(14.11.2019 – 00:13 +0530 – lankaleadnews.com)
ජනාධිපතිතුමා විසින් මාස හතරකට අධික කාලයක් තිස්සේ පමා කරමින් තිබූ ඇමරිකාවේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ හෙවත් එම්.සී.සී. ආයතනය සමඟ අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් කිරීමට පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණි. ඒ සමගම අදාළ අමාත්‍ය මණ්ඩලය තීන්දුව නිල වශයෙන් ප්‍රකාශයට පත් වන වාර්තාව නිකුත් වීමට පෙර මංගල සමරවීර අමාත්‍යවරයා ගිවිසුමට අත්සන් තැබීමට සූදානම් වන බව වාර්තා විය. ඊට එරෙහිව විවිධ පාර්ශව වලින් මතුවූ විරෝධතාවය විශේෂයෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පූජ්‍ය අතුජ්‍ය අතුරලියේ රතන හිමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා මුණ ගැසී ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ ගිවිසුම හදිසියේ අත්සන් කිරීම වැළකුණි. වාර්තාවන ආකාරයට එහිදී ජනාධිපතිතුමා විසින් මංගල සමරවීර අමාත්‍යවරයා අමතා අමාත්‍යම මණ්ඩල තීන්දුව අනුව ගිවිසුම අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරණයට පසුව බව දන්වා ඇත. නමුත් මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් අමාත්‍ය මණ්ඩල තීන්දුවේ නිශ්චිතව කුමක් අඩංගු වන්නේ දැයි වාර්තා වී නැත.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තීන්දුව වෙනස් වීමට කුමන හේතුවක් බලපෑවාද යන්න දැනගැනීමට නැත. එහෙත් ඊට අදාළව ඇමරිකානු තානාපතිනිය විසින් නිකුත් කළ නිවේදනය අනුව ඒ පිළිබඳව යම් ඉඟියක් ලැබෙයි. එහිදී තානාපතිනිය සහ මංගල සමරවීර මහතා යන දෙදෙනා විසින්ම ඉදිරිපත් කරනු ලැබුවේ එකම ස්ථාවරයකි. එනම් පළමුව ගිවිසුම් අත්සන් කොට දෙවනුව එය පාර්ලිමේන්තුවට සහ පොදු මහා මහජනයාට ඉදිරිපත්පත් කරන ලෙස ය. වෙනත් වචනවලින් කියන්නේ නම් කසාදය අත්සන් කිරීමෙන් පසුව මනාලිය කවුරු දැයි සොයා බලන ලෙසය. එවැනි උපදේශයක් ලෝකයේ කිසිදු තානාපතිවරයෙක් රටක ජනාධිපතිවරයෙකුට ලබා දෙනු යැයි සිතිය හැකිද? කෙසේ වෙතත් පූජ්‍ය උඩුදුම්බර හිමියන් එම්.සී.සී. ගිවිසුමට එරෙහිව ආරම්භ කළ උපවාසය හේතුවෙන් තත්වයන් තාවකාලිකව වෙනස් වී ඇත. එනම් ජනාධිපතිවරණය අවසන් වන තෙක් ගිවිසුම අත්සන් නොකරන බවට අගමැතිවරයා විසින් සහතිකයක් ලබා දී තිබේ.
පිට මත සිටින්නා විසින් කෙවිටක ගැටගසන ලද කැරට් අලයක් පසුපස හඹායන දිගු කන් ඇති සත්වයා මෙන් මුදල් අමාත්‍යවරයා ද ජනතාවට පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද හොරෙන් කඩිමුඩියේ ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන්නේ ඇමෙරිකාව විසින් ලබාදෙන ඩොලර් මිලියන 480 ක කැරට් අලය දෙස බලාගෙනය. ඒ නිසා ගිවිසුමේ අවසන් ප්‍රතිඵලය කුමක් දැයි ඔහුට අදාළ නැත. නමුත් මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන බණ කියන අය තොරතුරු වසන් කරමින් හොර රහසේ කඩිමුඩියේ ගිවිසුම අස්සන් කිරීමට සැරසෙන්නේ මහජනයාගෙන් සැඟවීමට දෙයක් තිබෙන නිසා බව කුඩා ළමයෙකුට වුව ද වටහාගත හැක. ඊට අමතරව ගිවිසුමක් අත්සන් කිරීම මගින් ඊට නීත්‍යානුකූල භාවය ලබා දීමෙන් පසුව එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම යනු පාර්ලිමේන්තුවට නිග්‍රහ කිරීමක් බවද වටහා ගැනීම අමාරු නැත. කෙසේ වෙතත් රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළ ද විවිධ මූලයන් හරහා ගිවිසුම පමණක් නොව ඊට බලය ලබාදෙන ඇමරිකානු සෙනෙට් සභාවේ ලියවිලි පවා දැන් හෙළිදරව් වී ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් නම් වූ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනය විසින් කොන්ග්‍රස් මණ්ඩලයට දැනුම් දීමේ වාර්තාවක් ඉදිරිපත්කොට ඇත. එම වාර්තාවේ ශ්‍රී ලංකාවේ ඉඩම් විදේශීය ආයෝජකයින්ට පහසුවෙන් ලබා ගැනීම සඳහා නව ඉඩම් නීති දෙකක් හඳුන්වා දෙන බව ඉතා පැහැදිලිව සඳහන් වේ. ඊට අමතරව අත්සන් කිරීමට නියමිත ‘කොම්පැක්ට්’ හෙවත් ‘ගිවිසුම’ අනුව ඩොලර් මිලියන 480 වියදම් කිරීමේදී ශ්‍රී ලංකාවේ මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ නොහැකි අතර ඒ සඳහා එම්.සී.සී. ආයතන විසින් පනවන කොන්දේසි අනුව ක්‍රියා කළ යුතුය. (9 වැනි පිටුව) ඊට අමතරව ශ්‍රී ලංකාව එම ගිවිසුමෙන් ඉවත් වුවහොත් ලබාදුන් මුදල ආපසු ගෙවීමට සිදු වනවා පමණක් නොව වෙනත් ආකාරයකට වියදම් කළ මුදල් සඳහා වන්දි ගෙවීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් මෙම ගිවිසුම ආණ්ඩුව විසින් සාධාරණීකරණය කරන්නේ මුදල් ආධාර සහ ආයෝජන දිරි ගැන්වීමේ උවමනාව ඉදිරියට දමමිනි. නමුත් මෙම ආධාර මුදල් ඇත්ත වශයෙන්ම යොදවන්නේ රාජ්‍ය තුළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ආණ්ඩුව පෙළඹවීමේ උපාංගයක් හෙවත් ‘අත ඇඹරීමේ’ උපාංගයක් ලෙස බව පැහැදිළිව පෙනේ.
එම ගිවිසුම යටතේ ව්‍යාපෘති දෙකක් දියත් වන අතර ඩො.මි. 480 ක ආධාර මුදල වැයකෙරෙන්නේ එම ව්‍යාපෘති වල සමස්ත වියදම් පියවීමට නොව පරිපාලන ක්‍රියාවලියට සහ මූලික පහසුකම් සැලසීම සඳහාය. උදාහරණයක් ලෙස ඉහත සඳහන් කළ කොන්ග්‍රස් වාර්ථාවේ සඳහන් වන ඉඩම් පනත සම්මත කිරීමේ සහ ඉඩම් කළමණාකරණයට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් තොරතුරු පද්ධතිය පිහිටුවීමේ ක්‍රියාවලිය සඳහා ඉඩම් ව්‍යාපෘතියට අදාළ ආධාර මුදල් වැය කෙරේ. දෙවන ව්‍යාපෘතිය වන ප්‍රවාහන ව්‍යාපෘතිය අනුවද ඊට අදාළ මුදල් වැය කෙරෙන්නේ මූලික යෙදුම් සඳහා පමණි. එනම් ව්‍යාපෘති ඉදි කිරීම සඳහා වෙනත් ආකාරයට ණය හෝ ‘ගොඩනගා ක්‍රියාත්මක කොට පවරාදීම’ (BOT) වැනි මූල්‍ය උපාංග යොදා ගැනීට සිදු වේ.
එම්.සී.සී. ආයතනය විසින් නිකුත් කොට ඇති සිතියම අනුව ත්‍රිකුණාමලයේ සිට කොළඹ සහ කටුණායක දක්වා සළකුණුකොට ඇති ආයෝජන කලාපයට ඵලදායි ඉඩම් අක්කර ලක්ෂ 12 ක් අයත් වේ. ඉඩම් නීති, ඉඩම් කළමණාකරන ප්‍රතිසංස්කරණ සහ ඉලෙක්ට්‍රොනික ඉඩම් කළමණාකරණ පද්ධති ආදි වශයෙන් වන ඉඩම් ව්‍යාපෘතියට අදාළ ක්‍රියාවලිය අවශ්‍ය වන්නේ මෙම ඉඩම් පහසුවෙන් ආයෝජකයින්ට ලබා දීම සඳහා බව ඉතා පැහැදිළිව තේරුම් ගත හැක. ඊට අමතරව හම්බන්තොට, ඔළුවිල්, යාපනය සහ ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතවද එවැනි ආයෝජනස කලාප සළකුණු කොට ඇත. ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත කලාපයට අක්කර 33,000 ක් අයත් වේ. එම ආයෝජන කලාපය සඳහා සමාගම් කැඳවීමේ ව්‍යාපෘතිය භාරදී ඇති සිංගප්පූරුවේ ‘සුභානා ජුරෝන්ගේ’ නම් උපදේශක ආයතනයේ වාර්තා වලට අනුව එම ආයෝජන ඇමරිකානු, ජපාන, ඉන්දියානු සහ සිංගප්පූරු සමාගම් සඳහා පමණක් වෙන් කොට ඇත. එම ආයෝජන අතුරින් ඉහළම ප්‍රමුඛස්ථානයක් ලැබී ඇත්තේ විශාල පිරිසකට එකවර හෝටල්, නවාතැන් සහ විනෝදය සැපයීම ආදී සේවා සඳහාය. එහි රහස එළි වන්නේ එම්.සී.සී. ගිවිසුම සමඟ ක්‍රියාත්මක වීමට නියමිත ඇක්සා (ACSA) සහ සෝෆා (SOFA) යන ආරක්ෂක ගිවිසුම අධ්‍යයනය කිරීමේදීය. ඒ අනුව ආයෝජන දිරිගැන්වීමේ ගිවිසුමක් වන එම්.සී.සී. ගිවිසුම සහ ආරක්ෂක ගිවිසුම් අතර සම්බන්ධය කුමක් දැයි ප්‍රශ්ණයක් මතු විය හැක.
එම ආරක්ෂක ගිවිසුම් වල කළු සුදු අකුරින් මුද්‍රණය කොට ඇති වගන්ති අනුව ශ්‍රී ලංකාව ඇමරිකාවේ ඉන්දු පැසිපික් හමුදාවේ ප්‍රධාන සැපයුම් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත් වේ. ඒ අනුව ලක්ෂ 3 කට අධික ආරක්ෂක භට පිරිස් සහ 200 කට අධික නාවික යාත්‍රා සහ 100 යකට අධික ප්‍රහාරක ගුවන් යානා අයත් එම හමුදාවට අවශ්‍ය ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම සේවා සැපයීම සඳහා මහා පරිමාණයෙන් ආයෝජන දිරිගැන්වීම අවශ්‍ය වේ. එම්.සී.සී. ගිවිසුම මඟින් ඉටුවන්නේ එම අවශ්‍යතාවය බව තේරුම් ගැනීමට මහා විශාල උපාය මාර්ගික ඥාණයක් අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව ඉහත සඳහන් කළ විනෝදය සැපයීමේ සේවා අවශ්‍ය වන්නේ ඇමරිකානු හමුදා භටයින්ට බව පැහැදිළිව තේරුම්ගත හැක. ඇමරිකානු හමුදාවට ආහාර තරමටම විනෝදය වැදගත්වන බව දෙවන ලෝක යුද්ධ සමයේ අත්දැකීම් වලින් පැහැදිළි වේ. එසේ ඇමරිකානු භටයින්ට විනෝදය සැපයිම සඳහා ජපානය, කොරියාව සහ පිලිපීනය වැනි රටවලින් ලිංගික වහල් ශ්‍රමිකයින් ලෙස කාන්තාවන් රැගෙන ගිය බවට මෑත කාලයේ චෝදනා එල්ල වේ.
එම්.සී.සී. ගිවිසුමේ ඉඩම් ව්‍යාපෘතිය අනුව ආයෝජන සඳහා පහසුවෙන් ඉඩම් නිදහස් කිරීම මුල්කරගෙන නව ඉඩම් පනත් දෙකක් හඳුන්වා දෙනු ලැබේ. ‘ඉඩම් විශේෂ විධිවිධාන පනත’ මඟින් රජයේ බලපත්‍ර මත මහජනයා විසින් පරිභෝජනය කරන ඉඩම් වලට වෙළඳපොළේ විකිණිය හැකි අයිතිය ලබා දීම හරහා ඉඩම් වෙළඳපොළක් නිර්මාණය කෙරේ. ඊට අමතරව දෙවන පනත වන ‘ඉඩම් බැංකු පනත’ මඟින් රජයේ ඉඩම් පෞද්ගලික ආයෝජකයින්ට ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය තත්වය නිර්මාණය කෙරේ. ඊට අනුව සිරිමාවෝ ණ්ඩාරනායක මැතිනිය විසින් විදේශිකයින්ගෙන් පවරා ගත් දැනට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් එම බැංකුව මඟින් යලි විදේශිකයින්ට ලබාගැනිමට අවස්ථාව ලැබේ. ඒ සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත ද සංශෝධනය කිරීමට නියමිතය. එසේම පුද්ගලික ඉඩම් පහසුවෙන් වෙළඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍යවන අයිතිය නිරවුල් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහාද එම්.සී.සී. ගිවිසුම මඟින් පියවර ගැනේ. එම ක්‍රියාවලියට අදාළ නිතිමය රාමුව 1998 දී සමිමත කළ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත මඟින් සකස් වේ.
ඊට අමතරව එම්.සී.සී. ගිවිසුමේ දෙවන ව්‍යාපෘතිය වන ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා වෙන් කෙරෙන ආයෝජන පටිය මැදින් විදුලි දුම්රිය මාර්ගයක් සළකුණු කොට ඇත. එම විදුලි දුම්රිය අධිවේගී දුම්රියක් වන අතර එය සීමිත නැවතුම්පළවල පමණක් නවත්වනු ඇත. එම නිසා එම දුම්රිය මාර්ගය දෙපස විදුලි වැටක් මඟින් මහජන ආරක්ෂාව මෙන්ම දුම්රියේ ආරක්ෂාව තහවුරු කෙරෙන බවද සඳහන් වේ. ඒ අනුව යම් තෝරාගත් ස්ථාන වලින් පමණක් වාහන සහ පුද්ගලයින්ට මාරු වීම සඳහා ගුවන් පාලම් ඉදි කෙරෙනු ඇත. පෞද්ගලික විදේශීය සමාගමක ආයෝජනයක් ලෙස ඉදිකිරීමට නියමිත එම දුම්රිය මාර්ගයේ ආරක්ෂාව සඳහා එම සමාගමේ ආරක්ෂක භටයින් සහ අමතර ශ්‍රී ලංකාවේ නිළධාරීන් යොදා ගැනෙනු ඇත. කෙසේ වෙතත් ඒ මඟින් මහජනයාට සහ වාහන වලට විදුලි දුම්රිය මාර්ගය හරහා අනෙක් පැත්තට මාරු විම සඳහා යම් බාධා එල්ල වන බවට සැකයක් නැත.
එම විදුලි දුම්රිය මාර්ගය නිසා ශ්‍රි ලංකාව උතුරු ශ්‍රී ලංකාව සහ දකුණු ශ්‍රී ලංකාව ලෙස භෞතිකව සහ භූගෝලියව වෙන් වන බව පැහැදිළිය. මෙම දුම්රිය මාර්ගය ඇමරිකානු භටයින්, ආයෝජකයින් සහ භාණ්ඩ ත්‍රිකුණාමලය වරායේ සිට කොළඹ වරායට සහ කටුණායක ගුවන් තොටු පොළට කාර්යක්ෂමව ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා බවද තේරුම්ගත හැක. එහෙත් වැඩි මිලක් ගෙවා ශ්‍රී ලාංකිකයන්ටද එම දුම්රිය මඟින් ගමන් කිරිමේ ‘වාසනාව’ උදාවනු ඇත. ව්‍යාපෘතිය සඳහා වන වියදම් ඩොලර් මිලියන 480 ක ආධාරයට ඇතුලත්වන්නේ නැත. ඒ නිසා බොහෝ විට එය ‘ඉදිකොට, ක්‍රියාත්මක කොට බාරදීමේ’ (BOT) මූලධර්මය යටතේ විදේශීය සමාගමකට පැවරෙනු ඇත. විවිධ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු අනුව ජපාන් සමාගමක් ඒ සඳහා යොදා ගැනිමට ඉඩ ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ වැවිලි ආර්ථිකය පෝෂණය කිරීම සඳහා දුම්රිය මාර්ග ඉදිකිරීමට සමාන උපාය මාර්ගයක් අනුව ක්‍රියාත්මක වන බව තේරුම් ගැනිම අමාරු නැත. ආයෝජන දිරිගැන්විම සඳහා ඉඩම් මෙන්ම ප්‍රවාහනයද අත්‍යවශ්‍ය වේ. අද මෙන්ම එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය යටතේ ආයෝජන සඳහා ඉඩම් පනත් 4 ක් වරින්වර සම්මත කරනු ලැබිය. මුඩුබිම් පනත ඒ අතුරින් ප්‍රධාන වේ.
දැනටමත් අත්සන් කොට ඇති ඇක්සා (ACSA) ගිවිසුම සහ විදේශ ලේකම්ගේ එක් පෑන් පහරකින් බලාත්මක කළහැකි සෝෆා (SOFA) ගිවිසුම අනුව ඇමරිකාවේ 50 කට අධික විවිධ ආරක්ෂක හමුදාවල ලක්ෂ 30 ට ආසන්න ඕනෑම හමුදා නිලධාරියෙකුට ලංකාවේ ඕනෑම තොටුපළකින් සිවිල් ඇඳුමින් හෝ නිල ඇඳුමින් ආයුධ සන්නද්ධව හෝ එසේ නැතිව රට තුළට ඇතුළු විය හැක. ඒ සඳහා පාස්පෝට් හෝ වීසා හෝ පූර්ව දැනුම් දීම් අවශ්‍යවන්නේ නැත. එහිදී ඇමෙරිකානු හැඳුනුම්පත පමණක් පෙන්වීම සෑහෙන අතර රටට ඇතුල් වන ඇමෙරිකානු හමුදා නිලධාරීන්න්ගේ ගමන්මලු හෝ වාහන පරීක්ෂා කළ නොහැකි අතර රට තුලට ගෙන එන හෝ රටින් ගෙන යන භාණ්ඩ වලට බදු පැනවීමටද ශ්‍රී ලංකාවේ රජයට බලයක් නැත.
එම හමුදාවලට ගුවනින්, මුහුදින් හෝ මහා මාර්ග වලින් රට තුළ ඕනෑම තැනක සැරිසැරිය හැකි අතර කඳවුරු බැඳීමට ද එම ගිවිසුම මඟින් බලය ලබා දී ඇත. ඔවුන්ගේ වාහන අධිවේගී මාර්ග භාවිත කරන්නේ නම් ගාස්තු අය කළ නොහැකි අතර ඇමරිකානු රියදුරු බලපත්‍රය පිළිගැනීමට සිදුවේ. ඊට අමතරව සන්නිවේදනය සඳහා යොදා ගන්නා තරංග ආයාම සහ ක්‍රමවේද වලට අවසර දීමට ද ශ්‍රී ලංකාවේ රජය බැඳී සිටී. දකුණු කොරියාවේ හා ජපානයේ ඇමෙරිකානු හමුදා කඳවුරු ඇතත් මේ ආකාරයට මුක්තියක් එම හමුදාවලට ලබාදී නැත. ශ්‍රී ලංකාවේදී ඇමෙරිකානු හමුදා වලට පමණක් නොව ඔවුන්ට සේවා සපයන කොන්ත්‍රාත්කරුවන්ට සහ ඔවුන්ගේ සේවකයන්ට ද එම වරප්‍රසාද සියල්ල ලබා දීමට සිදුවේ. අවසාන වශයෙන් ඇමෙරිකානු හමුදා නිලධාරියකු ශ්‍රී ලංකාවේදී අපරාධ වරදක් සිදු කළහොත් ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔවුන්ට දඬුවම් කළ නොහැකි අතර ඔවුන් ඇමරිකානු තානාපති කාර්යාලයට භාර දීමට සිදුවේ. ඊට අමතරව ඇමරිකානු හමුදාවට භාණ්ඩ හා සේවා සපයන ආයෝජන සඳහා අඩු මිලට කම්කරුවන් ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා සහ ආයෝජකයින්ට සහ ඔවුන්ගේ සේවකයන්ට වීසා ලබා දීම සඳහා නව ආයෝජන කම්කරු පනතක් සහ නව ආගමන විගමන පනතක් කෙටුම්පත් කොට ඇති බවද ඉතා වගකීමෙන් සඳහන් කළ හැක.
– වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴