හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

ඥානසාර හිමි අදත් (07) අධිකරණයට

ලැක්ටෝස් වත්තේ, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය රැස් කළ බවට වරද පිළිගත් දෙදෙනෙකුට වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවම්


හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

(07.10.2026 – hirunews.lk)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරින් පිරිසක් අද (07) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නුගේගොඩ පිහිටි ඇය පදිංචි නිවසට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රාජ්‍ය බැංකුවකින් රු. ලක්ෂ 100 ක් සිරිලිය ගිණුමට ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමෙන්, දූෂණය නම් වරද සිදුකළැයි කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම මගින් ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබූ බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ ෴

අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට රැගෙන එනු ලැබුවා ෴

+++

+++

+++

‘සිරිලිය සවිය ගිණුම’ සම්බන්ධ විමර්ශනයට හිටපු NSB සභාපති ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට

(07.10.2026 – hirunews.lk)

‘ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළවයි.

ප්‍රදීප් කාරියවසම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ස්වාමිපුරුෂයාද වනවා ෴


ඥානසාර හිමි අදත් (07) අධිකරණයට

(07.10.2026 – sinhala.adaderana.lk)

සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදත් (07) අධිකරණයට රැගෙන විත් තිබේ.

ඥානසාර හිමියන් සිරකරු ඇඳුමින් සැරසී අද (07) දිනයේදී අධිකරණයට පැමිණ තිබුණි.

+++

සෙව්වන්දි ගේන්න පුළුවන් මාංචු දාන්නේ නැතුව | ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා, මොකක්ද යකෝ නීතිය..? (07.10.2026)

+++

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් මාස 09 ක සිර දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ

(07.10.2026 – hirunews.lk)

මාධ්‍ය සාකච්ජාකදී මුස්ලිම් සහ සිංහල ජනයා අතර අසමගියක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් මාස 09ක සිර දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කර ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (07) දන්වා සිටියා.

ඒ මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවක් අද (07) කියවාදෙමින්.

මහේස්ත්‍රාත් අධිකරණයය මගින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් මහාධිකරණය මැදිහත්වීමට අවශ්‍ය නොවන බවද මහාධිකරණ නඩු තින්දුවේ සදහන් කර ඇති බවයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ‍.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් මාස 09 ක සිර දඬුවම නිශ්ප්‍රභ කරන ලෙසට ඉල්ලමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මහාධිකරණය හමුවේ අදාල තීන්දුව අභියෝගයට ලක්කරමින් කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනු කර තිබුණා. එම අභියාචනා තීන්දුව අද (07) උන්වහන්සේ ඉදිරියේ කියවා දුන් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුණා.

එම අභියචනය නිෂ්ප්‍රභ කරන බවද එම මහාධිකරණ තින්දුවේ සදහන්ව තිබුණා.

අදාල චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඉකුත් 2025 වසරේ‍ ජනවාරි මස 09 වැනිදින මාස 9 ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 1500 ක දඩ මුදලක් නියම කර තිබුණා.

මෙම නඩුව අද (07) කැඳවු අවස්ථාවේදි සැකකාර හිමිනම බන්ධනාගාර නිලධාරීන් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

මෙම නියෝගය කියවා දීම සදහා චුදිත හිමිනම පෙර නඩු දිනයේ දී අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මෙම අධිකරණයෙන් පෙර නඩු දනයේ දී වරෙන්තු නිකුත් කර තිබුණා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී චුදිත හිමිනම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනයක් මෙම නියෝගය සම්බන්ධයෙන් යොමු කර ඇති බවයි.

එම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන සම්බන්ධයෙන් ලබන පෙබරවාරි 23 කරුණු සලකා බැලීමට නියමිත බවයි නීතීඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණය පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ පවසා සිටියේ එම ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇති බවයි.

ඒ අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණයේ එම අභියාචනය සම්බන්ධයෙන් කරුණු සලකා බලන තෙක් කඩුව පෙබරවාරි 25 යළි කැඳවිමට න්යෝග කළා.

එදිනට සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරිමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ෴

+++

+++

+++

+++

+++


ලැක්ටෝස් වත්තේ, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය රැස් කළ බවට වරද පිළිගත් දෙදෙනෙකුට වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

(07.10.2026 – hirunews.lk)

සහරාන් හෂිම් ඇතුළු මුස්ලිම් ආගමික අන්තවාදීන් සමග එක්ව 2018 වසරේදී පුත්තලම, පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනි අවියක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කර තැබීම සම්බන්ධයෙන් වරද පිළිගත් අබු හනීෆා මොහොමඩ් මුසිෆ්, අමිර් හමසා මොහොමඩ් හමාස් යන දෙදෙනාට (2) වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඩුවම නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සහරාන් හෂිම් ඇතුළු ආගමික අන්තවාදීන් ඉකුත් 2018 වසරේදී පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනි අවි ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කර තැබීමේ සිද්ධියට අදාල නඩුව අද කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා.

ඒ, මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා නයෝමි වික්‍රමසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇත්තේ, අබු හනීෂා මොහොමඩ් මුසීත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙක් (6).

ඒ අනුව මෙලෙස නිතිපතිවරයා විසින් අධිචෝදනා 14 ක් යටතේ නඩු ගොනුකරනු ලැබ ඇත්තේ, අබු හනීෆා මොහොමඩ් මුසිෆ්, අමිර් හමසා මොහොමඩ් හමාස්, මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ , මෙහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මෙහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් යන අයවලුන්ටයි.

2018 වසරේ පුපුරන ද්‍රව්‍ය ලෙස සැලකෙන නයිට්‍රේට් තොගයක්, ජීව උණ්ඩ දොළහක්, ගිනි අවියක් සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නයිට්‍රජන් ඇසිඩ් සහ යූරියා තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤