GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණයක්
(16.11.2025 – 10:25 +0530 – sinhala.adaderana.lk)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.
2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත.
එම සංගමය පැවසුවේ මේ සම්බන්ධව රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ බවත් මීට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට සිය සංගමය පියවර ගත් බවය.
ඒ අනුව හෙට (17) සිට උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය ෴
(16.11.2025 – hirunews.lk)
දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් හෙට (17) සිට බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතු ඖෂධ නියම කිරීම සහ බාහිර රසායනාගාරවලින් කළ යුතු පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු තෝරාගත් සේවාවන් සැපයීම සීමාකර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේ බව සඳහන් කර තිබෙනවා ෴
+++
රජයේ වෛද්‍යවරුන්ගෙන් අද (17) සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ
(17.11.2025 – hirunews.lk)
දිවයින පුරා සියලු රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා තුණ්ඩු නිකුත් කිරීම, පිටතින් රසායනාගාර සේවා ලබා ගැනීමට නිර්දේශ කිරීම ඇතුළු වෛද්‍ය සේවා කිහිපයක් අද (17) සිට සීමා කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ඒ, සිය අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙවර අයවැයේදී රජය කිසිදු අවධානයක් යොමු කර නොමැති බව පවසමින්.
කෙසේවෙතත් අද (17) පෙරවරු 09:30 ට මීට අදාළ සාකච්ඡාවක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වීමට ද නියමිතයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිවාස පහසුකම, වෛද්‍යවරුන්ගේ ආදායම මත පනවා ඇති සියයට 36 ක බදු සහ වැටුප් සම්බන්ධ යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් මෙවර අයවැයට ඉදිරිපත් කර තිබුණා.
එමෙන්ම, සිය ඉල්ලීම්වලට විසදුම් නොමැති නම් විශේෂඥ වෛද්‍යවරුන් ද එළඹෙන 26 සහ 27 වන දින වෘත්තීය ක්‍රියාමාර්ගයක ආරම්භ කිරීමට සූදානම් බවයි කොළඹ ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිත විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසිංහ සදහන් කළේ ෴
වෛද්‍ය සභාවෙන් ජීවකයන්ට අනතුරු සඥාවක්
(16.11.2025 – hirunews.lk)
ඇතැම් වෛද්‍යවරුන් විසින් නිකුත් කරනු ලබන බෙහෙත් වට්ටෝරු (Prescriptions) අපැහැදිලි බවට ඖෂධවේදීන්ගෙන් සහ මහජනතාවගෙන් පැමිණිලි ලැබී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) පවසනවා.
මේ හේතුවෙන් රෝගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව අවධාරණය කෙරෙනවා.
එබැවින් බෙහෙත් වට්ටෝරු ලිවීමේදී සහ නිර්දේශ කිරීමේදී නිල මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලෙසයි සියලුම වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා සිටින්නේ.
මෙකී බෙහෙත් වට්ටෝරුවල ඇති අපහැදිලි බව හේතුවෙන් නිවැරදි ඖෂධය, මාත්‍රාව සහ උපදෙස් හඳුනා ගැනීමට අපහසු වී ඇති බවයි වෛද්‍ය සභාව පවසන්නේ.
එබැවින් මෙය රෝගීන්ට වැරදි ඖෂධ ලබා දීම හෝ ප්‍රතිකාර ප්‍රමාද වීම වැනි බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කළ හැකි වන බවද පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහයේ, බෙහෙත් වට්ටෝරු ලිවීම හා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් අන්තර්ගතයි.
රෝගියාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම නිල මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි එම සභාව අවධාරණය කරන්නෙ.
මෙම මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව වෘත්තීය විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැඩි ලෙස අනතුරු අඟවා තිබෙනවා ෴
ලොරි රථයක් සොරාගෙන පලා යමින් සිටි අයෙකු සිදුකළ අනතුරින් අයෙකු මරුට
(16.11.2025 – 06:46 +0530 – sinhala.adaderana.lk)
ලොරි රථයක් සොරකම් කර පලා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදුවූ අනතුරු දෙකකින් (2) එක් (1) පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු (4) තුවාල ලබා තිබේ.
මෙම සිදුවීම ඊයේ (15) රාත්‍රියේ කඳාන පොලිස් වසමේ මාරියා මාවත ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලීසිය පැවසීය.
ව්‍යාපාරිකයෙකු සිය නිවසේ නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර යම් අයෙකු පලා ගොස් ඇති අතර පසුව එම ලොරි රථය පසුපස රථයේ හිමිකරු හා ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ තිබේ.
එහිදී සැකකරු ලොරි රථය නොනවත්වා පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක්ද අනතුරට ලක් කර පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ද ගැටී අනතුරුව ලොරි රථය අසල පිහිටි තාප්පයක ගැටී මාර්ගයේ පෙරළි ගොස් ඇත.
පළමු (1) අනතුරින් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු (3) සහ දෙවන (2) අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු (2) බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙවන (2) අනතුරේ යතුරුපැදි ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 43 ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලොරි රථය සොරකම් කර අනතුරු සිදුකළ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන කඳාන පොලීසිය වෙත භාරදී ඇති අතර සැකකරු මේ වන විට රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් සැකකරු අවුරුදු 46 ක් වූ ජා ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කඳාන පොලීසිය විසින් සිදුකරනු ලබයි ෴
මුන් දුන්නේ ලොරි ටෝක් නේ අප්පා – මුන් නියම නීල කාස බඩු ටිකක් (16.11.2025)
+
ජනාධිපතිතුමා අන්ත දූෂිතයි – 21 තුරුම්පු ඔක්කොම ගහන්නෑ (16.11.2025)
+
පොලිසියේ දැඩි විරෝධතා මැද මහ රෑ ත්‍රිකුණාමල විහාරයේ බුදු පිළිමය තැන්පත් කරයි (16.11.2025)
+++
ත්‍රීකුණාමලයේ මහ රෑ ලොකු කලබලයක්, බුදු පිළිමය ගන්න පොලීසියයි, හිමිවරුයි සැරටම ගහගනී (16.11.2025)
+++
+
ඥාණසාර හිමියන් හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි – ඉන්දියාව පකිස්තානයට බෝම්බ තියපු උන් ලංකාව ගැන හෙලිකරයි (15.11.2025)
+
මාලිමා ප‍්‍රබලයෙක් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට..
(16.11.2025 – lankacnews.com)
ජාතික ජන බල වේගයේ දෙහිවල ආසන සංවිධායකවරයෙක් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පලාත් පාලන මන්ත්‍රීවරයෙක් වන ‘ටෝනි මොහොමඩ්’ නමැත්තකු බවද සදහන්ය.

මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ඇසුරුම් කිරීමට සහාය දුන් මුද්‍රණ ආයතනයක හිමිකරුවෙක් වන මෙම පුද්ගලයා දීර්ග කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරිකයෙක්ව සිට ඇතැයිද පැවසේ.
+++
+
විදෙස් කතකට කැත වැඩක් කළ ‘වල්බල්ලා’ කලවංචිකුඩියේදී අල්ලයි
(16.11.2025 – hirunews.lk)
තිරුක්කොවිල් ප්‍රදේශයේදී විදෙස් සංචාරක කාන්තාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධව සෙවූ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කලවංචිකුඩි ප්‍රදේශයේදී වන අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක විවාහක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා මෙරට සංචාරයක් සඳහා පැමිණි නවසීලන්ත ජාතික කාන්තාවක් මෙරට සංචාරක පොලිස් කොට්ඨාසයට පැමිණිල්ලක් කරමින් පවසා තිබුණේ, ඔක්තෝබර් මස 25 වැනිදා සංචාරයක නිරත වන අවස්ථාවේදී තරුණයෙකු අසැබි ක්‍රියාවක නිරත වූ බවයි.
එම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනයක් ද ඇය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.
මේ සම්බන්ධයෙන් සංචාරක පොලිස් කොට්ඨාසය කළ සොයා බැලීමකදී අනාවරණ වී තිබුණේ, අදාළ විදේශීය කාන්තාව එදින ආරුගම්බේ ප්‍රදේශයේ සිට පාසිකුඩා දක්වා (ත්‍රිරෝදයක් පදවමින්) ගමන් කරමින් සිටියදී තිරුක්කෝවිල් ප්‍රදේශයේදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි ෴
වයසත් 70 යි නේද? දැන් ඔය ඇති ටිල්වින්… ඔයාගේ කවි අහලා දැන් නං එපා වෙලා (16.11.2025)
+
ආණ්ඩුවේ ඊනියා ‘ලිංගික අධ්‍යාපනයට ‘ කාදිනල්තුමා යුද්ද ප්‍රකාශ කරයි (16.11.2025)
+
බෞද්ධ සභ්‍යත්වය විනාශ කරනවා මේ කාලකණ්ණි – මුන්ට මේවා ඇලජික් – මුන් පෙරේත හැත්තක් (16.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴