කිසිම ආණ්ඩුවක් සිවුර ගැලෙව්වේ නෑ.. මේ ආණ්ඩුව ඒකත් කලා.. – ඥාණසාර හිමි වැලිකඩ යන ගමන්
සුරාබදු කොමසාරිස් ජනරාල්ට අල්ලසක් විදිහට මත්පැන් සමාගමකින් සුපිරි ජීප් රථයක් දීලා (06.10.2026)
කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 8 ක ජල කප්පාදුවක්
උපාධිදාරීන්ගේ මූණට කෙළ ගහපු ලාල් උඹ සුපිරි බඩුවක්! (04.10.2026)
ම්ලේච්ඡ සුදු අධිරාජ්‍යවාදීන්ගේ සපත්තුවට පෑගුණු අරහත් ධජය උඩ බාල් නටන JVP පිසාචයෝ (05.10.2026)
ශිරන්ති රාජපක්ෂ යළි ලංකාවට! FCID විමර්ශන හා චෝදනා අතර ඇයට මොකද වෙන්නේ? | අලුත්ම තත්ත්වය (06.10.2026)
සුරේෂ් සලේ ජාතික රෝහලෙන් යළි CID භාරයට – දැන් මොකද වෙන්නේ? | අලුත්ම තත්ත්වය (06.10.2026)
කිසිම ආණ්ඩුවක් සිවුර ගැලෙව්වේ නෑ.. මේ ආණ්ඩුව ඒකත් කලා.. – ඥාණසාර හිමි වැලිකඩ යන ගමන්
(10.10.2026 – lankacnews.com)
පසුගිය ආණ්ඩු සමයන්හිදී තමන්ව බන්ධනාගාරගත කළ ද කිසිදු රජයක් සිය සිවුර ඉවත් නොකළ බවත්, මෙවර ආණ්ඩුව යටතේ සිය සිවුර ගලවා ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
අධිකරණ නියෝගයකට අනුව බන්ධනාගාරගතව සිටින උන්වහන්සේ, අද (06) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අතරවාරයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළහ.
සුදු පැහැති ජාතික ඇඳුමකින් (ගිහි ඇඳුමෙන්) සැරසී දැඩි බන්ධනාගාර ආරක්ෂාව යටතේ අධිකරණයෙන් පිටතට පැමිණි උන්වහන්සේගෙන්, සිය කැමැත්තෙන් සිවුර ඉවත් කළේදැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළේ එය ඉහළ නියෝග මත සිදුවූවක් බවයි.
“පසුගිය ආණ්ඩු හිරේ ගෙනිහින් දැම්මට කවුරුත් කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ. මෙදා තමයි සිවුර ගැලෙව්වේ. සිවුර ගැලෙව්වත් එකයි, නැතත් එකයි” යනුවෙන් උන්වහන්සේ එහිදී පැවසූහ.
අධිකරණය හමුවට සිවුරෙන් සැරසී පැමිණීමට අවසර තිබේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී උන්වහන්සේ පෙන්වා දුන්නේ, ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ මහා සංඝ සභාව බවයි ෴
+++
“සම්බුද්ධ ශාසනයේ සම්ප්‍රදාය සුරැකුමත්, බුද්ධ චීවරයේ ගෞරවය ආරක්ෂා කිරීමත් වෙනුවෙන් පෙළ ගැසෙමු” – විපක්ෂනායක
(06.10.2026 – hirunews.lk)
ගරු අධිකරණය කටයුතු කරන්නේ නීතිමය රාමුව මත පිහිටමින් බවත් අධිකරණයට එම සීමාවන් ඉක්මවිය නොහැකි බවත් නමුත් ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ සමාජ සම්ප්‍රදායන්, සමාජ සම්මුතීන් සහ සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳ සංවේදී භාවයකින් යුක්ත බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂනායකවරයා මේ පිළිබඳව පවසා සිටියේ නිවේදනයක් නිකුත් කරමින්.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) දින අධිකරණය වෙත රැගෙන ඒමේදී උන්වහන්සේගේ එකඟතාවයකින් තොරව ගිහි ඇඳුම් අන්දවා තිබූ බව මාධ්‍ය තුළින් දුටු බවත් විත්තිකරුවකු අධිකරණයට රැගෙන එන විට ඔහුට අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු සිවිල් ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩකඩ ලැබී තිබෙන බවයි විපක්ෂනායකවරයා මෙහිදී පවසා සිටියේ.
එවන් පසුබිමක භික්ෂූන් වහන්සේ නමක් හෝ වෙනත් ආගමික නායකයෙකු, උන්වහන්සේ හෝ පුජකතුමන් නියෝජනය කරන ආගමික ආයතනයේ දැනුවත් භාවයකින් හෝ උන්වහන්සේගේ හෝ පුජකතුමන්ගේ කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් රැගෙන ඒම නුසුදුසුය, භික්ෂූත්වය හෝ අදාල වෙනත් ආගමක නිලභාවය පිලිබද තීරණය ගත යුත්තේ එම ආගමික ආයතනය බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
එම නිසා මෙවන් සංවේදී කටයුතුවලදී අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ හෝ වෙනත් ආගමක නම් එහි නායකත්වයේ දැනුවත් භාවයෙන් සහ අනුමැතියෙන් ක්‍රියා කළ යුතු බව ආණ්ඩුවට අවධාරණය කර සිටින බවයි විපක්ෂනායකවරයා සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පවසා සිටින්නේ ෴
+++
+++
+++
+++
සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, සිර ඇඳුමෙන් සිටිය යුතුයි – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
(06.10.2026 – sinhala.adaderana.lk)
බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට (3) වැඩි සිරදඬුවම් නියම වූ ඕනෑම පුද්ගලයෙකු බන්ධනාගාරය මගින් නිකුත් කරන සිර ඇඳුමින් සැරසී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා පවසයි.
ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් පළවන විවිධ මත ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා :
“මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් විවිධ මත පළවන බව නිරීක්ෂණය වී තිබෙනවා.
බන්ධනාගාර නීති රෙගුලාසි අනුව, ගරු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ගරු අධිකරණය මගින් සරල සිරදඬුවමක් නියම කර ඇත්නම්, අදාළ සිරදඬුවම් කාලය බන්ධනාගාරය තුළ ගෙවීමේදී තම චීවරයෙන් සිටිය හැක. සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, ඕනෑම පුද්ගලයෙකු සිර ඇඳුමෙන් සිටිය යුතුයි.
බන්ධනාගාරය මගින් ගරු අධිකරණයට සිරදඬුවම් ලත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේදී, ඔහුගේ සිරදඬුවම වසර තුනකට (3) වඩා අඩු නම්, ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී දඬුවමට පෙර ඔහු ඇඳ සිටි සිවිල් තත්ත්වයේ ඇඳුම ඇඳීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයාට අවසර දිය හැක. එවැනි අවස්ථාවකදී ගරු භික්ෂූන් වහන්සේ නමකටද සිවුර ඇඳීමට අවසර ලබා දිය හැක.
නමුත් වසර තුනකට (3) වැඩි සිරදඬුවම් නියම කර ඇති ඕනෑම තත්ත්වයේ ලා සැලකෙන පුද්ගලයෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.
ඒ වගේම දිවයිනේ බන්ධනාගාරවල ආගමික උතුමන් 63 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිරදඬුවම් විඳිමින් ඇති අතර, එබඳු ආගමික උතුමන් සිර ඇඳුමෙන් බන්ධනාගාරය තුළ සිටින බවද කාරුණිකව දන්වමි.”
ආයේ මඩකලපුවේ හතර මායිමේ සිංහල ගොවියන්ට වගා කරන්න බෑ | නිලධාරීන් ඉස්සරහ දෙමළ කිරි ගොවියන් දාපු තග (06.10.2026)
+
සුරාබදු කොමසාරිස් ජනරාල්ට අල්ලසක් විදිහට මත්පැන් සමාගමකින් සුපිරි ජීප් රථයක් දීලා (06.10.2026)
+
‘ක්‍රිෂ්’ ගනුදෙනු විමර්ශනයට ඉන්දීය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට (2) වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්
(06.10.2026 – hirunews.lk)
ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුව සම්න්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව ‘ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ’ ඉන්දීය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුට (2) වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද (06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.
ඒ, මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි.
මෙම විමර්ශනයට අදාලව ‘ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ’ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු (2) වන ඉන්දීය ජාතික ‘අමිත් කට්ටයාර්’ සහ ‘රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා’ යන අයට වරෙන්තු නිකුත් කරන ලෙසයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කරුණු සලකා බලන බවයි මහේස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දුන්නේ.
මෙම සිද්ධියට අදාලව එම ඉන්දීයන් ජාතිකයන් දෙදෙනා (2) පළමු (1) සහ දෙවැනි (2) සැකකරුවන් වන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
එම සැකකරුවන් දෙදෙනා (2) අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබා දීමට කැඳවූ නමුත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම සිද්ධියට අදාලව එම අධ්‍යක්ෂකවරයන් දෙදෙනාට (2) සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් තොරතුරු ලබාගෙන ගුවන් තැපැල් මගින් කැදවීම් ලිපි යොමු කළත් එම කැදවීම් ලිපිවලට කිසිම ප්‍රතිචාරයක් මේ වෙනකන් ලැබී නොමැති බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
එම නිසා වරෙන්තුවට අදාල නියෝගය ලබා දෙන ලෙසයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
වරෙන්තුව ලබා ගැනීම සම්බන්ධයෙන් අදාල ලිපි ලේඛන ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන හෙයින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මෙහිදී අධිකරණයෙන් නියෝග නිකුත් වුණේ ෴
කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 8 ක ජල කප්පාදුවක්
(06.10.2026 – sinhala.adaderana.lk)
කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරේ.
ඒ අනුව, ඔක්තෝබර් 08 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ඒ සඳහා අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසත්, එම ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි ෴
උපාධිදාරීන්ගේ මූණට කෙළ ගහපු ලාල් උඹ සුපිරි බඩුවක්! (04.10.2026)
+
ම්ලේච්ඡ සුදු අධිරාජ්‍යවාදීන්ගේ සපත්තුවට පෑගුණු අරහත් ධජය උඩ බාල් නටන JVP පිසාචයෝ (05.10.2026)
+
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට තව අවුරුදු 25 කින් වෙන්න නියමිත දේ මෙන්න | නඩු සහ දඬුවම් ගැන සම්පූර්ණ කතාව (05.10.2026)
+
ශිරන්ති රාජපක්ෂ යළි ලංකාවට! FCID විමර්ශන හා චෝදනා අතර ඇයට මොකද වෙන්නේ? | අලුත්ම තත්ත්වය (06.10.2026)
+
සුරේෂ් සලේ ජාතික රෝහලෙන් යළි CID භාරයට – දැන් මොකද වෙන්නේ? | අලුත්ම තත්ත්වය (06.10.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴