කීර්තියට තවත් හානි කරලා.. ඇමති ලාල් කාන්ත යලිත් CID දුවයි..

කීර්තියට තවත් හානි කරලා.. ඇමති ලාල් කාන්ත යලිත් CID දුවයි..


කීර්තියට තවත් හානි කරලා.. ඇමති ලාල් කාන්ත යලිත් CID දුවයි..

(23.04.2026 – lankacnews.com)

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත රුපියල් කෝටි 60 ක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවතක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

“Top News Lk” නමැති ෆේස්බුක් පිටුවෙහි පළ කර ඇති වීඩියෝවක් මඟින් අනුරාධ තෙන්නකෝන් නමැති පුද්ගලයෙකු විසින් මෙම චෝදනාව එල්ල කර ඇති බව වාර්තා වේ.

අදාළ පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ ඇමතිගේ පුද්ගලික කීර්ති නාමයට හානි කිරීමටත්, අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාවලිය දූෂිත බව ඒත්තු ගැන්වීමටත් මෙය සංවිධානාත්මකව සිදු කරන ලද්දක් බවයි.

මෙම ප්‍රචාරය සිතාමතාම දියත් කළ ද්වේෂ සහගත මඩ ප්‍රහාරයක් මෙන්ම සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙම චෝදනා හරහා ජනතාව නොමඟ යැවීමට උත්සාහ කර ඇති බැවින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විවෘත හා අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා මෙහි සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙස අදාළ පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත ෴


සරම්ප රෝගීන් දෙදෙනෙක් (2) කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

(23.04.2026 – 14:23 +0530 – sinhala.adaderana.lk)

මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු (2) කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බවය.

එබැවින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් එම එන්නත් විධිමත්ව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛය සංවිධානය නිවේදනය කළේ ඉකුත් 2019 වසරේදීය.

කෙසේවෙතත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප වසංගත තත්ත්වයන් වාර්තාවූ බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ රෝගය වැළඳී ඉන් සුවයක් ලැබුණද එහි සංකූලතා හේතුවෙන් වසර ගණනාවකට පසුව මරණය පවා ඇතිවී අවධානමක්ද පවතින බවය.

“2025 අවුරුද්දේ ජනවාරි මාසේ ඉදලා එක රෝගියෙක්වත් ලංකාවෙන් වාර්තා වුණේ නෑ. නමුත් අවාසනාවකට වගේ රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙලා තියෙනවා කොළඹ දිස්ත්‍රිකයෙන්. මේ වාර්තා වු ළමුන් දෙදෙනා‍ගේ රෝගී තත්ත්වය නැවතත් වසංගතයක් දක්වා වාර්තා නොවී පැවතීමට අපි සියලුම උත්සහයන් ගන්න ඕනේ. එක ළමයෙකුගේ නියැදි අපි යැව්වා ඉන්දියාවේ රසායනාගාර වෙත. එයින් තහවුරු වුණා ඒ වෛරසය පිටරටින් පැමිණ වෛරසයක් බව.”

“මෑතකදී සොයාගෙන තියෙනවා සරම්ප රෝගය වැළඳුනාට පස්සේ ඒ වැළඳුන කෙනාට, ප්‍රතිශක්ති මතකය අමතක වෙනවා කියලා. සරම්ප රෝගය වැළඳුනාට පස්සේ එම කෙනාට, අනික් රෝග වලට මුහුණ දීමටත් ඇති හැකියාවත් නැති වෙලා යනවා කියලා. ඒ වගේම තව තත්ත්වයක් තියෙනවා SSPE මාරන්තික තත්ත්වයක්, සරම්ප රෝගය සුව වෙලා ගිහිල්ලා වසර ගණනාවකට පස්සේ වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා සරම්ප රෝගය සුව වුණා කියලා කිසිම කෙනෙකුට, විශේෂයෙන් ළමයෙකුට. දෙමාපියන්ට සැනසිල්ලේ ඉන්න වෙන්නේ නෑ. මොකද කොයි මොහොතේ දී හෝ, වසර ගණනාවක පසුව එක සෙමින් සෙමින් මරණය ඇති කරණ මාරාන්තික තත්ත්වයක්.”

+


වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

(23.04.2026 – 12:56 +0530 – sinhala.adaderana.lk)

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව සඳහන් කෙරුණේ එම ආයතනයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී ය.

එමෙන්ම වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය ද කඩිනමින් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා :

“ඉස්සර පළාත ගහලා තිබුණා.. දැන් ඉවත් කරලා”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් – ප්‍රියන්තා දිසානායක :

“යුද්ධය කාලයේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න නිසා ඒ වාහනය කොහාට අයිති එකක්ද කියලා හඳුනගන්න Frequency ID එකකුත් එක්ක තමයි ඒක දාලා තිබුණේ. නමුත් ඒ Frequency ID එක රීඩ් කරන්න ඒ වෙනකොට පොලිසියේ රීඩස් තිබුණේ නැහැ. ඒ නිසා අයින් කරන්න තීරණය කළා. දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා තමයි කියන්නේ.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා :

“ඩඩ්ලි මහත්තයා මාත් එකක් තරහා වෙන එකක් නැහැ මේක කිව්වට. දැන් ඔය ඩඩ්ලි මහත්තයාගේ කාර් එක ගැන හැමෝම කතා වුණානේ. අපිට බැරිද අංක තහඩුවට ඩඩ්ලි කියලා නම ගහලම ගන්න.”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් – ප්‍රියන්තා දිසානායක :

“පුළුවන් සර්. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”

+


වෙසක් සැමරුම වෙනුවෙන් මැයි 02 නිවාඩුව සංශෝධනය කෙරේ

(23.04.2026 – 21:06 +0530 – sinhala.adaderana.lk)

2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයට අනුව මැයි 02 වැනිදාට යෙදී තිබූ නිවාඩුව, මැයි 31 ලෙසින් සංශෝධනය කර ඇත.

වෙසක් පොහෝය මැයි 01 සහ 02 දෙදිනට යෙදී තිබුණද, මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වැනිදා සිදුකිරීමට රජය තීන්දු කළේය.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය මෙවර වෙසක් සතිය මැයි 27 සිට ජූනි 02ක් කාලය තුළ පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කරනු ලැබීය.


“මචං අනුර මගේ එකවුන්ට් නම්බරේ වෙනස් වුණා – මේ ඊමේල් එකේ එකවුන්ට් එකට සල්ලි දාන්න” (23.04.2026)

+


කාදිනල් හිමිත් පාස්කු ප්‍රහාරය ගැන මගේ පොත ගත්තා – සලේ මහාමොළකරු කරන මෙහෙයුම පටන් ගත්තේ CSR එකෙන් – උදය ගම්මන්පිල (23.04.2026)

+


කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට

(24.04.2026 – 11:28 +0530 – sinhala.adaderana.lk)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන්, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසයි.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (24) පෙ.ව. 6 වනවිට පිටාර මට්ටමේ සිට අඩි 50 යි අඟල් 11 ක් දක්වා පහළ බැස ඇත.

කෙසේ නමුත් එම ජලාශයට ඊයේ (23) මිලිමීටර් 12 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද සඳහන්ය.

එමෙන්ම කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමේ අඩි 40 යි අඟල් 10 ක් දක්වා පහළ බැස තිබේ.

එම ජලාශයටද ඊයේ (23) මිලිමීටර් 14 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව එහි භාර ඉංජිනේරුවන් පැවසීය.

මේ අතර එම ජලාශ දෙකේම ජල මට්ටම පහළ බැසීමත් සමග, එම ජලාශ ඉදිකිරීමේදී මතුවූ නටඹුන් සහ දූපත් රැසක් මේ වනවිට යළි මතුවෙමින් තිබේ.

විමළසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂාපන, කැනියොන්, පොල්පිටිය යන ජලවිදුලි බලාගාරවල විදුලිය උත්පාදනය කිරීම ජලය ලබාගනු ලබන්නේ මෙම ජලාශයන්ගෙන්ය.

+


ඇත්ත එළිවෙනකොට හැකර්ලගේ පැත්තට දැම්මා – ඩොලර් මිලියන 2.5 ඉස්සුවේ මාලිමා ආණ්ඩුවමයි (24.04.2026)

+++

හත් අට දෙනෙක් අනුමැතිය දීලා සල්ලි යැව්වම ඒකට හැකර් ප්‍රහාරයක් කියන්න පුළුවන්ද ? (24.04.2026)

+++

හැකරා වෙන කවුරුත් නෙවෙයි අමාත්‍යංශ ලේකම් – අපිට බබා පාට් එක දාන්න එපා මහත්තයෝ (24.04.2026)

+++

හැක් නෙවෙයි මේ ආණ්ඩුවේ මෝඩකමට කරපු දෙයක් – නැත්තම් සෙට් එකම එකතුවෙලා කරපු හොරකමක් (24.04.2026)

+++

සල්ලි දාන්න කළින් වීඩියෝ කෝල් එකක් ගන්න තිබ්බා – මේල් එකක් ආපු පළියට එහෙම සල්ලි දානවද ? (24.04.2026)

+


අනිවාර්යෙන්ම බෞද්ධයා දැන සිටිය යුතුම කාරණාවක්…! පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි (24.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *