පාස්කු කොමිසම හමුවේ සංවේදී වූ හිටපු පොලිස්පති පූජිත්

පාස්කු කොමිසම හමුවේ සංවේදී වූ හිටපු පොලිස්පති පූජිත්

*********************************************

පාස්කු කොමිසම හමුවේ සංවේදී වූ හිටපු පොලිස්පති පූජිත්

(27.11.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ජයසුන්දර මහතා ඊයේ (26) සංවේදී වුණා.

ඔහුගෙන් සාක්ෂි විමසීම ඊයේ (26) අවසන් කළ අතර ඔහුගේ අවසන් සාක්ෂියේ අවසන් කොටස මාධ්‍යයට විවෘත වූයේ නැහැ.

++++++++++++

***************************************

(27.11.2020 – 12:02 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය විඩත්තපලෙයි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගමන්කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

ලෙබනනයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

අනතුර හේතුවෙන් 17 දෙනෙකු තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත්කර තිබෙනවා.

ඉන් බරපතළ තත්වයේ පසුවූ රියදුරු ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු (2) යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ජලනලයක ගැටී නතරවී තිබෙනවා.

පලෙයි පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

***************************************

(27.11.2020 – 12:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට පැවත්වීමට නියමිත සාගර ආරක්ෂාව පිළිබඳ සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය වන මාරියා අහමඞ් ඩිඩී අද (27) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සමඟ එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 5 දෙනෙකු ද මෙරටට පැමිණි බවයි.

එමෙන්ම, මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය සමඟ 7 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

***************************************

(27.11.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩුදී ඇති හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් බැටිකලෝ කැම්පස් පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන වෙනත් රජයේ විශ්වවිද්‍යාලයක් සමඟ සම්බන්ධ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

2021 අයවැය කාරක සභා විවාදයේ සිව්වන (4) දිනටත් අද පැවැත්වෙනවා.

අද (27) විවාදයට ගැනෙන්නේ ධීවර, වැවිලි සහ ඉඩම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.

***************************************

(27.11.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවා.

උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද (27) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත් පූර්ණ සහය ලබාදෙන බවයි එහිදී පවසා සිටියේ.

***************************************

(27.11.2020 – 15:37 +0530 – hirunews.lk/sinhala)

තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් බන්ධනාගාර දෙකක රැඳවියන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

වැලිකඩ සහ මීගමුව යන බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ගොඩනැගිල්ලක වහල මත නැඟ මෙලෙස විරෝධතාවක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු සහ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් හත්දෙනෙකු මෙලෙස විරෝධතාවයේ නිරතවනවා.

***************************************

(27.11.2020 – 15:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මීට පෙර පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර, එම කමිටුවේ නිර්දේශවලට අනුව හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඉවත් කර නව සභාපතිවරයා පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කමිටුව වෛද්‍ය සභාවේ ප්‍රධාන කරුණු පහකට (5) වරදකරු ලෙස මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුලු සාමාජිකයින් කිහිපදෙනෙකු නම් කර ඔවුන් වහාම වෛද්‍ය සභාවෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කර ඇති බවයි.

***************************************

(27.11.2020 – 17:54 +0530 – hirunews.lk/sinhala)

මෙරට පැවත්වීමට නියමිත සාගර ආරක්ෂාව පිළිබඳ සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී අද (27) පස්වරුවේ මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කර නඟා සිටුවීම සඳහා කලාපයේ සෙසු රටවල් සමඟින් සංවාදයක් ගොඩ නැඟීමට මුලිකත්වය ගන්නා ලෙස ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යෝජනා කර තිබෙනවා.

ඒ අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදීයි.

***************************************

(27.11.2020 – 19:00 +0530 – hirunews.lk/sinhala)

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී ජනාධිපතිතුමා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයායි. 1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙක්. මිට අමතරව ඔහු බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබෙනවා.

=========================================

(27.11.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන ඇහැලියගොඩ අධ්‍යපන කලාපයේ පාසල් 7 ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වෙන බවයි.

මේ අතර කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමඟ තවත් ප්‍රදේශ කිහිපයක පාසල් කිහිපයක්ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී අහඹු ලෙස කළ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල බලප්‍රෙද්ශයේ ඇති මින්නේරිය ජාතික පාසලේ ගුරුවරුන්ගේ පැමිණීම අද (27) පැවතියේ ඉතා අවම මට්ටමකයි.

ඒ අනුව අද (27) පාසලට පැමිණි දරුවන් පෙරවරු 08:30 පමණ වන විට නැවත හරවා යැවුණා.

හැටන් – කුයිල්වත්ත දෙමළ විද්‍යාලයේ සිසුවෙකුට කොවිඩ් ආසාදිත බවට වාර්තා වීමත් සමඟ එම පාසලටද අද (27) සිසුන් පැමිණ සිටියේ නැහැ.

ආසාදිත සිසුවාගේ ආශ්‍රිත සිසුන් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර පාසල විශබීජහරණය කිරීමේ කටයුතුද සිදු කෙරුණා.

මේ අතර කෑගල්ල – රුවන්වැල්ල – ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලයේ සිසුවෙකුගේ මවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් එම පාසලේ සිසුන් කිසිවෙකු අද (27) පැමිණ සිටියේ නැහැ.

විදුහල්පතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ලබන සතියේ පාසල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් අසාදිතයින් වාර්තාවීම ඉහල යාමත් සමග ඇහැලියගොඩ කලාපයේ පාසල් 7 ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

අනෙකුත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතයි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියත් සමඟ වසා දමා තිබූ යටියන්තොට මහජන පොළ ඊයේ (26) සිට යළි විවෘත කෙරුණා.

කෙසේ වෙතත් එහිදී මුව ආවරණ නොපැළඳීම ඇතුළු අනෙකුත් සෞඛ්‍ය උපදදෙස් කඩකළ පුද්ගලයින් 9 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර හුදෙකළා කර ඇති මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව වෙනුවෙන් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම අද (27) සිදු කෙරුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

+++++++++++++++++++

(27.11.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන අත්‍යවශ්‍ය ප්‍රදේශවලට රුපියල් පන්දහසේ දීමනාව සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ මල්ල තවදුරටත් ලබාදීමට සූදානම් බව සමෘද්ධි ගෘහ ආර්ථික හා ක්‍ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (27) පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර, ඊයේ (26) මෙරටින් හමුවූ ආසාදිතයින් 559 දෙනාගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර, එම සංඛ්‍යාව 253 ක්. 65 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්, 35 දෙනෙකු කළුතරින් සහ රත්නපුරෙන් ආසාදිතයින් 33 දෙනෙකු ඊයේ (26) සොයාගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් සොයාගෙන ඇත්තේ දෙමටගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 50 ක්.

ඊට අමතරව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 40 දෙනෙකු, කොටහේන – බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින් 39 දෙනෙකු, බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 22 දෙනෙකු ඊයේ (26) අලුතින් කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු කරගෙන තිබෙනවා.

මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 22,028 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 15,816 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 821 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අලුතින් ආසාදිතයන් 31 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

වැලිකඩ බන්ධනාගාරයෙන් 12 දෙනෙකු, බූස්ස බන්ධනාගාරයෙන් 9 දෙනෙකු අලුතින් හඳුනාගත් ආසාදිතයන් අතර වන අතර, සති දෙකකට (2) පසු කුරුවිට බන්ධනාගාරයෙන්ද එක් (1) ආසාදිතයෙකු වාර්තාවී තිබෙනවා.

රත්නපුර පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇති බව රත්නපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.පී. ඩබ්ලිව්. විතානගේ මහතා ප්‍රකාශ කළා.

ගාලු මුවදොර පිටියේ ශරීර සුවතාවල නිරතව සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

ඊයේ (26) දිනයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන්ද අනාවරණ වුණේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

මේ අතර, කෑගල්ල මහ රෝහලේ වාට්ටු අංක 2 හි සේවය කරන හෙදියකට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එම හෙදියගේ ආශ්‍රිතයන් වූ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හයදෙනෙකු (6) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකරන බවත්, ආසාදිත හෙද නිලධාරිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බවත් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කළා.

හැටන් – බගවන්තලාව ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් පස්දෙනෙකු (5) හඳුනාගෙන තිබෙනවා.

ඉන් එක් ආසාදිතයෙකු නිරෝධායනයට ලක් කර සිටියදී පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර එහි ප්‍රතිඵල පැමිණීමට පෙර ත්‍රිරෝද රථයකින් හැටන්, නෝවුඩ් ඇතුලු ප්‍රදේශ රැසක සංචාරය කර ඇති අතර, මංගල උත්සවයකටද සහභාගිවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මොහු කොළඹ – හෙට්ටිවීථිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට දීපවාලි උත්සවය වෙනුවෙන් බගවන්තලාවේ පිහිටි තම නිවසට පැමිණ ඇත්තේ පසුගිය 17 වනදායි.

අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා තුනකින් (3) ද ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පසුගිය 24 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ඇහැලියගොඩ – දිවුරුම්පිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවකින්ද ආසාදිතයන් 60 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරි වේලාව සංශෝධනය කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා යොමුකළ ලිපියකට විරෝධය පළ කරමින් තම දෛනික රාජකාරි පස්වරු 04:30 න් අවසන් කිරීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මකයි.

එහි බලපෑමෙන් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ රෝගින් හයදෙනෙකු (6) රෝහල් ගතකිරීම තවදුරටත් ප්‍රමාදවී තිබෙනවා.

එමෙන්ම සීදූව ප්‍රදේශයෙන් වාර්තාවූ ආසාදිතයන් තුන්දෙනෙකු (3) ද ඒ හේතුවෙන් රෝහල් ගතකිරීම ප්‍රමාද වූ බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා සඳහන් කළේ.

අද (27) පාර්ලිමේන්තුවේදී කොරෝනා ව්‍යාප්තිය හමුවේ අසීරුතාවට පත්ව සිටින ජනතාවට ලබාදෙන පහසුකම් පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කිරීමේදී ඊට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පිළිතුරු ලබාදුන් අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ද එක්වුණා.

+++++++++++++++++

(27.11.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 410 දෙනෙකු අද (27) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 16,226 ක්.

තවත් පුද්ගලයින් 5,703 දෙනකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව 22,028 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(27.11.2020 – 14:30 +0530 – hirunews.lk/sinhala)

හුදකලා කර ඇති ප්‍රදේශයන් හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වහා සේවයට වාර්තා කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙහෙයුම් කටයුතු පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ වනවිට ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා සඳහන් කළේ.

ඔහු අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තම සේවා අංශයේ සහකාර අධිකාරි අමතා එම උපදෙස් අනුව මෙලෙස සේවයට වාර්තා කළ යුතු බවයි ෴

++++++++++++++++++

(27.11.2020 – 15:16 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය වෙත නව පී.සී.ආර්.යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39,000 ක් පිරිනමා තිබෙනවා.

ස්විට්සර්ලන්ත රජය සහ අන්තර්ජාතික සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය විසින් මෙම පී.සී.ආර්. යන්ත්‍රය සහ පරීක්ෂණ කට්ටල පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නව යන්ත්‍රය සවිකිරීමත් සමඟ දිනකට මෙම රසායනාගාරය තුළ පී.සී.ආර්.පරීක්ෂණ 1300 ක ප්‍රමාණයක් සිදුකිරීමට හැකියාව පවතිනවා.

එම පරීක්ෂණ වල ප්‍රතිඵල පැය 04 ක් වැනි කෙටි කාළයක් තුළ නිකුත් කීරීමට ද හැකි වීම විශේෂත්වයක් ෴

+++++++++++++++++++++

(27.11.2020 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ඇහැළියගොඩ, දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් 19 ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී එම කර්මාන්ත ශාලාවේ තවත් 44 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව එම කර්මාන්ත ශාලාවෙන් මේ වනවිට හඳුනගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 51 ක් බවයි ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, දෙහිඕවිට, අවිස්සාවේල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

මේ අතර අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200 ක් පමණ වන සේවකයින් මේ වනවිටත් නිවෙස් තුල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++

(27.11.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 251 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

+++++++++++++++++++++++

(27.11.2020 – 17:23 +0530 – hirunews.lk/sinhala)

කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම, කැවුම් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ 08 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකුට ඊයේ (26) සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදියි.

මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවාස තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කුලවර්ධන මහතා සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *