කොල්ලුපිටියේ රු. කෝටි 70 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් විකිණීමට තැත් කිරීම ගැන වහාම විමර්ශන කරන්න – අධිකරණයෙන් සීඅයිඩීයට නියෝගය

කොල්ලුපිටියේ රු. කෝටි 70 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් විකිණීමට තැත් කිරීම ගැන වහාම විමර්ශන කරන්න – අධිකරණයෙන් සීඅයිඩීයට නියෝගය

කොල්ලුපිටියේ රු. කෝටි 70 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් විකිණීමට තැත් කිරීම ගැන වහාම විමර්ශන කරන්න – අධිකරණයෙන් සීඅයිඩීයට නියෝගය

ජා-ඇල නිවසකින් රුපියල් කෝටි 5 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

රේගු ආනයන ලිපි ලේඛන අතින් භාරගැනීම 19 දා සිට සම්පූර්ණයෙන්ම නවතයි – ඩිජිටල් අත්සන අනිවාර්යයි

හබරාදූව ගිනිගල නිවසකින් කාන්තාවන් දෙදෙනෙකුගේ (2) මළසිරුරු හමුවෙයි – පහරදී ඝාතනය කළ බවට සැක

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කළ මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදුන් දේශකවරයාගේ සිද්ධිය අධිකරණයට

නව යතුරුපැදි ලියාපදිංචිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5 කදී නැවත ඇරඹේ

වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කළ බණ්ඩාරවෙල වෙළෙඳසැලකට රුපියල් මිලියනයක දඩයක්

ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලා පවත්වාගෙන ගිය පියපුතු දෙපොළක් අත්අඩංගුවට

Hiru TV Balaya Live | Episode 661 | 2026-10-08

අවුරුදු 05 කට බලයට ආපු කල්ලතෝනි ආණ්ඩුවට වසර 2500 ක් පරණ සිවුරට අත තියන්න බෑ (08.10.2026)


කොල්ලුපිටියේ රු. කෝටි 70 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් විකිණීමට තැත් කිරීම ගැන වහාම විමර්ශන කරන්න – අධිකරණයෙන් සීඅයිඩීයට නියෝගය

(08.10.2026 – hirunews.lk)

කොල්ලුපිටියේ පිහිටි රු. මිලියන 704 වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පු සදා විකිණීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (08) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම ඉඩම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එම අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ ඉඩමට අදාල ඔප්පු ඇතුලු ලේඛන නුගේගොඩ සහ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම ඉඩමට අදාලව නුගේගොඩ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට යොමු කර තිබු ලේඛන ගලවා කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාජ ලේඛන ගොනු කර තිබු බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වර්තා කරන ලෙස නියෝග කළා.

එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ සහ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට අදාල ලිපි ලේඛන විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසද නියෝග කළා ෴


ජා-ඇල නිවසකින් රුපියල් කෝටි 5 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

(08.10.2026 – hirunews.lk)

ජාඇල ප්‍රදේශයේ නිවසක තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 4 ග්‍රෑම් 870 ක් සහ ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ තොගයක් සොයා ගෙන තිබෙනවා.

කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිදුකළ වැටලීමකදී සොයාගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 5 කට අධික බවයි පොලිසිය සඳහන් කළේ.

ජාඇල ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂා කර එහිදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහුගෙන් කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී කුලී නිවසක සිදු කළ මෙම මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබුණා ෴


රේගු ආනයන ලිපි ලේඛන අතින් භාරගැනීම 19 දා සිට සම්පූර්ණයෙන්ම නවතයි – ඩිජිටල් අත්සන අනිවාර්යයි

(08.10.2026 – hirunews.lk)

කිසිදු ආනයනකරුවෙකුට ලබන 19 වැනිදා සිට අතින් සකස් කරන ලද (Manual) ලියකියවිලි ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නොදෙන බවත් එදින වන විට සියලුම ආනයනකරුවන් ඩිජිටල් අත්සන සඳහා ලියාපදිංචි වී සිටිය යුතු බවත් ශ්‍රී ලංකා රේගුව පවසනවා.

දැනටමත් ඩිජිටල් අත්සන ලබාගෙන ඇති ආනයනකරුවන්, අදාල දිනට පෙර වුවද, කිසිදු අවස්ථාවක තම ලියකියවිලි අතින් (Manual) ඉදිරිපත් නොකළ යුතුව ඇති බව ද රේගුව සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ, පූර්ණ බහාලුම් බර (FCL) ආනයන සඳහා කඩදාසි රහිත (Paperless) රේගු ප්‍රකාශන (CusDec) සැකසීමේ නව ක්‍රමවේදය CBHQ1 කාර්යාල සංකේතය යටතේ සාර්ථකව ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව, රේගු කටයුතු වඩාත් විධිමත් හා කඩිනම් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාව ලබා ගැනීම සඳහා ආනයනකරුවන් අනිවාර්යයෙන්ම “ඩිජිටල් අත්සනක්” (Digital Signature) ලබාගත යුතුව ඇති බවයි රේගුව පවසන්නේ.

මේ වන විටත් ආනයනකරුවන් 2,000 කට අධික පිරිසක් මෙම ඩිජිටල් අත්සන ලබාගෙන ඇති නමුත්, තවමත් සැලකිය යුතු ආනයනකරුවන් පිරිසක් එය ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා.

ඒ අනුව, කිසිදු ආනයනකරුවෙකුට ලබන 19 වැනිදා සිට අතින් සකස් කරන ලද (Manual) ලියකියවිලි ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා.

ලබන 19 වැනිදා වන විට සියලුම ආනයනකරුවන් ඩිජිටල් අත්සන සඳහා ලියාපදිංචි වී සිටිය යුතු බව ද ශ්‍රී ලංකා රේගුව පවසනවා.

දැනටමත් ඩිජිටල් අත්සන ලබාගෙන ඇති ආනයනකරුවන්, තම ලියකියවිලි අතින් (Manual) ඉදිරිපත් නොකළ යුතුව ඇති බව ද රේගුව සඳහන් කරනවා.

මෙමඟින් ආනයනකරුවන්ට තම ව්‍යාපාරික කටයුතු කාලය අපතේ නොයවා, වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව සිදුකර ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා රේගුව අපේක්ෂා කරනවා ෴


හබරාදූව ගිනිගල නිවසකින් කාන්තාවන් දෙදෙනෙකුගේ (2) මළසිරුරු හමුවෙයි – පහරදී ඝාතනය කළ බවට සැක

(08.10.2026 – hirunews.lk)

හබරාදූව ගිනිගල ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී පහර දී ඝාතනය කළ බවට සැක කෙරෙන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒවායේ තැලුම් තුවාල දක්නට ලැබෙන අතර, මියගිය දෙදෙනා 81 සහ 87 යන වයස්වල පසුවන විශ්‍රාමික ගුරුවරියන් බවයි පොලිසිය සඳහන් කළේ.

කාන්තාවන් දෙදෙනා (2) ඔවුන්ගේ නිවසේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ ගල්වලින් පහරදී මෙම ඝාතනය සිදු කර මෘත දේහයන් නිවස පිටුපස දමාගොස් ඇති බවට හෙළි වී තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මොවුන් මෙම නිවසේ තනිවම වාසය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ ෴


‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කළ මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදුන් දේශකවරයාගේ සිද්ධිය අධිකරණයට

(08.10.2026 – hirunews.lk)

‘හිරු සී.අයි.ඒ.’ මගින් අනාවරණය කළ මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු අතරතුර අමානුෂික ලෙස සිසුන්ට පහර දුන් දේශකවරයා සම්බන්ධයෙන් පොලිසිය විසින් මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

සිද්ධියට අදාල සිසුන් සිව් දෙනකු (4) ගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව එම විමර්ශනය සිදුකරමින් පවතින බවයි මීගමුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ‘හිරු සීඅයිඒ’ මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවත්, ඒ අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් සිව් දෙනෙකු (4) ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පැමිණිල්ල ඉදිරිපත් කළ සිසුවා ඇතුළු තවත් සිසුන් සිව්දෙනෙක් (4) අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා අදාල සිද්ධියේ සංස්කරණය නොකළ දර්ශන පොලිසිය වෙත ලබාදෙන ලෙස මාධ්‍ය ආයතනයට නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය අද (08) අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර තිබුරණේ මීගමුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත්, උප පොලිස් පරීක්ෂක අතපත්තු සහ පොලිස් සැරයන් සිසිර කුමාර යන නිලධාරීන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව සාගර විශ්වවිද්‍යාල පාලනාධිකරණයෙන් ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක විශ්වවිද්‍යාලයේ නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් දක්වා ඇත්තේ, අදාල
පරීක්ෂණ අවසන් වනතුරු සිද්ධියට සම්බන්ධ සහකාර උපදේශකවරයාගේ රාජකාරී අත්හිටුවා ඇති බවයි.

මීගමුව සාගර විශ්වවිද්‍යාලය තුළ දේශකවරයෙකු ඉගෙනීම් කටයුතු අතරතුර සිසුන්ට විවිධාකාරයේ අමානුෂික දඩුවම් පමුණුවන බව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප හෙළි කළේ ඉකුත් 02 වැනිදායි.

ඇතැම් අවස්ථාවල සිසුන්ට දණගසා සිටින ලෙස අණකරන අදාල දේශකවරයා දඬුවම් පමුණුවන අතරතුර පොලු කැඩී යන අයුරින් පහරදී තිබුණා. සාගර විශ්වවිද්‍යාලයේ සිසුන්ට කම්කරුවන් ලෙස සළකමින් ඇතැම් අවස්ථාවල තණකොළ ගැලවීමට ද අදාළ දේශකවරයා අණකර තිබූ බවයි වාර්තා වුණේ.

සිසුන්ට කරන මෙම අමානුෂික සැලකීම් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අනාවරණය වීමෙන් පසු පොලිසිය සහ එම විශ්වවිද්‍යාලයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කෙරුණා.

ඒ අනුව, මීගමුව සාගර විශ්වවිද්‍යාලයට ගොස් පහරකෑමට ලක් වූ සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක එම විශ්වවිද්‍යාලයේ නිල ෆේස් බුක් පිටුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ද සටහනක් තබා තිබුණා.

එහි දක්වා ඇත්තේ පුහුණු පාඨමාලාවක් අතරතුර සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාගර විශ්වවිද්‍යාලයේ අවධානය යොමුව ඇති අතර , ඒ පිළිබඳව විශ්වවිද්‍යාලය විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි ෴


නව යතුරුපැදි ලියාපදිංචිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5 කදී නැවත ඇරඹේ

(08.10.2026 – sinhala.adaderana.lk)

දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5 ක් මගින් නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම එළැඹෙන 19 වැනිදා සිට නැවත ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළදී මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට අවස්ථා හිමිවේ.

මීට පෙරද ඉහත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම සේවාව ලබාදුන් අතර, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.

ඒ අනුව මේ දක්වා නව යතුරුපැදියක් ලියාපදිංචි කරගැනීම සඳහා හිමිකරුවන්ට නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමට සිදුව තිබිණි ෴


වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කළ බණ්ඩාරවෙල වෙළෙඳසැලකට රුපියල් මිලියනයක දඩයක්

(08.10.2026 – sinhala.adaderana.lk)

උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල වෙළෙඳසැලකට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කර තිබේ.

ඒ, මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන්.

2026 සැප්තැම්බර් 23 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී, උපරිම සිල්ලර මිල රුපියල් 120 ක් ලෙස නියම කර තිබූ ලීටරයක බෝතල් කළ පානීය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවි කර ඇති බව අනාවරණයවී තිබේ.

ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලද අතර, 2026 ඔක්තෝබර් 07 වන දින විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් මිලියනයක (10,00,000) දඩයක් නියම කරන ලදී ෴


ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලා පවත්වාගෙන ගිය පියපුතු දෙපොළක් අත්අඩංගුවට

(08.10.2026 – sinhala.adaderana.lk)

උස්ගල සියඹලාංගමුව හා මීගලෑව ප්‍රදේශවල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2), ‍වෛද්‍ය උපකරණ සහ ඖෂධ තොගයක් සමඟ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 64 හැවිරිදි සහ 33 හැවිරිදි පියපුතු දෙපළකි.

අදාළ ස්ථානයේ තිබී ලියාපදිංචි නොමැති ඖෂධ තොගයක් සහ කල් ඉකුත්වූ ඖෂධද තොගයක්ද සොයාගෙන තිබේ ෴


Hiru TV Balaya Live | Episode 661 | 2026-10-08

+


අවුරුදු 05 කට බලයට ආපු කල්ලතෝනි ආණ්ඩුවට වසර 2500 ක් පරණ සිවුරට අත තියන්න බෑ (08.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤