නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක් – අවන්හලේ හිමිකරු මරුට, බිරිඳට තුවාල
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක් – අවන්හලේ හිමිකරු මරුට, බිරිඳට තුවාල
(09.10.2026 – sinhala.adaderana.lk)
කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (09) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් එම අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් සහ කළුතර දකුණ මූලස්ථාන පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴