ගන්දර දේවාලයේ කපුවාගේ ගිණුම් හරහා උණ්ඩියල් ක්‍රමය ඔස්සේ රටින් බැහැරට මුදල් ගනුදෙනු කර ඇත
ගන්දර දේවාලයේ කපුවාගේ ගිණුම් හරහා උණ්ඩියල් ක්‍රමය ඔස්සේ රටින් බැහැරට මුදල් ගනුදෙනු කර ඇත
(10.11.2025 – hirunews.lk)
මුදල්විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගන්දර දේවාලයේ කපුවාගේ ගිණුම් හරහා උණ්ඩියල් ක්‍රමය ඔස්සේ රටින් බැහැරට මුදල් ගනුදෙනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බව අධිකරණයට දන්වා සිටියා.
ඉකුත් තුන්වන දින (03) ගන්දර ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තිබෙන්නේ මේ සිද්ධියට අදාලව බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූවා.
එම නිසා සැකකරුවන් ඇප මත මුදා හැරියොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් තවදුරටත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිද්ධියට අදාල දෙවන (2) සැකකරු වන ‘දිනේෂ් කුමාර’ සහ තුන්වන (3) සැකකරු වන ‘සඳුන් සොයිසා’ බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර පළමු (1) සැකකරු වන ‘ලොකු පැටි’ හෙවත් ‘සුජීව නුවන් කුමාර’ සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ තුන්වෙනි (3) සැකකරුගේ නිවසේ තිබී බැංකු කාඩ්පත් 7 ක් සොයා ගැනීමට හැකි වූ බවයි.
“ස්වාමීනි, සිද්ධියට අදල තුන්වෙනි (3) සැකකරු සන්තකයේ තිබී බැංකු ඒ.ටී.එම්. කාඩ්පත් 7 ක් සොයා ගැනීමට හැකි වුණා. මෙම කාඩ්පත් දැනට ගාල්ල බන්ධනාගාරයේ සිටින ‘දිවුල රශ්මින්’ නමැත්තාගේ බවට කරුණු අනාවරණය වී තිබෙනවා. එම සැකකරු විදේශගත වී සිටින ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ‘මහාදොඹේ ශාන්’ගේ උපදෙස් අනුව තමයි කටයුතු කර තිබෙන්නේ. මෙම සැකකරු මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනාවලට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.”
“ස්වාමීනි, මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී පවා මෙලෙස මුදල් ගනුදෙනු සිදු කරගෙන තිබෙනවා. මෙහි දෙවැනි (2) සැකකරු වන ‘කපුවා’ නමැත්තාගේ ගිණුමට මුදල් තැන්පත් කළ පුද්ගලයන් තුන්දෙනෙක් (3) සම්බන්ධව සඳහන් වෙනවා. එම පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙනවා. එක් පුද්ගලයෙක් රු. කෝටි දෙකකට (2) අධික මුදලක් කපුවාගේ ගිණුමට බැර කර තිබෙනවා.
“ස්වාමීනි, පෞද්ගලික ජුවලරි ආයතනයක් විසින් රු. කෝටි දෙකකට (2) අධික මුදලක් මෙම කපුවාට ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශ සටහන් කළා. මෙම සැකකරුගේ ගිණුම සම්බන්ධයෙන් උණ්ඩියල් ක්‍රමය ඔස්සේ රටින් බැහැරට පවා මුදල් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කරනවා. ඒ සම්බන්ධයෙන් බැංකු වාර්තා ලබා ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලනවා.”
“සිද්ධියට අදාල දෙවන (2) සැකකරුගේ ගිණුමේ තිබූ මුදල්වලින් වත්කම් ගත්තා ද යන්න පිළිබඳ විමර්ශනයක් ද සිදු කරනවා. සිද්ධියට අදාල පළමුවන, දෙවන, තුන්වන (1, 2, 3) සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවන බැවින් ඇප ලබා නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”
“තුන්වෙනි (3) සැකකරු විසින් දෙවැනි (2) සැකකරුට රු. ලක්ෂ අනූවක (90) මුදලක් ලබා දීලා තිබෙනවා. මෙම මුදල් සංසරණය වීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා.” යනුවෙන් විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.
ගන්දර ප්‍රදේශයේ දේවාලයේ කපුවා ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන ‘ලොකු පැටී’ සහ ‘කළු නෝනා’ සමඟ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සබඳතා පවත්වා ඇති බව විමර්ශන වලින් අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අන්තරාදායක මත්ද්‍රව්‍ය (54)ආ පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරුට චෝදනා ගොනු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සැකකරු ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සබඳතා පවත්වා ඇති බවයි.
“2024 දෙසැම්බර් මාසය වන විට රු. කෝටි 33 ක මුදලක් මෙම සැකකරුගේ බැංකු ගිණුම් තුළ දක්නට ලැබෙනවා. එම මුදල් ලබා ගැනීමක් සිදුකර නෑ. ස්වාමීනි මෙම සැකකරු චෙක්පත් මාර්ගයෙන් රු. කෝටි 30 ක මුදලක් වෙනම ලබාගෙන තිබෙනවා. මීට අමතරව තවත් රු. කෝටි තිහක (30) මුදලක් පෞද්ගලික ආයතනයකට බැර කර තිබෙනවා විදේශගත වීමට අවශ්‍ය කටයුතු සඳහා “
“ස්වාමීනි මෙම සැකකරු දේවාලයක් පවත්වාගෙන ගියාට ප්‍රකට ආදායමක් එම දේවාලය මගින් ලැබී නැහැ. මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව තමයි මෙම රු. කෝටි 33 ක මුදල ලබාගෙන තිබෙන බව විමර්ශන වලින් මේ වන විටත් අනාවරණය වී තිබෙන්නේ, දේවාලයේ පෙරහැරට ලැබෙන ආධාර මුදල් එම දේවාලයේ වෙනත් සංගමයකට බැර වෙනවා මිසක් මොහුගේ පෞද්ගලික ගිණුමට බැර නොවන බව දක්නට ලැබෙනවා. ස්වාමීනි මෙම සැකකරු සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගත කර සිටින ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තමයි ප්‍රකාශ ලබා ගැනීමට සිදුව තිබෙන්නේ. ඒ අනුව පැහැදිලි වෙනවා මොහු මත්ද්‍රව්‍ය ජාලය සමඟ බොහෝ සෙයින් සම්බන්ධතා පවත්වා ඇති බව.”
“ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය යටතේ රැදවුම් නියෝග මත ගිනි අවියක් තබා ගැනීම සම්බන්ධයෙන් ‘නාඋරුම්ගේ පද්ම කුමාර’ යන අය මේ වන විට දින අනුවක් (90) රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා. එම පුද්ගලයා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දී තිබෙනවා. සිද්ධියට අදාළ මෙම දෙවන (2) සැකකරුට මත්ද්‍රව්‍ය ජාලයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙනවා.”
“මෙම සැකකරුගේ ඇතැම් සහෝදරයන් ඇතුළු පවුලේ සමීපතයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා තිබෙනවා. සැකකාර පුද්ගලයා දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති නමුත් ඉන් මුදල් උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය නොවන බවත් ඔහුගේ ගිණුම්වල තිබෙන මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙනවා. ඔහුගේ දේපළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරමින් පවතින බවත් මේ වන විට ඔහුට අයත් බහු දින යාත්‍රා 2 ක් ඇතුළු යාත්‍රා 4 තිබෙනවා.”
“ඉකුත් දෙදහස් 2020 හා 2024 යන කාල වකවානුව තුළ සැකකරුගේ ගිණුම්වලට රු. කෝටි තිහකට (30) අධික මුදලක් සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරනවා. සැකකාර කපුවා ඩුබායිහි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග දුරකථනයෙන් සබඳතා පවත්වා තිබෙනවා.”
“ස්වාමීනී සැකකරු පෞද්ගලික ආයතනයක ගිණුම් තුනක් (3) හරහා රු. කෝටි දාහකට (1000) අධික මුදලක් සංසරණය කර තිබෙනවා. මෙම සැකකරුට ඇප ලබා දුන්නොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකියි. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන හෙයින් සාක්ෂිකරුවන් විනාශ කර දැමීම තුළින් විමර්ශන කටයුතු අඩාල වන්න පුළුවන් එම නිසා ස්වාමීනි සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා” යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වුවා.
සිද්ධියට අදාළ සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ, සැකකරු ගන්දර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් එම දේවාලයට ලද ආධාර ලෙස මෙම මුදල් බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවයි. පාරම්පරික දේවාලයක් වන මෙම දේවාලයට බොහෝ පිරිස් පැමිණෙන බවද නීතිඥවරයා සඳහන් කරා. මගේ සේවා දායකයා මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ නොවන බැවින් ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ලබන 21 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එදිනට ඔවුන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ෴
නිවෙසක සේවකයෙක්ව සිට රු. ලක්ෂ 45 ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකුට ඇප
(10.11.2025 – hirunews.lk)
නිවෙසක සේවකයෙක්ව සිට රු. ලක්ෂ 45 ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙක් රු. ලක්‍ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(10) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඇලකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66 ක පුද්ගලයෙක් එසේ ඇප මත මුදා හැරියා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර සිටියේ, පවුම් පහළොවක (15) මාලයක්, පවුමක (1) මාලයක්, කරාබු ජෝඩු හතරක් (4) සැකකරු තමා සේවය කරන ලද නිවසේ තිබී සොරා ගෙන ඇති බවයි.
කොළඹ ප්‍රදේශයේ සැකකරු සේවය කරන ලද නිවසේ තිබූ සී.සි.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා ෴
‘මිනිහා මැරයා.. නෝනට කියන්නේ ‘ඩාන්සින් ඩෝල්’කියලා.. අපි කොහොමද ගමට යන්නේ..’ මාලිමා රහස් හඬපටයක් එලියට..
(10.11.2025 – lankacnews.com)
ජාතික ජනබලවේගයේ පළාත් පාලන නියෝජනය පිළිබඳ එම පක්ෂයේ වත්මන් අමාත්‍යවරයෙකු ‘උපාලි පන්නිලගේ’ සහ තවත් පුද්ගලින් පිරිසක් අතර සිදුවූ සංවාදයක් බව සැළකෙන හඬ පටයක් අන්තර්ජාල නාලිකාවක් මගින් හෙළිකර තිබේ.
2024 ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට සූදානම් කර තිබු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් තෝරා ගෙන තිබු ආකාරය පිළිබඳ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ‘උපාලි පන්නිලගේ’ ගෙන් ප්‍රශ්න කරන ආකාරය මෙම හඬ පටයේ අන්තර්ගතය.
එහිදී හෙළිවන්නේ ඇතැම් පළාත් පාලන අපේක්ෂකයින් පිළිබඳ පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රසාදයක් නොමැති බවයි.
එවැනි පුද්ගලයින් හේතුවෙන් ‘අනුර කුමාර දිසානායක’ ගේ ප්‍රතිරූපයට හානි සිදුවන බවද ඔවුන් මේ අවස්ථාවේදී සංවාද කරන ආකාරය අදාළ හඬ පටය මගින් අසන්නට ලැබෙයි.
+
මේ දරුවාට ඉංග්‍රීසි දැනුම ආවේ කොහොමද?| කැනඩාවේ පවුලක් සහ ට්‍රම්ප් ගේ හිතවතා ඝාතනය වීම ගැන… – ධම්මරාජ මහා බෝසතානන් වහන්සේ ගෙන් (10.11.2025)
+
වතු හාම්පුතුන් ලාබ ගන්නවා.. රජය වතු කම්කරු පඩි ගෙවනවා… මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?…
(11.11.2025 – lankacnews.com)
වතු කම්කරුවන්ට රුපියල් 200 ක දෛනික දිරි දිමනාව රජය විසින් ලබාදීම හරහා ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා සඳහන් කරයි.
මෙම මුදල ලබාදීමට ආරම්භ කළහොත් දිගින් දිගටම මෙම මුදල ලබාදීමට සිදුවන බවත් ඉදිරියේදී එය තවත් ඉහළ යනු ඇති බවත් පැවසූ ඔහු එය රජයට අමතර බරක් බවත් පැවසීය.
පෞද්ගලික අංශය විසින් සේවයේ යොදන සේවක කණ්ඩායමකට අදාළව රජය විසින් සහනාධාර දීම නරක පූර්වාදර්ශයක් බවද පවසන ඔහු මෙය තවත් විවිධ අංශවලට ගමන් කිරීමට ඇති ඉඩ ඉතා වැඩි බවද සඳහන් කළේය.
වතු හාම්පුතුන් සියලුම ලාභය ලබා ගනිද්දී රජය විසින් ජනතා බදු මුදලින් එම වතු කම්කරුවාගේ වැටුප ගෙවන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය ෴
මාලදිවයිනේ මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ ධීවරයින් දූපතකට
(11.11.2025 – hirunews.lk)
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සිදුකරන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විමර්ශනවලින් අනතුරුව මාලදිවයින් මුහුදු සීමාවේ දී පුද්ගලයින් 05 දෙනෙකු සමග පසුගියදා ආරක්ෂක අංශ භාරයට ගත් ‘අවිශ්ක පුතා’ නැමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව අදාළ යාත්‍රාව සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට මාලදිවයිනේ දූපතක රඳවා ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම, මෙම ධීවර යාත්‍රාව පිළිබඳ මේ වන විට තවත් තොරතුරු රැසක් මාලදිවයින් පුවත් වාර්තා අනාවරණ කර තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය සහ පොලිසිය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකළ බවද මාලදිවයින් පොලිසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළා.
පළමුව මෙලෙස මත්ද්‍රව්‍ය අඩංගු යාත්‍රාව මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායට අයත් ඩ්‍රෝන යානාවලට නිරීක්ෂණය වී ඇති අතර ඉන් අනතුරුවයි යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදි අත්අඩංගුවට ගත් ධීවරයින් අවුරුදු 28, 39, 34, 42, සහ 63 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකිකයින් බව මාලදිවයින් වාර්තාවල දැක්වෙනවා.
කෙසේ වෙතත් මෙම සැකකරුවන් කුමන ජාවාරම් ජාලයකට සම්බන්ධ දැයි මාලදිවයින් බලධාරීන් තවමත් අනාවරණය කර නැහැ.
මේ අතර, මෙලෙස අත්අඩංගුවට ගත් අදාළ ලාංකික ධීවරයින් පිරිස සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය
නාශක කාර්යංශයේ සහ නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද මාලදිවයින වෙත මේ වන විට ගොස් තිබෙනවා ෴
හැබැයි එයාගේ ජිවිතේ නැති කරන්න අමනුස්සයෙක් බන්දන්නෙත් චීවරදාරියෙක් | සඳුදා 10යි10 Episode 25 (11.11.2025)
+
කැන්ටින් කෑමෙන් දරු පරපුර අනතුරේ : ළමයි ලෙඩ කරන ලංකාවේ පාසල් කැන්ටින් ගැන UNICEF අනාවරණයක්
(11.11.2025 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ පාසල් ආපනශාලා තුළ සෞඛ්‍යයට අහිතකර ආහාර විකල්ප සුලබව පවතින බවත්, සෞඛ්‍ය සම්පන්න ආපනශාලා පවත්වාගෙන යාම සඳහා වන රජයේ මාර්ගෝපදේශ බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් සම්පාදනය කරන ලද වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.
පාසල් තුළ අධික සීනි, ලුණු හෝ මේද සහිත ආහාර විකිණීම තහනම් කර ඇති පසුබිමක, මෙම වාර්තාවට අනුව තක්සේරුවට භාජනය වූ ස්ථිර ආපනශාලා සහිත පාසල් 70 න්, පාසල් පරිපාලකයින්ගෙන් 91% ක් ‘සෞඛ්‍ය සම්පන්න ආපනශාලා පවත්වාගෙන යාමේ මාර්ගෝපදේශය’ පිළිබඳව දැන සිටිය ද, එම මාර්ගෝපදේශය සම්පූර්ණයෙන්ම අනුගමනය කරන බව වාර්තා වන්නේ එම පාසල්වලින් 34% ක් පමණයි.
2025 ජූලි මාසයේදී නිකුත් කරන ලද ‘Strengthening Nutrition in Schools in Sri Lanka’ නම් මෙම වාර්තාව අනුව පාසල් ආපනශාලා තුළ අධික තෙල් සහිත සහ පැණි රස ආහාරවල බහුලත්වය ගැටලුවක් බව සඳහන්.
නිරීක්ෂණය කරන ලද ආපනශාලා අතුරින් 83% ක තෙල්වල බදින ලද ආහාර (Deep-fried foods) විකුණා තිබෙනවා.
අධික පැණි රස ආහාර ආපනශාලා වලින් 51% කත් අධික ලුණු සහිත ආහාර ආපනශාලා වලින් 38% ක් අලෙවි කර ඇති බව සඳහන්.
සෞඛ්‍ය සම්පන්නම විකල්පය වන නැවුම් පලතුරු අලෙවි කර ඇත්තේ ආපනශාලා තිබූ පාසල්වලින් 12% ක් තුළ පමණයි.
පෝෂණ අගයට අමතරව, ආපනශාලා තුළ සනීපාරක්ෂක භාවිතයන් ද අසමතුලිත බව නිරීක්ෂණය වී ඇති බව සඳහන්.
වාර්තාවට අනුව පිරිසිදු කවුන්ටර සහ සේවා ස්ථාන දක්නට ලැබී ඇත්තේ ආපනශාලාවලින් 55% ක් තුළ පමණක් වන අතර, ආහාර සපයන්නන් සුදුසු ආරක්ෂක උපකරණ (PPE) පැළඳ සිටියේ 43% ක් බව ද වාර්තා වනවා.
ඒ අනුව මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ 2015 දී නිකුත් කරන ලද ජාතික ආපනශාලා මාර්ගෝපදේශ දැඩි ලෙස බලාත්මක කිරීමේ සහ අධීක්ෂණයේ අවශ්‍යතාවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴