“භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි” – කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

“භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි” – කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පුනරුදයේ තෙල් පෝලිම් (06.10.2026)

කළුතර වෙළඳසැලක ගින්නක් ! (06.10.2026)

තුන්මුල්ල හන්දියේ ෂෙඩ් එක ළඟම ගිනි අරන් විනාශ වුණු ත්‍රීරෝද රථය (06.10.2026)


“භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි” – කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

(06.10.2026 – sinhala.adaderana.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඥානසාර හිමි විනය පිටකයට අනුව පරාජික වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා නොමැති අතර ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බවය.

එබැවින් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර පිටින්ම පෙනී සිටීමට උන්වහන්සේට අවස්ථාව ලබාදෙන ලෙසත් කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී, පූජ්‍ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ :

  • උපුටා ගැනීම –

ගලගොඩ අත්තේ ඤාණසාර ස්ථවිරයන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවකි. උන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව පිළිබඳව කිසිදු විරෝධයක් හෝ අදහසක් අප ඉදිරිපත් නොකරන්නෙමු. එමෙන්ම අධිකරණයේ උත්තරීතර භාවය පිළිබඳ ඉහළින්ම පිළිගන්නෙමු. ඒ අතර බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා දුටුවෙමි.

භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවටය. එය අප රටේ දැනට තහවුරු වී ඇති ක්‍රමවේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන්ම සිදුවිය යුතු ශාසනික කාර්යයකි.

ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවකම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබාදීම මෙතෙක් ශාසනිකව හා අධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍රදායික නීතියකි. එමෙන්ම එය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයකි.

ගලගොඩ අත්තේ ඤාණසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතල හේතුවක් උන්වහන්සේ අයත් අප සංඝ සභාව වෙත වාර්තාවී නොමැත. එමෙන්ම ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම අප සංඝ සභාවට අයත් වගකීමකි.

එබැවින් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර පිටින්ම පෙනී සිටීමට උන්වහන්සේට අවස්ථාව ලබාදෙන ලෙසත් කරුණාවෙන් දන්වමි.

  • උපුටා ගැනීම අවසන් –

+++

+++

අධිකරණයට අපහාස කිරීම : ගලබොඩඅත්තේ හිමිට සුදු සරමක් අන්දවා මහාධිකරණයට රැගෙන එයි (06.10.2026)

+++

ඥානසාර හිමිගේ නඩුව කල්යයි

(06.10.2026 – sinhala.adaderana.lk)

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුකරය අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වරෙන්තුව මත අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය යළි ලබන 23 වැනිදා කැඳවන ලෙස නියම කළේය ෴


පුනරුදයේ තෙල් පෝලිම් (06.10.2026)

+++

+++

+++

+++

+++

+


කළුතර වෙළඳසැලක ගින්නක් ! (06.10.2026)

+


තුන්මුල්ල හන්දියේ ෂෙඩ් එක ළඟම ගිනි අරන් විනාශ වුණු ත්‍රීරෝද රථය (06.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤