ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම – කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී (25.10.2019)

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම – කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී (25.10.2019) (විඩියෝ)

• අපි කවදාවත් ජීවත් වෙන්න ජනතාවගෙන් ඔක්සිජන් ඉල්ලන්නේ නෑ – මහින්ද රාජපක්ෂ (විඩියෝ)

• ආදර්ශ ඡන්ද විමසීම් නොපවත්වන්නැයි, මැතිවරණ කොමිසම ඉල්ලයි – නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද (26) සිට

• FCID හිටපු ප්‍රධානියාගෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• ETI තැන්පත්කරුවන් ජනපති අපේක්ෂකයන්ගෙන් පැහැදිළි කිරීමක් ඉල්ලයි (විඩියෝ)

• ලක්ෂ්මන් යාපාගෙන් ඇමති සජිත්ට අභියෝගයක් (විඩියෝ)

• හිටපු ඇමති ෆවුසි ගෙන් පැහැදිළි කිරීමක් (විඩියෝ)

• ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බව ගෝඨාභය කියයි (විඩියෝ)

• ජනපති අපේක්ෂක සජිත්ට හම්බන්තොටින් අභියෝගයක් (විඩියෝ)

• හකීම් ගැන පැමිණිලි කළ මව්ලවිතුමන් පොලීසියට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම – කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී (25.10.2019)

+++++++++++++++++++++

අපි කවදාවත් ජීවත් වෙන්න ජනතාවගෙන් ඔක්සිජන් ඉල්ලන්නේ නෑ – මහින්ද රාජපක්ෂ

(25.10.2019 – 14:42 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද (25) පෙරවරු 9.45 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ මහතා සම්මන්ත්‍රණ ශාලාවේදි ආරම්භ විය.

ඒ මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, වෘත්තීයවේදීන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඉදිරි පස් වසර වෙනුවෙන් සකස් කෙරුණු ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර තිබුණේ ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය වෙත සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිරිණමනු ලැබීය.

අනතුරුව එය පිරිණැමුණේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙතයි.

දස වැදෑරුම් ප්‍රතිපත්ති අනුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදී ඇති අතර මිත්‍රශීලි සහ නොබැදුනු විදේශ ප්‍රතිපත්තියක්, පිරිසිදු රාජ්‍ය පාලනයක්, ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්, ඵලදායි පුරවැසියෙක්, සශ්‍රික මානව සම්පතක්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, තාක්ෂණය මත පදනම් වන සමාජයක්, භෞතික සම්පත් සංවර්ධනය, තිරසාර පරිසර කළමනාකරණය, විනයගරුක, නීතිගරු සහ ගුණාත්මක සමාජයක් ගොඩනැගීම යන කරුණුවලට මුල්තැන ලබාදී තිබේ.

පසුව උත්සව සභාව අමතමින් ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉදිරි දැක්ම පැහැදිලි කළේය.

අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශනය නව තාක්ෂණය ඔස්සේ තරුණ ප්‍රජාවට භාර කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඉන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පිරිණැමුනේ වෘත්තියවේදීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් හා දේශපාලනඥයින් වෙතයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙහිදී පැමිණ සිටි සභාව ආමන්ත්‍රණය කර සිටියේය.

ප්‍රතිපත්ති ලිඛිතව ඉදිරිපත් කළත් නැතත් මේ රටේ ජනතාව එය එතරම් වැදගත් ලෙස සලකනවා ඇතැයි තමා විශ්වාස නොකරන බවද මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

එයට හේතුව වන්නේ ජනතාව අතීත දේශපාලන ජීවිතය දෙස බලා තම ප්‍රතිපත්තිය කුමක් ද යන්න තේරුම් ගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ කිසි දිනක ජීවත් වීමට ඔක්සිජන් ජනතාවගෙන් ඉල්ලන්නේ නැති බවයි.

සැමදා තම සටන වුයේ ජනතාවගෙන් උඳුරා ගත් ඔක්සිජන් නැවත ඔවුන්ට ලබා දීමට යනුවෙන් ද පැවසු රාජපක්ෂ මහතා, 92 දී කොළඹ සිට මාතරට පාගමනක් යන විට තරුණයින් 60,000 කගේ ඔක්සිජන් ප්‍රේමදාස මහතා අහිමි කර තිබු බවත් පැවසීය.

එය බොහෝ අයට අමතක වී ඇතැයි ද පැවසු විපක්ෂ නායකවරයා, එනිසා ජනතාව අතර ඇති සම්බන්ධය මත ප්‍රතිපත්ති තීන්දුව එළි දක්වන බවත් කියා සිටියේය.

අපියි ප්‍රතිපත්තියයි දෙකක් නොව එකක් බවත් පැවසු ඒ මහතා, එනිසා තම පක්ෂය යථාවාදී ලෙස කියන දේ කරන බවත් කරන දේ කියන බවත් පැවසීය.

කිසිදාක රහස් ගිවිසුම් තමා සතුව නැති බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, කිසිම ජාතියක් රැවටීමට තමා සුදානම් නැති බවත් සඳහන් කළේය.

එමෙන්ම කිසි කෙනෙකුගේ කොන්දේසි හෝ බලපෑම් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොමැති බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, කිසිදු විදේශ ජාතියකට යටවෙන අකුරක් හෝ මෙම මැතිවරණ ප්‍රතිපත්තියේ නොමැති බවත් පැවසීය.

අනෙක් අයට ඇත්තේ පළිගන්න රාජ්‍ය ප්‍රතිපත්තියක් බවත් පැවසු ඒ මහතා, අපිට ඇත්තේ පිළිගන්න ප්‍රතිපත්තියක් බවත් සඳහන් කළේය.

එපමණක් නොව මොවුන් රෑට නිදා ගන්න බැරි රටක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවත්, අපට අවශ්‍ය රෑට බය නැතිව නිදා ගත හැකි රටක් හැදීමට බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා 2015 දී තමා ගෙදර ගියේ සුරක්ෂිත රටක් බවත් පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් විනාශ වු රට නැවත සුරක්ෂිත කිරීමට මෙන්ම මරණ බයෙන් තොර රටක් නැවත නිර්මාණය කිරීමට හැකි බවට තමා ප්‍රතිඥා දෙන බවත් එය කළ හැකි නායකයෙක් ඉදිරිපත් කළ බවත්, ඔහුව දිනවන ලෙසත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා සභාව අමතමින් පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/440494903263403/

***************************************

ආදර්ශ ඡන්ද විමසීම් නොපවත්වන්නැයි, මැතිවරණ කොමිසම ඉල්ලයි – නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද (26) සිට

(26.10.2019 – 07:28 +0530 – hirunews.lk/sinhala)

පූර්ව ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඇතැම් පෞද්ගලික ආයතන සහ උපකාරක පන්ති ආශ්‍රිතව එවන් ආදර්ශ ඡන්ද විමසීම් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ.

ජනාධිපතිවරණ පනතට අනුව එය පටහැනි ක්‍රියාවක් බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළා.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කළේ එම කටයුතු ලබන මස 9 වනදා දක්වා තැපැල් කාර්යාල මට්ටමින් සිදුකෙරෙන බවයි.

ලබන මස 3 වන ඉරුදින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.

තැපැල්පතිවරයා ජනතාවට දැනුම් දෙන්නේ ලබන මස 9 වනදා වනවිටත් ඡන්ද දැන්වීම් පත්‍රිකා තම නිවසට නොලැබුණේ නම් ළගම පිහිටි තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගන්නා ලෙසටයි ෴

***************************************

FCID හිටපු ප්‍රධානියාගෙන් හෙළිදරව්වක්

(25.10.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටයුතු සඳහා දේශපාලන බලපෑම් එල්ල වූ බවට එහි හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍යාලංකාර මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත විශේෂ අනාවරණයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

පැවති රජයේ වංචා දූෂණ සොයා බැලීමට 2015 වසරේදී ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCID යේ වසර 4 කට ආසන්න කාලයක් ප්‍රධානියා ලෙස කටයුතු කළේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතායි.

***************************************

ETI තැන්පත්කරුවන් ජනපති අපේක්ෂකයන්ගෙන් පැහැදිළි කිරීමක් ඉල්ලයි

(25.10.2019 – 20:31 +0530 – hirunews.lk/sinhala)

තැන්පත්කරුවන්ගෙන් මුදල් ලබාගෙන වංචා සිදුකරන මුල්‍ය ආයතන සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද ජනාධිපති අපේක්ෂකයින් පැහැදිලි කළ යුතු බව ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.

ඔවුන් කොළඹ දී අද (25) විරෝධතාවක් ද නිරත වුණා.

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය මෙම විරෝධතාව පැවැත්වුණේ කොළඹ ලිප්ටන් වටරවුමේදී.

එහිදී ඔවුන් ප්‍රකාශ කළේ වසර දෙකකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට නීතිය ක්‍රියාත්මක කර නොමැති බවයි.

***************************************

ලක්ෂ්මන් යාපාගෙන් ඇමති සජිත්ට අභියෝගයක්

(25.10.2019 – 20:30 +0530 – hirunews.lk/sinhala)

තැපැල් ඡන්දයට පෙර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැකිනම් එළිදක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අද අභියෝග කර සිටියා.

ඒ, කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

හිටපු ඇමති ෆවුසි ගෙන් පැහැදිළි කිරීමක්

(25.10.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඊයේ (24) සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

“අපි ගෝටා මැරුවා නම් … ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙනවා”

***************************************

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බව ගෝඨාභය කියයි

(25.10.2019 – 20:08 +0530 – sinhala.adaderana.lk)

බුද්ධි අංශ යළි බල ගන්වා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනරැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

***************************************

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බව ගෝඨාභය කියයි

(25.10.2019 – 20:08 +0530 – hirunews.lk/sinhala)

බුද්ධි අංශ යළි බල ගන්වා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ (24) පැවති ජනරැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

***************************************

ජනපති අපේක්ෂක සජිත්ට හම්බන්තොටින් අභියෝගයක්

(25.10.2019 – 19:13 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අභියෝගයක් සිදුකළා.

ඒ, හම්බන්තොට – මාගම්පුර වරාය නිරීක්ෂණය කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණීමත් සමඟ ඇති වූ තත්ත්වයෙන් පසු ඔහු ලබාදුන් බව කියන දුරකතන ඇමතුමක් පිළිබඳවයි.

එහිදී ඔහු කියා සිටියේ සිදුවීමට පසු දින අමාත්‍ය සජිත් ප්‍රේමදාස එම පිරිස තමාගේ අනුදැනුමකින් තොරව පැමිණි බව සඳහන් කර ඔවුන්ට පහර නොදුන්නේ ඇයිදැයි විමසා සිටි බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24) එක්වෙමින් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියා.

***************************************

හකීම් ගැන පැමිණිලි කළ මව්ලවිතුමන් පොලීසියට

(25.10.2019 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, සහරාන් හෂීම් සමඟ සබඳතා පවත්වා ඇති බවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මව්ලවිතුමන් අද (25) පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබුණා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය ප්‍රචාරය කරන බවට ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් වන පරික්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

අමාත්‍ය රවුෆ් හකීම් සහ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් අතර පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් වූ වීඩියෝවක් පසුගිය සතියේදී සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වුණා.

ඒ සම්බන්ධයෙන් පසුගිය 18 වනදා පොලිස් මූලස්ථානයට පැමිණිලි කරමින් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මව්ලවිතුමන් ඇතුළු පිරිසක් කියා සිටියේ අමාත්‍ය රවුෆ් හකීම් අත්අඩංගුවට ගත යුතු බවයි.

කෙසේ වෙතත්, අද (25) දිනයේ පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණීමෙන් අනතුරුව මොහොමඩ් මිෆ්ලාල් මව්ලවිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමාට මෙම සිදුවීම පිළිබඳව අදහස් ප්‍රකාශ නොකරන ලෙස දුරකථන ඇමතුම් ලැබෙන බවයි.

මේ අතර, අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය අමීර් අලී ද පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමඟ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *