Online සූදු ක්‍රීඩා කළ ඉන්දීය ජාතිකයින් 8 ක් තලවතුගොඩ නිවසකදී මාට්ටු
මහින්ද කහඳගම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
BIA හි තාවකාලික රියදුරු බලපත්‍ර ගන්න ඉන්දීය සංචාරකයන්ට ගැටලු
අඳුරට ගිය ළමා ජීවිත රැසකට නැවත එළිය දුන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ අපූරු වැඩපිළිවෙළක්
කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට හෙට (06) සිට පැය 48 ක ජල කප්පාදුවක්
Online සූදු ක්‍රීඩා කළ ඉන්දීය ජාතිකයින් 8 ක් තලවතුගොඩ නිවසකදී මාට්ටු
(06.10.2026 – sinhala.adaderana.lk)
අන්තර්ජාලය මඟින් සූදු ක්‍රීඩා කළ විදේශ ජාතිකයින් අට දෙනෙකු (8) තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 04 වැනිදා තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් පිරිසක් රැඳී සිටිමින් පරිගණක හා ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා නීතිවිරෝධී ලෙස මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරන බවට ලද දුරකථන පණිවුඩයක් මත තලංගම පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත අපරාධ වාර්තා කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය, පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහාය ඇතුව ඊයේ (04) අදාළ නිවස පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී එම නිවසේ රැඳී සිටි විදේශ ජාතික සැකකරුවන් අට දෙනෙකු (8) පරිගණක යන්ත්‍ර 06 ක්, ජංගම දුරකථන 39 ක් ඇතුළු පරිගණක උපාංග රැසක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 22 හා 51 යන වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයින් වන අතර, වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරනු ලබයි ෴
මහින්ද කහඳගම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
(06.10.2026 – sinhala.adaderana.lk)
කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (05) රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසල දී මොහු අත්අඩංගුවට ගත් බවය.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.
මොහු කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට ගෙන ඇති බව වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත ෴

BIA හි තාවකාලික රියදුරු බලපත්‍ර ගන්න ඉන්දීය සංචාරකයන්ට ගැටලු
(05.10.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ’දී (BIA) තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී ගැටලු මතුව තිබේ.
ඊට හේතුව වී ඇත්තේ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් නිකුත් කරන ඩිජිටල් රියදුරු බලපත්‍ර මෙරට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය මගින් මේ වනවිට පිළි නොගැනීමයි.
BIA හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කවුන්ටරය මගින් තාවකාලික බලපත්‍රයක් ලබාගැනීම සඳහා අදාළ රට විසින් නිකුත් කළ භෞතික රියදුරු බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.
ප්‍රමුඛ පෙළේ ගමනාන්ත කළමනාකරණ සමාගමක නියෝජිතයෙකු පැවසුවේ ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක වෙළෙඳපොළ වන ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයන් මෙම ගැටලුවට වැඩි වශයෙන් මුහුණ දෙන බවයි.
“ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කුලී රථ සේවා භාවිත කරනවා. තාවකාලික බලපත්‍රය ලබාගැනීමට කවුන්ටරයට ගියත්, ඩිජිටල් රියදුරු බලපත්‍රය පිළි නොගන්නා නිසා ඔවුන් ආපසු හරවා යවනවා. මෙය රජයට ලැබිය හැකි ආදායම අහිමි වීමටත් හේතුවක්,” ඔහු පැවසීය.
BIA කවුන්ටරයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යොමු කළ ඇතැම් සංචාරකයන්ටද බලපත්‍ර ලබාගැනීමට නොහැකි වී ඇති බව ඔහු සඳහන් කළේය.
“අද බොහෝ ඉන්දීය සංචාරකයන් විශාල මුදල් ප්‍රමාණයක් රැගෙන එන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල භෞතික ක්‍රෙඩිට් කාඩ්පත් පවා රැගෙන එන්නේ නැහැ. ඔවුන් මූල්‍ය ගනුදෙනු ජංගම දුරකථන හෝ ස්මාර්ට් ඔරලෝසු හරහා සිදු කරනවා.”
මෝටර් රථ කුලියට ලබාදෙන සමාගම් නියෝජිතයෙකු පැවසුවේ මෙම තත්ත්වය එම කර්මාන්තයටද බලපා ඇති බවයි. ඇතැම් සංචාරකයන් Google Maps ඇතුළු සංචාලන යෙදුම් භාවිත කරමින් තමන් විසින්ම රිය පැදවීමට කැමැත්තක් දක්වන බවද ඔහු සඳහන් කළේය.
විදේශීය සංචාරකයන් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති අතර, ඒ සඳහා රුපියල් 15,000 කින් ආරම්භ වන ගාස්තු අය කෙරේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරියෙකු පැවසුවේ ඉන්දියාව, පාකිස්ථානය සහ තවත් රටවල් කිහිපයක ඩිජිටල් රියදුරු බලපත්‍ර පද්ධති සමඟ සම්බන්ධ වීමට මෙරට පද්ධතිය තවමත් සූදානම් නොමැති බවයි.
“එම පද්ධති කිහිපයක් පිළිගෙන ඒවා සමඟ සම්බන්ධ වීමට අපේ පද්ධතිය තවමත් සූදානම් නැහැ. කෙසේ වෙතත්, එය නිවැරදි කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. ඒ සඳහා නව උපකරණ කිහිපයක්ද අවශ්‍යයි,” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා ගමන් කරන පසුබිමක මෙම ගැටලුව කඩිනමින් විසඳිය යුතු බව ICT ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පෙන්වා දෙති. සංචාරකයන්ට සිදුවන අපහසුතා මෙන්ම තාවකාලික බලපත්‍ර සහ මෝටර් රථ කුලියට දීම හරහා රජයට හා කර්මාන්තයට අහිමි විය හැකි ආදායමද එමගින් වළක්වා ගත හැකි බව ඔවුහු පවසති ෴
මෙරට සුපිරි පන්තියේ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ඉතාලියේ සිට මෙහෙයවූ ‘කොකේන්’ ජාවාරමක දෙදෙනෙක් (2) අත්අඩංගුවට
(05.10.2026 – hirunews.lk)
ඉතාලියේ සිට මෙහෙයවූ මෙරට සුපිරි පන්තියේ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ‘කොකේන් මත්ද්‍රව්‍ය’ ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
බුද්ධි තොරතුරකට අනුව සීදුව ප්‍රදේශයේ සුපිරි ආපනශාලාවක රථගාලක් තුළදී සිදුකළ වැටලීමකදී, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 02 කට ආසන්න බවද පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ‘ජයකොඩි ආරච්චිගේ දොන් මහේෂ් ගයාන්’ සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ‘පතිරණගේ නවීන් හිරුෂ ප්‍රනාන්දු’ නමැති දෙදෙනෙක් (2).
ප්‍රශ්න කිරීම්වලදී ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන අතර ඉතාලියේ සිටින ‘දිනේෂ්’ නමැති ව්‍යාපාරිකයෙකු විසින් ගුවන්තොටුපළ හරහා සූක්ෂම ලෙස මෙරටට කොකේන් ගෙන්වා ඇති අතර, පසුව සුපිරි ආපනශාලා රථගාල් තුළදී මෙරට සුපිරි පන්තියේ ව්‍යාපාරිකයන් වෙත ඒවා අලෙවි කර ඇති බව වාර්තා වී තිබෙනවා.
මෙම ජාවාරම හරහා එක් (1) සැකකරුවෙකුගේ ගිණුමක පමණක් රුපියල් කෝටි 20 කට අධික මුදලක් සංසරණය වී ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය අලෙවි කර ලබාගන්නා මුදල් ගිණුම් 30 කට වැඩි ප්‍රමාණයකට බැර කරමින්, ව්‍යාපාරික කටයුතු ලෙස හඟවමින් නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණය හරහා නැවත ඉතාලිය වෙත යවා ඇති බවටද හෙළි වී තිබෙනවා.
මේ අතර මෙම මුදල් හුවමාරු වූ බැංකු ගිණුම් 25 ක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් දෙදෙනා (2) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
අඳුරට ගිය ළමා ජීවිත රැසකට නැවත එළිය දුන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ අපූරු වැඩපිළිවෙළක්
(05.10.2026 – sinhala.adaderana.lk)
පාසලට ඇතුළත් වී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දිර්ඝ කාලයක් පාසල් නොගොස් මඟහැර සිටි දරුවන් 30 කට වැඩි පිරිසක් නැවත පාසල් වෙත ඇතුළත් කර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව අද (05) දිනයේ දී මෙම දරුවන් සිංහල, හින්දු සහ මුස්ලිම් පාසල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
අදාළ පාසල් බලධාරීන් සමඟ සාකච්ඡා කර එම දරුවන්ගේ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු, පොලීසියේ මැදිහත් වීමෙන් අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙමින් ඔවුන් යළි පන්ති කාමර වෙත යොමු කර ඇත.
සාධාරණ හේතුවක් නොමැතිව තම දරුවන් පාසලට නොයවන දෙමාපියන්ට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය දැඩි ලෙස අනතුරු අඟවා සිටියි.
මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, අදාළ පාසල් හරහා මෙම දරුවන් පිළිබඳ දෛනික තොරතුරු ලබා ගනිමින් විශේෂ අධීක්ෂණ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
පොලීසිය ගත් මෙම ප්‍රශංසනීය පියවර හේතුවෙන් අහිමි වන්නට ගිය දරුවන් රැසකගේ අනාගතය යළි එළිය කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ ෴
කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට හෙට (06) සිට පැය 48 ක ජල කප්පාදුවක්
(05.10.2026 – sinhala.adaderana.lk)
කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම් අත්හිටුවීම සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව හෙට (06) පෙරවරු 09:00 සිට ඔක්තෝබර් 08 වනදා පෙරවරු 09:00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළකර සිටී.
එමෙන්ම, එම කාලය සඳහා රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසද මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී ෴
එදා චන්දන ලියනාරච්චිගේ කැසට් පටිය වැඩ කළානම් අදට මම මැරිලා අවුරුදු 26 ක්, අජිත් රෝහණගේ මතක (05.10.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴