විමල් වීරවංශ, ශවේන්ද්‍ර සිල්වා සහ ඥානා මෑණියන් ගැන පොහොට්ටු කණ්ඩායමක් මහින්දට අනතුරු අඟවයි

විමල් වීරවංශ, ශවේන්ද්‍ර සිල්වා සහ ඥානා මෑණියන් ගැන පොහොට්ටු කණ්ඩායමක් මහින්දට අනතුරු අඟවයි

*********************************************

විමල් වීරවංශ, ශවේන්ද්‍ර සිල්වා සහ ඥානා මෑණියන් ගැන පොහොට්ටු කණ්ඩායමක් මහින්දට අනතුරු අඟවයි

(11.03.2021 – 17:15 +0530 – lankaleadnews.com)

‘පොහොට්ටුවේ’ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට හිතවත් පසුපෙළ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ හමුවී ඉල්ලා ඇත්තේ අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ හා ඔහුගේ ඇතැම් ක්‍රියාමාර්ග වලින් ආණ්ඩුවට බරපතල හානියක් සිදුවෙමින් පවතින බැවින් නන්නත්තාර වී සිටින විපක්ෂයට එයින් විශාල වාසියක් වී ඇතිවන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා එහිදී අගමැතිවරයාට අවධාරණය කර ඇත.

විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකරන ලැබූ ඇතැම් ප්‍රකාශ සිය ජංගම දුරකථන මගින් අගමැතිවරයාට පෙන්වමින් ආචාර්ය රන්ජිත් බණ්ඩාර අවධාරණය කර ඇත්තේ, විමල් විරවංශ අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රකාශ සිදුකරන බවයි.

විමල් විරවංශ අමාත්‍යවරයාගේ ඇතැම් ප්‍රකාශ හරහා ආණ්ඩුවේ දෙකඩ වීමක් ප්‍රදර්ශනය වන හෙයින් පාක්ෂිකයින් මේවනවිට බරපතල ලෙස දුර්මුඛ වී ඇති බව ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කර තිබෙන අතර විමල් විරවංශ සමග උත්සවවලට සහභාගී නොවන්නැයි මෙහිදී සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

“අපි ජනාධිපතිතුමා හමුවෙලත් මේ ගැන කිව්වා. එතුමා අපි කියපු කාරණා පිළිගත්තා. ජනාධිපතිතුමා දැන් දන්නවා විමල් ඇමතිතුමාලා මොකටද එන්නේ කියලා. එත් ඔබතුමාගේ හොඳ කමට ඔබතුමා තමයි විමල් ඇමතිතුමාව රකින්නේ. ඒත්, මේ විදියට ගියොත් නම් ඔබතුමාටත් විශාල කැළලක් වෙනවා. ආණ්ඩුවත් ඉවරයි. පක්ෂයත් ඉවරයි.” යයි මන්ත්‍රීවරයකු මේ අවස්ථාවේදී පවසා තිබේ.

2006 දී අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර හා ශ්‍රීපති සුරියආරච්චි ආණ්ඩුවෙන් නෙරපූ ආකාරයට විමල් විරවංශ හා උදය ගම්මන්පිල එලියට නොදැමුවහොත් ඉදිරියේ දී බරපතල තත්වයකට මුහුණදීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ඇතැම් මන්ත්‍රීවරුන් අගමැතිවරයා හමුවේ සඳහන් කර තිබෙන අතර; ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ කාරනා සාකච්ජා නොකරන්නේ ඇයි දැයි අගමැතිවරයා මෙහිදී කල විමසීමේදී පොහොට්ටු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් පවසා ඇත්තේ, ‘ඒ පිරිස ගෘප් මීටින් වලට නොඑන’ බවකි.

එම සාකච්ජාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අගමැතිවරයා පෞද්ගලිකව හමුවී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තාවේ.

“2010 ෆොන්සේකා කළා වගේම දෙයක් 2024 දී වෙන්න ඉඩ තියනවා. ශවේන්ද්‍ර හමුදාපතිතුමා ගැන සැලකිල්ලෙන් ඉන්න. ඥාන මෑණියෝ තමයි ජනාධිපතිතුමාට ශවේන්ද්‍ර ගැන සහතික දෙන්නේ. දැන් විමල් ඇමතිතුමාගේ කට්ටියත් ඥාන මෑණියන් එක්කම තමයි ඉන්නේ. ඔබතුමා මේවා ගැන හොයල බලන්න ..” එක් මන්ත්‍රීවරයකු අගමැතිවරයාට පැවසු බවද වාර්තා වේ ෴

******************************************

ඉස්ලාම් අන්තවාදීන් එක්ක දීග කන්න සූදානම් ආණ්ඩුවේ අය… පාස්කු කොමිසමේ සාතන්ගේ අවතාර ගැන විමල් හෙලි කරයි.. ඔවුන් බදියුදීන්ලාට සුදුහුණු ගාමින්..

(11.03.2021 – 14:10 +0530 – lankacnews.com)

අනාගතයේදී ඉස්ලාම් අන්තවාදය සමඟ දීගකෑමට සිදුවෙතැයි සිතන ආණ්ඩුව තුළ සිටින දේශපාලන තක්කඩියන් පිරිසක් රිෂාඩ් බදියුදීන්ලාගේ සැබෑ ස්වරූපය සමාජය හමුවේ අනාවරණය වීම වළක්වා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

කොළඹ, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ‘ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට’ යන මැයෙන් පැවැති සිය දේශනය සිදු කරමින් ඒ මහතා එසේ අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය :

“මීට වසර 02 කට පමණ පෙර මුළුමහත් ජාතියේම හදවත් සසල කළ ජීවිත 400 කට ආසන්න ප්‍රමාණයක් නිසල කළ පාස්කු ඉරිදාවක සිදුකළ මිනීමරු, මෘග ප්‍රහාරය තවමත් තිබෙන්නේ අපේ මතකයේ මායිමේ. ඒ මෘග ප්‍රහාරය විසින් ජාතියම සසල කළා පමණක් නොවෙයි, ‘සිදුවූයේ කුමක්ද? සිදුවෙමින් පවතින්නේ කුමක්ද? සිදුවීමට යන්නේ කුමක්ද?’ යන ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න අපට බල කළා. ‘එතරම් දරුණු ප්‍රහාරයකදීත් ඇහැ ඇරෙන්නේ නැති මිනිසුන් හැටියට ජීවත් නොවිය යුතුයි’ කියන පණිවිඩය දරුණු ලෙස ඒ ප්‍රහාරය විසින් අපට ලබා දුන්නා. අපේ දෙපා යටින් සිදු වෙමින් පවතින විපතේ තරම දිහා නිර්දය ලෙස බලන්න සමාජයක් ලෙස අපව පොළඹවනු ලැබුවා.

‘වත්මන් රාජ්‍ය නායකයාගෙන් බලාපොරොත්තු වූ වැදගත්ම දෙය’

සිංහල සහ දෙමළ ජනකොටස්වලට පණක් නොවෙයි, මධ්‍යස්ථ මුස්ලිම් ජන සමාජය තුළත් භීතිය රජයන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අනාරක්ෂිතභාවයට එරෙහිව 2019 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයේදී ජයග්‍රාහී ජනවරමක් නිර්මාණය කරන්න මේ රටේ මිනිස්සු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණේ. ‘පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ඇත්ත අවතාර, එහි හිමිකරුවෝ, න්‍යායාචාර්ටයවරුන් යන සියල්ලේ අගමුල සොයලා ඒ අන්තවාදයේ බිහිසුණු ගොදුරක් බවට අපේ සමාජයේ අනාගතය පත් වීම වළකාලීම’ තමයි මේ රටේ මුළුමහත් ජනතාව වත්මන් රාජ්‍ය නායකයා ඇතුළු පාලනතන්ත්‍රයෙන් බලාපොරොත්තු වුණු වැදගත්ම කාරණය. ඒ වැදගත් කාරණය ඉටු වේ යැයි බලාපොරොත්තු තබාගත් ජනයා පසුගිය දිනවල කලබල වුණේ ඒ පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමක වාර්තාවක් එළිදැක්වීමත් සමඟයි.

‘විජිත් මලල්ගොඩ නිර්දේශ’

පාස්කු ඉරිදා මෘග ප්‍රහාරයෙන් පසුව එවකට ජනාධිපතිවරයා විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රමුඛ කමිටුවකට භාර දුන්නා මේ පිළිබඳව ගත යුතු පියවර නිර්දේශ කිරීමට. එම විජිත් මලල්ගොඩ කමිටුවෙන් ප්‍රධාන නිර්දේශ 40 ක් ඉදිරිපත් කළා. පළමුවැන්න, ‘අපරාධ නීතිය අනුව වරදකරුවන්ට එරෙහිව කටයුතු කළ යුතුයි’ යන්නයි. එය කොහොමත් සිදුවිය යුතු දෙයයි. දෙවැන්න, මේ පිටුපස වන සංකීර්ණ පින්තූරය හරියට හඳුනාගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පිහිටුවීම, යන්නයි. තුන්වැන්න, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමයි. අපි දන්නවා, ඒ දවස්වලම පත්කළ ඒ තේරීම් කාරක සභාවේ නඩු අහන්න රාවුෆ් හකීම් මහත්තයාත් හිටියා. සිව්වැන්න, ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික කාරක සභාවක් පිහිටුවීම, යන්නයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් එදා ඒ ආංශික කාරක සභාව පිහිටුවනු ලැබුවා.

ඒ අනුව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය එක්තරා දුරකට අපරාධ නීතිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් නිකුත්ව තිබෙනවා. අර ‘කෝලං පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ’ වාර්තාව පැත්තක තැබුවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව තම වාර්තාව රට හමුවේ තබා අවසන්. ඒ අනුව විජිත් මලල්ගොඩ විනිසුරුතුමන් ලබාදුන් ප්‍රධාන නිර්දේශ දෙකකට අදාළ කටයුතු දැන් අවසන්ව තිබෙනවා. සිදුවීම සිදුවී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් අපරාධ නීතිය ක්‍රියාත්මක වීම, තවමත් අවසන් නොවූ කාර්යයක් බවට පත්ව තිබෙනවා. ඕනෑම ජනසමාජයක් මෙවැනි බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් තුළ යුක්තිය පසිඳලීමේ කටයුතු සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොවුණොත් ඒ ජනසමාජය සියල්ල දෙස සැකයෙන් බලන්න පටන් ගන්නවා. ඒ සැකයේ වාසිය මේ මෘග ප්‍රහාරය පිටුපස වන මහ මොළකරුවන් හැර අන් කිසිවෙකුටත් ලැබෙන්නේ නැහැ. ජනාධිපති කොමිසමක් යනු අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට විකල්පයක් නොවෙයි. යුක්තිය පසිඳලීම සිදුවිය යුත්තේ අපරාධ නීතියට අනුවයි. එහිදී මිනී මරපු ස්වයං ඝාතකයන් නිර්මාණය වූ මතවාදය හදපු අය, ඒ මතවාදය ද්‍රව්‍යමය බලවේගයක් බවට පත් කිරීමට මුදල් පොම්ප කළ අය, සැකකරුවන් අත්අඩංගුවට පත්වන විට පොලීසියට බලපෑම් කරලා ඔවුන් නිදහස් කර ගැනීමට මැදිහත් වූ දේශපාලන බලවතුන් යන සියලුදෙනාට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

‘බෞද්ධ අන්තවාදය’ කියා එකක් මේ පොළොවේ නැහැ

කොමිෂන් සභා වාර්තාව අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අන්තවාදී අදහස් වැපිරුවේ නැතිනම් සහරාන් නිර්මාණය වන්නේ නැහැ. එහෙමනම් අයිඑස්අයිඑස් සංවිධානය හැදිලා තියෙන්නෙත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිසාද? ඉස්ලාම් අන්තවාදය කියන්නේ ලෝක ව්‍යාප්ත සාධකයක්, ව්‍යසනයක්. ‘බෞද්ධ අන්තවාදය’ කියා එකක් මේ පොළොවේ නැහැ. කඩු 6000 ක් ගෙනත් බානකම් නිකම් බලා ඉන්න මිනිස්සු ඉන්න රටක් බවට මේ රට පත්වුණේ ‘බෞද්ධ අන්තවාදයක්’ කියා එකක් නැති නිසයි. ප්‍රහාරයට දින කිහිපයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු කොම්පඤ්ඤ වීදිය පැත්තේ පල්ලියකට කඩු මිටියක් ගෙන එන සීසීටීවී දර්ශන ඒ දිනවල මාධ්‍ය මගින් දැකගත හැකි වුණා. ප්‍රහාරයට දින කිහිපයකට පෙර කඩු මිටියක් පල්ලියට ගෙන යාමට උවමනා වුණේ ඇයි? ඔවුන් කල්තියා දැන සිටියාද, සමාජය ප්‍රකෝප වන ප්‍රහාරයක් සිදුවන බව? එහිදී ලැබීමට නියමිත සිංහල ප්‍රතික්‍රියාවට, ප්‍රතිප්‍රහාරය සඳහා මේ කඩු 6000 ගෙන එනු ලැබුවාද? සිංහල සමාජයෙන් එවැනි ප්‍රතික්‍රියා සිදු නොවුණේ මේ පොළොව මත ‘බෞද්ධ අන්තවාදයක්’ නොමැති නිසයි.

‘රිෂාඩ්ගේ මල්ලිගේ දුරකථන ඇමතුම්’

මේ කොමිෂන් සභා වාර්තාව මගින් නිශ්චිතව ඇපත් නොලැබෙන අන්දමට හිරේ දැමීමට නිර්දේශ කරන එකම කෙනා ඥානසාර හාමුදුරුවෝ. රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් එහි නිර්දේශය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම යටතේ පැමිණිලි විභාග කිරීම. රිෂාඩ් බදියුදීන්ගේ මල්ලි සහරාන්ට දුරකථන ඇමතුම් ගත් බව රටට කීවේ අපි නොවෙයි, එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක. එදා පොලීසියේ මහත්වරු, රිෂාඩ්ගේ මල්ලි සහරාන්ට දුරකථන ඇමතුම් ගත්තු හැටි, සහරාන්ගේ ඇමතුමෙන් පසු එයා තමන්ගේ අයියට දුරකථන ඇමතුම් ගත්තු හැටි, ඉන්පසු යළිත් සහරාන්ට ඇමතූ හැටි අපට නොවෙයි පෙන්වූයේ කාදිනල්තුමන්ටයි. අත්අඩංගුවේදී රිෂාඩ්ගේ මල්ලි කියන්නේ ‘බිස්නස් වැඩටයි කෝල් කළේ’ කියායි. රිෂාඩ්ගේ මල්ලි අත්අඩංගුවට ගන්නා විට කාදිනල්තුමන්ට කියනවා, මේ ඇමතුම් අපරාධ වරදකට අදාළ ඒවා කියා. පසුව ඇප දීලා එළියට දානවිට එම ඇමතුම් ව්‍යාපාරික කටයුත්තකට ගත්තු ඒවා වෙනවා.

‘කොමිසමේ විකාරරූපී අදහස’

මේ කොමිසම හිතනවා, ‘බෞද්ධ අන්තවාදයක්’ තියෙන නිසා ඉස්ලාම් අන්තවාදයක් ඇති වෙනවා, කියා. එදා දෙමළ ඊළාම් බෙදුම්වාදී ත්‍රස්තවාදය ගැන කතා කරද්දි එයට සළුපිළි ඇන්දූ අය කීවා, ‘ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති නිසා එමගින් එල්ටීටීඊ ත්‍රස්තවාදය ඇති වුණා’ කියලා. ඔවුන් කීවා ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරු සොයන තුරු ත්‍රස්තවාදය පරාජය කළ නොහැක’ කියා. ඒ නිසා චන්ද්‍රිකා තවලම් ගියා, මංගල සුදු නෙළුම් ගත්තා, ෆෙඩරල් පැකේජ් ගෙනාවා, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා ගෙනාවා. මේ නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටියක් සහ තව ටිකක් ගෙනාවා. මෙතැනදීත් ඒ වියවුලම තමයි කරන්න හදන්නේ. ‘බෞද්ධ අන්තවාදයක් තියෙනවා, ඒ තියෙන නිසා ඉස්ලාම් අන්තවාදයක් ඇති වෙලා තියෙනවා’ කියන එකයි මෙතැනදී හදන මතය. ඒ විකාරරූපී අදහස කොමිසමේ සාමාජිකයන් තුළ තිබෙන බව පෙනෙනවා. ඒ වාර්තාව අධ්‍යයනය කළාම. එහෙම අදහසක් නොතිබුණානම් කොමිසම යා යුතුව තිබුණේ පන්සල දෙසට නොවෙයි, මුස්ලිම් දේවස්ථානය දෙසටයි. කඩු ගොඩ ගහපු පැත්තට නොයා පන්සල පැත්තට මෙයාලා චෝදනාව දමලා තිබෙනවා.

‘කොමිසමෙත් සහරාන්ගේ අවතාර සිටියාද?’

සහරාන් සමඟ මුල් කාලයේ එකට වැඩ කරපු, ‘බුදු හාමුදුරුවෝ මස් කෑවා’ කියමින් ප්‍රසිද්ධියේ අපහාස කරපු අබ්දුල් රාසික් ගැන මෙම වාර්තාවේ නිශ්චිත යමක් කියන්නේ නැහැ. මෙහි මාවනැල්ල, වනාතවිල්ලුව ප්‍රදේශවලදී ආයුධ සමඟ පොලීසියට හසු වූ අන්තවාදීන් ඒ කාලයේ පැවැති ආණ්ඩුවේ බලවතුන්ට කියලා නිදහස් කරගන්න හදපු අසාත් සාලිට කරන්න ඕන දේ නිශ්චිතව කියා නැහැ. හිස්බුල්ලා කාන්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදය වපුරා තිබෙනවා, කියා වාර්තාවේ සඳහන් වූවාට ඔහුට කළ යුතු දේ නිශ්චිතව කියා නැහැ. හැබැයි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ‘වැඩේ දෙන්න’ ඕන විදිය වගන්තියක් දාලාම කියා තිබෙනවා. වෙලාවකට හිතෙනවා, ‘කොමිසම ඇතුළෙත් සහරාන්ගේ අවතාර සිටියාද?’ කියා.

‘පොළ පොතට ආ කොඩාවිගේ මිනීමරු අදහස්’

ලෝක ප්‍රකට අයිඑස්අයිඑස් ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගැසූ ඊජිප්පතුවේ වෙසෙන, මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ යූසුප් අල් කොඩාවි නැමැත්තාගේ අන්තවාදී ඉගැන්වීම් මෙරට මුස්ලිම් පාසල් දරුවන්ගේ පෙළ පොත් තුළට, ගුරු අත්පොත් තුළට ඇතුළත් කරන්න මෙරට මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්.එන්. අමීන් කටයුතු කර ඇති බව කොමිසම සිය වාර්තාවේ සඳහන් කරනවා. නමුත් අමීන්ට එරෙහිව ගතයුතු පියවර නිශ්චිතව පවසන්නේ නැහැ. මේ යූසුප් අල් කොඩාවිගේ එක් ඉගැන්වීමක් තමයි, ‘ඉස්ලාම් අවසාන අරමුණ ඉටුකර ගන්න නම් රාජ්‍ය බලය හා භූමිය අත්පත්කර ගැනීම අත්‍යවශ්‍යයි’ කියන එක. මේ දෙක නිවුන්නු ලෙසයි ඔහු හඳුන්වන්නේ. මේ පුද්ගලයාගේ මිනීමරු, අන්තවාදී අදහස් පෙළ පොතට එක් කළ අමීන්ට එරෙහිව ගතයුතු පියවර මෙහි නිශ්චිතව සඳහන්ව නැත්තේ ඇයි? ආගමික දවටනයක ඔතලා ඕනෑම මිනීමරු අදහසක් පැටවීම තමයි ඉස්ලාම් අන්තවාදයේ ස්වරූපය. ඒක හුදකලා අන්තවාදයක්, ත්‍රස්තවාදයක් නොවෙයි. රාජ්‍යයක් අත්පත් කර ගැනීම දක්වා විහිදුණු ව්‍යාපෘතියක්. එහි එක් මෙවලමක් විතරයි ත්‍රස්තවාදය. අන්තවාදී ව්‍යාප්තවාදය, ගර්භාෂ යුද්ධය, ජනගහන ප්‍රවර්ධනය, භූමිය අත්පත්කර ගැනීම ආදිය මේ ව්‍යාපෘතියට ඇතුළත් වෙනවා.

‘ඉස්ලාම් අන්තවාදය සමඟ දීග කෑමේ සූදානම’

අනාගතයේදී ඉස්ලාම් අන්තවාදය සමඟ දීග කෑමට සූදානම් තක්කඩීන් පිරිසක් ආණ්ඩුව තුළ සිටිනවා. ඔවුන් රිෂාඩ් බදියුදීන්ලා නියම ස්වරූපයෙන් සමාජගතවීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. දැන් හිස්බුල්ලා නැගෙනහිර වෙරළ තිරයේම ඉඩම් අත්පත් කර ගනිමින් සිටිනවා. රිෂාඩ් බදියුදීන්ලා මන්නාරම සියලු ඉඩම් මිලදී ගනිමින් ඉන්නවා. ඔවුන් මේ සපුරා ගන්නේ කොඩාවි කියූ අරමුණ. රාජ්‍ය බලය හා භූමිය අත්පත් කර ගැනීමේ දිසාවටයි ඔවුන් ගමන් කරමින් ඉන්නේ, රිෂාඩ් බදියුදීන් වසර 10 ක් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ධුරය දරා තිබෙනවා. ඒ අවුරුදු 10 තුළ මේ රටේ සිංහල ව්‍යාපාරිකයන් දසදහස් ගණනක් වළපල්ලට යවා තිබෙනවා. සිංහල ව්‍යාපාරිකයන් අතේ තිබුණු ව්‍යාපාර වළපල්ලට යවලා ඒවා ඔවුන් අතට ගෙන තිබෙනවා. දැනුවත්ව රිෂාඩ් බදියුදීන් සිංහල ව්‍යාපාර වැට්ටුවා. ඒ කාලයේ සතොසින් කුඩු අහු වුණා. අද කාලයේ අහුවෙනවාද? ඒ කාලයේ සිංහල ව්‍යාපාරිකයකු සතොසට බඩු දැම්මානම් මාස 05 ක් විතර යනවා බිල ගෙවන්න. එවිට ව්‍යාපාරය වැටෙනවා. නමුත් මුස්ලිම් ව්‍යාපාරිකයකු බඩු දැම්මාම මාසෙන් බිල ගෙවනවා. ඉතා සූක්‍ෂ්ම විදියට සිංහල ව්‍යාපාරිකයන්ගේ බලය බින්දා. මෙතැන තිබෙන්නෙත් රාජ්‍ය බලය හා භූමිය අත්පත් කර ගැනීමේ කොඩාවිගේ අවසාන අරමුණට යාමයි. මේ අයගේ ‘ධර්මය’ ඇත්තේ කුරානය තුළ නොවෙයි යූසුප් අල් කොඩාවි වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ මතවාද තුළයි.

‘සහරාන්ගේ ලිපිගොනු සහ රනිල්’

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට වේවැල් පාරක්වත් ගහන්න කියලා මේ කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරලා නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ තමයි 19 වැනි සංශෝධනයෙන් බලතල වැඩිකරගෙන ජනාධිපතිවරයාගේ අතපය බැන්දේ. ඔහු තමයි නැගෙනහිර මෙහෙයුම් සිදුකළ ගිරිතලේ හමුදා බුද්ධි අංශ කඳවුරට සීල් තැබුවේ. හමුදා බුද්ධි අංශය ඉස්ලාම් අන්තවාදය ගැන සොයනු ලැබුවේ ගිරිතලේ හමුදා කඳවුර පදනම් කරගෙනයි. එදා ඉතිහාසයේ පළමු වතාවට රහස් පොලීසිය අධිකරණ නියෝගයක් අරගෙන ගිහිල්ලා හමුදා කඳවුරක් සීල් කලා. ලිපිගොනු සියල්ල තමන් භාරයට ගත්තා. ඒ ලිපිගොනුවල සහරාන් පිළිබඳ තොරතුරු තිබුණා. හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා නැගෙනහිර පළාත කෙරෙහි තිබූ අවධානය බිංදුවට වැට්ටුවා. ඒ සියල්ල කෙරෙව්වේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයායි. ඥානසාර හාමුදුරුවෝ හිරේට දාන්න කියද්දි මේ රනිල් වික්‍රමසිංහට වේවැල් පාරක්වත් ගහන්න කියලා නැහැ.

‘රනිල් කළ අපරාධ’

ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න වැනි හමුදා බුද්ධි අංශ නිලධාරීන්, නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ කොමදෝරු ඩී.කේ.පී. දසනායක, වැනි නිලධාරීන් හිරේ දමලා ඔවුන් ගර්හාවට ලක් කරද්දි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට පියවර ගනිද්දි පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට සිතෙන්නේ කුමක්ද? රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීමට නොවෙයි, දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නයි. ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වැනි අයට ද අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බුද්ධි නිලධාරීන් දිවා රාත්‍රී දකින විට රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීමට සිතෙයි ද? කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ කැඳවපු අනුර දිසානායක, පා.ච. රණවක, වික්‍රමබාහු කරුණාරත්න පවා සාමාජිකත්වය දරපු ජාතික විධායක සභාව නම් වූ ජුන්ටාවෙන් මේ රටේ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමට තීන්දු කළා. විරුද්ධ පක්‍ෂවල නායකයන් සිරගත කිරීමට කටයුතු කළා. මේ සියල්ලේ ප්‍රතිඵල ලෙස එතෙක් ජාතික ආරක්‍ෂාව පිළිබඳ තිබූ අමිල අවධානය බිංදුවට බැස්සා. කැබිනට් අනුමැතිය පවා නොමැතිව රටේ ආරක්‍ෂක අංශ පවාදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුමැතිය ලබා දීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයායි. පූජිත ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන වැනි අය මත පමණක් වරද පැටවීමෙන් වැඩක් වෙනවාද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිරේ දමන්න නිර්දේශ කරද්දී මේ රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවට බස්සලා, බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමට මූලික වූ පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහට වේවැල් පාරක්වත් ගහන්න නිර්දේශ නොකර එයාව බේරලා දෙන කොමිෂන් සභා වාර්තාවලින් යුක්තිය ඉටු කරන්න බැහැ.

‘ගොන් විපක්‍ෂයේ ගොන් කතා’

මේ දවස්වල ගොන් විපක්‍ෂය ගොන් කතා කියමින් සිටිනවා. දැන් කියනවා, මේ කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණ එකක්ලු. මේක අසම්පූර්ණ වාර්තාවක් වෙන්න විදියක් නැහැ. පොත් 87 ක් එනම් පිටු 69,770 ක් මෙහි තිබෙනවා. මේක සම්පූර්ණද, අසම්පූර්ණද කියන එක නොවෙයි වාදය. එමගින් තමන්ට පැවරුණු වගකීම හරියට ඉටු කළාද, නැද්ද, කියන එකයි ප්‍රශ්න කරනවානම් ප්‍රශ්න කළ යුත්තේ. මේ ගොන් විපක්‍ෂය කියන අලුත්ම ගොන් කතාව තමයි ‘සහරාන්ව හයර් කළේ ගෝඨාභය රාජපක්ෂ’ කියන එක. ඒ දවස්වල මෙයාලා හදපු කතාව තමයි ‘සහරාන්ට බුද්ධි අංශයෙන් පඩි ගෙව්වා’ කියන එක. ඒක පුස්සක් වුණාම දැන් ආයේ බලනවා ‘ඇවන්ගාඩ් සල්ලි වියදම් කළා – ගෝඨාභය සහරාන් මෙහෙයවනු ලැබුවා’ කියන පචය සමාජගත කරන්න. මේ ත්‍රස්ත ක්‍රියාදාමයට මෙවැනි අර්ථකථන දුන්නාම වෙන්නේ මෙහි තිබෙන ඇත්ත බර යටපත් වීම. මේ විදියේ අසත්‍ය මත වැපිරීමෙන් සිදුවන්නේ මේ ත්‍රස්තවාදය පිළිබඳව වන සමාජ කතිකාවත නොමගට යැවීම. එමගින් වාසි සැලසෙන්නේ මේ අන්තවාදී, මිනීමරු මෙහෙයුමටයි. මේ විපක්‍ෂය දැන හෝ නොදැන කරන්නේ ඒ අපරාධය. මේක තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට ‘බිල දමලා’ අතපය සෝදා ගන්න පාවිච්චි කළ යුතු දේශපාලන තුරුම්පුවක් නොවෙයි. මුළුමහත් සමාජයේ විනාශය හෝ පැවැත්ම හා බැඳුණු මේ ත්‍රස්තවාදය හා ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ප්‍රශ්නය පටු දේශපාලන පැවැත්ම වෙනුවෙන් කිසිවිටකත් යොදාගත යුතු නැහැ. මේ ප්‍රශ්නය එහෙම දේශපාලන පාපන්දුවක් බවට පත්කර ගැනීමට ඉඩදිය යුතු නැහැ.

‘හාවඩ් අධ්‍යයන වාර්තාව ’

හාවඩ් විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරපු නවතම අධ්‍යයන වාර්තාවක තියෙනවා ඉස්ලාම් අන්තවාදය ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති අන්දම. යම්කිසි රටක 15% කට වඩා එම අන්තවාදය පැතිරී තිබුණොත් ඒ අන්තවාදීන් එම රාජ්‍යයේ බලය අත්පත්කර ගැනීම දක්වා යන බවයි එහි සඳහන් වන්නේ. මේක රජරට විශ්වවිද්‍යාලයෙන් එළිදක්වා තිබුණානම්, මොඩරේට්, නියෝ-ලිබරල් හා නිරාගමික අයියලා කියාවි ‘අයියෝ මේක ගෝත්‍රික වැඩක්’ කියලා. නමුත් ‘හාවඩ්’ නිසා එහෙම කියන්න එන එකක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා මේ මිනීමරු ක්‍රියාදාමය නිරාවරණය කිරීමට.

‘ජනපතිගෙන් ජාතික ආරක්‍ෂාව සුරැකීමට කැබිනට් පත්‍රිකාවක් ’

පසුගිය පෙබරවාරි 18 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ඉතාමත් හොඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ‘ප්‍රමුඛත්වය මත ක්‍රියාත්මක කළ යුතු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවේ යෝජනා’ නමින් එය හඳුන්වා තිබෙන්නේ. ‘යෝජනාව : පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ප්‍රහාරයක් යළි ඇති නොවීම පිණිස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අතුරින් ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ ඇමුණුම ‘ආ’ හි දැක්වේ’ යනුවෙන් එය ඇරඹෙනවා. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම’ යනුවෙන් ‘ඇමුණුම ආ’ ඇරඹෙනවා.

‘අනන්‍යතාව හඳුනාගත නොහැකි මුහුණු ආවරණ භාවිතය, ආරක්‍ෂාවට තර්ජනයක් වීම වැළැක්වීම, ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලිවලට අමතරව විවිධ අන්තවාදී පල්ලි ඉදිකිරීම තහනම් කිරීම, ආගමික අන්තවාදයට උදව් කරන විදේශ සංවිධාන හරහා ලැබෙන අරමුදල් යොදවා අන්තවාදය පතුරන මුස්ලිම් පල්ලි ප්‍රවර්ධනය වැළැක්වීම සහ අවශ්‍ය සාම්ප්‍රදායික පල්ලි ප්‍රමාණය පවත්වාගෙන යාම නියාමනය, මුස්ලිම් ජනතාව ප්‍රධාන සමාජ ධාරාවෙන් වෙන් කිරීමට අන්තවාදී කොටස් දරන උත්සාහයන් ව්‍යර්ථ කිරීම සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයන් සමඟ අන්තවාදී කණ්ඩායම් මුහු කිරීම, ඉස්ලාම් අන්තවාදී ආගමික ඉගැන්වීම් පිටු දැකීම, ළමුන්ගේ මනස අන්තවාදයට යොමු කිරීම වැළැක්වීම හා ළමා කාලය ප්‍රීතිමත්ව හා අන්‍ය ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත්වීමට ශ්‍රී ලාංකික දරුවන්ට ඉගැන්වීම, අන්තවාදීන් විසින් සයිබර් අවකාශයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය භාවිතයෙන් අන්තවාදය ප්‍රවර්ධනය කිරීම, සාමාජිකයන් බඳවා ගැනීම, ප්‍රහාර සැළසුම් කිරීම හා අරමුදල් රැස් කිරීම වැනි ක්‍රියාකාරකම් වැළැක්වීම හා එයට අවශ්‍ය වන පරිගණක සාක්ෂරතාව කුඩා කල පටන් දරුවන් වෙත ලබාදීම, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි විවිධ විදේශ රාජ්‍යයන්හි අතකොලු ලෙස එම අරමුදල් මත ක්‍රියාකරන විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී සිදුකරන අන්තවාදී හා රාජ්‍ය විරෝධී ක්‍රියා වැළැක්වීම, රාජ්‍ය නොවන සංවිධානවල කර්තව්‍යයන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු ඉක්මවා ඒවා ක්‍රියාත්මක නොවන බව තහවුරු කිරීම, සාවද්‍ය තොරතුරු ජනගත කර ජාතීන් අතර අසමගිය අවුලුවා අන්තවාදීන්ට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට එරෙහිව ක්‍රියාකිරීමට නොහැකි පරිසරය සැකසීම, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ විනිවිදභාවය පවත්වා ගැනීම’ යනුවෙන් වන බොහොම බලවත් යෝජනා ගණනාවක් එහි අන්තර්ගත වෙනවා.

එහි අවසානයේ සඳහන් වෙනවා ‘පහත දැක්වෙන කරුණු සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමි. ජේද අංක 2.0 හි යෝජනා කර ඇති පරිදි ඒ ඒ අමාත්‍යාංශ වෙතින් ක්‍රියාත්මක කිරීමට ඇති නිර්දේශයන් අදාළ අමාත්‍යාංශ වෙතින් ක්‍රියාත්මක කරවීම. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඒවාට පසුබිම් වූ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ සඳහන් අනුශාංගික කරුණු ද සුදුසු පරිදි යොදා ගැනීම’ යනුවෙන්. මේක ඉතාමත් හොඳ කැබිනට් පත්‍රිකාවක්. මේ තිබෙන්නේ මලිත් ජයතිලක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සභාපතිත්වයය දැරූ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව.(සභාවට පෙන්වයි) මේ විදියේ හොඳ පියවර ගනිමින් තිබෙනවා. නමුත් ඒ විතරක් මදි.

‘ජාතියේ හිස කඳෙන් වෙන් කිරීම’

මේ මෘග ප්‍රහාරය පිටුපස වන අන්තවාදී අනතුර මුලිනුපුටා දමන තෙක් 69 ලක්‍ෂයක ජනවරමක් ලත් අපට ඒ වගකීමෙන් පලා යන්න බැහැ. නොපෙනුණාට ජාතියේ හිස, කඳෙන් වෙන් කිරීම සඳහා කඩුව ළඟ තියාගෙනයි ඉන්නේ. කඩු 6000ක් ගෙන ඒම පිළිබඳ අපරාධ විමර්ශන කොට්ඨාසය සොයා බැලුවාම ඒ පිළිබඳ කිසිදු ලියවිල්ලක්වත් නැතිලු. ඉස්ලාම් අන්තවාදය මූල්‍යමය වශයෙන් බලවත් නිසා මිලදී ගන්නා බැරි කෙනෙක් නැහැ. කඩු 6000 ක් ගෙනවිත් තිබෙන්නේ කෘෂිකාර්මික උපකරණ ලෙසයි. ඇහුවාම කියන්නේ පල්ලිවල තණකොල කපන්න ගෙන ආ බවයි. ඉන් තවමත් සොයාගෙන ඇත්තේ 600 යි. ඉතිරි ප්‍රමාණය ගැන හෝඩුවාවක් හෝ නැහැ. තණකොල කැපීමට නොවෙයි ප්‍රතික්‍රියාවක් ඇතිවුවහොත් බෙල්ල කැපීමටයි ඒවා ගෙනවිත් ඇත්තේ. ඒ නිසා මේ මෘග ව්‍යාපෘතිය නැත්තටම නැති කළ යුතුයි. අපි කවර ආණ්ඩුවක හිටියත්, නැතත් මේ අන්තවාදය සැබෑ ලෙසම පරාජයට පත් කිරීම සඳහා ක්‍රියා කිරීමේ පාරිශූද්ධ වගකීමෙන් අත්මිදෙන්නට බැහැ. ඒ වගකීමෙන් අපි අත්මිදෙනවා කියන්නේ, ‘අනාගතයේ බෙල්ල කැපෙන දිනය සඳහා ආරාධනා පත්‍රය පිළියෙල කරනවා’ කියන එකයි.

‘ආයතනගත අන්තවාදය’

අන්තවාදය උගන්වන්නේ ඥානසාර හිමියන්ගේ පන්සල ඇතුළේ නොවෙයි මද්‍රසා පාසල් ඇතුළෙයි. කොඩාවි නැමති ත්‍රස්තවාදියාගේ දර්ශනය තිබෙන්නේ පන්සලේ දහම් පාසල් පොත ඇතුළේ නොවෙයි. මුස්ලිම් පාසල් පෙළ පොත සහ ගුරු අත්පොත ඇතුළේ. ඒ නිසා ‘බෞද්ධ මුවහමට තඩිබාලා’ මේ මිනීමරු අන්තවාදය සාධාරණීකරණය කළ යුතු නැහැ. නිකම් හුරතල් වෙවී ඉඳලා හරි යන්නේ නැහැ. මේ අන්තවාදය ආයතනගත වෙලා නම් එය එකී ආයතනත් සමඟම පොඩිපට්ටම් කළ යුතුයි.

‘අන්තවාදය පැරදවීම’

මේක කිතුණු බැතිමතුන්ගේ ප්‍රශ්නයක් නොවෙයි, ප්‍රහාරය කඩිනම් කිරීමට සහරාන්ට උපදෙස් ලැබුණු නිසයි කිතුණු දේවස්ථාන තෝරාගනු ලැබුවේ. නමුත් පොහොය දිනයේදී පන්සල, දළදා පෙරහැර මේ මෘග ව්‍යාපෘතිය යටතේ ස්වයංඝාතක බෝම්බ පිපිරෙන තැන් බවට පත්වීමට ඉඩ තිබුණා. මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව, රට සහ රටේ අනාගතය යන මේ සියල්ල බේරා ගැනීමට නම් පටු බෙදීම් රේඛා අතහැර මේ අන්තවාදී ආක්‍රමණය, අන්තවාදී ව්‍යාප්තවාදය, ආයතනගත අන්තවාදය පරාජයට පත් කිරීම සඳහා සියලුදෙනාම එකට පෙළගැසිය යුතුයි. රජයක් විසින් මෙය ඉටුකර දේවි කියා බලා නොසිට රජයක් විසින් මෙය ඉටුකරන තැනට අවශ්‍ය බලපෑම අපි නිර්මාණය කර දිය යුතුයි.

‘අනතුර තවමත් ජීවමානයි’

සහරාන්ලාගේ ක්‍රියාවට, ප්‍රතික්‍රියාවත් එකතු වුණානම් විදෙස් හමුදා කඩාවැදීම කියන තැන දක්වා මේ කතාව දිගේලි වෙනවා. අනතුර තවමත් ජීවමානයි. රිෂාඩ් බදියුදීන්ලා මේ අන්තවාදය පිටුපස ඉඳිමින් අන්තවාදීන් රැක්ක විදිය අධිකරණය හමුවේ ඔප්පු වන දිනය දක්වා, හකීම්ලා, අසාත් සාලිලා වැනි ඒ අන්තවාදය රකින පිසාචයන් ඊට වන්දි ගෙවන දිනය දක්වා, අපි අපේ ක්‍රියාන්විතය පෙරට ගෙන යා යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරය කියන්නේ හුදකලා සිදුවීමක් නොවෙයි. ඉස්ලාම් අන්තවාදයේ බිහිසුණු ප්‍රකාශනයක්. ත්‍රස්තවාදී ප්‍රකාශනයකින් තොරවත් ඉස්ලාම් අන්තවාදය වැජඹෙනවා. එය විවිධ ස්වරූපයෙන් ව්‍යාප්ත වෙනවා. ව්‍යාප්ත වෙන සෑම ස්වරූපයකින්ම එය වැළැක්විය යුතුයි. එවිටයි ඉස්ලාම් අන්තවාදය, ත්‍රස්තවාදයේ ස්වරූපයෙන් එළියට ඒම නතර වෙන්නේ. එතැනට අපේ පාලනතන්ත්‍රය පොළඹවාලීම, එතැනට අපේ නීතිය ක්‍රියාත්මක කරන බලාධිකාරයන් මෙහෙයවාලීම, දැනුවත් ප්‍රගතිශිලී බලවේග ලෙස අපේ වගකීමක්. ඒ සඳහා වන ගාමක බලවේග ලෙස පරිවර්තනය වෙමු, කියන ඉල්ලීම කරන ගමන් මිනීමරු ඉස්ලාම් අන්තවාදයට පරාජයත් ජාතික සමගියට ජයග්‍රහණයත් ප්‍රාර්ථනා කරමින් දේශනය අවසන් කරනවා.”

මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු විද්වත් වෘත්තිකයෝ රැසක් ද සහභාගී වූහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් සරත් විජේසිරි, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++

******************************************

කොමිසමෙන් උගත යුතු පාඩම්

(12.03.2021 – divaina.com කතුවැකිය)

පාස්කු ප‍්‍රහාරය මෑත කාලීනව අප රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් විය. දශක තුනක් තිස්සේ පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගෙන් බැට කෑ ජාතියක් නිදහසේ හුස්ම ගනිද්දී එල්ල වූ මෙම ප‍්‍රහාරය නිසා මුළු රටම තැති ගත්තේය. යහපාලන රජය ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැක්වූ උදාසීන ප‍්‍රතිපත්තිය මෙම ප‍්‍රහාරයට හේතු වූ බව බොහෝ දෙනා චෝදනා කළහ. මෙම තත්ත්වය හමුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර ඒ ගැන සොයා බැලීමට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පියවර ගෙන තිබිණි. ප‍්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට ද චෝදනා එල්ල වී තිබේ. තමන් පත්කළ කොමිසමකින් තමන්ට චෝදනා එල්ල වීම දෛවයේ සරදමක් විය හැකි වුවද, හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම පත් නොකරන්නට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාලයේ වැලිතලාවෙන් යටවීමට ඉඩ තිබූ බව ඉතාම පැහැදිලිය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීම අනිවාර්යයෙන් ම විය යුත්තකි. ඒ පිළිබඳව විවාදයක් නොමැත.

මෙම කොමිසම හරහා මුස්ලිම් අන්තවාදීන්ගේ ක‍්‍රියාකලාපය හෙළිදරව් කර ගැනීම රටක ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතාමත් වැදගත්ය. අප රටේ සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනතාව තමන්ගේ ආගමික කටයුතු කර ගනිමින් අන් ජාතීන් සමඟ දශක ගණනාවක් මේ රටේ සුහදව ජීවත් වූහ. අදටත් එම ජනතාවගෙන් රටට කිසිදු හානියක් සිදු නොවේ. වෙළෙඳාමේ ශූරයන් වන මුස්ලිම් ජාතිකයෝ මෙරට ජාතික ආර්ථිකයේ වැදගත් පංගුවකට හිමිකම් කියති. පාස්කු ප‍්‍රහාරය එල්ල වූ සමයේදී සාම්ප‍්‍රදායික මුස්ලිම්වරු පවා දැඩි අපහසුතාවකට පත් වූ බව නොරහසකි. ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු පවා මේ නිසා කඩාවැටුණි. නමුත් මේ වන විට ඒ සියල්ල නිමා වී ඇත. සන්සුන් මනසකින් සියලූ ජාතීන්ට සමගියෙන් සහජීවනයෙන් ජීවත්වීමේ පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇත. අප රැක ගත්තේ මේ සහජීවනය බව අමතක නොකළ යුතුය. එනිසාම ඉදිරියේදී මෙවැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල නොවීමට වගබලා ගැනීමට අප සියලු දෙනාම කටයුතු කළ යුතුය. ඒ සඳහා කැපවිය යුතුය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් වැදගත් කරුණු රැසක් හෙළිදරව් කළේය.

ඇමැතිවරයා පෙන්වා දෙනු ලැබූ එක් කරුණක් වූයේ අරාබි පාසල් හරහා මුස්ලිම් දරුවන් අන්තවාදී මතවාදයන්ට නැඹුරු කිරීමේ උත්සාහයක නිරත වූ බවයි.

‘සේව් ද පර්ල්’ සංවිධානය විසින් දියත් කර ඇති අරාබි පාසල්වල කුඩා දරුවන්ට අන්තවාදී මත පෝෂණය කිරීම සඳහා සහරාන් ඇතුළු පුද්ගලයන් දේශන පවා පවත්වා ඇතැයි ද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එපමණක් නොව වසර 1 සිට 13 වසර දක්වා ඇති සා. පෙළ පොත්වල ආගමික සහජීවනයනට බාධා වන අයුරින් අන්‍ය ආගමිකයකුට එරෙහිව එක්වී නැඟී සිටින ආකාරය ද දක්වා ඇතැයි ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළ අතර ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.එය අනිවාර්යයෙන් ම විය යුත්තකි. තවදුරටත් අප රටට අවශ්‍ය වන්නේ අන්තවාදීන්ගේ අදහස්වලින් පෝෂණය වූ දරුවන් නොවේ. ආගම කුමක් වුවද ශ‍්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත පුරවැසියන් අප විසින් නිර්මාණය කළ යුතුය.

ඇමැතිවරයාගේ කතාවේදී හෙළි වූ තවත් කරුණක් වූයේ සහරාන් ඉදිරියේදී මරාගෙන මැරීමට ප‍්‍රතිඥාවන් දුන් කාන්තාවන් දෙදෙනකු නිදැල්ලේ සිටින බවයි. එම දෙදෙනා පමණක් නොව අන්තවාදී මත වපුරන අනෙකුත් අය ද වහාම අත්අඩංගුවට ගත යුතුය. තවත් පාස්කු වැනි ප‍්‍රහාර එල්ල නොවීමට බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කළ යුතුය. කොවිඩ් වසංගතය හමුවේ දණින් වැටුණු රට යළි නිසි පීල්ලට ගැනීමට නම් අපට නිදහස් නිවහල් සාමකාමී රටක් තිබිය යුතුය. අපට අවශ්‍ය වන්නේ ආගමික සහජීවනය මිස ආගමික ප‍්‍රචණ්ඩත්වය නොවේ. එනිසාම මොන ආකාරයෙන් වෙස් වලාගෙන පැමිණියත් ඒ සියලු අන්තවාදීන් කල්තියා හඳුනාගෙන ඊට නිසි ප‍්‍රතිචාර දැක්වීමට අවශ්‍ය පසුබිම රට තුළ තිබිය යුතුය ෴

******************************************

සංගක්කාරගේ බිරිඳ ගොවිතැන්, කුලීවැඩ කරණ අඩු ආදායම් ලාභී කාන්තාවක්ද?

(12.03.2021 – 14:27 +0530 – lankaleadnews.com)

කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් සංගක්කාරගේ බිරිඳගේ නමට වංචනික ලෙස ලෙස ලබාගෙන ඇතැයි කියන ඓතිහාසික සීගිරි ගල මනාව දර්ශනය වන දඹුල්ල සීගිරියේ පිහිටා ඇති පර්චස් 90 ක් පමණ වන ඉඩම හා නිවස ලබා ගැනීම සඳහා රාජ්‍ය නිළධාරීන් දෙදෙනෙකුගේ (2) සහය ලැබී ඇති බව ද මේවන විට හෙළි වී ඇත.

සංගක්කාරගේ බිරිඳ අඩු ආදායම් ලාභී කාන්තාවක් බව පෙන්වමින් ඉඩම ලබා ගැනීමට තැත් කර ඇති බව ද මේ වන විට සිදු කර ඇති මූලික පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.

මේ පිළිබඳව දඹුල්ල නගරාධිපති පවසන්නේ :
“මෙම ඉඩම් බැහැර කිරීමේදී අනුගමනය කළයුතු නිර්ණායකයන් කිසිවක් නොසළකා ඉහළ නිළධාරීන් කොළඹ පදිංචි සල්ලිකාර, බළපුලුවන්කාරයින්ගේ සාක්කුවලට වැටී මෙම ඉඩම් බැහැර කිරීමට ක්‍රියාකිරීම මෙවැනි ගැටළු ඇති වීමට ප්‍රධාන හේතුව බවයි. මෙවැනි ක්‍රියා මගින් ඇතිවන අනෙකුත් පාරිසරික ගැටළු, සමාජ ගැටළු, දුප්පත් අහිංසක පුද්ගලයින් තාවකාලිකව රැවටුව ද ඔවුන්ට දීර්ඝකාළීනව මතුවන ආර්ථික සහ ඉඩම් නිවාස ගැටළු සම්බන්ධයෙන් ඔවුන් කිසිවෙක් කිසිදු තැකීමක් නොකරණ බවත් බොහෝවිට ඔවුනට ඉහළම මට්ටමේ දේශපාළන අනුග්‍රහය පවා ලැබුන ද අවසානයේදී මේ සියල්ලට චෝදනා එල්ලවන්නේ තමන් ද ඇතුලත්වන ප්‍රදේශීය දේශපාළන අධිකාරියට” බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

දඹුල්ල ප්‍රදේශීය ලේකම් පවසන්නේ :
“මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ළක් ලැබුනේ 2021 ජනවාරි 02 වෙනිදා. ජනවාරි 03 වන දින අදාළ ග්‍රාම නිළධාරීගේ ප්‍රකාශ සටහන් කරගෙන දිස්ත්‍රික් ලේකම්ට දැන්වීමෙන් පසු ජනවාරි 11 වන දින ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරා. ඒ අතර මෙම ව්‍යාජ ඉඩම් පැවරීම අවලංගු කරන ලෙස ඉල්ලා ඉඩම් කොමසාරිස්ට ජනවාරි 05 වන දින ලිඛිතව දැනුම් දුන් අතර ඒ අනුව ඉඩම් කොමසාරිස් විසින්, අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් ඉඩම් කොමසාරිස්ට දැනුම්දීමක් කර තිබූණා.”

මෙම ඉඩම පැවරීමට අදාලව සංගක්කාරගේ බිරිඳගේ ප්‍රකාශය සටහන් කරගෙන ඒ බව සනාථ කරමින් අදාළ ගොනුවේ ලේඛණය සහතික කරමින් අත්සන් කළ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ඉඩම් අංශයේ නිළධාරියා පවසන්නේ :
“ඉදිරිපත්කර තිබූ හැඳුනුම්පතට අදාල කාන්තාව පැමිණියා. හැඳුනුම්පතට අදාළව අනන්‍යතාවය තහවුරු වූ බැවින් ඇයගේ ප්‍රකාශය සටහන් කරගෙන ඒ බව සනාථ කර ගොණුවේ ලේඛණයට අත්සන් කරා. ඇය සංගක්කාරගේ බිරිඳ බවට ඒ අවස්ථාවේ හඳුනාගත්තේ නෑ.”

මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කෙරුණ අතර වැඩ තහනමට ලක්වූ ග්‍රාම නිළධාරීවරයා මේ සම්බන්ධයෙන් පවසන්නේ :
“මම නියමිත පරිදි රාජකාරිය කරලා තියෙනවා. ඒකෙ මුලික විමර්ශනයක් යනවා නම් මට ඒක පෙන්වන්න පුළුවන්. එම කාන්තාව මට මුණ ගැහිලා නැහැ. මේ සිද්ධිය වෙනකොට මම වැඩ භාර අරගෙන ඔය වසමට ගිහිල්ලා මාසයයි. ඉතින් ලොකු අවබෝධයක් තිබුනේ නැහැ මට. හැඳුනුම්පත බැලුවම ඒකෙ පදිංචි ලිපිනය තියෙනවා නම් වෙන ගැටළුවක් එතන මම දැක්කේ නැහැ. ඉඩම තියෙන්නේ මගේ වසමේ නෙවෙයි. එයාගේ නම ඡාන්ද නාම ලේඛනයේ තිබුනේ නැහැ. ඊට පස්සේ මම කිව්වා පදිංචිය හැර යාමේ ලියුමක් ගේන්න කියලා. ඊට පස්සේ පදිංචිය හැර යාමේ ලියුමක් ගෙනාවා. මම මේකේ සඳහන් කරලා තියෙන්නේ මෙයා ස්ථිර පදිංචි නැහැ. තාවකාලිකව පදිංචි වෙලා ඉන්නේ කියලා.”

කුමාර සහ යෙහාලි සංගක්කාර තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බව දන්වමින් ඉඩම් කොමසාරිස්ට ලිපියක් යවා ඇත්තේ 2021 ජනවාරි 05 වෙනිදාය. ඉඩමේ පදිංචිකරුවන් පවසන ආකාරයට මෙම සිදුවීමට දැනට අවුරුදු 3 ක් සපිරේ.

මේ ප්‍රෝඩාව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පණත යටතේ ලබාගෙන ඇති අදාල ලේඛණවල සංගක්කාරගේ බිරිඳ ‘ගොවිතැන් වැඩ, කුලී වැඩ කරණ අඩු ආදායම් ලාභී කාන්තාවක්’ ලෙසට තොරතුරු ඉදිරිපත් කර ඇති බවට සනාථ වන බව මෙම වීඩියෝවෙන් පෙන්වාදෙයි :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • @ Ratting on Wimal Weerawansa, Gen Shavendra Silva. There goes the group of rogues of the 20% commission brigade creating dissension and fragmentation of the PoduJana Peramuna. These rogues only want power and their hands in the till, and are unable to do so with people like WW. Accusations against the General are dastardly, the dsame way these kind of people were relating fake stories that FM Fonseka was trying to usurp power through a coup de tat. Bloody Sri Lankan pariah MPs are the curse of this country, and if I were the President and PM I would have fired these bellyaching band of rogues right away. If there is a problem, the problem is within the Rajapaksha family; jealousy and frustration from BR not holding power in the government and he wants to step into the shoes of PM whereas it is GR that is popular with the people. Basil does not like WW promoting this idea, and he does not like the close alliance and friendship and mutual loyalty between General Shavendra and GR. The real culprit here is BR that is using his band of rogues as a catspaw. I hope GR and MR would not fall into these tricks and fake information.

  • could it be BR that is white washing muslim MPs. He has a long association with them during the development of Mannar region, and even permitting the destruction of Wilpattu sanctuary.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *