බෞද්ධාගම වැළඳගත් ෆාතිමාට අත්වූ ඉරණම

(24.08.2019 – 21:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර දී තිබෙනවා.

එහෙත්, තම විවාහයත් සමග මුස්ලිම් ආගම අතහැර බෞද්ධාගම වැළඳගත් බියගම ප්‍රදේශයේ කාන්තාවකට විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වනවා.

https://www.youtube.com/watch?v=RXMKxr3yOxs#t=5

***************************************

සුරේන් බටගොඩ කෝප් කමිටුව මග හරී

(24.08.2019 – 19:37 +0530 – hirunews.lk/sinhala)

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත ඊයේ කැදවා තිබුණේ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරින්.

කෙසේ වෙතත්, එම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ නොපැමිණීම සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජිකයන්ගෙන් එල්ල වූයේ දැඩි අප්‍රසාදයක්.

කෙසේ වෙතත්, විදුලිබල අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්, ඉන්ද්‍රානි විතානගේ කෝප් කමිටුව හමුවට පැමිණ සිටි අතර ඇය ද කමිටුව හමුවේ අදහස් දක්වා සිටියා.

මේ අතර, පෙර දින කෝප් කමිටුව හමුවට කැදවා තිබූ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරින්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කළුගං ව්‍යාපෘතියේ වැලිකොට්ට එලීම සදහා රුපියල් මිලියන 9 කට වැඩි ප්‍රමාණයක් වියදම්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

එහිදී ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර කරුණු දැක්වුවා.

***************************************

රටේ වත්කම් ඉහළ නැංවූ බව විපක්ෂ නායක මහින්ද කියයි

(24.08.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

පැවති රජය රටේ වත්කම් ඉහළ නැංවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ අනුරාධපුර – රුවන්වැලි සෑ රදුන් අභියස පැවති උත්සවයකට එක්වෙමින්.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය විසින් මහබැංකු හිටපු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත දේශකීර්ති ලංකා පුත්‍ර ගෞරව සම්මානය පිරිනැමීමේ නිමිත්තෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

***************************************

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට සැකයක්

(25.08.2019 – 21:14 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්හට පසුගියදා දුන් තීන්දුවෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය හා නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළ ආකාරය සැක සහිත බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කළුතර ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, විවාහයෙන් පසු මුස්ලිම් ආගම අතහැර බෞද්ධාගම වැලදගත් බියගම ප්‍රදේශයේ කාන්තාවකට විවිධ තාඩන පීඩනවලට ලක්වීම සම්බන්ධයෙන්ද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

නින්දක් කළ අනතුර

(25.08.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, තිත්තකඩේ ප්‍රදේශයේ ඇගලුම්කම්හලක් අසල දී කුඩා ලොරි රථයක්, මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

කුඩා ලොරි රථයේ රියදුරාට නින්දයෑම හේතුවෙන් මාර්යේ ඉදිරියෙන් පැමිනි මෝටර් රථයක මෙලෙස ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම අනතුරින් මෝටර් රථයේ රියදුරා සහ ලොරි රථයේ කිහිපදෙනකු තුවාල ලබා, හලාවත රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

***************************************

හිරු CIA : විනෝද චාරිකාවක් නිසා අකර්මන්‍ය වූ කදානේ රෝහල

(25.08.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විනෝද චාරිකාවක් සදහා පිටත්ව ගොස් ඇති නිසා සම්පූර්ණයෙන් අකර්මන්‍ය වූ රෝහලක් පිළිබදව තොරතුරු හිරු CIA වෙත වාර්තා වුණා.

කරුණු සොයා බැලීමේදී අනාවරණය වුනේ ඔවුන් කතරගම වන්දනාවේ ගොස් ඇති බවයි.

මේ රජයට අයත් කදාන ප්‍රාදේශීය රෝහලයි.

වෛද්‍යවරුන් 20 ක් පමණ සහ හෙදියන් 50 දෙනෙක් පමණ සේවය කරන මෙම රෝහල ඊයේ දිනයේ සිට අකර්මන්‍ය වී තිබෙනවා.

ඒ රෝහල් කාර්ය මණ්ඩලයෙන් තුනෙන් දෙකක් පමණ පිරිසක් බස්රථයක් සූදානම් කරගෙන කතරගම වන්දනාවේ ගොස් ඇති නිසාවෙනි.

පාන්දර 5 ට පමණ රෝහලට පැමිණි මෙම බස් රථයෙන් අදාල පිරිස පිටත්ව ඇත්තේ රෝහලේ ආපන ශාලාවේ සේවකයන්ද සමගිනි.

ඒ අනුව ඊයේ සිට රෝහල් ආපන ශාලාවද මෙලෙස වසා දමා තිබෙන අයුරු එහි ගිය අපට දක්නට ලැබුණා.

මේ අද දවසේ රෝහලේ තත්ත්වයයි :

***************************************

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පරීක්ෂණ ගැන අවිශ්වාසයෙන්

(25.08.2019 – 19:45 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුවු කරුණු පිළිබඳව තමන් විමසීම් කළද, ඊට මෙතෙක් නිසි පිළිතුරු ලැබි නොමැති බවත්, පිළිතුරු ලැබෙන බවට විශ්වාසයක්ද තමන් තුළ නොමැති බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

රාගම, තේවත්ත ජාතික බැසිලිකාවේ පැවති වාර්ශික රෝගින් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පල කළා.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දේව මෙහෙය සඳහා ඉතාලියේ පෙරුජියා පදවියේ රදගුරු අති උතුම් ගුවාලිට්ටිරෝ කාදිනල් බසෙට්ටි හිමිපාණන්ද එක්ව සිටියා.

එසේම මෙම දේව මෙහෙය සඳහා පාස්කු ඉරුදින කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ සහ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිදුවු ත්‍රස්ත ප්‍රහාර වලින් තුවාල ලැබුවන්ද එක්ව සිටිම විශේෂත්වයක්.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් කාදිනල් හිමිපාණන්ට පොරොන්දුවක්

(25.08.2019 – 17:09 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවන් වන අය නීතියේ ආධිපත්‍ය යටතට ගෙන ඒමට බලය ලත් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කර ඇති ඉල්ලීමට තම රජයට බලයට පත්වූ විට නොපමාව ඉටු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ සමස්ත ජනතාවටම ත්‍රස්තවාදයෙන් සහ අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදෙන බව ද තමා ඉඳුරාම ප්‍රකාශ කරන බවයි.

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු හිමිපාණන් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය කෙරෙහි තමාගේ අවදානය යොමු වූ බව ද එහි දැක්වෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

රුපියලේ අගය ආරක්ෂා කිරීමේ අභියෝගයට සූදානම් – බන්දුල ගුණවර්ධන

(25.08.2019 – 19:03 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම රුපියලේ අගය ආරක්ෂා කිරීමේ අභියෝගය භාර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවක එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ද එක්ව සිටි අතර, නෙලුම් පොකුණ රඟහලේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික සම්මේලනයේදී මාධ්‍යවේදීන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ඔහු සිය කණගාටුව පළ කළා.

***************************************

දිවි පරදුවට තබා හෝ රට ආරක්ෂා කරනවා – යුද හමුදාපති

(25.08.2019 – 19:00 +0530 – hirunews.lk/sinhala)

තම ජීවිතය පරිත්‍යාග කර හෝ රට ආරක්ෂා කිරීමට කැප වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ, මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අභිනව ධුරයට පත්වීමෙන් අනතුරුව යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැද ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දුටු ඔහු පසුව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් ද බැහැදුටුවා.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි යුද හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

එහිදී අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් අනුශාසනාවක් සිදුකළා.

+++++++++++++++++++++

***************************************

හම්බන්තොට අධිවේගී මාර්ගයේ නීතිවිරෝධීව ධාවනය කෙරුණු ත්‍රිරෝද රථයේ හිමිකරු සොයා පරීක්ෂණ

(25.08.2019 – 17:17 +0530 – hirunews.lk/sinhala)

වැඩ අවසන් කරන ලද හම්බන්තොට – අධිවේගී මාර්ගයේ නීතිවිරෝධී ලෙස ධාවනය කරමින් තිබියදී ගිනි ගැනීමට ලක්වූ ත්‍රිරෝද රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම ත්‍රිරෝද රථය හම්බන්තොට නව අධිවේගී මාර්ගයට ඇතුළු කර ඇත්තේ කටුවැව මංසන්ධියේ පිහිටි ප්‍රධාන අධිවේගි මාර්ග පිවිසුමෙන් බවයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ත්‍රිරෝද රථය හම්බන්තොට දෙසට ධාවනය කරමින් තිබියදී පෙරේදා පස්වරුවේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර, එහිදී රියදුරු පළා ගොස් ඇති බව සඳහන්.

මේ අතර, ත්‍රිරෝද රථය ගිනි ගැනීමෙන් වැඩ අවසන් කරන ලද හම්බන්තොට නව අධිවේගී මාර්ගයට ද අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගයට සිදුවූ හානිය තක්සේරු කිරීමෙන් අනතුරුව ත්‍රිරෝද රථයේ හිමිකරුගෙන් එම මුදල් අය කර ගන්නා බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය සඳහන් කළේ ෴

***************************************

තහනම් සංවිධානවලට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

(25.08.2019 – 16:02 +0530 – hirunews.lk/sinhala)

තහනම් සංවිධානවලට ආධාර අනුබල දීමේ චෝදනාවට පුද්ගලයෙකු මාවනැල්ල – මුරුතවෙල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලූයම 60 හැවිරිදි මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලමික් නැමති සංවිධානය නියෝජනය කරන මෙම සැකකරු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රදවාගෙන ප්‍රශ්න කෙරෙනවා ෴

***************************************

පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවෙන්, ජනපතිට ලිපියක්

(25.08.2019 – 12:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කාරක සභාව ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

එහි සාමාජිකයෙකු සඳහන් කළේ පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මෙම ඉල්ලීම යොමුකළ බවයි.

එම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඒ සඳහා ජනාධිපතිවරයාට පහසු දිනයක් පිළිබඳ දන්වා එවන ලෙසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි රැස්වන දිනය තීරණය වන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ලැබීමෙන් පසුව බව සඳහන්.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන මෙම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ නිල කාලය පසුගිය සිකුරාදා දිනයෙන් අවසන් වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් එහි කාලසීමාව එළඹෙන සැප්තැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට මාස 4 කුත් දින 4 ක් ගතවනවා.

මෙම කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍යවරයා, හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන්, යුද හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරුන්, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුලූ තවත් ප්‍රභූවරුන් රැසක් පෙනී සිටියා.

කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පසුගියදා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර ලැබීමෙන් පසු අවසන් වාර්තාව සකස් කිරීමට කටයුතු කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *