අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයෙක් රිමාන්ඩ්
අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයෙක් රිමාන්ඩ්
(23.04.2026 – hirunews.lk)
ත්‍යාග පාර්සල් ලබා දෙන බව පවසා අන්තර්ජාලය හරහා රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයකට (1,15,00,000) අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයෙකු ලබන 05 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා.
සිද්ධියට අදාල සැකකාර නයිජීරියානු ජාතිකයා වෙනත් මෙවැනිම සිද්ධියට අදාලව ඇප මත මුදා හැර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.
මෙම සැකකරු නයිජීරියානු ජාතිකයන් සමඟ එක්ව ලංකාවේ සිට මෙම ජාවාරම සිදු කරන බවත් වෙනත් නයිජීරියානු ජාතිකයෙකු විසින් මෙම ජාවාරම මෙහෙය වන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැන්වුවා.
සැකකරු සන්තකයේ තිබු බැංකු කාඩ් පත් රාශියක් අත්අඩංගුවට ගත් බවත් එම ගිණුම් තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින බවද විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.
ලංකාව තුළ සිටින වෛද්‍යවරුන්, විධායක පන්තිවල ඉහළ තනතුරුවල සිටින පුද්ගලයන්, වයස 35-40 ත් අතර කාන්තාවන් මෙම කූට ජාවාරමට හසු වී තිබෙන බවද විමර්ශන නිලධාරීහු වැඩිදුරටත් කරුණු දැක්වුවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කළා ෴
‘ශ්‍රීලංකන්’ නම විකුණා මුදල් ගරන ජාවාරමක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්
(23.04.2026 – hirunews.lk)
WhatsApp ගිණුම් හරහා “Sri Lankan Airline” ආයතනයේ සේවාවක් බවට අඟවමින් දුරකථන සම්බන්ධතා ඇති කරගනිමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් හරහා “Sri Lankan.apk” යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කරවීමට සැලැස්වීම හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මෙම යෙදුම අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුමක් බවත්, එය ස්ථාපනය කිරීම මගින් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය ලබා ගැනීම සඳහා අවසර ලබා ගැනීම සිදුවන අතර, ඒ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවරණය කර ගැනීමේ හැකියාව ලැබෙන බවටත්, නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව, අනිශ්ඨ ක්‍රියාකරුවන් විසින් මුදල් ගණුදෙනුවක් සිදු කරවීමට සලස්වමින් One Time Password (OTP) අංක, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත (ඇඟිලි සලකුණු, මුහුණු හඳුනා ගැනීම) ලබාගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදු කරන බවටයි අනාවරණය වී ඇත්තේ.
එසේම මෙම ක්‍රියාවලිය සඳහා 077 455 8361, 011 777 1979, 074 114 2208, 077 579 1209, 074 326 8200 යන දුරකථන අංක භාවිත කරන බවට නිරීක්ෂණ වී ඇති අතර, මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම හෙටින් (24) අවසන්
(23.04.2026 – 19:30 +0530 – sinhala.adaderana.lk)
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (24) මධ්‍යම රාත්‍රී 12:00 ට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු 24 සිට 2026 අප්‍රේල් 24 දක්වා මාර්ගගත ක්‍රමය මඟින් පමණක් සිදු කළ බවය.
අයදුම් කිරීම 2026 අප්‍රේල් 24 වන දින මධ්‍යම රාත්‍රී 12:00 පසු සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, කිසිදු හේතුවක් මත දිගු කිරීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අයදුම්කරුවන්ට අවශ්‍ය විමසීම් සඳහා පහත සඳමන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල මඟින් විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙසද දැනුම් දී ඇත.
දුරකථන අංක :- 011 278 5922 / 011 278 4208 / 011 278 4537
ෆැක්ස් අංක :- 011 278 4422
විද්‍යුත් තැපෑල :- gcealexamsl@gmail.com
රත්නපුර පොල බඩුත් එක්කම ගිනි අරන් – කඩ 90 ක් ගන්නම දෙයක් නෑ – මුළුමනින්ම විනාශ වෙලා (23.04.2026)
+
ලාල්කාන්ත දැන් වියරු වැටුණු මිහිහෙක් වගේ (23.04.2026)
+++
ලොවෙත් නැති වෙන්න ඔය කරේ මහ ලොකු ඇවිදින පුස්තකාල – මාලිමාව ඩොලර් මිලියන 2.5 ක් හැකර්ලට පූජා කරා (23.04.2026)
+
භාණ්ඩාගාරයත් මංකොල්ල කාපු මාලිමා මුදල් ලේකම් ගෙදර යයිද ? (23.04.2026)
+
රටේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි, රුපියල් මිලියන 800 ක්… ඉතිං උඹලා හොරු නෙවෙයිද ? (23.04.2026)
+
ආලෝකා නිසා සාම පා ගමනේ සමාජ දේශපාලනය හෑල්ලු වුණා ද ? (23.04.2026)
+
රුපියල් මි. 800 ට කෙළියේ ආණ්ඩුවෙන්මද ? රාජ්‍ය භාණ්ඩාගාරයට මෙහෙම වුණා නං ? (23.04.2026)
+
රජයේ භාණ්ඩාගාරයෙන් ඩොලර් ලක්ෂ 25 ක් පිල්ලි ගහලා (23.04.2026)
+
කැබිනට් එක ෂුවර් නැද්ද? නලින්ද බොරු කිව්වද? මුදල් අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයිද? (23.04.2026)
+
අනුර, ලාල් සහ වසන්තගේ ඉතිහාසය සාක්කි එක්කම හෙළි කරයි! | ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අතුල සමරවීර (23.04.2026)
+
මම දමිල තරුණියක් හා විවාහ වීම, දැවැන්ත කතාබහක් නිර්මාණය කළා (23.04.2026)
+
මුදල් ඇමති වහා ඉල්ලා ඇස විය යුතුයි ! (23.04.2026)
+
Hiru TV Balaya Live | Episode 639 | 2026-04-23
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴