ඇමරිකා – ඉරාන යුද්දයෙන් මෙරට ඉන්ධන පෝලිම්.. රට තුල ඉන්ධන තොග ප‍්‍රමාණය මෙන්න..

ඇමරිකා – ඉරාන යුද්දයෙන් මෙරට ඉන්ධන පෝලිම්.. රට තුල ඉන්ධන තොග ප‍්‍රමාණය මෙන්න..


ඇමරිකා – ඉරාන යුද්දයෙන් මෙරට ඉන්ධන පෝලිම්.. රට තුල ඉන්ධන තොග ප‍්‍රමාණය මෙන්න..

(28.02.2026 – lankacnews.com)

මෙරට පවතින ඉන්ධන තොග සහ දැනට ඇණවුම් කර ඇති ඉන්ධන නෞකාවල අන්තර්ගත ප්‍රමාණයන් සැලකූ විට, මාසයකට අධික කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන රට සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින සංචිත අනුව පැට්‍රල් දින 37 කට, ඔටෝ ඩීසල් දින 35 කට, ගුවන් යානා ඉන්ධන දින 47 කට ප්‍රමාණවත් තරම් තොග පවතින බවයි.

ඉරාන යුදමය වාතාවරණයත් සමඟ රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අනියත බියක් ඇතිකර ගනිමින් ඉන්ධන එක්රැස් කිරීමට පෙළඹී ඇති බවට වාර්තා වන බවත්, එලෙස අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සුරක්ෂිතතාවක් පවතින බැවින් සාමාන්‍ය පරිදි ඉන්ධන පරිභෝජනය කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

+++

+


රුපියලක්වත් හොරකම් කරන්නේ නෑ කිව්ව ආණ්ඩුව – හත්පොලේ ගාගෙන දැන් තටමනවා (28.02.2026)

+


ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සිද්ධියට සිවිල් සංවිධාන වෙතින් CIDයට පැමිණිල්ලක්

(27.02.2026 – 13:36 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ එමඟින් රටට සිදුව ඇති පාඩුව පිළිබඳ විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියේදී කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී එවක ජනාධිපතිවරයා ඊට බලපෑම් නොකළා සේ , බාල ගල්අඟුරු ගෙන්වීමේ විමර්ශනවලට වත්මන් ජනාධිපතිවරයාත් බලපෑම් නොකරනු ඇති බවට විශ්වාස කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා :

“නියමිත කාලයට ටෙන්ඩර් කැඳවන්නේ නෑ. ඊළඟට දැන් මේ සමාගම හාල් ගෙනල්ලා ප්‍රමිතියෙන් තොර වෙලා නීතිපති දෙපාර්තමේන්තුව බ්ලැක්ලිස්ට් කරලා රටට නොගන්වුව හාල් ටික ගේන්න බැරිව ඒකෙන් හූරාකාපු සමාගමකට ගල් අඟුරු ටෙන්ඩරය දෙන්නේ ඔවුන්ට ලියාපදිංචි වෙන්න ජූලි වෙනකන් අවස්ථාව දීලා. දැන් දූෂණය තහවුරු වෙලා ඉවරයි .. හදිසි මිලදී ගැනීම් එක්ක ඉතාම පැහැදිලියි.”


රු. කෝටි 50 ක මත්ද්‍රව්‍ය තොගය සමග හසුවූ සැකකරුවන් අතර හිටපු බුද්ධි නිලධාරියෙකුත්

(28.02.2026 – 12:35 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 50 කට අධික වටිනාකමින් යුත් ‘අයිස්’ සහ ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමග ඊයේ (27) අත්අඩංගුවට ගත් සිව් දෙනා (4) අතර හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ද සිටින බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි.

එමෙන්ම මෙම ජාවාරම විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවටත් දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අහුංගල්ල පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (27) පස්වරුවේ බලපිටිය ප්‍රදේශයේදී සිදුකළ පරීක්ෂා කිරීමකදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් එකකට (1) අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී එහි සිටි කාන්තාවක් සතුව තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 6 ක් සහ ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 7 කට අධික පමණයක් පොලීසිය සිය භාරයට ගනු ලැබීය.

ඇය සතුව තිබී මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 30 ක් හා 3.8 වර්ගයේ ජීව උණ්ඩ 30 ක් සොයාගත් බව ද පොලිසිය පැවසීය.

එමෙන්ම ඇයගෙන් එම මත්ද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ‘හෙරොයින්’ හා ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 6 බැගින් ද සොයා ගැනීමට පොලීසිය සමත් විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ මෙම පුද්ගලයින් සිව් දෙනා (4) සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරන බවය.

මෙම මෙහෙයුමත් සමග (2026) වසරේ මේ දක්වා කාලයේ දී දකුණු පළාත තුළ දී පොලිස් භාරයට ගත් විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 100 ඉක්මවන බවද කිත්සිරි ජයලත් මහතා සඳහන් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරේ දකුණු පළාත තුළ සිදු කළ මෙහෙයුම් මගින් ‘හෙරොයින්’ සහ ‘අයිස්’ කිලෝ 1,705 ක ප්‍රමාණයක් සහ අවිආයුධ 432 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවය.

එමෙන්ම මුහුදු තීරය හරහා රට තුළට එන මත්ද්‍රව්‍ය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද කිත්සිරි ජයලත් මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලීසිය දැනුවත් කරන ලෙසය ෴


පාසල් සිසුන් ගැන බය හිතෙන අනාවරණයක්

(28.02.2026 – 15:39 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් සහ අයිස්වලට ඇබ්බැහිවීම හේතුවෙන් 2024 වසරේ දී වයස අවුරුදු 21 ට අඩු පුද්ගලයන් සහ පාසල් යන වයසේ දරුවන් 7,950 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

+


උතුර දකුණ දෙකට බෙදෙන මාලිමාව ? (27.02.2026)

+

වැලපොත් ප්‍රතිසංස්කරණ අවසන් ? (27.02.2026)

+


රට අනුරට, කියපු අයම තමයි දැන් මේ හොරකම ගැන චෝදනා කරන්නේ (27.02.2026)

+

කොටින්ට කිරි පොවන එවුන් උන්ගෙන් පාඩමක් ඉගෙන ගන්නවාමයි (27.02.2026)

+

ආණ්ඩුවේ පාස්කු නාට්ටිය සලේගෙන් ඉවර වෙයි වගේ… මේ අල්ලා ගත්තේ කොටි වලිගයක් කියලා හිතෙන්නැද්ද? (28.02.2026)

+

නාමල් කරුණාරත්න එදා අපට වහ බොන්ඩ කිව්වා… බොරුවට වහ බොන්ඩ කිව්වට, ගොවියො ඇත්තටම වහ බිව්වා (28.02.2026)

+


ගල් අඟුරු වංචාවට විදුලි බල ඇමතිට හිරේ යන්න වෙනවා, මෙන්න සාක්ෂි. මිලියන දෙකේ දඩ ගැහුව කතාවත් බොරුවක් (27.02.2026)

+


ස්පොට් ටෙන්ඩරේ පාඩුව කෝටි කීයද ? (27.02.2026)

+

රට අනුරට කිව්වට දැන් පොරටත් නෑ ඩයි සීය ඉන්දියාවට ලියලම දුන්න හැටි (27.02.2026)

+

සෙඩා සුදා සහ චැනල් 04 (28.02.2026)

+


Rebuilding Sri Lanka රටෙත් නෑ.. ලොවෙත් නෑ.. | Sri Lanka Economic Crisis (28.02.2026)

+


ජනතාව ආණ්ඩුවට හෙණ 07 ම ඉල්ලද්දී නිර්මාල්ගෙන් 97% ක් අනුරට (28.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *