ඉදිරි මාස 06 කොවිඩ් වසංගතයේ දරුණුතම කාලයයි – බිල්ගේට්ස්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි මාස 06 කොවිඩ් වසංගතයේ දරුණුතම කාලයයි – බිල්ගේට්ස්ගෙන් අනතුරු ඇඟවීමක්

*********************************************

ඉදිරි මාස 06 කොවිඩ් වසංගතයේ දරුණුතම කාලයයි – බිල්ගේට්ස්ගෙන් අනතුරු ඇඟවීමක්

(14.12.2020 – 09:44 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස හතරේ (4) සිට හය (6) දක්වා කාලය කොවිඩ් 19 ගෝලීය වසංගතයේ වඩාත් දරුණුතම කාලය වනු ඇති බවට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල්ගේට්ස් මහතා අනතුරු අඟවනවා.

කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා සිය පදනම මගින් ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කළ බිල්ගේට්ස් මහතා සඳහන් කළේ ආරක්ෂණ පියවර නොගතහොත් ඉදිරියේදී තවත් දෙලක්ෂයකට අධික ජීවිත හානි වීමට ඉඩ ඇති බවයි.

මේ නිසා මුව ආවරණ පැළදීම හා ඒවා හුවමාරු කර නොගැනීම මෙන්ම, දුරස්ථභාවය රැකීම වැනි පුරුදු තුලින් එම අතිරේක මරණ වළක්වා ගත හැකි බව බිල්ගේට්ස් මහතාගේ අදහසයි ෴

++++++++++++++++++++

(14.12.2020 – 06:35 +0530 – hirunews.lk/sinhala)

අද (14) සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ – කොළඹ නිවාස සංකීර්ණ කිහිපයක් නිදහස් – මහනුවර පාසල් 42 ක් අද (14) විවෘත කෙරේ

අද (14) උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමේ නයිදූව ප්‍රදේශය සහ වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ දූවේ වත්ත ප්‍රදේශය මෙන්ම, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ වැදිකන්ද ප්‍රදේශය, මෙලෙස හුදකලා කෙරෙනු ඇති.

එසේම, නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් මෙන්ම, වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවත මෙලෙස හුදකලා කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වේගන්ගල්ල නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරි වසම් සහ කුඩා හීනටියන්ගල ග්‍රාම නිලධාරි වසමේ මරික්කාර් වීථිය ද අද (14) අලුයම 5 සිට හුදකලා කළා.

මේ අතර, අද (14) අලුයම 5 සිට මෙතෙක් හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් ඉන් මුදා හැරුණා.

ඒ අනුව සිරිසඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සිරිමුතු උයන, ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස සහ සිරිසර උයන මෙලෙස හුදකලා බවින් ඉවත් කෙරුණු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, වත්තල – කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම, හේකිත්ත ග්‍රාම නිලධාරි වසම, කුරුදුහේන ග්‍රාම නිලධාරි වසම, ඇවරිවත්ත ග්‍රාම නිලධාරි වසම සහ වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසම හුදකලාභාවයෙන් ඉවත් කෙරුණා.

ඊට අමතරව, පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ ද හුදකලාභාවය අද (14) අලුයම 5 සිට ඉවත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීදිය, වේල්ල වීදිය, කෙසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන පොලිස් වසම් සහ, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම සහ බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම මෙන්ම වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරි වසම සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගසන් පාරේ දකුණු කොටස, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම සහ කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත යන ප්‍රදේශවල තවදුරටත් හුදකලාභාවය ක්‍රියාත්මකයි.

එමෙන්ම, පෑලියගොඩ – පෑලියගොඩවත්ත, ගඟබඩ, මීගහවත්ත සහ කිරිබත්ගොඩ – වෙලේගොඩ උතුර යන ග්‍රාම සේවා වසම් ද , මීගමුව – තලදූව ග්‍රාම නිලධාරි වසමේ එම් සී නිවාස සංකීර්ණය සහ වේයන්ගොඩ පොලිස් වසමේ හිරිපිටිය දකුණ ග්‍රාම නිලධාරි වසමේ නිදහස් මාවත තවදුරටත් හුදකලා කර පවතිනවා ෴

+++++++++++++++++++++

(14.12.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 655 දෙනෙකු ඊයේ (13) හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32,790 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29,152 ක්.

තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා වෛරසය ආසාදනය වූවන් 8,845 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 23,793 දෙනෙකු බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, ඊයේ (13) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 03 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසු පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ උග්‍ර හෘදයාබාධයක්.

වත්තල පදිංචි 71 හැවිරිදි කාන්තාවක්ද අයි.ඩී.එච්. රෝහලේදී පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ ලේ විෂ වීම නිසා ඇති වූ කම්පන තත්ත්වය ඇයගේ මරණයට හේතු වී තිබෙනවා.

කොරෝනා ආසාදිත 76 හැවිරිදි මාතලේ පදිංචි පුද්ගලයෙකුද අනුරාධපුර දිස්ත්‍රික් රෝහලේදී පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොවිඩ් නියුමෝනියා තත්ත්වය සමඟ හෘදය අක්‍රීය වීම ඔහුගේ මරණයට හේතුවයි.

එසේම කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැනිං වෙළඳපොළ වසා දැමූ අතර, පසුව එය පෑලියගොඩ ඉදිකළ නව මැනිං වෙළඳපොලට රැගෙන යනු ලැබුවා.

එය අද (13) සිට තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙනු ඇති ෴

+++++++++++++++++++++++++

(14.12.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45 න් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලෙයිමගල් විද්‍යාලය හැර සෙසු පාසල් 42 අද (14) සිට යළි විවෘත කෙරෙනවා.

මේ අතර ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසල් අද (14) සිට 18 වන සිකුරාදා දක්වා තවදුරටත් වසා තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(14.12.2020 – 08:46 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා පිටව යෑමේදී එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරාගත් පුද්ගලයින් 04 දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මෙම පුද්ගලයන් පසුගිය 12 වැනිදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටවීමේදී එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම පුද්ගලයන්ගෙන් තුන් දෙනෙක් (3) කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් පුද්ගලයා මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

+++++++++++++++++++++

(14.12.2020 – 10:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත බවට ඊයේ (13) දිනය තුළදී මෙරටින් හඳුනා ගැණුනු 655 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම පිරිස 444 ක්.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 ක් ලෙස වාර්තා වුණා.

අනෙක් ආසාදිතයින් 90 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

++++++++++++++++++

(14.12.2020 – 11:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන් සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 175 දෙනෙක් කටුනායක ගුවන්තොටුපල හරහා අද (14) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණි පිරිසෙහි සෞදි අරාබියේ රියාද් සිට පැමිණි 50 දෙනෙකු සහ කටාර් සිට පැමිණි 42 දෙනෙකු ද ඇතුළත් බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

අද (14) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ කටුනායක ගුවන්තොටුපලෙන් විදේශ රටවල් වෙත ගුවන් ගමන් 08 ක් පිටත්ව ගොස් ඇති අතර ඒවා මගින් 221 දෙනෙකු විදේශ රැකියා, අධ්‍යාපන, ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා ෴

==========================================

(14.12.2020 – 06:45 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා අද (14) දිනයේ සිට විවෘත කරණ බව මැනිං පොදුවෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා සඳහන් කළා. පස්වරු 04:00 සිට රාත්‍රී 12:00 දක්වා එහි වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නියමිතයි ෴

***************************************

(14.12.2020 – 07:03 +0530 – hirunews.lk/sinhala)

ජපන් තරුණියක් පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයාගේ නැඟණිය විවාහ වීමට සිටි තරුණයට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී කැපුම් තුවාල සිදු කර තිබෙනවා.

ඔහු මෙම පහර කෑමට ලක්ව ඇත්තේ ජපන් තරුණියගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව ඇප මත සිටියදීයි.

ඥාතීන් චෝදනා කරන්නේ ජපන් තරුණියගේ මවගේ ශ්‍රී ලාංකික පෙම්වතා වන කොස්තා නැමැත්තා විසින් මෙම පහරදීම සිදුකළ බවටයි.

ශ්‍රී ලංකාවෙන් ජපානයට ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට මීට සති කිහිපයකට පෙර තොරතුරු වාර්තා වුණා.

[ https://www.youtube.com/watch?v=DcsHqjC0WD8 ]

***************************************

(14.12.2020 – 07:12 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අධිකාරි මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ අවිස්සාවේල්ල – ගුරුගල්ල මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මෙරට නිෂ්පාදිත ටී-කටස් වර්ගයේ ගිනි අවියක්, ටී-56 වර්ගයේ ජීව උණ්ඩයක්, විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කඩු දෙකක් (2) ද සමඟයි.

28 හැවිරිදි වියේ පසුවන සැකකරු අවිස්සාවේල්ල – යාලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, එම ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ වී ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව අංගොඩ – සිරිපැරකුම් මාවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ තවත් වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන ‘අංගොඩ ලොක්කා’ සහ ‘සොල්ටා’ යන අයට අවි ආයුධ නිෂ්පාදනය කර ලබාදුන් ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘සුමිත්‍රආරච්චිගේ දොන් උදාර නිරංජන’ නැමැති 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් (2) සහ ටී-56 ජීව උණ්ඩ 18 ක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් මීට පෙර ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම, වෑන් රථයක් පැහැර ගැනීම, මංකොල්ලකෑමේ නඩුවක් ඇතුළු අපරාධ රැසකට අධිකරණයෙන් වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

***************************************

(14.12.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – දිගන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ භූ කම්පනය පිළිබඳව පර්යේෂණ කණ්ඩායමේ වාර්තාව මේ මස අවසන් සතියේ ලබාදීමට නියමිතයි.

පසුගිය 19 වනදා මෙම භූ කම්පනය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට උපදෙස් ලබාදීමත් සමඟ පස් දෙනෙකුගෙන් (5) සමන්විත විශේෂඥ කණ්ඩායමක් භූ කම්පන සිදුවූ ප්‍රදේශයට සොයා බැලීම සඳහා පිටත්ව ගියා.

කෙටි කාලයක් තුළදී එම ප්‍රදේශයෙන් භූ කම්පන තුනක් (3) වාර්තා වී ඇති අතර, දැනට ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරයන් හි පීඩනය නිදහස් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම භූ කම්පන සිදුවී ඇති බවයි.

මෙම භූ කම්පන සමග වික්ටෝරියා ජලාශයේ බැම්මට හානි සිදුවිය හැකි ද යන්න සම්බන්ධයෙන්ද සොයා බැලෙනු ඇති ෴

***************************************

(14.12.2020 – 10:19 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් දෙකෝටි හැත්තෑහතර ලක්ෂයක් (2,74,00,000) වටිනා කහ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මන්නාරම – පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශ වෙතින් ලද තොරතුරක් අනුව, කඩ්ඩුකරන්කුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (13) මධ්‍යම රාත්‍රී 12:30 ට පමණ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ භට පිරිස් විසින්.

එහිදී ඔවුන් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කහකිලෝ ග්‍රෑම් 4300 ක් සහ එනසාල් කිලෝ 80 ක් සොයා ගැණුනා.

නීතිවිරෝධී භාණ්ඩ තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දුන් බවයි යුද හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

***************************************

නෙදර්ලන්ත හිමියන්ගේ මරණයේ සුලමුල සොයද්දී කලපුවේ ‘බෝට්ටු සංගමය’ ගැන සැකයක්

(14.12.2020 – gossiplankanews.com)

අබිරහස් ලෙස අපවත් වී වදාළ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික හිමිනම එලෙස අපවත්වීම සම්බන්ධයෙන් සිදු කරගෙන යන පරීක්ෂණ වලින් අලුත් කරුණු කිහිපයක් අනාවරණය වෙමින් පවතින බව පොලිස් වාර්තා මගින් කියැවේ.

රත්ගම කළපුවේ තිබියදී සොයාගන්නා ලද හිමි නමගේ දේහය ගැන මුලින් පැවසුණ ආරංචියක් වූයේ හිමිනම පින්ඩපාත දානය සඳහා වැඩම කළ අවස්ථාවක මෙම අනතුර සිදුවන්නෙට ඇති බවයි. සෑම දිනකම උදෑසන ස්ථාන කිහිපයක් තෝරාගෙන තමන්ම පැදයන ඔරුවෙන් පිණ්ඩපාතයට වඩින බවද කියැවිණි.

නමුත් හිමියන් වැඩසිටි කුටිය පොලිසිය මගින් පරීක්ෂා කිරීමේදී නෙදර්ලන්ත ජාතික හිමිගේ පිණ්ඩපාතයේ ගෙන යන පාත්‍රය හමුවූ බව වාර්තා විය. ඒ අනුව සිද්ධිය වූ දිනයේ හිමියන් එළි පහළියට බැස ඇත්තේ පිණ්ඩපාතය සඳහා නොවන බව හඳුනාගන්නට ලැබේ. මෑත කාලයේ හිමියන් වෙනත් කාරණාවකට පිටතට ගොස් නැති අතර සිද්ධිය සිදුවූ දිනයේ කිසියම් බාහිර පාර්ශ්වයක් හිමියන් සිටි කුටිය වෙත පැමිණ කිසියම් හිරිහැරයක් කර ඇතිදැයි යන සැකය මේ වනවිට පැනනැගී ඇත.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය බ්‍රහස්පතින්දා (10දා) ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ජානකී වර්ෂාහැන්නදි මහත්මිය විසින් පවත්වන ලද අතර මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශරීර කොටස් රජයේ රසපරීක්‍ෂකවරයා වෙත සහ රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවීමටද පියවර ගෙන ඇත.

හිමියන් දිවිනසාගන්නට ඇතිය යන සැකයක් ඇතැමුන් විසින් නගන ලද නමුත් මේ වනතුරු ඒ ගැන නිසි හොඩුවාවක් හමුවී නැත. අඩුතරමින් හිමියන් ජීවිතය ගැන කලකිරී සිටි බවට සටහනක් හෝ කිසිවෙකු සමග පැවසූ දෙයක් පොලිසියට හොයාගන්නට හැකිව නැත.

මේ අතර හිමියන් සමග වෛරයෙන් පසුවන ගම්වාසීන් පිරිසක් ගැන පොලිසියට හෝඩුවාවක් ලැබී ඇති අතර එම පළුදුවූ සම්බන්ධතාවයන් හා අපවත්වීම අතර සම්බන්ධයක් පවතීද යන්න ගැන විමර්ශනයක් මේ වනවිට සිදුවෙමින් පවතී.

මෙම වෛරක්කාරයන් වූ කලි මෙම කලපුවේ බෝට්ටු සේවයක් පවත්වා යන කණ්ඩායමකි. ඔවුන් හිමියන් හා උරණව ඇත්තේ පාරිසරික හේතුන් මත හිමියන් ඔවුන්ට දැක්වූ විරෝධතා කිහිපයක් මුල් කරගෙනය. ආරණ්‍ය සේනාසනය ආසන්නයේ මසුන් මැරීමට හා කඩොලාන විනාශයට මෙම ස්වාමින් වහන්සේ නිරන්තරයෙන් එරෙහිව සිටි අතර ඒ කටයුත්තේ යෙදෙන අයට විරුද්ධව නැගී සිට ඇත.

මින් ඉහත ඒ ගැන පැමිණිලි කරන්නට යාමේදී බෝට්ටු සංගමය පවසා ඇත්තේ හිමියන් වහන්සේ තමන්ගේ වැඩකටයුතු වලට මැදිහත් නොවන ලෙසත් තමන්ගේ පාඩුවේ සිටින ලෙසත්ය. එම එරෙහි වීම අවස්ථා කිහිපයකදී බහින්බස්වීම් දක්වා දුරදිග ගොස් ඇති බවටද සාක්ෂි ලැබී තිබේ.ප්‍රදේශවාසීන් තුළ සැකයක් ඇතිවී තිබෙන්නේ මෙම බෝට්ටු සංගමය හිමියන්ට හිරිහැරයක් කළාද යන්න ගැනයි.

උන්වහන්සේගේ අවසන් කටයුතු පසුගියදා සිදුවූ අවස්ථාවේ මාධ්‍ය ආවරණය සඳහා ගිය මාධ්‍යවේදීන්ටද කළපුවේ බෝට්ටු ධාවනය කරන්නන් විසින් සහාය නොදක්වා යම් විරෝධතාවක්ද දක්වා ඇත.

රත්ගම පොලිසිය මෙම පිරිස ගැන අවධානයෙන් පසුවන අතර ඒ ගැන පුළුල් ලෙස විමර්ශනයක්ද සිදු කරමින් පවතී.

රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන භික්‍ෂුන් වහන්සේ 13 නමකගෙන් මේ වන විට පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එයට අමතරව මෙම භික්‍ෂුන් වහන්සේ පිණ්ඩපාතය සඳහා වැඩම කළ නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඝාතනයට ලක්වූ හිමියන්ගේ ජංගම දුරකථනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකථන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිමියන්ගේ භූමදාන කටයුතු සිකුරාදා (11 දා) සවස රත්ගම, කිරිමැටිය පොදු සුසාන භුමියේදී සිදුකෙරිණි.(මරණ පරීක්ෂණ අවශ්‍යතා මත ආදාහනය නොකර භූමිදානය සිදුවිය)

පොලිස් පරීක්ෂණ දිගටම සිදුවේ ෴

***************************************

Is Miracle Boy From Naiwala (in Sri Lanka) The Reincarnation Of Indian-American Astronaut Kalpana Chawla? Observers Notice Astonishing Similarities (13-Dec-2020)

[ https://asianmirror.lk/news/item/32644-is-miracle-boy-from-naiwala-the-reincarnation-of-indian-american-astronaut-kalpana-chawla-observers-notice-astonishing-similarities ]

[ https://www.youtube.com/watch?v=CQEa_7pBGho ]

[ https://www.youtube.com/watch?v=xy_dxVON2LY ]

[ https://www.youtube.com/watch?v=y3K5oOFv-sM ]

+++++++++++++++++

රටේම කතාබහට ලක්වූ සෙනුර පුතාගේ ජාත්‍යන්තර පාසැල් සිහිනය සැබෑ වෙයි !

මේ දරුවා වෙනුවෙන් සතුටුවන ඔබ වෙනුවෙන් මේ සටහන තැබුවද, එකී ජාත්‍යන්තර පාසැලේ නම සඳහන් නොකරන්නේ එහි පාලනාධිකාරිය සිදුකළ සැබෑ වගකීම්සහගත ඉල්ලීමට හිසනමා ගරුකරමිනි. දරුවා හරහා කිසිදු ප්‍රසිද්ධියක් පාසලට ලබාගැනීමට මේ ඉතා ජනප්‍රිය සහ ප්‍රමිතිගත පාසැලට අවශ්‍ය නොවීය. කෙසේ වෙතත් පාසැල් අධ්‍යාපනය අවසන් වන තුරුම සියලු පහසුකම් (ඇතුලත්වීමේ ගාස්තු, වාරික ගාස්තු, පොත්පත්, පාසැල් උපකරණ ඇතුලු සියල්ල) නොමිලේ ලබමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබීමේ සිහිනය සෙනුර පුතා අද සැබෑ කරගත්තේය. ඊට මැදිහත්වූ කිසිවෙක්ද ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරති.

තවමත් අපේ රටේ සැබෑ උසස් ගතිගුණ පිරි සත්පුරුෂ මිනිසුන් සිටින බවට මෙය මනා උදාහරණයක් නිසාම මේ සටහන තැබීමට සිතුවෙමි.

උදව්කළ.. ආශිර්වාද කළ ඔබට ස්තුතියි !

– හරීන්ද්‍ර ජයලාල්

++++++++++++++++++

නයිවල කුඩා දරුවා සහ කොලොම්බියා යානයේ සිට මියගිය කල්පනා චව්ලා

(15.12.2020 – 14:06 +0530 – lankaleadnews.com)

2003 පෙබරවාරී මස 1 දින පෘථිවිගෝලයට ඇතුළු වෙමින් තිබූ කොලොම්බියා අභ්‍යවකාශ යානය කාර්මික දෝෂයක් හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී දැවී අළුවී ගියා. ඉන් එහි ගමන්ගත් ගගනගාමීන් 7 දෙනාම මරුමුවට පත්වුනා…

ඒ අතර විශේෂ කෙනෙක්ද උනා. ඒ ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම ගගනගාමීවරිය වූ කල්පනා චවුලා යි. ඉන්දියානු ඉතිහාසයේ වීරවරියක් ලෙස සැලකෙන ඇය සිය දෙවන අභ්‍යාවකාශ මෙහෙයුම වෙනුවෙන් කොලොම්බියා කණ්ඩායම සමඟ එකතුවී තිබුණා…

එවකට පාසල් වයසේ කුඩා දරුවන් වූ අපට මේ සිදුවීම හොඳින් මතක තිබූ අතර පුවත් මැවූ ඛේදවාචකයක් මෙන්ම ඉන්දියානු ඉතිහාසයේද ශෝකී දින කිහිපයක් බවට පත්වී තිබුණා…

පුදුමයට කරුණ නම් හරීන්ද්‍ර ජයලාල්ගේ සම්මුඛ සාකච්ඡාවට අනුව මේ කුඩා දරුවා හෙළි කරන කරුණු කල්පනා චවුලාට අදාල කරුණු සමඟ එකිනෙකට සැසඳීමයි…

– කාන්තාරයකදී යානය ගිනිගෙන විනාශ වූ බවට ඔහු කරන ප්‍රකාශය සත්‍යක්. ටෙක්සාස් යනු කාන්තාර දේශගුණයක් පවතින ප්‍රාන්තයක්. කොලොම්බියා යානය අනතුරට පත්ව තිබුණේ ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී…

  • යානා දෙකක් එකිනෙක ගැටුනු බවක් ප්‍රකාශ වුනා. එයත් යම්තාක් දුරට සත්‍යක්. බාහිර ඉන්ධන ටැංකියෙන් වෙන්වූ කොටසක් ප්‍රධාන යානයේ ගැටීමෙන් ඇතිවූ පලුද්දක් හේතුවෙන් යානය විනාශ වූ බවටයි කියවෙන්නේ…
  • ඉස්සර කොන්ඩය දිගට තිබූ බවත් දැන් එය කපා දැමූ බවත් කියයි…
  • සිංහල භාෂාවට වඩා චතුරව ඉංග්‍රීසි සහ හින්දි භාෂා හැසිරවීම. ඉංග්‍රීසි භාෂාව පාසලෙන් හෝ උගතහැකි වූවත් හින්දි භාෂාව ඉගෙන ගත්තා යැයි පැවසීමට කිසිදු හැකියාවක් නැහැ.
  • එවැනි වයසක දරුවෙකුට නොපිහිටන හෝ ඔහුට ඇති පහසුකම් යටතේ අධ්‍යයනය කල නොහැකි විද්‍යාත්මක කරුණු පිළිබඳ තිබෙන අවබෝධය. ඩයිනෝසරයන් පිළිබඳ කරුණු කිසිලෙසකටවත් එවන් පසුබිමක් යටතේ අවුරුදු 7 ක දරුවෙකුට පැවසිය නොහැකියි…

පුනර්භව සිදුවීම් කොතෙකුත් අසා ඇති මුත් එවැන්නක් සිදුවී තිබෙන ප්‍රසිද්ධම පුද්ගලයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේවි. දරුවාට හිරිහැරයක් නොවන පරිදි විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරන්නේ නම් ලෝකයක් සතුටු වේවී. විශේෂයෙන්ම ඉන්දීය රජය සහ නාසා ආයතනය.

නමුත් ඉන්දියානු ටෙලිවිෂන් කරුවන්ගෙන්, ලංකික යූටියුබ් කරුවන්ගෙන් සහ අවස්ථාවාදී කපටින්ගෙන් ඔහුව බේරා ගැනීම පුරවැසියන්ගේ වගකීමක්.

නාසා ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥ්ඥයන් 263 සිටින හෙයින් මේ දරුවා නාසා ආයතනයේ අවධානයට යොමුකිරීමේ විශාල හැකියාවක් තිබෙනවා. අනාගතයේදී මේ අග්‍රගණ්‍ය මානික්‍යය ඔපදැමුවහොත් රටටත් ඉන් මහඟු සම්පතක් කීර්තියක් අත්වනු නියතයි ෴

+++++++++++++++++

කල්පනා චව්ලා ලංකාවේ නැවත පුනරුප්පතතිය ලබයි ? Story of Kalpana Chawla (15.12.2020)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *