ඥානසාර හිමිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බව කියන බැංකු නිලධාරියෙක් රිමාන්ඩ්
අරගලය බලය සහ දඩයම (03.10.2026)
ආණ්ඩුව Fail මග අපැහැදිලියි ඇමරිකානු වාර්තාව (04.10.2026)
පෙරටුගාමීන් හිරේ – ඇයි සජබ නැත්තෙ – මොකක්ද ඩීල් එක (04.10.2026)
අනුරගෙ අය වැය කතාව ලීක් වෙලා (05.10.2026)
ඥාණසාර හිමි හිර ගත කිරීම හරිද හොඳද ? (05.10.2026)
පීලි පැන්න බිමල් සහ අඬන ලමයි (06.10.2026)
ඥාණසාර හිමිට උරුම සරමද? (06.10.2026)
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට තමන් කැමති මිලකට ඉන්ධන විකුණන්නයි දැනුම් දෙයි
ඥානසාර හිමිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බව කියන බැංකු නිලධාරියෙක් රිමාන්ඩ්
(06.10.2026 – hirunews.lk)
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බවට කැලණියේ පදිංචි බැංකු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, විත්තිකාර භික්ෂූන් වහන්සේට වරෙන්තු නිකුත් කර ඇති බව දැන දැනම මෙම සැකකරු රාජගිරියේ සිට ඇල්පිටිය ප්‍රදේශයට ස්වාමීන් වහන්සේ සිය මෝටර් රථයෙන් ප්‍රවාහනය කර ඇති බවයි.
කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සැකකරු 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා ෴
අරගලය බලය සහ දඩයම (03.10.2026)
+
ආණ්ඩුව Fail මග අපැහැදිලියි ඇමරිකානු වාර්තාව (04.10.2026)
+
පෙරටුගාමීන් හිරේ – ඇයි සජබ නැත්තෙ – මොකක්ද ඩීල් එක (04.10.2026)
+
අනුරගෙ අය වැය කතාව ලීක් වෙලා (05.10.2026)
+
ඥාණසාර හිමි හිර ගත කිරීම හරිද හොඳද ? (05.10.2026)
+
පීලි පැන්න බිමල් සහ අඬන ලමයි (06.10.2026)
+
ඥාණසාර හිමිට උරුම සරමද? (06.10.2026)
+
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට තමන් කැමති මිලකට ඉන්ධන විකුණන්නයි දැනුම් දෙයි
(06.10.2026 – lankacnews.com)
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.
එසේම, ලෝක වෙළෙඳපොළේ දැවැන්ත පෙරළියක් සිදු නොවන්නේ නම්, එළැඹෙන මාස තුනක (3) කාලය තුළ සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය.
පෞද්ගලික ඉන්ධන සමාගම් මුහුණ දී ඇති බව කියන පාඩුව සහ අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, යම් හෙයකින් රජය නියම කරන මිලකට ඉන්ධන අලෙවි කිරීමට සිදුවීමෙන් එම සමාගම්වලට අලාභයක් සිදුවුවහොත්, එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ගිවිසුම්ගත කොන්දේසියක් පවතින බවයි.
කෙසේ වෙතත්, කිසියම් නිශ්චිත මිලකට ඉන්ධන අලෙවි කරන ලෙස රජය මෙතෙක් එම සමාගම් වෙත ලිඛිතව කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ඔහු සඳහන් කළේය.
එම සමාගම් දැනට සිදු කරන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් ස්වේච්ඡාවෙන්ම අනුගමනය කිරීම පමණක් බවත්, එබැවින් පාඩු ලබන්නේ නම් තමන්ට කැමති මිලක් නියම කර ඉන්ධන අලෙවි කිරීමට එම සමාගම්වලට පූර්ණ නිදහස පවතින බවත් සභාපතිවරයා පැහැදිලි කළේය.
මේ අතර, වෙළෙඳපොළේ කුමන අර්බුදයක් නිර්මාණය වුව ද ඒ සියල්ලට මුහුණ දී ජනතාවට බරක් නොවී සේවය සැපයීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව ඔහු කියා සිටියේය.
ඒ අනුව, ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ නම් මෙම මාසය අවසන් වන තෙක් හෝ බොහෝ දුරට ඉදිරි මාස තුනක (3) කාලය තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට සංස්ථාව කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන බව ඔහු තහවුරු කළේය.
එසේම, මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, සංචිත සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැතිව ඉදිරි කාලය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට පියවර ගෙන ඇති බවත් සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴