විසඳුම් කියන්න GMOA රජයට පැය 48 ක් කල්දෙයි
(24.11.2025 – 17:43 +0530 – sinhala.adaderana.lk)
වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48 ක කාලයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර ඇත්තේ එසේ පැය 48 ක් තුළ විසඳුම් ලබාදීමට නොහැකි වුවහොත් 26 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට තීරණය කිරීමට නියමිත බවය.
ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමති ඇතුළු වගකිවයුත්තන් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු විසඳීම වෙනුවෙන් නිශ්චිත කාලරාමුවක් සහිත විසඳුම් මාලාවක් ප්‍රකාශයට පත්කිරීම තුළ වර්තමානයේ සෞඛ්‍ය පද්ධතිය තුළ උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීමට වහාම මැදිහත් විය යුතු බවට තම සංගමය විශ්වාසය කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

facebook.com/accident1stofficial/ (24.11.2025)
මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් පෙර දින (23) රාත්‍රි 09:20 ට පමන සිදුවු අනතුරෙන් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වයස අවුරුදු දෙකහාමරක් (2½) පමණ වන ගැහැණු දරුවෙකු සහ තවත් කාන්තාවක් ඇතුළු තිදෙනකු (3) තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි වියේ පසු වු පුද්ගලයෙකු වන අතර අනතුරින් තුවාල ලැබු අවුරුදු දෙකහමාරක ගැහැණු දරුවෙකු (2½), 48 හැවිරිදි කාන්තාවක් සහ 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ගස කඩා වැටීමෙන් ඒ අසල මාර්ගයේ නවතා තිබු ලොරි රථයකට සහ අසල වෙළෙදසැලකට ද හානි සිදුවූනා.
ගස ඉවත් කරන තෙක් රඹුක්කන – මාවනැල්ල මාර්ගය තලගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා තැබුනා.
+++
https://www.facebook.com/share/p/1VDsKSmKs9
+++
+
තනුවක් හදන එක උගන්වන්නත් බෑ; ඉගෙන ගන්නත් බෑ – ආචාර්ය රෝහණ වීරසිංහ සමග මතක පද (27.09.2024)
+
මහජන ආරක්ෂක කමිටුවෙන් ලිපි ගේන්නැයි කියා පොලිසිවල තිබූ බෝඩ් මකයි..
(25.11.2025 – lankacnews.com)
පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා මහජන ආරක්ෂක කමිටුවෙන් ලිපියක් ලබාගෙන එන ලෙසට ඇතිවූ කතාබහ ඉන්පසු පොලිසි වල එම සටහන දැක්වෙන පුවරු මකා දමා තිබූ තිබේ.
මේ බව හෙළි වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේදී එම පින්තූර සභාගත කිරීමෙන් පසුයි.
මාතර පොලිසියේ දැන්වීම් පුවරුවේ පෙර සහ පසු පින්තූර දෙකක් (2) ඔහු අද (25) දිනයේ මෙසේ සභාගත කළේය.
එමෙන්ම මහජන ආරක්ෂක කමිටු ලිපි ලබාගෙන පැමිණෙන ලෙස දන්නවා ඇති බවට එම කමිටු සභාපතිවරයකුගේ ලිපියක්ද විපක්ෂ නායකවරයා විසින් අද සභාගත කළේය.


ගලබොඩ අත්තේ හිමි වහාම මාධ්‍ය කැඳවයි – ත්‍රී’මලේ බුදුපිළිම සිද්ධියත් එක්ක හෙළිදරව් රැසක් (25.11.2025)
+
මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ඉවත් කිරීමේ මහමොලකරු රාසමානික්කම් ද? සාක්ෂි සමඟ ආන්දෝලනාත්මක හෙළිදරව්ව (25.11.2025)
+
වව්නියාවේ සිංගර් ප්‍රදර්ශනාගාරයේ අද (25) හටගත් ගින්න (25.11.2025)
+++
+
ත්‍රීරෝද රියක ගිය පෙර පාසල් දැරිය ටිපරයේ ගැටී මරුට
(25.11.2025 – hirunews.lk)
මිල්ලනිය රන්මිනික ප්‍රදේශයේ දී පෙර පාසල් දරුවන් අට දෙනකු (8) හා කාන්තාවක් (1) ගමන් ගත් ත්‍රීරෝද රථයක සිටි දැරියකගේ හිස ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් එම දැරිය මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ පරගස්තොට, බටහිර පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අමායා දිව්‍යාංජලී (04) දැරියයි.

මියගිය දැරිය ලබුගම ප්‍රදේශයේ පෙර පාසලක අධ්‍යාපනය ලබන අතර පෙර පාසල නිම වීමෙන් අනතුරුව එම පෙරපාසලේ මිතුරු මිතුරියන් හත් දෙනෙකු (7) සමඟ සුපුරුදු ලෙස ත්‍රීරෝද රථයකින් නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ත්‍රීරෝද රථය මිල්ලනිය රන්මිනික ප්‍රදේශයට පැමිණෙන අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ටිපර් රථයක් ධාවනය වී ඇති අතර ත්‍රීරෝද රථයේ පිටුපස දකුණු පස සිටි මියගිය දැරිය රථයෙන් පිටතට හිස යොමාගෙන පැමිණීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයේ ගැටි මෙම අනතුර වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
බරපතල තුවාල ලද දැරියව හල්තොට දිසා රෝහලට රැගෙන යාමෙන් අනතුරුව එහි සිටි වෛද්‍යවරු මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත යොමු කළ ද, ඒ වන විටත් දැරිය මිය ගොස් ඇතැයි හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවා.
මියගිය දැරිය පවුලේ එකම දරුවා බවයි එම රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරු මෙන්ම ත්‍රීරෝද රථ රියැදුරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේක සිල්වාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අල්විස් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා ෴
විදේශ සේවා හිටපු සභාපති රිමාන්ඩ්
(25.11.2025 – hirunews.lk)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ‘ඒ.එම්.එම්. හිල්මි’ නමැත්තා ලබන (09) දක්වා රක්ෂිත බන්ධනාගාරත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (25) නියෝග කළා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට පුහුණුවක් ලබාදීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට ලංසු කැඳවීමේදී ‘ජේ.එස්.එෆ්. හෝල්ඩින්’ නමැති ආයතනයක් තෝරා ගැනීම සඳහා වාසි වන ආකාරයට වාර්තාවක් සකස් කරන ලෙස එම කාර්යාංශයේ හිටපු පරිපාලන හා මානව සම්පත් නිලධාරීවරයාට බලපෑම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එම කාර්යාංශයේ නිලධාරීන්ට පුහුණුව ලබා දීම වෙනුවෙන් තම ආයතනය තෝරා ගැනීමට ‘ජේ.එස්.එෆ්. හෝල්ඩින්’ නමැති ආයතනයේ හිටපු අමාත්‍ය ‘මනුෂ නානායක්කාර’ගේ පුද්ගලික ලේකම් වන ‘ශාන් යහම්පත්’ නමැත්තාට රුපියල් පනස් තුන් ලක්ෂ එක් දහස් දෙසීයක (53,01,200) මුදලක් ලබා දී ඇති බවත් එම මුදලින් රුපියල් ලක්ෂ 43 ක් ඔහුගේ පුද්ගලික පරිහරණයට ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
‘ශාන් යහම්පත්’ නමැත්තා මෙම සිද්ධියේ පළමු (1) සැකකරු වන බවද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට අප මත මුදාහැර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන විමර්ශන නිලධාරීන් කියා සිටියේ, පොදු දේපළ පනත යටතේ වරදක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි ෴
පුරා විද්‍යා සංඥා පුවරු තිබුණු තැනම ආපහු සවි කරන්න – ඇප ලද සැකකරුවන්ට අධිකරණයෙන් නියෝග
(25.11.2025 – hirunews.lk)
පුරාවිද්‍යා සංඥා පුවරු හා දිසා පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හා අධිකරණයට භාර වූ සැකකරුවන් තිදෙනාට (3) එක් අයෙකුට රුපියල් ලක්ෂය (1) බැගින් රුපියල් ලක්ෂ හතරක (4) ශරීර ඇප මත මුදාහරීමට නියම කළ වාලච්චෙන මහේස්ත්‍රාත් M.M. රතීප් අහමඩ් ඉවත් කරන ලද පුවරු යළි එම ස්ථානවල ස්ථාපිත කිරීමට අද (25) සැකකරුවන්ට නියෝග කළා.
මෙසේ ශරීර ඇප මත මුදාහලේ වලච්චේන කෝරළේ පත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් ඇතුළු සිව් දෙනෙක් (4).
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඒ.එම්. සුමන්තිරන් අධිකරණය හමුවේ පැවසුවේ කිසියම් සංඥා පුවරුවක් හෝ නාමපුවරුවක් ඉදිකරන්නේ නම් පළාත් පාලන පනත ප්‍රකාරව ඒ සඳහා අදාල පළාත් පාලන ආයතනයෙන් අවසර ගත යුතු බවයි.
එම අවසරයක් ලබාගෙන නොතිබීම නිසා එම පළාත් පාලන ආයතනයෙන් මෙම පුවරු ගලවා ඉවත් කර ඇති බව පැවසුවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි මඩකලපුව අම්පාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතා අධිකරණය හමුවේ පැවසුවේ 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥා පනතෙන් සංශෝධිත 1998 අංක 24 දරණ පුරා වස්තු පනත ප්‍රකාරව පුරාවිද්‍යා නාමපූරුවක් හෝ සංඥා පුවරුවක් ඉදිකිරීම සඳහා අදාල පළාත් පාලන ආයතනයෙන් අවසර ලබාගැනීම අනවශ්‍ය බවයි.
පනත ප්‍රකාරව එවැනි පුවරුවක් ස්ථාපිත කරන්නේ නම් භාෂා ත්‍රිත්වයෙන් එය ප්‍රදර්ශනය කළ යුතු බවත් ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අදාල පූවරු නැවත එම ස්ථානයේ ස්ථාපිත කරන ලෙස සැකකරුවන්ට නියෝග කළ අතර එම කටයුතු ලබන දෙසැම්බර් 15 වන දිනට පෙර සිදුකළ යුතු බවට ද නියෝග කළා.
ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන දෙසැම්බර් 15 වෙන දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි අධිකරණයෙන් වාලච්චේන පොලිසියට නියම වූයේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴