පාස්කු කොමිසමේදී යළිත් උණුසුම් වූ, පොලිස්පති ට යැවූ ලිපිය

පාස්කු කොමිසමේදී යළිත් උණුසුම් වූ, පොලිස්පති ට යැවූ ලිපිය

*********************************************

පාස්කු කොමිසමේදී යළිත් උණුසුම් වූ, පොලිස්පති ට යැවූ ලිපිය

(21.12.2020 – 20:37 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මාලික් අසීස් සහ අසාද් නවාවි යන නිලධාරින් එම කටයුතු පැහැර හැරීමට විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසමෙන් පිළිතුරු ලැබී තිබෙනවා.

ඒ බව හෙළිවුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සාක්ෂි ලබාදීමට අද (21) පැමිණි අවස්ථාවේදීයී.

මේ අතර ජනපති කොමිසමට අපහාස කළ අයෙකු ලෙස නිෂාරා ජයරත්න මෙනෙවිය නම්කරන්නැයි, විනය පියවර ගැනීමට නිර්දේශ වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ පාර්ශවය කළ ඉල්ලීම කොමිසමේ බහුතර මතය අනුව අද (21) ප්‍රතික්ෂේප වුණා.

මේ අතර, මාලික් අසීස් සහ අසාද් නවාවි සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තිමේන්තුව ඉදිරිපත් කර ඇති මූලික විමර්ශන වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට ආරංචි මාර්ග අනාවරණ කරනවා.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය ප්‍රශ්නගත ගොනුවක් යොමුකර තිබුණේ 2017 වසරේදී වන අතර පාස්කු ප්‍රහාරය එල්ලවන තෙක් එම ගොණුව භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මාලික් අසීස් යන නිලධාරීන් ඊට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පසුගියදා කරුණු අනාවරණය වුණා.

එදින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ නීතිඥවරයා කොමිසමෙන් කළ ඉල්ලීමක් මත නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පසුගිය සිකුරාදා කොමිසමට කැඳවනු ලැබුවේ නීතිපතිවරයා විසින් 2019.06.18 දින එවකට වැඩබලන පොලිස්පතිවරයාට යොමුකර තිබූ ලිපියක් ඇසුරින් සකස් කෙරුණු මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් විමසීමටයි.

එදින තමාගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳව අවධානය යොමුකරමින් අසාද් නවාවි මහතාගේ නීතිඥවරයා තමන්ට නීතී සහයක් අවශ්‍ය බව පවසා සාක්ෂි ලබාදීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස සාක්ෂිකාරිය කළ ඉල්ලීම අනුව වැඩිදුරටත් සාක්ෂි විමසීම අද (21) දක්වා කල්තැබුණා.

සාක්ෂි විමසීම ආරම්භයේදීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිෂාරා ජයරත්න මෙනෙවිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් නීතිඥ සහය සඳහා පෙනීසිටීමට විරෝධ්‍ය පළ කළා.

එහිදී කොමිසම සමඟ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ ව සිටි, නිෂාරා ජයරත්න මෙනෙවිය වෙනුවෙන් පෙනීසිටින රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මහතා සඳහන් කළේ එලෙස පෙනීසිටීමට බාධාවක් නොමැති බවයි.

සිය කරුණු දැක්වීම අතරතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මහතා හෙළිකළේ සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මාලික් අසීස් සහ අසාද් නවාවි යන නිලධාරින් එම කටයුතු පැහැර හැරීමට විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසම විසින් දෙසැම්බර් 15 වෙනිදා පිළිතුරු එවා ඇති බවයි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔහුට දැන්වූවේ ඒ සම්බන්ධයෙන් යමක් දැන්වීමට ඇත්නම් නිසි ක්‍රියාදාමය අනුව දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ජනාධිපති කොමිසමට දන්වන ලෙසයි.

අනතුරුව සාක්ෂිකාර නිෂාරා ජයරත්න මෙනෙවියගෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණා.

ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා :

“2019.06.18 නීතිපතිවරයා විසින් එවකට වැඩබලන පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ තිබෙන්නේ එතුමාගේ මතය නේද ?”

රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ – සාක්ෂිකාර නිෂාරා ජයරත්න වෙනුවෙන් :

“පසුගිය අවස්ථාවෙත් ස්වාමීනි 18 වතාවක් පමණ මේ ප්‍රශ්නය මේ ජනාධිපති නීතිඥතුමා අසා තිබෙනවා. දැනටමත් මේ සාක්ෂිකාරිය ඊට පිළිතුරු දීලා තිබෙන්නේ”

ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා :

“ඍජු පිළිතුරු ලැබුණේ නැති නිසානෙ අහන්නේ. ඒ ලිපියේ තිබුණේ නීතිපතිවරයාගේ මතය නේ සාක්ෂිකාරිය. එහෙම නේද ?”

සාක්ෂිකාර රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න – නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී :

“ඒ ලිපියේ දක්වා ඇති සියලු කාරණා නීතිපතිවරයාගේ මතය නෙවෙයි. වැඩබලන පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් පමණයි ස්වාමිනි. මේ ලිපියේ ස්ථාන දෙකක ‘උපදෙස් දෙමි’ කියලත් සඳහන් වෙනවා. කාසියක දෙපැත්තක් තිබෙනවා ස්වාමිනි. ඒ වගේම මෙතැනත් එක පැත්තක් තමයි අසම්පූර්ණ ගොනුවක් නිසා ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන්න කියලා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙනවා. අනෙක් පැත්ත තමයි ස්වාමිනි අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගකීම පැහැර හැරීමක් කළාද කියන කාරණය පොලිස්පතිවරයාට දැනුම්වත් කළ යුතුත් නැහැ.”

ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා :

“ස්වාමිනි ඇය තවමත් පෙර දිනයේ වගේමයි උත්තර දෙන්නේ. අහපු ප්‍රශ්නයට ඇය කාගෙ හරි ඉල්ලීමක් මත දිගින් දිගටම වමාරනවා. මම අද යළිත් ඉල්ලා සිටිනවා ඇය මේ කොමිසමට අපහාස කළ කෙනෙක් ලෙස සලකා කටයුතු කරන්න කියලා ස්වාමිනි.”

මෙහිදී නිෂාරා ජයරත්න මෙනෙවිය ජනාධිපති කොමිසම හමුවේ සංවේදී වෙමින්, හඬමින් සාක්ෂි ලබාදුන්නා.

සාක්ෂිකාර රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න – නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී :

“මම කොමිසමට අපහාස කළා කියලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා සතුටක් ලබන්න මේ අයට අවශ්‍යනම් එය අසාධාරණයි ස්වාමිනි. මම කිසිදු අවස්ථාවක මේ ගරු කොමිසමට අපහාස කළේ නැහැ. අහපු සියලුම ප්‍රශ්නවලට උත්තර දුන්නා. මම නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී නිසා ඒ නිලයට හා නමට කැළලක් එක් කරන්නයි ඔවුන් උත්සහ කරන්නේ. එය කණගාටුවට කරුණක් ස්වාමිනි”

නිෂාරා ජයරත්න මෙනෙවිය ජනාධිපති කොමිසමට අපහාස කළේද නැත්ද යන්න සම්බන්ධයෙන් මෙහිදි ජනාධිපති කොමිසම බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඇය එලෙස කොමිසමට අපහාස වන සේ හැසිරී ඇති බව තීරණය කළද කොමිසමේ සෙසු විනිසුරුවන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ නිෂාරා ජයරත්න මෙනෙවිය කිසිදු ආකාරයකින් ජනාධිපති කොමිසමට අපහාස කර නොමැති බවයි.

***************************************

(21.12.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

මේ වසර අවසාන වනවිට ඇමරිකන් ඩොලර් බිලියනයක ඍජු විදේශ ආයෝජන මෙරටට ලැබී ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ අද (21) පැවති ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

(21.12.2020 – 23:09 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල – ජාලියගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය වෙන්කිරීමට යොදා තිබෙන තීරුවේ ඇති මල් පෝච්චියක ගැටීමෙන් එහි ගමන් ගත් අවුරුදු 4 දරුවෙකු සහ ඔහුගේ පියා ජීවිතක්ෂයට පත්වූ අතර මව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

***************************************

මත් ජාවාරම්කරු ගැන ‘ඔත්තුව දුන් පුද්ගලයාගේ නම’ පොලිසියෙන් හෙළි කරලා – ඔත්තුකරුගේ පාදයක් කපාගෙන ගිහින්

(22.12.2020 – 09:01 +0530 – truenews.lk)

පසුගිය 19 වැනිදා කඩු ප්‍රහාරයකට ලක් වූ බව කියන පුද්ගලයකුගේ බවට සැක කෙරෙන පාදයක කොටසක් වේයන්ගොඩ මාලිගාතැන්න රජමහා විහාරය අසල වත්තක තිබියදී වේයන්ගොඩ පොලීසිය ඊයේ (21 වැනිදා) සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ප්‍රහාරයට ලක් වී ඇත්තේ වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළෙඳසලකට ගොස් සිටියදීයි.

එම අවස්ථාවේ ඔහුගේ පුතාද ඔහු සමග සිට ඇත. යතුරු පැදියක පැමිණි පුද්ගලයන් දෙදෙනකු (2) වෙළෙඳසල තුළදී මෙසේ කඩුවලින් කපා කොටා තිබෙනවා.

එහිදී ඔහුගේ එක් අතක් සහ පාද දෙක කඩු පහරවලින් වෙන්වී ඇති අතර කඩුවලින් පහර දුන් මැරයින් දෙදෙනා එම වෙන් වූ පාදයක් රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (21 වැනිදා) සොයා ගැනීමට හැකිවූයේ එම කොටස බව පොලිසිය සැක කරනවා.

මේ සම්බන්ධයෙන් ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද පැමිණ පරීක්ෂාවට ලක්කර තිබුණා.

වේයන්ගොඩ පොලිසිය අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පාද කොටස තුවල ලත් පුද්ගලයාගේද යන්න තහවුරු කර ගැනීම සඳහා වතුපිටිවල රෝහල වෙත යැවීමට නියෝග කර තිබෙනවා.

වේයන්ගොඩ රජවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සුනන්ද ජයලත් නමැති ප්‍රහාරයට ලක්වූ මෙම තිදරු පියා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙම පහර දීමට හේතුව මත් ජාවාරම්කරුවකු පිළිබඳව වේයන්ගොඩ පොලිසියට ලබා දුන් ඔත්තුවක් බවත් පොලිසියේ කිසිවකු, ඔත්තුව ලබා ලබාදුන් පුද්ගලයා පිළිබඳව තොරතුරු මත් පැන් ජාවාරම්කරුට හෙළි කිරීම නිසා මෙම පහරදීම කර ඇති බවත්, පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ ඥාතීහු පවසනවා.

වේයන්ගොඩ බෙවන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව කියන මෙම මත්ද්‍රව්‍ය ජාවරම්කරුද මෙම පහර දීමට පැමිණ ඇති බව සිද්ධිය ඇසින් දුටු අය පවසනවා. දින කිහිපයක් තිස්සේ මෙම ජාවාරම්කරු තුවාලකරුගේ නිවසට පැමිණ මරණ තර්ජනද කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.

ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් අති බව පොලිසිය පවසනවා.

සිද්ධියට අනුබල දුන් බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා ෴

***************************************

(22.12.2020 – 07:24 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා සිදුකරන පොලිස් රථවාහන මෙහෙයුම් එළඹෙන ජනවාරි මස 5 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

පෙරේදා (20) සිට මෙම මෙහෙයුම ආරම්භ කළ අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් 9,000 ක් එක්ව සිටිනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගතවූ දිනය තුළ අනතුරු 60 ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊයේ (21) කටුනායක, කළුතර, මොරටුව සහ මීගමුව ප්‍රදේශවල මාරක රිය අනතුරු සිදුව ඇති බවයි ඔහු කියා සිටියේ.

***************************************

(22.12.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල – දියත උයනෙහි වෙළඳාම් කරන මල් වගාකරුවන් ඇතුලු විවිධ ක්‍ෂේත්‍රවල පුද්ගලයන්ගෙන් මෙතෙක් දෛනිකව අයකරගත් රුපියල් 1,500 ක ගාස්තුව රුපියල් 400 දක්වා අඩු කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් 1,100 ක සහනයක් එම වෙළඳුන්ට ලබාදීමට කටයුතු කළ බවයි එම අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑමට පත් වෙළඳුන් දිරිගැන්වීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම සහන ලබාදී ඇති බව සඳහන්.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද පළමු ව්‍යාපෘතිය බත්තරමුල්ලේ මෙම දියත උයන වන අතර, මල්වගාකරුවන්ට වෙළඳාම් කිරීම සඳහා වෙළඳ කුටි ඉදිකර එම සංකල්පය හඳුන්වාදෙනු ලැබූ බව අමාත්‍යාංශ ලේකම් සිරිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ෴

=========================================

(21.12.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

කළුතර – අටළුගම ප්‍රදේශයෙන් අලුතින් ආසාදිතයන් 195 දෙනෙකු ඊයේ (20) වාර්තාවී තිබෙනවා.

ඒත් සමඟ එම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව 931 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

(21.12.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දෙන්නේ පළමු කොරෝනා රැල්ල ඇති වූ අවස්ථාවේ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු පමණක් වාර්තා වූ නමුත්, දෙවන රැල්ලේදී 640 ක් දක්වා රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයන් 310 වාර්තා වී ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන්.

රත්නපුර නගර සීමාවෙන් ගත වූ දින 3 ක පමණ කාලය තුළ ආසාදිතයන් 76 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

අද (21) තවත් කොරෝනා ආසාදිතයින් 218 දෙනෙකු වාර්තාවී ඇති බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවුනා.. මැලිබන් සමාගමෙන් නිවේදනයක්…

(22.12.2020 – 15:55 +0530 – lankacnews.com)

තම සමාගමේ සේවය කරන සේවකයන් කිහිපදෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි මැලිබන් ආයතනය සඳහන් කරයි.

එහි සාමාන්‍යධිකාරී වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඔවුන් සියලු දෙනාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායන කිරීමට කටයුතු කර ඇති බවත්ය.

එම ආසාදිතයන් ආයතනයේ ගබඩාවක සේවය කරන අය බවත් එම ගබඩාව කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Easter Day massacre Commission: It seems to me that muslim terrorists and their political handlers had two high ranking Muslim legal experts within the AGs department as their plants, who were protecting the very same criminals from police investigations. It is about time those 2 plants are interdicted immediately until further investigations were conducted to their secret operations. Why was the AG at the time not supervising and questinoning the conduct of these two lawyers. It just shows the inefficiency and complacency of the top adminstrators of the law of the land, and the covert activities of Muslim lawyers that have inflitrated into the law enforcement system. Terrible state of affairs. The government at the time, and its PM are entirely to be blamed. he cannot escape with a statement “I did not KNOW”. If that is the case we could have just appointed a monkey for the role of the PM, as he is proving to be one.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *