මෙරටින් පිටත් වීමට නියමිත මැදපෙරදිග ගුවන් ගමන්වාර අදත් (02) අවලංගු කෙරේ

මෙරටින් පිටත් වීමට නියමිත මැදපෙරදිග ගුවන් ගමන්වාර අදත් (02) අවලංගු කෙරේ


මෙරටින් පිටත් වීමට නියමිත මැදපෙරදිග ගුවන් ගමන්වාර අදත් (02) අවලංගු කෙරේ

(02.03.2026 – 11:12 +0530 – sinhala.adaderana.lk)

මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර සියල්ලම අද (02) දිනයේද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

යුද ගැටුම් ඇරඹුණු පසුගිය 28 වැනි දින සිට මේ දක්වා මැද පෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සහ මෙරටින් මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 115 ක් අවලංගු වී ඇති බවද ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය ෴


රට පුරාම තෙල් පෝලිම් ඇති වෙද්දී – සමාජ ක්‍රියාකාරීන් රනිල් සොයා ගෙන එයි (02.03.2026)

+++

ලංකාවේ ආයෙත් පෝලිම් යුගයක් එයි ද ?? – රනිල් මල්පාරේ ඉදගෙන කරපු හෙලිදරව්ව (02.03.2026)

+


තෙල් පෝලිම් දිගටම වැඩි වෙද්දී නලින්ද හදිස්සියේම මාධ්‍ය කැඳවයි | විශේෂ මාධ්‍ය හමුවේ සජීවී විකාශය (02.03.2026)

+++

මෙහෙම ගියොත් දවස් 14 කට විතරයි තෙල් තියෙන්නේ – ළඟදීම එන අර්බුධය ගැන දයාසිරිගෙන් අනාවරණයක් (02.03.2026)

+


කුවේටය අත්වැරදීමකින් අමෙරිකානු යානා තුනක් (3) බිම හෙළයි

(02.03.2026 – hirunews.lk)

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමට සහය දක්වමින් සිටි ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් F-15E වර්ගයේ ප්‍රහාරක යානා තුනක් කුවේට් ගුවන් ආරක්ෂක පද්ධතියෙන් එල්ල වූ ප්‍රහාර හමුවේ අත්වැරදීමකින් බිම හෙළා ඇති බව ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිවේදනය කරනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම අනපේක්ෂිත සිදුවීම (Friendly Fire incident) සිදුව ඇත්තේ ඉරාන ගුවන් යානා, බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සක්‍රීය සටන් පවතින අවස්ථාවකදී බවයි.

යානාවල සිටි ගුවන් නියමුවන් ඇතුළු හය දෙනාම (06) ආරක්ෂිතව යානාවලින් ඉවත් වී ඇති අතර, ඔවුන් මේ වන විට නිරුපද්‍රිතව සොයාගෙන ඇති බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

කුවේට් ආරක්ෂක අමාත්‍යවරයා ද සඳහන් කර ඇත්තේ අද (02) අලුයම කාලයේදී ඇමෙරිකානු ප්‍රහාරක යානා කිහිපයක් කඩා වැටී ඇති බවයි.

එමෙන්ම, කුවේට් රජය මෙම සිදුවීම පිළිගෙන ඇති අතර, සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන ඇමෙරිකානු මධ්‍යම විධානය මගින් ආරම්භ කර තිබෙනවා.

මූලාශය : CNN / U.S. Central Command


මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයන්ට දින 14 කට නොමිලේ වීසා

(02.03.2026 – hirunews.lk)

පෙබරවාරි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි මැදපෙරදිග රටවල් බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකිව සිටින විදේශිකයන් සඳහා දින 14 ක සහන කාලයක් ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ආගමන හා විගමන පාලක ජනරාල් අයි. චමින්ද පතිරාජ විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, තම වීසා බලපත්‍රයේ වලංගු කාලය තුළ ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකි වන මගීන්ට සිදුවන අපහසුතා මගහැරවීම සඳහා මෙම පියවර ගත් බවයි.

මෙම සහනය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර වශයෙන්, දැනට පවතින වීසා බලපත්‍රය කල් ඉකුත් වන දින සිට ඉදිරි දින 14 ක කාලයක් සඳහා මෙම දිගුව සම්පූර්ණයෙන්ම නොමිලේ හිමි වන අතර, ගුවන් තොටුපළෙන් පිටත්වන අවස්ථාවේදී එහි පිහිටි ආගමන හා විගමන කාර්යාලය වෙතින් මෙම වීසා දිගුව ලබාගත හැකියි.

එමෙන්ම, ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් පිටවීමට නොහැකි වූ බව තහවුරු කිරීමට ගුවන් ගමන් බලපත්‍ර (Boarding Passes), ගුවන් ගමන් අවලංගු කිරීමේ නිවේදන හෝ ගුවන් සේවය මගින් නිකුත් කළ තහවුරු කිරීමේ ලිපි ඉදිරිපත් කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් ෴


මාකොළ වයි-හන්දියේ රථ ගාලේ ගින්නෙන් වාහන 7 ක් මුළුමනින්ම විනාශයට

(02.03.2026 – hirunews.lk)

මාකොළ වයි හන්දිය ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් මඟින් පවත්වා ගෙන යන රථවාහන නවතා තබන ස්ථානයක ඇතිවු හදිසි ගින්නකින් එහි නවතා තිබු රථවාහන 07 ක් මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා.

සපුගස්කන්ද පොලිසිය හා කැලණිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරය මේ ගින්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි සඳහන් වන්නේ.

මෙම ගින්නෙන් කාර් රථ 02 ක් ලොරි රථ 02 ක් හා ජීප් රථ 03 ක් විනාශ වී තිබෙන අතර ඉන් සිදුවු අලාභය තවම ගණන් බලා නැතත් එය රුපියල් කෝටි ගණනක් වන බවයි දක්වා තිබෙන්නේ.

මෙම ගින්න හටගත් අවස්ථාවේ එහි කිසිවෙකු නොසිටි අතර මේ ගැන අවට පිරිස් විසින් සපුගස්කන්ද පොලිසියට දැනුම් දුන් අතර එහිදී පොලිසිය වහාම ක්‍රියාත්මක වි කොළඹ ගිනි නිවන ඒකකය ගෙන්වා ගින්න සෙසු පෙදෙස්වලට පැතිරී යෑම වළක්වා තිබෙනවා.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර එහි ගාල් කර තිබු වාහනයක සිදුවු විදුලිය කාන්දුවකින් මෙය සිදුවන්නට ඇතැයි සැක පල කර තිබෙනවා.

ඊයේ (01 වැනිදා) මධ්‍යම රාත්‍රීයේ මෙම ගින්න සිදුව තිබෙනවා.


එදා ‘අනේ සර්’ කියලා සිංදු හදාගත්ත අය, අද මට ‘බාසුන්නැහේ’ කියනවා ! අතිශය ප්‍රථම අනාවරණය ! (02.03.2026)

+


යුද හමුදා අවන්හල්වලට ජනතාව බඩු ගන්න බෑ! පේදුරුතුඩුවේ තීරණය (01.03.2026)

+


එදා සහරාන්ගෙ ලෝයර් අද අධිකරණ ඇමති (02.03.2026)

+


යුද්දෙ දිගටම තිබුණොත්, මේක තමයි ගෝටා අංක 02… ගහෙන් වැටිච්ච ජෙප්පන්ට ගොනා ඇන්නා වගේ (02.03.2026)

+

සිංගප්පුරුවට සහ ඉන්දියාවට තෙල් එන්නේ කොහෙන්ද ? ජේවීපීකාරයින්ගේ මොළේ තරම (01.03.2026)

+

අමෙරිකාව – ඊශ්‍රායලය ආගමික ත්‍රස්තයන්ට මාරයා පෙන්වීම… ඊළඟට තලිබාන්ලා ලෑස්ති වෙයල්ලා (02.03.2026)

+

මේක ජේවීපීකාරයින්ව හෙළිදරව් කරන්න ආපු යුද්ධයක් – අපි බලා ඉන්නවා ආණ්ඩුව අර්බුදය කළමණාකරණය කරන විදිය (02.03.2026)

+


ලංකාවෙ ක්‍රිකට් විනාශ කරන සූදුකාරයන්ගේ ගේම මෙන්න – පාලක මණ්ඩලයේ හැම කෙනාගේම phone එකේ සූදු app එක (02.03.2026)

+


ආණ්ඩුවේ විශ්වාසය බිංදුවට වැටෙයි! තෙල් පෝලිම් පිටුපස ඇති සැබෑ දේශපාලන කුමන්ත්‍රණය මෙන්න ! (02.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *