යුරෝපයට පනින්න ගිහින් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී කොටුවෙයි

යුරෝපයට පනින්න ගිහින් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී කොටුවෙයි

ජනපතිට සංඝ සභාවෙන් කැඳවීමක්! එක්නැලිගොඩ නඩුවේ රහස් එළියට (10.10.2026)

සිවුර ගලවන්න විනය පිටකයේ ඉඩ තියෙන්නේ කාටද? පාරාජිකා සත්‍යය හෙළිවෙයි | චාමර විජේසූරිය (11.10.2026)

සජිත් අනුර ඒකාබද්ධ මෙහෙයුමකින් උතුරට ඉඩම් පොලිස් බලතල දෙන කුමන්ත්‍රණය මෙන්න (11.10.2026)

කතානායක ජගත් වික්‍රමරත්නට චෝදනා 50 ක්! විශ්වාසභංගයෙන් එළියට ආ ආන්දෝලනාත්මක කතා | ඇහුවත් ලැජ්ජයි (10.10.2026)

බුද්ධ ශාසනය රකින්න මහා පාගමනක් | ඥානසාර හිමියන් වෙනුවෙන් සංඝරත්නය නුවර සිට කොළඹට (10.10.2026)

චේගුවේරා, තිලිපන්, මාලති සමරන ලංකාවට පුරන් අප්පු අමතකද? | සැබෑ ජාතික වීරයන් කවුද? (11.10.2026)

වසර 43 කට පසු 1983 කළු ජූලිය කරළියට! සුව වූ තුවාල පාරන්නේ කා වෙනුවෙන්ද? (11.10.2026)

මහා සංඝරත්නයේ නුවර – කොළඹ පාගමනට අපවාද! අපහාස! උපහාස! | සියලු විවේචනවලට පිළිතුරු මෙන්න (11.10.2026)

විවාදයක් ජය ගන්නේ කොහොමද? රස කතා සමග කවුරුත් හොයන රහස් මෙන්න (11.10.2026)

යුරෝපයට පනින්න ගිහින් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී කොටුවෙයි

(11.10.2026 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘චරිත් සඳකැලුම්’ හෙවත් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදන සහ දේශසීමා ආරක්ෂක දත්ත පද්ධති පදනම් කරගනිමින් බල්ගේරියානු ආරක්ෂක අංශ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලීසිය විසින්ද තහවුරු කර ඇති අතර, ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා උදර්පන නීතිය යටතේ ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ‘චරිත් සඳකැලුම්’, දීර්ඝ කාලයක සිට ඩුබායි හි රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත.

ඔහු දැනට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ජාත්‍යන්තර වැටලීම්වලින් බේරීම සඳහා ව්‍යාජ තොරතුරු භාවිත කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මොහු මෙලෙස බල්ගේරියානු ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මෙරටට භාර ගැනීමෙන් පසු කිරින්ද අයිස් ජාවාරම, මූල්‍ය විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

‘රන් මල්ලි’ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා :

කිරින්ද මහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම

2025 නොවැම්බර් 12 වැනිදා කිරින්ද අන්දගලවෙල්ල වෙරළ ප්‍රදේශයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය, තංගල්ල අපරාධ කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 30 කට වඩා වටිනා කිලෝ 345 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් අත්අඩංගුවට ගැනුණි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ සැබෑ හිමිකරු ඩුබායිහි සැඟව සිටින ‘රන් මල්ලි’ බව පොලිසිය තහවුරු කළ අතර, ඩුබායි හි සිට සැකකරුවන්ට රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ගෙවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඔහු උපදෙස් දී තිබුණි.

මෙම සිදුවීමට අදාළව සැකකරුවන් 8 ක් සහ වාහන 6 ක් අත්අඩංගුවට ගත් අතර, තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දින 7 ක රඳවා තැබීමේ නියෝගද ලබාගෙන ඇත.

කොට්ටාවේ මුදල් වැලලීමේ සිදුවීම

2021 ජූලි මාසයේදී කොට්ටාව (පන්නිපිටිය) ප්‍රදේශයේ කුලී නිවසක වළලා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 13.9 ක මුදලක් සොයාගැනීමට පොලිසිය සමත් විය.

අදාළ නිවස කුලියට ගෙන සිටි ‘රන් මල්ලි’ගේ බෑනනුවන් වන ‘දිනේෂ් ලක්මාල්’ නමැත්තා අත්අඩංගුවට ගැනුණු අතර, මෙරට මුදල් පාලනය සඳහා ‘රන් මල්ලි’ විසින් ඔහුව යොදවාගෙන තිබූ බව අනාවරණය විය.

ගැඹුරු මුහුදේ හෙරොයින් ජාවාරම

2022 වසරේදී හම්බන්තොට මහා රාවණා කොටුව ආසන්න මුහුදේදී නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අත්අඩංගුවට ගත් කිලෝ 331 ක හෙරොයින් තොගය පිටුපසද ‘රන් මල්ලි’ සිටින බවට තොරතුරු වාර්තා වී තිබුණි ෴

ජනපතිට සංඝ සභාවෙන් කැඳවීමක්! එක්නැලිගොඩ නඩුවේ රහස් එළියට (10.10.2026)

+

සිවුර ගලවන්න විනය පිටකයේ ඉඩ තියෙන්නේ කාටද? පාරාජිකා සත්‍යය හෙළිවෙයි | චාමර විජේසූරිය (11.10.2026)

+

සජිත් අනුර ඒකාබද්ධ මෙහෙයුමකින් උතුරට ඉඩම් පොලිස් බලතල දෙන කුමන්ත්‍රණය මෙන්න (11.10.2026)

+

කතානායක ජගත් වික්‍රමරත්නට චෝදනා 50 ක්! විශ්වාසභංගයෙන් එළියට ආ ආන්දෝලනාත්මක කතා | ඇහුවත් ලැජ්ජයි (10.10.2026)

+

බුද්ධ ශාසනය රකින්න මහා පාගමනක් | ඥානසාර හිමියන් වෙනුවෙන් සංඝරත්නය නුවර සිට කොළඹට (10.10.2026)

+

චේගුවේරා, තිලිපන්, මාලති සමරන ලංකාවට පුරන් අප්පු අමතකද? | සැබෑ ජාතික වීරයන් කවුද? (11.10.2026)

+

වසර 43 කට පසු 1983 කළු ජූලිය කරළියට! සුව වූ තුවාල පාරන්නේ කා වෙනුවෙන්ද? (11.10.2026)

+

මහා සංඝරත්නයේ නුවර – කොළඹ පාගමනට අපවාද! අපහාස! උපහාස! | සියලු විවේචනවලට පිළිතුරු මෙන්න (11.10.2026)

+

විවාදයක් ජය ගන්නේ කොහොමද? රස කතා සමග කවුරුත් හොයන රහස් මෙන්න (11.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤