විනෝද චාරිකා ගිය පසු ඉන්නා තැන පෙන්වමින් ‘සෙල්ෆි’ දාන්න එපා – පොලීසිය
විනෝද චාරිකා ගිය පසු ඉන්නා තැන පෙන්වමින් ‘සෙල්ෆි’ දාන්න එපා – පොලීසිය
(11.11.2025 – 11:55 +0530 – sinhala.adaderana.lk)
විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් එම ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පලකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
තමා පසුපස එන අපරාධකරුවන්ට එසේත් නැතිනම් තමන් පිළිබඳ තමන්ගේ නිවස හෝ දේපොළ පිළිබඳ විපරමින් සිටින පුද්ගලයන්ට එය වාසි සහගත තොරතුරක් විය හැකි බව ඒ මහතා පැහැදිලි කළේය.
සුහුරුපාය, බත්තරමුල්ල පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.
එමෙන්ම තමන් විනෝද චාරිකා සඳහා තෝරා ගන්න බස් රථය හෝ වාහනය මෙන්ම රියදුරු පිළිබඳ නිවැරදි අවබෝධයකින් සිටිමද ඉතා වැදගත් බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා :
“අප සියල්ලෝම උත්සව සමයකට ප්‍රවේශ වෙනවා. විශේෂයෙන් විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා අපේ අම්මලා තාත්තලා දූවරු පුත්තු ගමෙන් පිටත් වෙනවා. මේ වනවි නිල ‘ෆේස්බුක්’ එක හරහා නැතිනම් සමාජ මාධ්‍ය හරහා ඔබගේ ගමනාත්තයන් පිළිබඳව ඔබම දැනුම්වත් කරනවා අපි දැකලා තියෙනවා. ‘සෙල්ෆි ෆොටෝ’ හරහා ඔබ ඉන්නේ නුවරඑළිය , ඔබ ඉන්නේ ගාල්ලේ නැතිනම් ඔබ ඉන්නේ කතරගම යනාදි වශයෙන් මජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රමයක් ඔබ විසින්ම සකසාගෙන තියෙනවා. මෙය සුදුසු නොවෙයි. ඔබ පසුපසින් එන අපරාධකාරයෙකුට එහෙම නැතිනම් ඔබ පිළිබඳ ඔබගේ නිවස පිළිබඳ විපරමෙන් ඉන්න කෙනෙකුට එය හුදෙක් වාසි සහගත දෙයක් වෙන්න පුළුවන්. එම නිසා අපි අම්මලා තාත්තලාට විශේෂ මතක් කිරීමක් කරනවා ඔබ ඉන්නා තැන පිළිබඳව කිසිවෙකු දැනගත යුතු නොවෙයි.”
“එමෙන්ම ඔබ මේ චාරිකාව සඳහා භාවිතා කරන වාහනය විශේෂයෙන් විනෝද චාරිකා පාසල් ළමුන් අරන් යන චාරිකා සඳහා ඔබ භාවිතා කරන වාහනය, බස් රථය, ඔබගේ රියදුරු, මෙම වාහනයේ අයිතිකරු කවුරුද, මෙහි යාන්ත්‍රික දෝශ පිළිබඳ ඔබ සැහීමකට පත්වෙලා ද මේ රියදුර ගැන සෑහීමකට පත් වෙලා ද, ඔබගේ ගමනාන්තය දක්වා ඔබට යහතින් යා හැකි ගෞරවනීය රියදුරෙක් ඔබ සතුව සිටී ද මේ සියලු කරුණු කෙරෙහි ඔබ අවධානය යොමුකළ යුතුයි” ෴
+++
+
මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා කුඩුත් එක්ක අල්ලපු සිද්ධියෙන් පස්සේ පොලිසියටත් නොසිතූ වාරණයක්..? (11.11.2025)
+
‘ඩෝබි බළකාය’ අතේ මාට්ටු! මාලිමාවේ සමාජ මාධ්‍ය කණ්ඩායම පැලවත්තෙන් මෙහෙයවන හැටි ! (10.11.2025)
+
මාලිගාවත්තේ කුඩු වසංගතේ ‘හිරු CIA’ හඹා ගිය හැටි (11.11.2025)
+
21.11.2025 දිනය ගැන දොලවත්ත සහ සුගීෂ්වර … (11.11.2025)
+
ගෝඨාභයගේ හිටපු ලේකම් රට කළඹයි – මාලිමාවට අංචි ගොඩක් ඇදපු මාධ්‍ය හමුව (11.11.2025)
+
ආණ්ඩුවට දින 7 ක් දෙනවා : නැතිනම් රට පුරා විරෝධතාවක් !
(11.11.2025 – hirunews.lk)
ආණ්ඩුව දින හතකින් (7) වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු සිදු නොකරන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආණ්ඩුවට අනතුරු අඟවනවා.
අයවැය 2026 මඟින් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැරීම තුළ ඇති වී තිබෙන අහිතකර තත්ත්වය හමුවේ ඉදිරි දී දැඩි ක්‍රියා මාර්ග රැසක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස අද (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මනුෂ්‍ය සම්පත් අර්බුදය, ඖෂධ හා උපකරණ හිඟය, රෝගී සත්කාර පහසුකම් හිඟය ආදිය හේතුවෙන් නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමකට පත්ව ඇති බවත්, ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා සහ මුදල් අමාත්‍යංශය තොරතුරු දැනුවත් කර ඇති නමුත් ප්‍රශ්න සාකච්ඡා කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.
අයවැය 2026 තුළ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට හෝ වෛද්‍යවරුන් රැඳවීම සඳහා කිසිදු යෝජනාවක් අඩංගු නොවීම පිළිබඳවද තම අප්‍රසාදය පළ කරන බව එම නිවේදනයෙන් පැවසෙනවා.
එමෙන්ම රජය සතියක් ඇතුළත තමන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා නොදෙන්නේ නම් දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් විරෝධතා ආරම්භ කිරීමට ද තීරණය කර ඇති බවත්, ජනතාවගේ ජීවිත අයිතිය ආරක්ෂා කරමින් නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමා වහාම මැදිහත් විය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴
+++
විශේෂඥ වෛද්‍යවරු වහාම මාධ්‍ය කැඳවයි – රජයට අවසාන නිවේදනය නිකුත් කරයි (11.11.2025)
+
ආණ්ඩුවට උණ ගැනෙන තරුණ රැස්වීම – කොල්ලෝ කෙල්ලෝ එකම වේදිකාවට එයි (11.11.2025)
+
ලැට් වලේ ෂුදා අයියට මාලිමාවෙන් ඇරපු ඇරිල්ල ? (11.11.2025)
+
අනුර කුමාර දැන් දේවත්වයට පත්වෙලා කියන්නෙ… අරයා දයාසාන්ත, මෙයා රත්නපුරේ සාන්ත (11.11.2025)
+
මාලිමා ආමතිලා 4 ක් හොරෙන් බිස්නස් ක්ලාස් ගිහිල්ලා..! ලයිට් නිවපු වෙලාවෙ හොරෙන් රිංගලා (11.11.2025)
+
ආණ්ඩුවේ ගමන් මග හා සිවිල් සංවිධානවල වගකීම වෛද්‍ය වසන්ත බණ්ඩාර පෙන්වා දෙයි
(11.11.2025 – lankaleader.com)
ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම පක්ෂයකට හෝ පක්ෂ එකතුවකට මැතිවරණයක දී බලය ඉල්ලිය හැකි බවත්, බලය ලබාගැනීමට පෙර ජනතාවට බොහෝ යහපත් පොරොන්දු ලබාදුන්නද බලය ලබාගත් පසු ජනවරමට පිටුපා තීන්දු තීරණ එම පක්ෂ විසින් ගැනීමේ දී එයට එරෙහිව විපක්ෂය සහ සිවිල් සංවිධාන වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බවත් ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා’ පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකට එක් වෙමිනි.
සැබෑ සිවිල් සංවිධානවල වගකීම වන්නේ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරනවා දැයි සොයාබැලීම, වරද පෙන්වා දීම සහ යහපත් දේ ආණ්ඩුව සිදුකරනවා නම් ඊට උදව් කිරීම බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
නමුත් මෙරට මෙය සිදුවනවැදැයි යන්න ගැටලුවක් බවත් ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න :
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴