකිලිමත්ව සිටින ලෙස සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට එරට පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී තිබේ.
හදිසි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නිල ආරංචි මාර්ගයන් මත පමණක් විශ්වාස තබන ලෙසය.
සෞදි අරාබි රාජධානියේ අධිකාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් මෙන්ම රියාද්හි ශ්‍රී ලංකා තානාපති සහ ජෙඩාහි කොන්සල් ජනරල් කාර්යාල විසින් නිකුත් කරන උපදෙස් අනුව කටයුතු කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි.
අසත්‍ය තොරතුරු පැතිරවීමෙන් වළකින ලෙසත් ආරක්ෂක උපදෙස් නිකුත් කර ඇති ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත් තානාපති කාර්යාලය ඉල්ලීමක් සිදුකර තිබේ.
එමෙන්ම සියලු ගමන් ලේඛන සහ හඳුනාගැනීමේ ලේඛන පහසුවෙන් ලබාගත හැකි ලෙස තබාගත යුතු වේ.
ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සැපයීම සඳහා තානාපති කාර්යාලය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන අංක හඳුන්වාදී ඇත.
ඒ අනුව +966 54 947 7567 සහ +966 56 982 2700 යන අංක හරහා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය.
+966 56 975 3380 යන අංකය හරහා Whatsapp හෝ IMO පණිවුඩ සඳහා භාවිත කරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.
slemb.riyadh@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතියි ෴
+
සලේ : කුමක්ද කළේ – විමල්ගෙන් දැනගන්න! (27.02.2026)
+
සිරිල් ගාමිණී පියතුමාපොලිස් මාධ්‍ය ප්‍රකාශක ද? ජනාධිපතිට ‘ඇලජික්’ මොනවා ද? මෙන්න අහගන්න? (28.02.2026)
+
ලොවම කැලඹූ යුද්ධයෙන් විනාශ වුණු බහරේන් – ලංකාවේ මිනිස්සු ගැනත් අනාවරණයක් (01.03.2026)
+
ලංකාවට තෙල් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑලු… ජේවීපීකාරයො තමයි කියන්නෙ (01.03.2026)
+
මේක ක්‍රිකට් පාලකයන්ගේ බූදලයක්ද ? අනුර කුමාර දිසානායකගේ එදා ප්‍රශ්නය (01.03.2026)
+
සලේ කියන්නෙ, පාස්කු අවනඩුවේ ආණ්ඩුවේ රූබිකන් තරණය… Point of No Return – ආපසු හැරීමක් නැත (01.03.2026)
+
අනුර බේරන්න ඇමති අස්වෙන්න මන්ඩලේ කචල් එලියට (01.03.2026)
+
ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම (01.03.2026)
+
ජාතික රාජ්‍යන්ට මාරු කැඳවන මූලධර්මවාදයේ ඊළඟ ගොදුර ලංකාව! (01.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴