තලාවේ අනතුරින් මියගිය සිසුවා ගැන තොරතුරු හෙළිවෙයි – බස් රියදුරු අත්අඩංගුවට
තලාවේ අනතුරින් මියගිය සිසුවා ගැන තොරතුරු හෙළිවෙයි – බස් රියදුරු අත්අඩංගුවට
(10.11.2025 – 18:02 +0530 – sinhala.adaderana.lk)
අද (10) දහවල් තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා සාමාන්‍ය පෙළ සිසුවෙකු බව පොලීසිය පවසයි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 16 හැවිරිදි හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේ දී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුර සිදුව තිබුණි.
අනතුරින් බස් රථයේ ගමන් ගත් 39 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර ඇත.
මියගිය සිසුවාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත්ක ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවය.
+++
+++
+++
+
වෑන් – ටිපර් ගැටී වෑන් රියැදුරු මරුට
(10.11.2025 – hirunews.lk)
තණමල්විල-වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ 292 කණුව අසලදී වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල, සර්වෝදය පාරේ පදිංචි අසන්ත ඉන්දික සෙනෙවිරත්න (45) නමැති විවාහකයෙක්.
වෑන් රථය තණමල්විල දෙසට ධාවනය වෙමින් තිබියදී, ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී අනතුර සිදුව තිබෙනවා.
බරපතළ තුවාල ලැබූ රියදුරු තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, වෑන් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වී ඇති බවයි.
ටිපර් රථයේ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තණමල්විල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
නා උයනේ ඩක්කු අනතුරින් රෝහල්ගත සිටි තවත් හිමිනමක් අපවත් වෙති
(10.11.2025 – hirunews.lk)
මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් පෙරළීමෙන් සිදු වූ මාරක අනතුරෙන් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයකින් යුතුව කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ‘පූජ්‍ය උණපානේ චන්ද්‍රසිරි හිමියෝ’ ද අද (10) පෙරවරුවේදී අපවත් වූහ.

පසුගිය සැප්තැම්බර් මස 29 වන දින රාත්‍රීයේ සිදුවූ එම අනතුරෙන් ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව විසු දෙස් විදෙස් හිමිවරුන් අට දෙනෙකු (8) එදින අපවත් වූ අතර, පූජ්‍ය උණපානේ චන්ද්‍රසිරි හිමියන්ගේ අපවත් වීමත් සමග එම අනතුරෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගියා.
එම අනතුරෙන් බරපතල තුවාල ලද පූජ්‍ය චන්ද්‍රසිරි හිමියන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමට පවුලේ ඥාතින් කටයුතු කර තිබුණා.
රුසියානු ජාතික පූජ්‍ය ධම්මරක්ඛිත , රුමේනියානු ජාතික පූජ්‍ය ධම්මරංසි , ඉන්දීය ජාතික පූජ්‍ය ධම්මගවේෂී යන විදෙස් හිමිවරුන් තිදෙනා (3) සමග පූජ්‍ය උඩවලව සත්තසුමන , පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද , පූජ්‍ය නුගේගොඩ විපස්සී , පූජ්‍ය මල්වානේගම සමිද්ධි , පූජ්‍ය පන්නිපිටියේ ඉන්දෝහාස යන ලාංකීය හිමිවරුන් එම අනතුරෙන් අපවත් වූහ. පූජ්‍ය ඉන්දෝහාස හිමියන් අපවත් වූයේ අනතුරෙන් දින දෙකකට (2) පසුවයි.
එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ පූජ්‍ය රාජගිරියේ ලෝකහිත සහ පූජ්‍ය අනිවත්තේ සරණංකර හිමිවරුන් දෙනම (2) මේවනවිට සුවපත්ව සිටින බවද වාර්තා වෙනවා.
පූජ්‍ය චන්ද්‍රසිරි හිමියන්ගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව නාඋයන ආරණ්‍ය සේනාසනයේ දායක සභාව ප්‍රකාශ කළා ෴
විමල් වීරවංශ මාධ්‍ය කැඳවා ආණ්ඩුව හිරි වට්ටයි – මුන් ඔක්කෝටම හිරේ යන්න වෙනවා (10.11.2025)
+
උදය ගම්මන්පිල ආණ්ඩුවේ රෙදි ඔලුවෙන් ගලවයි – ලැජ්ජා නැත්ද මහත්තයෝ ඔයාට (10.11.2025)
+
ජනාධිපතිතුමා ගැන දුකයි, තඹුත්තේගම පුතා රනිල්ටත් වඩා ලිබරල් වෙලා, හර්ෂගේ ප්‍රතිපත්තිය අනුව අයවැය හදලා (10.11.2025)
+
මාලිමා කුඩු නෝනට නොමිනේෂන් දුන්නේ කවුද? (10.11.2025)
+
අනුරගේ අදහස් අවශ්‍යත් නෑ, ඒවා අපට වටින්නෙත් නෑ… සජිත් ප්‍රේමදාස හොරණදී කියයි (10.11.2025)
+
ඩුබායිවලින් ‘කුඩු ලෝඩ්ලා’ 7 දෙනෙක් කැමැත්තෙන්ම එනවලු… විජේපාලතුමාට බයවෙලා (10.11.2025)
+
සජිත් අනුරට දීපු උත්තරේ, ඇත්තටමද බොරුවටද ? (10.11.2025)
+
ගාල්ල බන්ධනාගාරයේ ඉන්න රැඳවියෝ ගන්න පට්ට සැප මාධ්‍යට නිකුත් වෙයි (10.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴