ඥානසාර හිමි වෙනුවෙන් ඇරඹී පාද යාත්‍රාව තුන්වන (3) දිනයට අද (12) කෑගල්ගෙන් ගමන් අරඹයි

ඥානසාර හිමි වෙනුවෙන් ඇරඹී පාද යාත්‍රාව තුන්වන (3) දිනයට අද (12) කෑගල්ගෙන් ගමන් අරඹයි

බැස්ටියන් මාවතෙන් පැහැරගත් ලංගම බසය ඉන්ධනත් නැතුව පෑලියගොඩින් හමුවෙයි

පොල්ගහවෙල – පේරාදෙණිය අතර ධාවනයට අද (12) සිට නව දුම්රියක්

ජනාධිපති කසාද බැන්දේ 2015 මාර්තු මාසේ – මුන්ට ඇත්තටම ‘පයිත්තියන්’ද දන්නේ නෑ (12.10.2026)

හදිසි හෘදයාබාදයක්.. මහින්ද රාජපක්ෂට අමාරුයි.. ICU ඇතුළු කෙරේ..


ඥානසාර හිමි වෙනුවෙන් ඇරඹී පාද යාත්‍රාව තුන්වන (3) දිනයට අද (12) කෑගල්ගෙන් ගමන් අරඹයි

(12.10.2026 – hirunews.lk)

සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාව’ අද (12) තෙවන (3) දිනට කෑගල්ලෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

දෙවන (2) දිනට කඩුගන්නාව නගරයෙන් ඊයේ (11) ආරම්භ කළ පාගමන කෑගල්ල දක්වා පැමිණි අතර, අද (12) එතැන් සිට වරකාපොළ දක්වා ගමන් කරනු ඇති.

සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් සහ උන්වහන්සේට ගිහි ඇඳුම ඇන්දවීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය පා ගමනක් ආරම්භ කළේ පෙරේදා (10) දිනයේයි.

එමෙන්ම, ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ, පානදුර, හොරණ, පිටිගල, කැකිරාව, කළුතර සහ ගාල්ල ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් සහ පාගමන් ක්‍රියාත්මක කෙරුණා.

මේ අතර, ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් නිහඬ පා ගමන උන්වහන්සේගේ උපන්ගම වන කරන්දෙණිය ප්‍රදේශයේදී සංවිධාන කර තිබූ අතර, ඥානසාර හිමිගේ මව ද ඊට එක්ව සිටීම විශේෂත්වයක්.

එමෙන්ම, සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ‘ශ්‍රී ලාංකික යුතුකම ඉටු කරමු’ තේමාවෙන් අත්සන් ලක්ෂ 50 ක් ලබා ගැනීමේ වැඩසටහන ද තවදුරටත් ක්‍රියාත්මකයි.

+++

මේ ආණ්ඩුව අනාගමික විදිහට රට පාලනය කරන්නේ, ආණ්ඩුවට හාමුදුරුවෝ ඇලජික්, රෙනෝ සිල්වා අපිට ශක්තියක් වුණා (12.10.2026)

+++


බැස්ටියන් මාවතෙන් පැහැරගත් ලංගම බසය ඉන්ධනත් නැතුව පෑලියගොඩින් හමුවෙයි

(11.10.2026 – hirunews.lk)

කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පොලේ නවතා තිබූ ලංගම බස් රථයක් පැහැරගෙන ගොස් තිබියදී පෑලියගොඩ ප්‍රදේශයෙන් අද (11) සොයාගෙන තිබෙනවා.

එම බස් රථයේ තිබූ ඉන්ධන ඉවතට ඇද ඇතැයි නිරීක්ෂණය වී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය සහ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ මගින් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

වවුනියාව සිට නොච්චියාගම දක්වා ධාවනය කෙරෙන ලංගම බස් රථයක් අද (11) අලුයම කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අංගනයට ගෙනවිත් ගාල් කර තිබුණේ අද (11) දහවල් 11:45 ට වවුනියාව බලා පිටත්ව යෑම සඳහායි.

ඒ අනුව, බස් රථය ගාල් කළ රියැදුරු අලුයම 04:30 ට පමණ එහි යතුර රහස් ස්ථානයක සඟවා බසයෙන් පිටතට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත්, දහවල් ගමන් වාරයට අනෙක් රියැදුරු පැමිණි අවස්ථාවේ බස් රථය එම ස්ථානයේ තිබී නැහැ.

පසුව එම රියැදුරු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ දැනුවත් කිරීමෙන් පසු පිටකොටුව ප්‍රදේශයේ සෑම මාර්ගයක්ම පරීක්ෂා කර තිබුණ ද එම බස් රථය හමුනොවීම හේතුවෙනුයි විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එවන් පසුබිමක අදාළ බස් රථය පෑලියගොඩ ප්‍රදේශයේ මාර්ගයක නවතා ඇති බවට වෙනත් බස් රථ රියැදුරෙකු විසින් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කළ සෝදිසියකදී එම බස් රථය පෑලියගොඩදී හමුවී ඇති නමුත් බස් රථයේ තිබූ ඉන්ධන ඉවත් කර ඇතැයි නිරීක්ෂණය වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය සහ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදු කරන අතර කොළඹ ඇඟිලි සලකුණු කාර්යාලයේ නිලධාරීන් පැමිණ බස් රථයේ තිබූ ඇඟිලි සලකුණු ද ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


පොල්ගහවෙල – පේරාදෙණිය අතර ධාවනයට අද (12) සිට නව දුම්රියක්

(12.10.2026 – sinhala.adaderana.lk)

පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් සහ අනෙකුත් මගීන් සඳහා නව දුම්රියක් ධාවනයට අද (12) සිට ධාවනයට එක් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පසු පසුගිය 02 දින සිට උඩරට මාර්ගයේ රඹුක්කන, ගම්පල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය කරන බැවින් මීට සමගාමීව මෙම දුම්රිය ධාවනය කරන බවය.

ඒ අනුව පොල්ගහවෙල – පේරාදෙණිය අතර දුම්රිය මගින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තුවන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා අද (12) දින සිට දිනපතා මෙම දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ජනාධිපති කසාද බැන්දේ 2015 මාර්තු මාසේ – මුන්ට ඇත්තටම ‘පයිත්තියන්’ද දන්නේ නෑ (12.10.2026)

+


හදිසි හෘදයාබාදයක්.. මහින්ද රාජපක්ෂට අමාරුයි.. ICU ඇතුළු කෙරේ..

(12.10.2026 – lankacnews.com)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය දින කිහිපය මුළුල්ලේම විවිධ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දී සිටි ඒ මහතා, අද (12) දිනයේදී වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් එහි රඳවා සිටින සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීමට සැලසුම් කර තිබූ බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත්, අද (12) පෙරවරුවේ උද්ගත වූ මෙම හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට දිවයිනේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටියි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤