වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි ගණන 700 ට ළංවෙයි – අද (04) කුරුණෑගලට පැමිණිලි 42 ක්

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 07
පිටුව – [01][02][03][04][05][06][07]

(04.06.2019 – 13:11 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය මොහොමඩ් ෂාෆි ගෙන් සිසේරියන් සැත්කම් කරගත් තවත් මව්වරුන් 42 දෙනෙකු අද කුරුණෑගල ශීක්ෂණ රෝහලට සිය පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

මේ වන විට අදාළ වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි සංඛ්‍යාව 700කට ආසන්නයි.

වෛද්‍ය මොහොමඩ් ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් අදත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත සිය පැමිණිලි ඉදිරිපත් කළේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ කිසිවක් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ කුරුණෑගල ශාඛාවේ නියෝජිතයින් සඳහන් කළේය.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා වෛද්‍ය ෂාෆිගේ සිද්ධිය සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

+++++++++++++++++++++

ෂාෆි ගැන වෛද්‍ය සභාව නිහඬ ඇයි?

(04.06.2019 – 16:50 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ෂාෆි සිහාබ්ඩීන් විසින් සිදුකරනු ලබන මේ සමූලඝාතන වෑයම සම්බන්ධයෙන් නිහඬතාවයක් පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (04) වෛද්‍ය ෂාෆි සිහාබ්ඩීන්ට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

“රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේම වැරදි කරන වෛද්‍යවරුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පැවරී තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටයි.

නමුත් අවාසනාවකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාෆි සිහාබ්ඩීන් විසින් සිදුකරනු ලබන මේ සමූලඝාතන වෑයම සම්බන්ධයෙන් නිහඬතාවයක් තමයි පෙන්නුම් කරන්නේ.

ඒ නිසා අද අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ආවේ දොරට තට්ටු කරලා නිදාගෙන ඉන්නවා නම් ඇහැරවලා තමන්ට නීතියෙන් පැවරිලා තියෙන වගකීම ඉටුකරන්න යැයි සිහිපත් කරලා අපේ පැමිණිල්ල භාර දීම සඳහායි.

අපි ඉල්ලා සිටියා මෙම සාෆි සිහාබ්ඩීන්ට වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඔහු වැරදිකරු බව තහවුරු වුණොත් ඔහු තවදුරටත් වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් ජාතිය වඳ කිරීමේ ක්‍රියාවලියේ යෙදීම නතර කරලීමට පියවර ගන්නා ලෙස.

මොකද වෛද්‍යවරයෙක් සිය වෘත්තියේ යෙදීම නතර කළ හැකි එකම ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පමණයි.

ඒ වගේම මේ වන විට රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් පත්කළ කමිටුව විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වා වාර්තාවක් භාර දුන් බවට ආරංචියි.

නමුත් රටේ ජනතාව නම් කියන්නේ රාජිත සේනාරත්න පත් කරන කමිටුවකින් සාෆි සිහාබ්ඩීන් ගැන පරීක්ෂණ පවත්වනවාට වඩා සාෆි සිහාබ්ඩීන් ගේ මෑණියන්ගෙන් මූලිකත්වයෙන් කමිටුවක් පත් කරලා මේ පිළිබඳ සොයා බැලුවොත් ඊට වඩා විශ්වාසයක් තබාගත හැකි බවයි.

ඒ නිසා රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් කෙතරම් පිළිගත හැකි පුද්ගලයින් සිටින කමිටුවක් පත් කළත් මේ රටේ ජනතාව ඒම කමිටුව විශ්වාස කරන්නේ නැහැ.

එම නිසා එම කමිටුවේ වාර්තාව කුණු කූඩයට විසි කරල ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි කියන මතයේ අප සිටිනවා.”

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 735 ක් දක්වා ඉහළට

(04.06.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගෙන් සිසේරියන් සැත්කම් සිදුකරගත් තවත් මව්වරුන් 91 දෙනෙකු අද කුරුණෑගල හා දඹුල්ල රෝහල් වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 735 ක්.

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගෙන් සිසේරියන් සැත්කම් සිදුකරගත් තවත් මවුවරුන් පිරිසක් අද දිනයේත් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත පැමිණිලි ඉදිරිපත් කළා.

ඒ අනුව කුරුණෑගල රෝහලට අද දිනයේ පැමිණිලි 70 ක් ලැබී තිබෙන අතර දඹුල්ල රෝහලට පැමිණිලි 21 ක් ලැබී තිබෙනවා.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ සිදුවීමට අදාලව අපක්ෂපාතී පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙස ඉල්ලා කුරුණෑගල දිස්ත්‍රික් සියලු රෝහල් කාර්ය මණ්ඩල එක්ව මහජන පෙත්සමක් සදහා අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමද අද (04) ආරම්භ කළා.

මේ අතර පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අත්අඩංගුවේ පසුවන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+++++++++++++++++++++

30.05.2019

+++++++++++++++++++++

දොස්තර ෂාෆි බේරාගන්න වෛද්‍ය පිරිසක් මැදිහත් වෙලා

(01.06.2019 – lankadeepa.lk/sunday/)

සිංහල බෞද්ධ කාන්තාවන් වඳ භාවයට පත්කිරීමේ සැත්කම් කළ බවට සැකයට භාජනය වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂාෆි ෂිහාබ්දීන් මහතා එම චෝදනාවෙන් බේරා ගැනීම සඳහා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන් පිරිසක් මැදිහත්ව සිටින බව ‘ඉරිද‌ා ලංකාදීපයට’ වාර්තා වේ.

වේසිපුත්‍ර සිසේරියන් සාපියා

මෙසේ මැදිහත්ව සිටින වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් කුරුණෑගල ශික්ෂණ රෝහලේම සේවය කරන බව වාර්තා වන අතර මොවුන් සියලුම දෙනා සිංහල වෛද්‍යවරුන් වීම ද විශේෂත්වයකි.

කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසුතිය සඳහා සිසේරියන් සැත්කම් සිදුකර ගැනීමට පැමිණි මවුවරුන්ගේ සිසේරියන් සැත්කම් විශාල සංඛ්‍යාවක් මෙම වෛද්‍යවරුන් විසින් සිදුනොකොට සැකයට භාජනය වී සිටින ෂාෆි සිහාබ්දීන් වෛද්‍යවරයාට පවරා ඇති බව ද මේ දිනවල සිසේරියන් සැත්කම් වලට ලක්වූ කාන්තාවන් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපත් කරන පැමිණිලි වලින් සිසේරියන් සැත්කම් මඟහැර ගිය මෙම වෛද්‍යවරුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. එම වෛද්‍යවරුන්ට පැවරුණු සිසේරියන් සැත්කම් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට පවරා ඇත්තේ කුමන පදනමක් මතදැයි අනාවරණය වී නැති අතර කාන්තාවන්ගෙන් ලද පැමිණිලි පිළිබඳව සිදුකරන විමර්ශන වලදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇතැයි ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන්ගෙන් ලැබී ඇති පැමිණිලි මාර්ගයෙන් වෛද්‍යවරුන් පිරිසක් විසින් කරන ලද මෙම නීතිවිරෝධි ක්‍රියාව පිළිබඳව අනාවරණය වීමෙන් පසුව බියට පත් එම වෛද්‍යවරුන් පිරිස පරීක්ෂණ කටයුතුවලට බලපෑම් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

– විශේෂ වාර්තාකරුවෙකු විසිනි

+++++++++++++++++++++

කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 735 ක්

(05.06.2019 – 07:34 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අත්අඩංගුවේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 735 ක් ලැබී තිබෙනවා.

කුරුණෑගල රෝහලට ඊයේ දිනයේ පමණක් පැමිණිලි 70 ක් ලැබී ඇති අතර, දඹුල්ල රෝහලට ඊයේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 21 ක්.

එමෙන්ම, අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල දිස්ත්‍රික් සියලු රෝහල් කාර්ය මණ්ඩල එක්ව අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ මහජන පෙත්සමක් අත්සන් ලබා ගැනීම ඊයේ ආරම්භ කළා.

මේ අතර පොලිස් අත්අඩංගුවේ සිටින වෛද්‍ය සෙයිගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+++++++++++++++++++++++++++++++++++

05.06.2019

+++++++++++++++++++++

CID ශානි වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් ආරක්ෂා කළා – යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය

(03.12.2019 – 19:45 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කරන ලෙස ඉල්ලා අද (03) ජාතික පොලිස් කොමිෂන් සභාවට පෙත්සමක් ඉදිරිපත් කළා.

එය ඉදිරිපත් කළේ යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානයයි.

යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය මෙම පෙත්සම ඉදිරිපත් කරමින් චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෛද්‍ය සාෆි සම්බන්ධ පරීක්ෂණවලදී සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇති බවයි.

+++++++++++++++++++++

ෂාෆිගේ සැත්කම්වලින් මව්වරුන් වඳ භාවයට ලක්වීම ගැන වාර්තාවක් ලැබිලා

(10.12.2019 – 14:16 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය මෙහොමඩ් සාෆි විසින් වඳභාවයට පත්කරන ලද බව කියන මව්වරුන්ට සාධාරණය ඉටුකෙරෙන දිශාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවන ලෙස යුක්තිය උදෙසා වෘත්තීය සමිති සන්ධානය ජනපති ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහි නියෝජිතයන් අද (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පැවති ආණ්ඩුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල විමර්ශන ඒකපාර්ශ්විකව ක්‍රියාත්මක කළ බවයි.

මෙම චෝදනාවට අදාල පැමිණිල්ලේ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙන්නේ එළැඹෙන 12 වැනිදායි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මේ බව පැවසීය.

“මට විරුද්ධව තාමත් පරීක්ෂණ කරනවා. සාෆි වෛද්‍යවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගෙනල්ලා මට විරුද්ධව ප්‍රකාශයක් ලබා ගෙන. ඇප පිට සිටින විත්තිකරු ප්‍රධාන සාක්ෂිකරුට කරන බලපෑම. මේ සියල්ල පසුගිය ආණ්ඩු සමයේ වුණේ. අපිට තිබුණේ රාජ්‍ය මර්දනයක්.

අපිව අත්අඩංගුවට ගැනීමේ සැලසුම් හදලා . ශානි අබේසේකර, තිසේරා එය මෙහෙයවූවා. පැමිණිලි 850 ක් CID යට ඉදිරිපත් වෙලා තිබුණා. CID ය එම පැමිණිලි විභාග කරනවා වෙනුවට. විත්තිකරු නිදහස් කරන්න පරීක්ෂණ මෙහෙයවූවා. අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා. මව්වරුන්ට තාම යුක්තිය ඉෂ්ටවෙලා නෑ. යුක්තිය ඉෂ්ටවෙන දිසාවට CID ය හා නීතිපති දෙපාර්තමේන්තුව යොමු කරන්න”

+++++++++++++++++++++

සාෆිට එරෙහි නඩුවේ යළි ප්‍රකාශ සටහන් කරගැනීමට සී.අයි.ඩී.යට අවසර

(12.12.2019 – 12:44 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුවේ සාක්ෂිවල පරස්පරතා ඇත්නම් යළි ප්‍රකාශ සටහන් කරගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (12) අවසර ලබාදුන්නා.

ඒ, අයථා ලෙස මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදු කිරීම යන චෝදනා එල්ල සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුව පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නව පරීක්ෂණ කණ්ඩායමක් මගින් මෙහි පරීක්ෂණ කටයුතු යළි සිදුකරන බවයි.

ඒ අනුව නඩුව යළි ලබන වසරේ ජනවාරි මස 16 වනදා කැඳවීමටයි නියෝග කළේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

වෛද්‍ය සාෆිගේ CCTV සාෆිටම දීලා – පළමු විමර්ශනය ගැන කණගාටුයි – රහස් පොලීසිය අධිකරණයේදී කියයි

(16.01.2020 – 19:25 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සාෆි ෂිහබ්දීන්ගේ විමර්ශන සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති ආකාරය පිළිබඳව තමන් කණගාටුවට පත් වන බව, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නව නිලධාරියා අද (16) අධිකරණයේදී ප්‍රකාශ කළා.

ඒ ඊට අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේදී යළි කැඳවූ අවස්ථාවේදීයි.

මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කිරීම, ත්‍රස්තවාදයට අනුබල දීම සහ අයථා ලෙස වත්කම් උපයා ගැනීම ඇතුළු කරුණු කිහිපයකට චෝදනා එල්ලව සිටින වෛද්‍ය සාෆි ෂිහබ්දීන්, නඩුවට සහභාගි වීම සඳහා අද (16) පෙරවරු 9 ට පමණ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.

මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි විජිත පෙරේරා මහතා එහිදී අධිකරණයට ඉදිරිපත් කලා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බවයි එහිදී ඔහු අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව, පෙර විමර්ශනවලදී අවධානය යොමු නොවූ කුරුණෑගල මූලික රෝහලේ පෙර ප්‍රසව හා පසු ප්‍රසව අංශයේ කාර්ය මණ්ඩලය ද ඇතුළුව 76 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.

එමෙන්ම, සැකකාර වෛද්‍යවරයා විසින් තම දරුවා වෙනත් අයෙකුට ලබාදුන් බවට නවසිවායම් ප්‍රියා නමැති කාන්තාවක් කර තිබූ පැමිණිල්ලකට අදාල විමර්ශන අවසන් කර එහි උදෘත නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මීට අමතරව, සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සේවය කළ දඹුල්ල සහ ගලේවෙල රෝහල් ආශ්‍රිතව ද අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

සැකකරුගේ නිවසේ තිබී මීට පෙර විමර්ශන සඳහා ලබා ගත් සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් ඩී වී ඩී පටය අධිකරණ නියෝගයකින් තොරව එවකට පරීක්ෂණ මෙහෙයවූ නිලධාරින් විසින් යළි සැකකරු වෙත ලබා දී ඇති බව ද මෙහිදී හෙළි වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි විජිත පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම ඩීවීඩී පටය නැවත තමා වෙත ලබාදෙන්නැයි සැකකරුට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් ඩීවීඩී පටය මේ මස 20 වනදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පැමිණිලි ඉදිරිපත් කර ඇති මව්වරුන් 869 දෙනෙකුගේ නාම ලේඛණයක් අධිකරණයට ඉදිරිපත් කරමින් මව්වරුන් වන්ද්‍යකරණයට හෝ මදසරුභාවයට පත්ව ඇත්දැයි පරීක්ෂණ කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය එකඟ වී ඇති බැවින්, ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකර වාර්තාවක් ලබා දෙන්නැයි නියෝගයක් ලබා දෙන ලෙස ද සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී සැකකාර වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ නවරත්න බණ්ඩාර ප්‍රශ්න කළේ මුල් අවස්ථාවේ අගතියට පත්වූයේ යැයි සඳහන් කර තිබූ මව්වරුන් 147 ක සංඛ්‍යාව මේ වනවිට 869 දක්වා වැඩිවූයේ කෙසේ ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විමර්ශන ආරම්භයේදී එම සංඛ්‍යාව 147 ක් ලෙස සටහන්ව තිබුණ ද, විමර්ශන පවත්වාගෙන යාමේදී ලැබූ පැමිණිලි ප්‍රමාණයත් සමග එය ඉහළ යා හැකි බව මුල් බී වාර්තාවේ දක්වා තිබූ බවයි.

මෙහිදී අගතියට පත් මව්වරුන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට දැනුම් දුන්නේ මේ සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවූ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කටයුතු කර ඇති ආකාරය රට හමුවේ හෙළිව ඇති බැවින්, ඔහුගේ ක්‍රියා කලාපය මගින් සමස්ත නෛතික සහ අධිකරණ ක්‍රියාවලියම අපහාසයට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත්, මීට පෙර සැකකාර සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා නඩු වාරය අවසානයේ අධිකරණ භූමිය අභ්‍යන්තරයේ තිබූ මෝටර් රථයකින් පිටව ගොස් ඇති බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක අබේවික්‍රම මහතා, මහේස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කළා.

එමගින් ඔවුන් පෙන්වා දුන්නේ වෙනත් සැකකරුවෙකු නොලබන විශේෂ වරප්‍රසාදයක් සැකකාර වෛද්‍යවරයාට ලැබී ඇත්ද යන්නයි.

එහිදී විත්තියේ නීතිඥවරයා කියා සිටියේ ඔහුට මරණ තර්ජනයක් ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ගෙන් ලද තොරතුරක් මත තම සේවාදායකයා තමන්ගේ මෝටර් රථයේ නැගී අධිකරණයෙන් පිටව ගිය බවයි.

සැකකරුවෙකු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ ක්‍රියාපටිපාටියක් පවතින බැවින් විනිසුරුවරුන්ට නොදන්වා කටයුතු කිරීමෙන් අදාළ නීතිඥවරයා මෙහිදී වරදක් සිදුකර ඇති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

මේ සම්බන්ධව තම අදහස පළ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි විජිත පෙරේරා මහතා ඉල්ලා සිටියේ මෙම සිදුවීම පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බලකායෙන් වාර්තාවක් කැඳවන ලෙසයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් විමසා සිටියේ මෙම විමර්ශන කටයුතු සඳහා කොතරම් කාලයක් අවශ්‍ය ද යන්නයි.

ඒ සඳහා මාස දෙකක කාලයක් විමර්ශන නිලධාරින් ඉල්ලා සිටි අතර ඒ අනුව, නඩුව මාර්තු මස 17 වනදා දක්වා කල් තැබුණා.

එමෙන්ම, මීට අදාළව පැමිණිලි කර ඇති සියලුම කාන්තාවන් සම්බන්ධයෙන් සුදුසු පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

+++++++++++++++++++++

ෂාෆි අධිකරණයට

(16.01.2020 – 22:03 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී අධිකරණය හමුවේ සිදුකළ දේශන පිළිබඳව තමා කණගාටුව වන බව වර්තමානයේ මෙම විමර්ශනය භාර කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා මහතා අද (16) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පැවසුවේ මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ ෂාෆි වෛද්‍යවරයාගේ නිවසේ තිබූ සීසීටීවී යන්ත්‍රය අධිකරණයේ කිසිදු නියෝගයකින් තොරව යලිත් සැකකාර ෂාෆි වෛද්‍යවරයාට භාර දුන්නේ කෙසේද යන්න සොයාබැලිය යුතු බවයි.

ෂේගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට අදාල නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර ඒ සඳහා පෙනී සිටීමට වෛද්‍යවරයා අද (16) අධිකරණය වෙත පැමිණියේය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක්ද අද (16) දිනයේදී අධිකරණයට පැමිණියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධියට අදාලව සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්ථාවක් අද (16) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ අතර එම දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේ විමර්ශනවලට අදාලව කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු 76 දෙනෙකුගේ ප්‍රකාශ සටහන්කරගෙන ඇති බවයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම මුල් අවස්ථාවේ සිදුකළ විමර්ශනයේදී අවධනය යොමු නොවූ කුරුණෑගල මූලික රෝහලේ පෙර ප්‍රසව සහ පසු ප්‍රසව ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩයේ සාමාජිකයින් 79 දෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇතිබව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නා.

ඔවුන් වැඩිදුර වාර්තාවේ දක්වා තිබුණේ තවත් මව්වරු 06 දෙනෙකුගේ නව පැමිණිලි 06 ක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරඇති බවයි.

මේ අතර කුරුණෑගල රෝහලේ සේවය කරන කාලසීමාවේ මොහොමඩ් ෂාෆී වෛද්‍යවරයා විසින් තවශ්‍රියායම් ප්‍රියා නැමැති කාන්තාවගේ දරුවා වෙනත් තැනැත්තෙකුට මාරුකර ලබාදී ඇති බවට ඉදිරිපත් වී .තිබූ පැමිණිල්ලකට අදාල විමර්ශන අවසන් කර එම විමර්ශන ගොනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නේය.

එසේම සැකකාර වෛද්‍ය ෂාෆිගේ බැංකු ගිණුම් සහා මූල්‍යමය ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයෙන් වෙනම විමර්ශනයක් ආරම්භකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළා.

එසේම ෂාෆි වෛද්‍යරවයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මින් පෙර සිදුකළ විමර්ශනයේදී විමර්ශන නිලධාරීන්ගේ ඇස යොමුනොවුනු දඹුල්ල සහ ගලේවෙල රෝහල් ගැනත් ෂාෆි වෛද්‍යවරයා එම රෝහල්වල සේවය කළ කාලසීමාවේ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳවත් විමර්ශන ආරම්භ කර ඇතිබවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම සැකකරුගේ නිවසේ තිබී මින්පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් සීසීටීවී යන්ත්‍රය මේවන විට යලිත් සැකකරු භාරයට පත්කර ඇති අතර එම සීසීටීවී යන්ත්‍රය විමර්ශන සඳහා නැවතවරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අද (16) දිනයේත් නීතීඥවරු කිහිප දෙනෙක්ම අධිකරණය හමුවේ පෙනීසිටි අතර ඔවුන් පැවසුවේ තම පාර්ශ්වය බලාපොරොත්තු වූයේ ද සිද්ධිය සම්බන්ධයෙන් මේ ආකාරයේ විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක වනු ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ෂානී අබේසේකරගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මේවන විට රටම දැනුවත් වී ඇති බවත් ඔහු මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වී ඇති ආකාරය පැහැදිලිවන බවත් අගගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු පෙන්වාදුන්නේය.

කෙසේවෙතත් මෙහිදී කරුණු දක්වමින් ෂාෆි වෛද්‍යවරයාගේ නීතීඥවරයා පැවසුවේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව මින්පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිදි 147 ක් වූවත් එය 869 ක් දක්වා ඉහළයාම යම්කිසි පාර්ශ්වයකගේ බලපෑමක් මත සිදුවූවාදැයි යන්න සැකසහිතවන බවයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමානයේ මෙම විමර්ශනය භාර කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා මහතා අධිකරණයට ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මින්පෙර විමර්ශනය කළ නිලධාරීන් පැමිණිලි අතරින් මව්වරුන් 147 ක් තොරාගෙන ඇත්තේ කිසිදු වෛද්‍ය විද්‍යානුකූල පදනමකින් නොවන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියේ විමර්ශනවලට අදාලව මින් පෙර අධිකරණයට සිදුකළ දේශන පිළිබඳව තමා කණගාටුවට පත්වන බව සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.

මෙහිදී යලිත් අධිකරණයට කරුණු දක්වමින් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන් පැවසුවේ මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ සීසීටීවී යන්ත්‍රය අධිකරණයේ කිසිඳු නියෝගයකින් තොරව යලිත් සැකකාර ෂාෆි වෛද්‍යවරයාට භාර දුන්නේ කෙසේද යන්න සොයාබැලිය යුතු බවයි.

මේ අතර සිද්ධියට අදාල විමර්ශන ඉදිරියට ගෙන ගොස් යලි අධිකරණයට වැඩිදුර වාර්තවක් ඉදිරිපත් කිරීම සඳහා මාස 2 ක කලයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව මෙම නීති කෘත්‍ය යලිත් මාර්තු මස 17 වනදා කැඳවීමට කුරුණැගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

+++++++++++++++++++++

වෛද්‍ය සාෆි, අත්අඩංගුවට ගත් නිසා, තමන්ව ස්ථාන මාරු කළ බවට, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගෙන් පාස්කු කොමිසමට ප්‍රකාශයක්

(11.12.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි සහබ්ඩීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා තමාට පුත්තලමට ස්ථාන මාරුවීමක් ලබා දුන් බව එවක කුරුණෑගල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (10) සාක්ෂි ලබාදෙමින් ඔහු ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ සබඳතා පැවැත්වූ සාෆි සහබ්දීන්ට තව්හිද් ජමාත් සංවිධානයෙන් මුදල් ලැබුණු බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණ වූ බවයි.

+++++++++++++++++++++

කුරුණෑගල හිටපු එස්.එස්.පී.ගෙන් පාස්කු කොමිසමේදී හෙළිදරව්වක්

(12.12.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය ශාෆි ශිහාබ්දීන්ට ඇප ලැබුණු දිනයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තමන්ට දුරකථනයෙන් අමතා සැකසහිත ලෙස කථා කළ බව කුරුණැගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (11) කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදියි.

අමාත්‍යවරයා මෙලෙස දුරකථන ඇමතුමක් ලබාදීම සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියා.

වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි සහබ්දීන්ට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ සබඳතාවක් තිබූ බවත්, අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා තමාව ස්ථාන මාරු කළ බවත් කුරුණෑගල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී පසුගියදා ප්‍රකාශ කළා.

ඔහු යටතේ එවක කුරුණෑගල කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසමට අද (12) කැඳවූයේ ඒ අනුවයි.

නීතිඥ රවිශානි පීරිස් – අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය :

“ඔබ මුලින්ම වෛද්‍ය සාෆි සහබ්දින් සම්බන්ධයෙන් දැනගත්තේ කුමන කාලයේද ?”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක – කුරුණෑගල කොට්ඨාසය භාරව සිටි නිලධාරියා :

“පාස්කු ප්‍රහාරයට පසුව ස්වාමිනි”

නීතිඥ රවිශානි පීරිස් – අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය :

“වෛද්‍ය සාෆි සහබ්දින් සම්බන්ධයෙන් කුමක්ද දැනගත්තේ ?”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක – කුරුණෑගල කොට්ඨාසය භාරව සිටි නිලධාරියා :

“පාස්කු ප්‍රහාරයට පසුව කුරුණෑගලත් කලබල ඇතිවෙලා තිබුණා. ඒ අතරතුර තමයි මේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දින් සම්බන්ධයෙන් දැනගන්න ලැබුණේ. සාෆි වෛද්‍යවරයාගෙන් සිදුකළ ප්‍රකාශ සටහන් කිරීමේදී අනාවරණ වුණා ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ඉන්දීය ජාතිකයන් සහ අරාබි සම්භවයක් ඇති පකිස්ථාන ජාතිකයන් ලක්ෂ ගණනින් මුදල් එවන බව. ‘ඒ ගැන අහන්න එපා’ කියලා ප්‍රකාශ ගන්නකොට සාෆි කිව්වා. අපිට ඒ නිසා සැකයක් ආවා. ඒ මුදල් කාගෙන් කොහෙටද යන්නේ, මොනවටද ආවේ කියලා අපිට ඒ නිසා හොයාගන්න බැරි වුණා. 2019.05.22 මම අධිකරණයට බී වාර්තාවක් මඟින් මේ කරුණු දැන්වූවා. ඒ අනුව ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අපි අනාවරණ කරගත්තා සාෆිගේ එක් බැංකු ගිණුමක රුපිල් කෝටි 44 ක මුදලක් හුවමාරු වෙලා තිබුණ බව. නමුත් ඒ මුදල කොහෙන් ආවද කියලා අපිට හොයාගන්න බැරි වුණා. ඒ අතරතුර තමයි සාෆි වෛද්‍යවරයා සිංහල කාන්තාවන්ගේ දරු උපත් පාලනය කර ඇති බවට තොරතුරු ගලා ආවේ. ඒ අනුව අපි හෙදියකගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළා මොහු කළ සැත්කමකදී කාන්තාවකගේ මුත්‍රා නාලය කැපී ගිහින් විවිධ අබාධවලට ලක්වුණා කියලා.

ඒ වගේම රෝහලේ උපන් දරුවකුගේ අනන්‍යතාව වෙනස් කරලා වෙනත් මවකට දෙන්නත් සාෆි සහබ්දින් උත්සහ කරලා තිබුණා. ඒ වෙනකොට සාෆි සහබ්දින් සිසේරියන් සැත්කම් 8,000 ක් පමණ මව්වරුන්ට සිදුකර තිබුණා. මේ කාරණා සම්බන්ධයෙන් සාෆිගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගත්තා. එතනදි අපි නඩු භාණ්ඩ ලැයිස්තුවක් ගත්තා. ඔහුගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ CCTV පටිගත වෙන DVR යන්ත්‍රයත් භාරයට ගත්තා. අත්අඩංගුවට ගත් පසු දින CID හා TID නිලදාරීන් ඇවිත් සාෆි සහබ්දින්ව ඔවුන්ගේ භාරයට ගත්තා. නමුත් මට පසුව අනාවරණය වුණා නඩු භාණ්ඩ බැහැර කිරීමේ ක්‍රමවේදයට අනනුකූල ලෙස අර DVR යන්ත්‍රය නැවත වෛද්‍ය සාෆිට ලබාදී තිබුණා කියලා. එහි CCTV දර්ශන රැසක් මකාදමලා තිබුණා.”

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා අනතුරුව සංවේදී වුණා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක – කුරුණෑගල කොට්ඨාසය භාරව සිටි නිලධාරියා :

“මේ විමර්ශනයට පසුව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාව පුත්තලමට මාරු කළා. මාව කන්තලේට මාරු කළා. ඒ වෙද්දි මගේ පුතා උසස් පෙළ එක විෂයයි ලියලා තිබුණේ ස්වාමිනී. ඊටපස්සෙ ස්වාමිනි සාෆි සහබ්දින්ට ඇප ලැබුණා. ඒ ඇප ලැබුණු දිනයේ සවස එවක අමාත්‍යවරයෙක් වූ රිෂාඩ් බදියුදීන් මගේ දුරකතනයට ඇමතුමක් අරන් මගෙන් ඇහුවා ‘දිසානායක මහත්තයා සනීපෙන් ඉන්නවා නේද..? දැන් සතුටින් ඉන්නවද..?’ කියලා. මේ කෝල් එක ගැන මට ලොකු සැකයක් තියෙනවා ස්වාමිනි. මම මෙච්චර කාලයක් මේ කතාව කිසිම කෙනෙකුට කිව්වේ නැහැ. ඒකයි අද මුල්වරට මේ කොමිසමට කිව්වේ”

ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය :

“රිෂාඩ් බදියුදීන් මහතා තර්ජනයක් ලෙස කතාකළ බවද ඔබට හැඟුණේ ?”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක – කුරුණෑගල කොට්ඨාසය භාරව සිටි නිලධාරියා :

“ඇත්තටම ස්වාමිනි එතුමාට මට කතාකරන්න වුවමනාවක් නැහැ. මම එතුමාව ඊට පෙරවත් පෞද්ගලිකව දන්නේ නැහැ. අනික මගේ නමින්ම මට කතාකිරීම ගැන සැකයක් තියෙනවා ස්වාමිනි.”

+++++++++++++++++++++

18-01-2021

+++++++++++++++++++++

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 07
පිටුව – [01][02][03][04][05][06][07]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *