ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද (10) අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද (10) අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්


ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද (10) අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්

(10.10.2026 – hirunews.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර දළදා මාළිඟාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

ඒ අනුව දළදා මාලිගාව ඉදිරිපිට අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක් සිදුකරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

මේ අතර, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ ඥානසාර හිමියන් යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර උන්වහන්සේ අයත් කෝට්ටේ පාර්ශවය සමඟ සාකච්ඡාවක් සඳහා එක්වන ලෙසයි.

තම සංඝ සභාව සහභාගි කර නොගෙන නායක ස්වාමීන්වහන්සේලා පිරිසක් සමඟ පෙරේදා සාකච්ඡාවක් සිදුකළ අයුරු මාධ්‍ය ඔස්සේ දැක තම සංඝ සභාව මවිතයට පත් වූ බව උන්වහන්සේ සඳහන් කළා.

ඥානසාර හිමියන් තම සංඝ සභාවේ භික්ෂුවක් වන බැවින් උන්වහන්සේ චීවරයේ තබා ගැනීම හෝ ඉවත් කිරීම පිළිබඳ බලය ඇත්තේ ද තම සංඝ සභාවට බවයි උන්වහන්සේ යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.

කෙසේවෙතත්, පෙරේදා පැවති සාකච්ඡාවේදී අදාළ කරුණ සුදුසු පිරිදි විසඳී නොමැති බව සිය විශ්වාසය බවද එම ලිපියේ සඳහන්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සාකච්ඡාවක් සඳහා දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසත්, ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයට අදාළ ඇමතිවරු සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද සමඟ පැමිණෙන ලෙසත්, මහනා හිමිවරුන්ගේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා වෙත පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් එම ලිපියෙන් දැනුම් දී තිබෙ‍නවා.

මේ අතර, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ ආඥාවක් ඉල්ලා පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් අභියාචනාධිකරණයට ඊයේ (09) රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අධිකරණ අමාත්‍යංශ ලේකම්වරිය, අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

එමෙන්ම, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිපාණන්ගේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වය කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.

බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් මහානායක හිමිවරු මතු කළ කරුණු සාධාරණ බව පිළිගත් ජනාධිපතිතුමා, පවතින නීතිමය රාමුව තුළ වසර 03 කට වැඩි කාලයක් සිරගත කිරීමට නියම වූ භික්ෂූන් සිවුරු පිටින් බාහිරට ගෙන යාම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන්ට නීතිමය බලයක් නැති බව මෙහිදි පෙන්වා දුන් බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

ඒ අනුව, වසර 03 කට වැඩි කාලයකට සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදාළ නිකාය හෝ පාර්ශ්වය වෙත දැනුම් දී, එම නිකායේ නිර්දේශ මත පමණක් ක්‍රියාත්මක වන පරිදි නව රෙගුලාසි මාලාවක් සකස් කිරීමට මහා සංඝරත්නය මෙහිදී යෝජනා කර තිබෙනවා.

එම යෝජනාවට එකඟතාව පළ කළ ජනාධිපතිවරයා සති දෙකක් (2) ඇතුළත අදාළ රෙගුලාසි සකස් කර අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව එම ලිපියේ සඳහන් ෴

+++

හිමිවරු දහස් ගාණක් දළඳා මාළිඟාවට එයි – නුවර ආරක්ෂාව මේ දැන් වහාම තර කරයි (10.10.2026)

+++

නිරාගමික ආණ්ඩුව කහ සිවුරට අත තිබ්බා | රට වටින් සිය ගණන් හිමිවරු දළදා මාලිගාවට (10.10.2026)

+++

සජීව : ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස පැවැත්වෙන අධිෂ්ඨාන සත්‍යක්‍රියාව (10.10.2026)

+++

ඥානසාර හිමියන් වෙනුවෙන් ‘නිදහසේ පාද යාත්‍රාව’ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි

(10.10.2026 – hirunews.lk)

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව’ සහ ‘නිදහසේ පාද යාත්‍රාව’ අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ වුණා.

එහිදී, ඉදිරි දින කිහිපය පුරා ප්‍රධාන නගර කිහිපයක් හරහා කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතයි. ඒ අනුව,

  • ඔක්තෝබර් 10 : මහනුවර සිට කඩුගන්නාව දක්වා,
  • ඔක්තෝබර් 11 : කඩුගන්නාව සිට කෑගල්ල දක්වා,
  • ඔක්තෝබර් 12 : කෑගල්ල සිට වරකාපොළ දක්වා,
  • ඔක්තෝබර් 13 : වරකාපොළ සිට නිට්ටඹුව දක්වා,
  • ඔක්තෝබර් 14 : නිට්ටඹුව සිට කඩවත දක්වා,
  • ඔක්තෝබර් 15 : කඩවත සිට කොළඹ දක්වා.

සිරගත කරන ලද භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් සහ සිවුර ඉවත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව මහා සංඝරත්නය මෙම ජාතික විරෝධතාව හා අධිෂ්ඨාන පූජාව දියත් කර තිබෙනවා.

+++

ආණ්ඩුව කරපු මහා පාපයට වන්දි ගෙන්න ලෑස්ති වෙන්න | සිව්වනක් පිරිසම හෙට (10) හැමෝම දළඳා මාලිගාවට එන්න (09.10.2026)

+++

‘වකමුල්ලේ උදිත’ හරියට දේවදත්ත වගේ | ජනාධිපති කහ සිවුර අත තිබ්බා එහෙනම් බලා ගමු ඉස්සරහට වෙන දේ (09.10.2026)

+++

අනුර ඔයා නීතිය දන්නෙත් නෑ ධර්මය දන්නෙත් නෑ – ඔයාගේ ඔය බණේ අපිට නම් කියන්න එපා (09.10.2026)

+++

අපේ රෙදි ගලවනකම් අපි පාඩුවේ ඉන්නේ නෑ – දිඹුලාගල නාහිමි (09.10.2026)

+++

සිවුරෙන් කාලා බීලා හැදුණු වැඩුණු හීරලුවෝ | හිමිවරුන්ගේ අම්මා තාත්තා පවා මතක් කරනවා (09.10.2026)

+++

“විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්” | ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ (08) කළේ රංගනයක් (09.10.2026)

+++

අපේ රටේ කරුමෙට ජේවීපී එකට බලය ලැබුණා | ජෙප්පන්ට ජාතියක් ආගමක් සංවරකමක් නෑ (09.10.2026)

+++

ජනාධිපති තමයි හැමදේටම වගකියන්න ඕනේ | මහා සංඝරත්නයට උපහාස අපහාස කරන්න එපා (09.10.2026)

+++

පාඩුවේ හිටියම සිංහලයෝ නිවටයෝ කියලා හිතන්න එපා – අපි මේක ලේසියෙන් අත හරින්නේ නෑ (09.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤