ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ පස්වන (5) දිනය නිට්ටඹුවෙන් ඇරඹෙයි

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ පස්වන (5) දිනය නිට්ටඹුවෙන් ඇරඹෙයි

ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 15 ක් සම්පූර්ණයෙන් විනාශයි

පෝට්සිටියේ ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන අපරාධ කල්ලි සාමාජිකයා රිමාන්ඩ්

පානදූර තොටවත්ත ප්‍රදේශයේ මෙට්ට ප්‍රදර්ශනාගාරයක ගින්නක්

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ 17 වැනිදා සිට


ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ පස්වන (5) දිනය නිට්ටඹුවෙන් ඇරඹෙයි

(14.10.2026 – sinhala.adaderana.lk)

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාද යාත්‍රාව අද (13) පස්වන දිනටත් (5) නිට්ටඹුව නගරයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව, අද (14) දිනයේදී මෙම පාද යාත්‍රාව කඩවත නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.

‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව’ ලෙස නම් කර ඇති මෙම පාද යාත්‍රාව පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.

එදින (10) පාද යාත්‍රාව කඩුගන්නාව දක්වා ගමන් කිරීමෙන් අනතුරුව පළමු දිනය නිමා කර තිබිණි.

දෙවැනි දිනය වූ 11 වනදා කඩුගන්නාවෙන් ආරම්භ වූ පාද යාත්‍රාව කෑගල්ල දක්වා ගමන් කළේය.

පෙරේදා (12) දිනයේදී කෑගල්ල නගරයෙන් ආරම්භ වූ පාද යාත්‍රාව වරකාපොළ නගරය දක්වා පැමිණ තිබේ.

සිව් වන දිනය වූ ඊයේ දිනයේ පාද යාත්‍රාව වරකාපොළ නගරයෙන් ආරම්භ කර නිට්ටඹුව නගරය දක්වා ගමන් කළේය.

මෙම නිදහසේ පාද යාත්‍රාව නිට්ටඹුව සහ කඩවත යන නගර පසුකරමින් ලබන 15 වැනිදා වන විට කොළඹට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.

+


ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 15 ක් සම්පූර්ණයෙන් විනාශයි

(13.10.2026 – sinhala.adaderana.lk)

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත දුම්රිය පටුමග ආසන්නයේ ඇති වූ හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

අද (13) පස්වරු 02:15 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එම ප්‍රදේශයේ පැල්පත් නිවාස 21 කට ආසන්න සංඛ්‍යාවක් ගින්නට ලක්ව ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් යොදවා ඇති අතර, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.

ගින්නෙන් දේපොළ හානි සිදුව ඇති නමුත් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති බව ‘අද දෙරණ වාර්තාකරු’ පැවසීය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර, ගින්නෙන් සිදුවූ හානිය සහ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද එම ස්ථානයට පැමිණ තිබුණි ෴


පෝට්සිටියේ ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන අපරාධ කල්ලි සාමාජිකයා රිමාන්ඩ්

(13.10.2026 – hirunews.lk)

කොළඹ වරාය නගරයේ පිහිටි විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කරගනිමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ ප්‍රබල චීන ජාතික සැකකරු ලබන 27 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (13) නියෝග කළා.

පොලිස්පතිවරයා වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි කොළඹ මධ්‍යම අපරාධ කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ.

ඔහු මෙරට අපරාධවලට සම්බන්ධ වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

නීති විරෝධී ගුවන් බලපත් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විමසා ඇති බවත් එමෙන්ම ඔහුට නිකුත් වී ඇති වරෙන්තු සම්බන්ධයෙන් තානාපති කාර්යාලය විමසන බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අදාල සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රටවල් කිහිපයකට අයත් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 4 ක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගත් බවයි.

දීර්ඝ කාලයක සිට මෙරට රැඳී සිටිමින් වරාය නගරය තුළ සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වූ මෙම කප්පම් ජාවාරම සහ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත පදනම්ව CCIB නිලධාරීන් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක චීන පාතාල කල්ලියක ප්‍රබල සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහු වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් සකස් කළ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් නීති විරෝධී ලෙස මෙරට රැඳී සිට ඇති බවද පොලිසිය පවසනවා ෴


පානදූර තොටවත්ත ප්‍රදේශයේ මෙට්ට ප්‍රදර්ශනාගාරයක ගින්නක්

(13.10.2026 – hirunews.lk)

පානදූර, තොටවත්ත ප්‍රදේශයේ පිහිටි මෙට්ට ප්‍රදර්ශනාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා.

අකුණු සැර වැදීමෙන් මෙම හදිසි ගින්න හටගෙන ඇති බවයි සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 6 ක් යොදවා ඇති බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ 17 වැනිදා සිට

(13.10.2026 – hirunews.lk)

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 17 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 67 කදී මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤