මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරි සිද්ධියෙන් මිය ගිය 04 කගේ සිරුරු රාගම රෝහලට

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරි සිද්ධියෙන් මිය ගිය 04 කගේ සිරුරු රාගම රෝහලට

කොවිඩ් මර්දනයට සමත් හෙළ ඔසුවක් ! – මුලික අත්හදාබැලීම් සාර්ථකයි !

*********************************************

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරි සිද්ධියෙන් මිය ගිය 04 කගේ සිරුරු රාගම රෝහලට

(29.11.2020 – 22:27 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිව්දෙනෙකුගේ (4) මෘත දේහයන් රාගම ශික්ෂණ රෝහලේ මේවන විට තැන්පත් කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනෙකු රෝහලට ඇතුළත්කර ඇති බවයි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ්-19 ආසාදනය වීමත් සමග රැඳවියන් පිරිසක් අද (29) පස්වරුවේ බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහදරා තිබුණා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ එහිදී මෙම නොසන්සුන් තත්ත්වය ඇතිවූ බවයි.

(29.11.2020 – 21:44 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06 ක් යොදවා ඇති බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කළ බවයි එම රෝහලේ, රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ්-19 ආසාදනයවීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දරා තිබුණා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ එහිදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි.

නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද එම ස්ථානයට කැඳවා තිබුණා.

මේවන විටත් බන්ධනාගාරය තුළින් විටින් විට වෙඩි ශබ්ද ඇසෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

(29.11.2020 – 20:56 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සෙවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

අද (29) ඇති වූ මෙම සිද්ධිය පාලනය කිරීමේදී එක් රැඳවියෙකු මියගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබූ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ.

+++++++++++++++

+++++++++++++++++

(29.11.2020 – 22:27 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිව්දෙනෙකුගේ (4) මෘත දේහයන් රාගම ශික්ෂණ රෝහලේ මේවන විට තැන්පත් කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනෙකු රෝහලට ඇතුළත්කර ඇති බවයි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග රැඳවියන් පිරිසක් අද (29) පස්වරුවේ බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහදරා තිබුණා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ එහිදී මෙම නොසන්සුන් තත්ත්වය ඇතිවූ බවයි.

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 02 දෙනෙකු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ ෴

(30.11.2020 – 07:41 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරි තත්ත්වය සමඟ ඊයේ (29) හටගත් ගින්න පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තුවාල ලබා රෝහල් ගතකළ පිරිස 58 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

තුවාල ලැබූවන් අතර මහර බන්ධනාගාරයේ හෙද නිලධාරිනියක් සහ ඖෂධ සංයෝජකවරයෙක් සිටින බව සඳහන්.

ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ රැඳවියන් 07 දෙනෙකු මියගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා තහවුරු කළා ෴

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා ෴

(30.11.2020 – 10:24 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඊයේ (29) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූවන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි අයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

තුවාලකරුවන් 58 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් 8 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

(29.11.2020 – 18:56 +0530 – hirunews.lk/sinhala)

දැදුරු ඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු යටකර පලාගිය ටිපර් රථයේ රියදුරු ‘මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාව’ යටතේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා.

නිකවැරටිය – කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ වැලි ජාවරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුවයි පොලීසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ.

එහිදී ධාවනය වූ වැලි පටවාගත් ටිපර් රථය නතර කරන ලෙස පොලිස් නිලධාරීන් සංඥා කර තිබෙනවා.

එය නොතකා ධාවන කළ ටිපර් රථයේ රියදුරු එය නොනවත්වාම ධාවනය කර තිබුණේ වැටලීමට එක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුද යට කරමින්.

සිද්ධියෙන් අනතුරට පත්වු කොස්තාපල්වරයා නිකවැරටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මිය පොලිස් කොස්තාපල්වරයා කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිකවැරටිය – අඹගම්මන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.

පොලිස් කොස්තාපල්වරයා අනතුරට ලක් කර පළා ගිය ටිපර් රියදුරු සොයා නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) පරීක්ෂණ ආරම්භ කළා.

ඒ අනුවයි අනතුරු සිදු කර පලාගොස් සිටි රියදුරා අද (29) දහවල් නිකවැරටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනුණේ.

අදාළ ටිපර් රථය කුලියාපිටිය – කරන්තිත්පල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය සොයාගනු ලැබුවා.

සැකකරුට එරෙහිව වැලි ජාවාරම් සම්බන්ධයෙන් නඩු දෙකක් දැනටමත් අධිකරණයේ විභාගවෙමින් පවතින අතර ඉන් එක් වැටලිමක් අනතුරට ලක්වු පොලිස් කොස්තාපල්වරයා විසින් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ අද (29) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

++++++++++++++

***************************************

(29.11.2020 – 19:03 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම ප්‍රදේශයේ සැරිසරමින් 08 දෙනෙකුට පමණ මරු කැඳවූ ‘නියපොත්තා’ නමැති වන අලියා වනජිවි නිලධාරින් විසින් අල්ලාගෙන හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට අද (29) රැගෙන ගියා.

ඒ මාස 11 ක පමණ කාලයක් පුරා කළ මෙහෙයුමකින් අනතුරුවයි.

ප්‍රදේශයේ විශාල වගා හානියක් සිදුකළ මෙම වනඅලියා ප්‍රදේශවාසීන් 07 දෙනෙකු මෙන්ම, වනජිවි නිලධාරියෙකු ද පහරදී ඝාතනය කර තිබුණා.

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේ මෙහෙයුම අතරතුර ද තවත් වන අලි 04 දෙනෙකු නියපොත්තාට ආරක්ෂාව සපයමින් සිටි බවයි.

අසීරු මෙහෙයුමකින් පසු වනජිවි නිලධාරින් අලියා මෙල්ල කර හොරොව්පතාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙනවා.

***************************************

(29.11.2020 – 00:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය කොළඹ වරායේ මෙහෙයුම් වලට බලපෑම හේතුවෙන් ප්‍රංශය කේන්ද්‍ර කොට ගත් සී.එම්.ඒ – සී.ජී.එම්. නැව් සමූහය, සිය ප්‍රතිඅපනයන කටයුතු සඳහා හම්බන්තොට වරාය වෙත නෞකා දෙකක් (2) යොමුකර තිබෙනවා.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කළේ සිය වරාය හුදකලාව පිහිටා ඇති අතර, ඊට පිටතින් පැමිණෙන සියල්ලන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කරන බවයි.

කොළඹ වරායේ මෙහෙයුම් වලට සහයක් වෙමින් බහාලුම් ප්‍රතිඅපනයන කටයුතු පරිමාව දිවයින තුල රඳවා ගැනීම තම අපේක්ෂාව බව හම්බන්තොට වරාය සමූහය අවධාරණය කළා ෴

***************************************

(29.11.2020 – 22:05 +0530 – hirunews.lk/sinhala)

1990 සුවසැරිය ගිලන් රථ සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවීමට එරෙහිව ‘වැඩකරන ජනබලය’ සංවිධානය අද (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මේ අතර, සුවසැරිය සේවකයින්ගේ සේවය අත්තනෝමතික ලෙස අත්හිටුවීමට කටයුතු කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද අප වෙත ලැබී තිබෙනවා.

දේවි පවිත්තරා

======================================

(29.11.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (29) පස්වරුවේ 23,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, නව ආසාදිතයින් 323 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,311 ක්.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාවද අද (29) දිනයේදී 17,000 සීමාව ඉක්මවා ගියා.

අද දිනයේ ආසාදිතයින් 346 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර, ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,002 ක්.

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව අද (29) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 183 දෙනෙකු වාර්තා වීමත් සමඟ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,091 දක්වා ඉහළ යනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පොලීසිය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන බවයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා එන්නතක් භාවිත කිරීම සඳහා වන නිර්දේශ ලබාදීමට කමිටු 3 ක් පත් කර ඇති බවයි.

මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමඟ එම රෝහල් සිදුකරන ශල්‍යකර්ම සීමා කර තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය සේවකයින් සඳහා ලබාදී ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා හෙද සංගමය මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළා.

බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානයට අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ සමඟ එම පුද්ගලයා සැරිසැරූ වෙළඳසැල් 05 ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තා.

මේ අතර, ගාල්ල – හබරාදූව ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනා ගත් අතර, අදාළ කාන්තාව කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක්.

ඇය පසුගිය 23 වැනිදා සේවයට වාර්තා කර ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

මේ අතර, ස්වයං නිරෝධායනයට යොමුකර සිටි පිරිසකගේ ආශ්‍රිතයෙකු බගවන්තලාව – කැම්පියන් වතු යායේ පහල කොටසේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

69 හැවිරිදි එම කාන්තාවගේ දියණිය සහ මිණිපිරිය බත්තරමුල්ල ප්‍රදේශයේ සිට පැමිණි ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්. ඔවුන් මෙම කාන්තාවගේ නිවසට ද පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නැහැ.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තිය සේම, සෞඛ්‍ය අමාත්‍යාංශයද පාලනයෙන් ගිලිහී ඇති බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++

(29.11.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

රාජකාරි සඳහා පිටත්ව යන මගීන්ට හිඟයක් ඇති නොවන පරිදි හෙට (30) සිට බස් රථ යොදවන්නැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව හෙට (30) සිට වැඩි බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළා.

මේ අතර, කාර්යාල සේවා ඇතුළු කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන සහ ඉන් පිටත්වන දුම්රිය ගමන්වාර 104 ක් හෙට (30) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ අදාළ දුම්රිය හෙට (30) සිට හුදකලා බවින් නිදහස් කෙරෙන ප්‍රදේශවල පිහිටි දුම්රිය නැවතුම්පොලවල ද නතර කිරීම සිදුවන බවයි ෴

++++++++++++++++++++++

(29.11.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

අද (29) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 173 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අද (29) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 496 ක්.

+++++++++++++++++++++++

(29.11.2020 – 21:36 +0530 – hirunews.lk/sinhala)

අද (29) දිනය තුල මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 07 ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අද (29) තවත් කොවිඩ් 19 අසාදිතයින් 496 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 23,484 ක් දක්වා ඉහළ ගියා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 19,906 ක් ලෙසයි.

අද (29) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 346 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ථ සංඛයාව 17,000 ඉක්මවා ගියා.

අද දිනය තුල වාර්තා වූ කොවිඩ් 19 මරණ පිළිබද විස්තර පහතින් :

*********************************************

කොවිඩ් මර්දනයට සමත් හෙළ ඔසුවක් ! – මුලික අත්හදාබැලීම් සාර්ථකයි !

කොවිඩ් හෙළ ඔසුව ගැන පරීක්ෂණ සඳහා රාජ්‍ය අනුග්‍රහය

[ http://www.amarasara.info/wp1/?p=35522 ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *