පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක්

පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක්

*********************************************

පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක්

(22.02.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමට නව කමිටුවක් පත් කර සිදුකරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සැකයක් පවතින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය පවසනවා.

එහි සභාපති අති උතුම් වින්සන්ට් ජේ ප්‍රනාන්දු හිමිපාණන් මේ බව කියාසිටියේ බදුල්ල රදගුරු මැදුරේ අද (22) පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පිළිබඳව සැඟවීමට දෙයක් නොමැති බව අදාළ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද (22) පස්වරු 3 ට කොළඹදී පළමු වරට රැස්වීමට ද නියමිත බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ අධ්‍යයනය කර ඒ පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කළා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට අමතරව, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල මහතා, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, ප්‍රසන්න රණතුංග මහතා සහ රෝහිත අබේගුණවර්ධන මහතා එම කමිටුවේ සෙසු සාමාජිකයින්.

අදාල කමිටුවේ වාර්තාව ලබන මස 15 වනදාට පෙර ලබාදෙන ලෙසටයි නියෝග කෙරුණේ.

+++++++++++++++

+++++++++++++++

(22.02.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පටිපාටිය ප්‍රකාරව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ඊට මැදිහත් වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරෙන අතර, පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීම ද කමිටුවට අයත් නොවන බවයි.

සත්‍යය එසේ වුවද, පාර්ලිමේන්තු කමිටුවේ කාර්ය භාරය පිළිබඳව වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා. සය පුද්ගල කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද හා විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

(22.02.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

පානීය ජල ව්‍යාපෘතියක් තිබියදීත් අපිරිසිදු ඇළකින් ජලය බීමට සිදුව ඇති ගම්වාසීන් පිරිසක් පිළිබඳ පුවතක් අපට වැලිකන්ද මහවැලිතැන්න ගම්මානයෙන් වාර්තා වුණා.

ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබෙන වැලිකන්ද මහවැලිකන්ද ගම්මානයේ පවුල් 450 ක පුද්ගලයින් 1800 ක් පමණ ජීවත් වන අතර ඔවුන් තම දෛනික පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නේ ගම්මානයේ ඇති ඇලවල් වලින්.

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය හරහා රුපියල් ලක්ෂ 86 ක් වැය කරමින් ජල රැඳවුම් ටැංකියක් සහ ජල පෙරන පද්ධතියක් ඉදිකරනු ලැබුවා.

2018 වර්ෂයේ ඔක්තෝම්බර් 27 වැනිදා විවෘත කළ බවට පුවරු සවිකර තිබුන ද එය මෙතෙක් සක්‍රීය මට්ටමේ නොමැති බව සඳහන්.

ඇලවල් හරහා සපයන ජලය බීමට තරම් සුදුසු මට්ටමක නොමැති බවටයි ගම්මානයේ ජනතාව චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් ගම්මානයේ ජනතාව වකුගඩු රෝගි තත්ත්වයන්ට ද ගොදුරුවීමේ අවදානමක් මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ගම්මානයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විධිමත් ක්‍රමයක් යටතේ තමන්ට පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසයි ෴

***************************************

(22.02.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක සංචිතයක් ලබා ගැනීමටත් ඒ සඳහා රුපියල් මිලියන 83,000 ක මුදලක් වෙන් කිරීමටත් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගොවීන්ට සහතික මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීම එහි අරමුණ බවයි ෴

***************************************

(22.02.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

සහතික මිලට වී ලබාදෙන ලෙස රජය දැනුම්දී තිබුණ ද අස්වැන්න අඩුවීම හේතුවෙන් එම මිල ගණන් යටතේ වී ලබාදීමට නොහැකි බව ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රජය ලබාදී ඇති මිලට වඩා වැඩි මිලට පෞද්ගලික අංශය වී මිලදී ගන්නා බවයි.

මෙවර මහ කන්නයේ සහතික මිලක් යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් මිලදී ගැනීමට රජය පසුගියදා තීරණය කළා.

ඒ, යටතේ ප්‍රමිතිගත නාඩු තෙතමනය 14% ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 50 කට ද, තෙතබර ඉවත් නොකළ නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 44 කට ද මිලදී ගැනීමට සැලසුම් කර තිබුණා.

එසේම ප්‍රමිතිගත සම්බා වී තෙතමනය 14% ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 52 කට සහ තෙතබර ඉවත් නොකළ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 46 කට ද මිලදී ගැනීමට ද රජය තීරණය කළා.

ඒ අනුව පොහොර සහනාධාරය ලබන හෙක්ටයාර 1 ත් 1.5 ත් අතර වගාකරන ගොවීන්ගෙන් වී කිලෝග්‍රෑම් 1000 ක් සහ හෙක්ටයාර 1.5 ට වැඩි වී වගාකරන ගොවීන්ගෙන් කිලෝග්‍රෑම් 1500 බැගින් රජය මිලදී ගැනීමට නියමිතයි.

වී ලබා නොදෙන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබානොදීමට කටයුතු කරන බව ද රජය සඳහන් කළා.

මේ වනවිට මහ කන්නයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති අතර ගොවීන් පවසන්නේ පෙර කන්නයට සාපේක්ෂව මෙවර අස්වැන්නේ අඩුවක් පවතින බවයි.

කෙසේ වෙතත්, තම අස්වැන්න අඩුවීමත් සමඟ රජයට වී ලබාදීමට හැකියාවක් නොමැති බව පෙන්වා දෙන ගොවීන් රජය ලබා දී ඇති සහතික මිල ඉක්මවා පෞද්ගලික අංශය වී මිලදී ගැනීමට කටයුතු කරන බව පවසනවා.

මේ අතර, ගොවි අරගල ව්‍යාපාරය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.

මේ අතර, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසන්නේ ගොවීන් මුහුණ දෙන මෙම ගැටලුවට රජය කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවයි.

***************************************

(22.02.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

හිසේ කොටසකට හානි වී සිටි විශාල කැස්බෑවකුගේ ජීවිතය බේරා ගැනීම සදහා සිදු කල සංකීර්ණ සැත්කමක යහපත් ප්‍රතිඵල නෙළා ගැනීමට කන්දකුලිය වනජීවි නිලධාරීන් සමත්වී තිබෙනවා.

සැත්කමින් සුවය ලැබූ එම බටු කැස්බෑවා ඊයේ (21) යළි මුහුදට මුදා හැරියා.

කිලෝ ග්‍රෑම් 40 ක් පමණ බර මේ බටු කැස්බෑවා පසුගියදා නාවික හමුදාව විසින් සොයා ගනු ලැබුවේ කල්පිටිය කන්දකුලිය වෙරළ තීරයේදී.

ඒ වනවිටත් හිසේ විශාල ප්‍රමාණයකට හානි සිදුවී ජීවිත අවදානමකට ලක්ව සිටි මෙම බටු කැස්බෑවා වහාම කන්දකුලිය අඩවි වන ජීවී කාර්යාලයට භාරදීමට නාවික හමුදාව පියවර ගත්තා.

එහිදී කැස්බෑවාගේ තත්ත්වය පරීක්ෂා කළ වනජීවී පශු වෛද්‍ය ඉසුරු කොට්ටෙගොඩ මහතා තීරණය කළේ කැස්බෑවාගේ හිසේ ශෛල්‍ය කර්මයක් සිදු කිරීමටයි.

පැය 4 ක සංකීර්ණ සැත්කමකින් පසුව කැස්බෑවාගේ හිස යථා තත්ත්වයට ගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබුනා.

විශ්මිත සැත්කමෙන් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පත්වූ එම බටු කැස්බෑවා ඊයේ (21) යළි සයුර වෙත මුදාහැරියේ මෙලෙසින්.

***************************************

(22.02.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටු විය යුතු බව පවසමින් සිවිල් සංවිධාන මෙන්ම දේශපාලඥයින්ද විවිධ අදහස් පළ කළා.

***************************************

(22.02.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22) ජිනීවා නුවරදී ආරම්භ වුණා.

සමුළුවේ ප්‍රධාන වාර්ෂික සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) පස්වරු 01:40 ට ආරම්භ වූ අතර, ඉදිරි දින දෙක (2) තුල ලොව පුරා රටවල් 130 ක නියෝජිතයන් තම රටවල මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස්, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ සභාපති වොල්කාන් බොස්කීර් මෙන්ම, ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ද ආරම්භක සැසිය ඇමතීමට නියමිතව තිබෙනවා.

මෙවර ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙන අතර, මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාව ඉදිරිපත් කරන බවයි සත්කාරක රටවල් කණ්ඩායම ප්‍රකාශ කළේ.

අදාළ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අනිද්දා (24) දිනයේදීයි ෴

***************************************

(22.02.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද අදහස් පළකළා.

***************************************

(22.02.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

මුදල් ඔට්ටුවලට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවන තරඟයක් සංවිධාන කළ 15 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ බියගම – සියඹලාපේ ප්‍රදේශයේදී ඊයේ (21) අලුයම 02:30 ට පමණ මොවුන් මෙම ධාවන තරගය සංවිධාන කර තිබූ බවයි.

අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී මෙය සංවිධානය කර ඇති බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔවුන් සතුව තිබූ යතුරුපැදි 06 ක් සහ ත්‍රිරෝද රථ 03 ක් ද බියගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(22.02.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබා ගන්නා මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය පැය 24 පුරා අඛන්ඩව බෙදා හැරීම සීමා කිරීමට සිදුවනු ඇති බවයි එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බව ද ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙනවා.

එම නිසා ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

(22.02.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට විරෝධය පළ කරමින්.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දුම්රිය නියාමක, සේවය ඇතුළු වෘත්තීය සමිති 19 ක් ඊට සහය පළ කර ඇති බවයි ෴

***************************************

(22.02.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

පැල ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) ආරම්භ වුණා.

ඒ, කොළඹ – කොටුව ජනාධිපති මන්දිරයේදීයි.

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 104 වන ඡන්ම දිනය නිමිත්තෙන් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් රත් හඳුන් පැලයක්ද රෝපණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

***************************************

(22.02.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

බිබිල සිට තලවාකැලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේදී පෙරලී සිදුවූ අනතුරකින් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මේ වනවිට නුවරඑළිය මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.

අද (22) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලවාකැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා බිබිල ප්‍රදේශයේ සිට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්.

අධික බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වන අවස්ථාවේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා බස් රථය ඉදිරියට ඇදී ගොස් බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

@@@@@@@@@@@@@

(22.02.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

සිංහල අලුත් අවුරුද්දට පෙර බස්නාහිර පළාතේ ජනගහණයෙන් වැඩි පිරිසකට කොරෝනා එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ වෛරසය අනෙකුත් පළාත්වලට ව්‍යාප්තවීමේ අවදානම අවම කර ගැනීම එහි අරමුණ බවයි.

කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මේ වනවිට පුද්ගලයින් තුන්ලක්ෂ 38,769 කට එන්නත් ලබාදී ඇති අතර, ඊයේ (21) දිනයේදී එන්නත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 35,912 ක්.

මෙරටින් ඊයේ (21) වාර්තා කොරෝනා ආසාදිතයින් 518 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වූ 214 දෙනෙකු වාර්තා වූයේ බස්නාහිර පළාතෙන්.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් එකසිය විසි දෙදෙනෙකු (122), ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එසේම, මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ (21) කොරෝනා ආසාදිතයින් 85 දෙනෙකු වාර්තා වුණා.

කොරෝනා දෙවන (2) රැල්ල ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 73,202 ක් හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වූ 28,894 ක්ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ ආසාදිතයින් 16,050 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6,079 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, බන්ධනාගාර ආශ්‍රිතව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4775 ක් වන අතර, සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4613 ක්.

ඊයේ (21) කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මරණ 10 ක් වාර්තා වූ අතර, ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 445 ක්.

මරණවලින් 72.21% ක්ම වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතරින්.

කොරෝනා ආසාදිතව සිටි තවත් 811 දෙනෙකු අද (22) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,110 ක් බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • What a shame that the President cannot read the Easter Day Massacre Report himself and make up his own mind. Why he wants 6-ignoramous uneducated MPs reading the report for him, and recommending what to do. Publish the report to the general public and let them be the judge, as there are millions of better educated people out their on the streets. President is beginning to lose the public trust and confidence placed on him.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *