රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව

• දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

• අද (08) මිය ගිය කොරෝනා රෝගියා ‘දෙහිවල සැඟවී සිටි ‘ මැණික් ව්‍යාපාරිකයා

• අද (08) මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායි

+++++++++++++++++++++++++++++++++++

රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව

(08.04.2020 – 23:22 +0530 – hirunews.lk/sinhala)

හෙට (09) දිනයේදී රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත් නොකරන බව පොලිසිය පවසනවා.

මෙම පොලිස් බල ප්‍රදේශ දෙක අතර ගමනාගමනයට ද අවසර ලබා නොදෙන බවයි පොලිසිය කියාසිටියේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනතේ විධි විධාන හා රෙගුලාසි උල්ලංඝණය කරමින් කටයුතු කිරීම වැළැක්වීමට මෙම පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළා.

කෙසේවෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රදේශවලට හෙට (09) උදෑසන 6 ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන අතර පස්වරු 4 ට යළි පනවනු ලබනවා ෴

+++++++++++++++++++++

දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(09.04.2020 – 06:07 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියලු දිස්ත්‍රික්කවල අද (09) උදේ 06.00 ට ඇඳිරි නීතිය ලිහිල් වු අතර, එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.

මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

මේ අතර ඊ‍යේ (08) රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කයට අද (09) උදෑසන ලිහිල් කරන ඇඳිරි නීතිය අද සවස 4 ට යළි පනවනු ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි.

එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන ලෙස ද අවධාරණය කෙරේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.

කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ ෴

+++++++++++++++++++++++++++++++++++

අද (08) මිය ගිය කොරෝනා රෝගියා ‘දෙහිවල සැඟවී සිටි ‘ මැණික් ව්‍යාපාරිකයා

(08.04.2020 – 20:53 +0530 – truenews.lk)

කොරෝනා වැළදීමෙන් අද (8) මියගිය පුද්ගලයා 44 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බව වාර්තා වනවා.

එම පුද්ගලයා ජර්මනියේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණ සිය රෝගය වසන් කරගෙන සිටි මැණික් ව්‍යාපාරිකයායි.

කොරෝනා වැලඳුණු ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා හා බිරිඳ සමීපව ඇසුරු කළ පනස් පස් දෙනකු රත්මලානෙන් හා ඔරුගොඩවත්තෙන් හඳුනාගෙන පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත පසුගිය දා යොමු කර තිබෙනවා.

ඔහු හා ඇය ඇසුරු කළ 34 දෙනකු රත්මලානෙන්ද, 21 දෙනකු ඔරුගොඩවත්තෙන්ද හමුවී ඇති බව වාර්තා වනවා.

ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද පවරා තිබෙනවා.

මෙම නඩුව කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක පැවැරූ පළමු නඩුවද වනවා.

තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී තිබෙන බව දැනගෙන එම තොරතුරු වසන් කිරීම, සෞඛ්‍ය නිලධාරීන් ලබාදුන් උපදෙස්වලට අවනත නොවීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඊට ආධාර අනුබල දීමෙ චෝදනාව යටතේ සැකකරුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබෙනවා.

​රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතේ 4 වැනි සහ 6 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් කර ඇතැයිද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262,263 සහ 264 යන වගන්ති යටතට ගැනෙන වරදවල් කර ඇතැයිද චෝදනා නගමින් අදාළ සැකකරුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබෙනවා.

+++++++++++++++++++++

අද (08) මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායි

(08.04.2020 – colombotoday.com)

කොරෝනා වැළදීමෙන් අද (8) මියගිය පුද්ගලයා 48 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි උම්රිඩ් නැමැත්තා වන බව වාර්තා වනවා.

එම පුද්ගලයා ජර්මනියේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණ සිය රෝගය වසන් කරගෙන සිටි මැණික් ව්‍යාපාරිකයායි.

කොරෝනා වැලඳුණු ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා හා බිරිඳ සමීපව ඇසුරු කළ පනස් පස් දෙනකු රත්මලානෙන් හා ඔරුගොඩවත්තෙන් හඳුනාගෙන පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත පසුගිය දා යොමු කර තිබෙනවා.

ඔහු හා ඇය ඇසුරු කළ 34 දෙනකු රත්මලානෙන්ද, 21 දෙනකු ඔරුගොඩවත්තෙන්ද හමුවී ඇති බව වාර්තා වනවා.

ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද පවරා තිබෙනවා.

මෙම නඩුව කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක පැවැරූ පළමු නඩුවද වනවා.

තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී තිබෙන බව දැනගෙන එම තොරතුරු වසන් කිරීම, සෞඛ්‍ය නිලධාරීන් ලබාදුන් උපදෙස්වලට අවනත නොවීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඊට ආධාර අනුබල දීමෙ චෝදනාව යටතේ සැකකරුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබෙනවා.

​රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතේ 4 වැනි සහ 6 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් කර ඇතැයිද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262, 263 සහ 264 යන වගන්ති යටතට ගැනෙන වරදවල් කර ඇතැයිද චෝදනා නගමින් අදාළ සැකකරුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *