රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රදුන්ට පළඳවයි

(25.11.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන්ට පැළදවීම අද (25) සිදු කෙරුණා.

නව චුඩා මාණික්‍යය පැලඳවු කොත නිරාවරණය කිරිමට නියමිතවී ඇත්තේ හෙට (26) පෙරවරුවේයි.

ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ නව චුඩා මාණික්‍යය පසුගිය 18 වනදා සිට ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සහ කුරුණෑගල අත්කඳ රජමහා විහාරස්ථානයේදී අවස්ථාව සලසා දී තිබුණා.

පසුගිය 22 වනදා රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය රුවන්වැලි සෑ පුද බිමට වැඩම කරවීමෙන් පසු අද (25) දහවල් 12 දක්වාම ජනතාව චූඩාමාණික්‍යය වන්දනා කළා.

මීට වසර 80 කට පමණ පෙර රුවන්වැලි මහ සෑ රදුන්ට පළදවා ඇති චුඩා මාණික්‍යය වෙනුවට පළඳවන මෙම රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය කපා ඔප දමා සකස් කෙරුණේ ඔස්ට්‍රියාවේදී යි.

චූඩා මාණික්‍ය සහිත රන් පාදමට මැණික් ගල් 5400 කට අධික ප්‍රමාණයක් අල්වා තිබීමද විශේෂත්වයක්.

මෙම සියලු කටයුතු අටමස්තානාධිපති ආචාර්ය පුජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමියන්ගේ සහ ප්‍රධාන සංඝ නායක ස්වර්ණමාලි චෛත්‍යරාමධිකාරි පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ මගපෙන්විම යටතේයි.

එ අනුව අද (25) පස්වරුවේ රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය රුවන්වැලි සෑ මුදුනට වැඩම කරවා මහ සෑ රදුන්ට පැලදවිම සිදු කෙරුණේ රුස්වසිටි සැඳැහැවතුන්ගේ සාදුනාද මධ්‍යයෙයි.

අනතුරුව වසර 80 කට පමණ පෙර තැන්පත් කෙරුණු චූඩා මාණික්‍යය පහළට වැඩම වූ අතර එය සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට නියමිතයි.

හෙට පෙරවරු 10 ට මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය පැළදවු රන් ආලේපිත කොත නිරාවරනය කිරිමට නියමිතයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

රුවන්වැලි මහසෑයේ නව චූඩා මාණික්‍යය පැළඳ වූ කොත නිරාවරණය කිරීම අද (26)

(26.11.2019 – 07:59 +0530 – hirunews.lk/sinhala)

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රදුන්ට පැළදවීම ඊයේ (25) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ අනුව අද උදෑසන 10:30 ට චූඩා මාණික්‍යය පැළද වූ රන් අලේපිත කොත නිරාවරණය සිදුකිරීමට නියමිතයි. ඒ, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

දැනට පවතින වසර 80 කට පමණ පෙර රුවන්වැලි මහසෑ රඳුන්ට පළදවා ඇති චූඩා මාණික්‍යය වෙනුවට මෙලෙස ඔස්ට්‍රේලියාවේදී කපා ඔප දැමූ ඉතා දුර්ලභ මැණික් වර්ගයක් වන ක්‍රිස්ටල් පාෂාණයෙන් සමන්විත නව චූඩා මාණික්‍යය පැළදවීම සිදුකෙරුණේ විශ්ව පාරමී පදනමේ සංකල්පයක් මතයි.

එමෙන්ම එහි රන් පාදමට මැණික් ගල් 5400 කට අධික ප්‍රමාණයක් ඔබ්බවා තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව අද (26) උදෑසන නව චූඩා මාණික්‍යය පැළදවූ රන් අලේපිත කොත නිරාවරණය කරන බවයි නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලී මහා චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සඳහන් කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රුවන්වැලිමහසෑයේ රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය නිරාවරණය කෙරේ

(26.11.2019 – 10:33 +0530 – hirunews.lk/sinhala)

රුවන්වැලි මහ සෑ රදුන්ට පැළදවූ රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය අද (26) පෙරවරුවේ නිරාවරණ කෙරුණා.

එම රන් අලේපිත කොත නිරාවරණය වූයේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

+++++++++++++++++++++

https://www.facebook.com/hirutv/videos/440326116900311/

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *