විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම ගැන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක්

කන්ටේනර් 323 ආයුධ තිබුණු බව ඔබ දන්නේ කොහොමද? – ගම්මන්පිල අසයි (07.10.2026)

සිරිලිය ගිණුමෙන් රු. මිලියන 10 ක් සාවද්‍ය පරිහරණය කළැයි ශිරන්ති රාජපක්ෂ ලබන 13 දක්වා රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප


විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි

(07.10.2026 – hirunews.lk)

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට (6) එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පැමිණිල්ල කැදවනු ලැබූවා.

එහිදී විනිසුරු මඩුල්ල විසින් එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේ, අදාළ පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

එම කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම පැමිණිල්ල ඔක්තෝබර් 15 වැනිදා කැදවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළා.

ඊට අමතරව නම් කරන ලද පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ගේ කරුණු දැක්වීම සඳහා මෙම නඩුකරය ඔක්තෝබර් 23 වැනිදා කැඳවන ලෙසත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා ෴


ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම ගැන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක්

(07.10.2026 – hirunews.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සහ ඊට අදාල ප්‍රශ්නය සම්බන්ධයෙන් බුද්ධ ශාසන මණ්ඩලය මේ දක්වා ගෙන ඇති පියවර මොනවාදැයි? විමසමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභීත හිමියන් විසින් බුද්ධ ශාසන මණ්ඩලය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එමෙන්ම වර්තමානයේ මහා පරිමාණයෙන් පැතිර යමින් පවත්නා බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද බුද්ධ ශාසන මණ්ඩලය කිසියම් පියවරක් ගෙන ඇද්දැයි උන්වහන්සේ එම ලිපියෙන් විමසා තිබෙනවා.

වර්තමානයේ බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් අරභයා සුදුසු පියවර ගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවන ලද බුද්ධ ශාසන මණ්ඩලය මේ දක්වා සිදුකර ඇති විසඳුම්දායක පියවර පිළිබඳව රටේ ජනතාව මෙන්ම අවම වශයෙන් නිකාය සංඝ සභාවත් නිසි අවබෝධයකින් නොමැති බව සෝභීත හිමියන් එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින්, මෑතකදී බරපතල ආකාරයෙන් පැනනැගී ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් බුද්ධ ශාසන මණ්ඩලය ගෙන ඇති හෝ ගැනීමට අපේක්ෂා කරන විසඳුම් වහාම දැනුවත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනවා.

එම ලිපියේ මතු කර ඇති විශේෂිත කරුණු අතරට ‘කැකිරාවේ සුදස්සන’ නමැත්තාගේ ධර්මවිරෝධී හැසිරීම් රටාව, ‘තිත්තගල්ලේ ආනන්ද සිරි’ නමැත්තා ශාසන විරෝධී ආකාරයෙන් අලුතින් නිකායක් ආරම්භ කරන බවට මහානායක මාහිමිවරුන්ට සෘජු ලෙස අභියෝග කරමින් හැසිරීම, ‘ජෙරම් ප්‍රනාන්දු’ ඇතුළු පිරිසක් විසින් ක්‍රිස්තියානි ධර්මය අදහන අයට ‘මිථ්‍යා දෘෂ්ඨිය’ යන යෙදුම භාවිත කළහොත් නීතිමය මඟින් ක්‍රියා කරන බවට සිදුකරන ප්‍රකාශ, සහ ‘ක්ලිප්පේ අරියමග්ග’ නැමැති අය ප්‍රධාන පිරිසක් විසින් පිහිටුවන ලදැයි පැවසෙන ‘සිරි ගොතම සම්බුද්ධ නිකාය’ නම් නව සංවිධානයක් පිහිටුවීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් ඇතුළත් වේ.

2020 වෙසක් සත්කාර උත්සව අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකළ ප්‍රකාශය සිහිපත් කරමින්, ත්‍රිපිටකය සුරක්ෂිත කිරීම සහ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නම් නව නීති සම්පාදනය කරන බවට දුන් ප්‍රතිඥාව යටතේ මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි සෝභීත හිමියන් විමසා සිටිති.

මෙම ලිපියේ පිටපත් ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන්වහන්සේලා සහ ජනාධිපතිවරයා වෙතද යොමු කර ඇත ෴

+++

සම්බුද්ධ සාසනයටම තමයි ඒ ෂොට් එක දුන්නේ – පැලවත්තේ උඹලට කර්මය පාඩමක් කියලා දෙයි (07.10.2026)

+++

මහා නායක හිමිවරු තාමත් කටපියන් ඉන්නේ ඇයි | ගලබොඩඅත්තේ හිමි පරාජිකා වෙලා නෑ (07.10.2026)

+++

සිවුරු ගලෝන එක ජෙප්පන්ට මහ වැඩක් නෙමෙයි | මුන්ට ජාතියක් ආගමක් කුලයක් නෑ | දැන් ජෙප්පෝ හොඳට හිනා වෙනවා (07.10.2026)

+++

ගලබොඩඅත්තේ හිමිගේ සිවුර ගැලවීම : මේ අත තිබ්බේ බුදු හාමුදුරුවන්ගේ චීවරයට (07.10.2026)

+++

ඒ කාලේ පන්සල්වල හැංගිලා හිටපු උන් මහා සංඝරත්නයේ සිවුරු ගලවලා හිනා වෙනවා (07.10.2026)

+++

අවුරුදු 2300 ක් පරණ සිවුරටයි අත තිබ්බේ – අපි නඩු දානවා මේකට – හැප්පිලා බලමු එහෙනම් (07.10.2026)

+


කන්ටේනර් 323 ආයුධ තිබුණු බව ඔබ දන්නේ කොහොමද? – ගම්මන්පිල අසයි (07.10.2026)

+


සිරිලිය ගිණුමෙන් රු. මිලියන 10 ක් සාවද්‍ය පරිහරණය කළැයි ශිරන්ති රාජපක්ෂ ලබන 13 දක්වා රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප

(07.10.2026 – hirunews.lk)

“සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න අද (07) නියෝග කළා.

මෙහි පළමු (1) සැකකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් රුපියල් ලක්ෂ 100 බැගින් ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව අද (07) කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළා.

අද (07) පෙරවරුවේ අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් යන අය අද (07) සවස 05:00 ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ මෙම සිද්ධියට අදාල පළමුවැනි (1) සැකකරු ලෙස ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් සහ දෙවැනි (2) සැකකාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ යන අය නම් කර ඇති බවයි.

සිද්ධියට අදාලව කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂක නිති යස්මදා ලොකුනාරාගොඩ මෙසේ සඳහන් කළා :

“ස්වාමිනී, ඉකුත් 2015 වසරේ ලද පැමිණිල්ලකට අදාලව විමර්ශනය ආරම්භ කළා. මෙම සිද්ධියේ පළමු සැකකරු කොළඹ 10, සුදුවැල්ල මහජන බැංකුවට සිරිලිය ගිණුමට අදාලව NSB බැංකුවෙන් රුපියල් මිලියන 10 ක් ගිණුම් ගත කරලා තියෙනවා. නිසික්‍රමවේදයෙන් තොරව තමයි එම මුදල ලබා දිලා තියෙන්නේ. එම සැකකරු එවකට NSB සභාපති ලෙස සේවය කළා. සාමාන්‍යනේ බැංකුවකින් මුදල් ලබා දිය යුත්තේ එම කාර්යය ඉටු වු පසුයි. මොහු කලින්ම මුදල් දිලා. ඒ ගැන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඒ අනුව මෙම සැකකරු අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ ‘දූෂණය’ නම් වරද සිදුකර තිබෙනවා. මෙම සිද්ධියට මුදල් ලබා දි තිබෙන්නේ කිසියම් බලපැමක් මත බව පැහැදිලියි. රුපියල් මිලියන 10 ක් විතරක් නෙවෙයි මෙම සිරිලිය ගිණුමට පෞද්ගලික, රාජ්‍ය ආයතනවලින් පවා ආධාර ලබාදී තිබෙනවා.

මෙම සිද්ධියේ දෙවන (2) සැකකාරිය විසින් පළමු (1) සැකකරුට අනුබල දි මෙම සිරිලිය ගිණුමට මුදල් ලබාගෙන. ඒ සදහා ආධාර අනුබල දිලා. ඒ අනුව ශිරන්ති රාජපක්ෂට පොදු දේපල පනත යටතේ අත්අඩංගුට ගත්තා.

‘ටොමෝග්‍රැෆි ස්කෑනර්’ (CT ස්කෑන්) යන්ත්‍රයක් ලබා ගන්න තමයි ස්වාමීනි, NSB බැංකුවෙන් මුදල් ලබා ගෙන තිබෙන්නේ. එම මුදල් ඇය පෞද්ගලිකව භාවිතා කරලා.

එම නිසා විමර්ශන අවසන් වන තෙක් රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලනවා.

‘ටොමෝග්‍රැෆි ස්කෑනර්’ (CT ස්කෑන්) යන්ත්‍රයක් ඉල්ලලා රිජ්වේ රෝහල ඉල්ලිමක් කර නැහැ. ඒ වන විටත් එවැනි එකක් එහි තිබිලා. ඒ බව අධ්‍යක්ෂකවරුන්ගේ ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි වෙනවා.”

‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණකගත ‘ටොමෝග්‍රැෆි ස්කෑනර්’ (CT ස්කෑන්) යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, ඒ සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10 ක (රු. 10,000,000) මුදලක් ලබාගෙන එම මුදලින් අදාළ යන්ත්‍රය ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකිරීමේ චෝදනාව මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කර තිබුණේ.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤