ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,781,800 යි

ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,781,800 යි


ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,781,800 යි

(30.10.2025 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,781,800 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (30) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ පසුගිය වසරේ (2024) මුළු දිවයිනම ආවරණය කෙරෙන පරිදි සිදුකළ ජන හා නිවාස සංගණනයේ දත්ත උපයෝගී කරගනිමින්.

ඒ අනුව, සමස්ත ජනගහණයෙන් කාන්තාවන්ගේ ප්‍රතිශතය 51.7% ක් වන අතර, පිරිමින්ගේ ප්‍රතිශතය 48.3% ක් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යාලේඛනවල සඳහන්.

එමෙන්ම, පුමිතිරි අනුපාතය සටහන් වන්නේ කාන්තාවන් 100 කට පුරුෂයින් 93.3 ක් ලෙසින්.

එහිදී වයස අවුරුදු 15 ට අඩු පුද්ගලයින් සංඛ්‍යාව 2012 ට සාපේක්ෂව 4.5% කින් අඩු වී ඇති අතර, වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව 2012 ට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා.

එමෙන්ම ,අවුරුදු 15 – 64 අතර පිරිස 66.7% ක් ලෙසයි එම වාර්තාවේ සඳහන්.

රටේ ජනවාර්ගික බෙදීම සිංහල – 74.1%, දෙමළ – 12.3%, මුස්ලිම්/යෝනක – 10.5%, ඉන්දියානු දෙමළ – 2.8%, ලෙසයි දැක්වෙන්නේ.

2012 ට සාපේක්ෂව, ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සමස්ත ජනගහණය අතර ඉහළම වර්ධන වේගය වාර්තා කර ඇති අතර, එය මුළු ජනගහණයේ වර්ධන වේගය මෙන් තුන් ගුණයකටත් (3) වඩා වැඩියි.

උතුරු, නැගෙනහිර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ජනගහණයෙන් 70% කට වඩා සිංහල ජනතාව වන අතර, මන්නාරම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකික දෙමළ සංඛ්‍යාවේ 7.7% ක සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී තිබෙනවා.

අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඉන්දියානු දෙමළ ජනගහණය ද සැලකිය යුතු ලෙස අඩුවී තිබෙනවා.

එමෙන්ම, බෞද්ධ – 69.8% ක්ද, හින්දු – 12.6% ක්ද, ඉස්ලාම් – 10.7% ක්ද, රෝමානු කතෝලික – 5.6% ක්ද, ක්‍රිස්තියානි – 1.3% ක්ද, ලෙස එම සංගණන වාර්තාවේ සඳහන් ෴

+++

+


මහා පරිමාණ පිරමීඩ සමාගමක් පිළිබඳව විමර්ශන

(30.10.2025 – hirunews.lk)

කුණ්ඩසාලේ නගරය කේන්ද්‍ර කොට ගෙන රට පුරා ව්‍යාප්ත වන පරිදි වගා ව්‍යාපෘති සහ සංචාරක ක්ෂ්ත්‍රයේ ආයෝජනය කිරීමෙන් ප්‍රතිලාභ අත්කර දෙන බව පවසා ජනතාව රවටා මුදල් වංචා කළ බව කියන මහා පරිමාණ පිරමීඩ සමාගමක් පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ වාණිජ විමර්ශන කොට්ඨාසය අද(30) පැවසූවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ,ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි.

පුද්ගලික සමාගමක් නමින් පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනෙක් (6) හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පැවසූවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා සඳහන් කළේ, මෙම සමාගමේ මුදල් ආයෝජනය කළ කීපදෙනෙක් මේ වන විට ප්‍රකාශ ලබා දී ඇති බවත්, පිරමීඩාකාර සමාගම රට පුරා ව්‍යාප්ත කළ අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් හා සැකකරුවන් සිටී නම් ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන කඩිනම් කර සැකකරුවන් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා ෴


සූර්ය කෝෂ පිරමිඩ වංචාවේ අධ්‍යක්ෂකයන් යළි රිමාන්ඩ්

(30.10.2025 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොකර පිරමිඩාකාර ගනුදෙනු සිදුකරමින් වංචාවක් සිදු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලික සමාගමක කලමණාකාර අධ්‍යක්ෂ ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 4 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර ඊයේ (29) නියෝග කළා.

එසේම මෙම මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් රාජ්‍යට සහ වින්දිතයින්ට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් ඉදිරි දින සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය බුද්ධි ඒකකයට නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ එම සමාගමේ අධ්‍යක්ෂයන්, ප්‍රවර්ධන නිලධාරින් බව කියන විල්වරාජන් විජේන්ද්‍රන්, ප්‍රියනාත් ප්‍රේමනාත්, ශ්‍රියානි කපුවත්ත, නෙවිල් බණ්ඩාර කුලතිලක, සෝණමුත්තු සිවරාසා, පී. ප්‍රේමකීර්ති, සුසන්ත බණ්ඩාර ඇතුළු පිරිසකි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ හිටපු නීතිපති සංජය රාජරත්නම් මහතා ඇතුළු නිතිඥ මඩුල්ල ඇප ලබා දෙන සිදු කළ ඉල්ලීම ඉදිරි දින සලකා බලන බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇති අපරාධමය වරද සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි දින ඉදිරිපත් කරන ලෙසත් වින්දිතයන්ට අදාළව පුළුල් විමර්ශනයක් කර ඉදිරි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් පොලිසියට නියෝග කළා.

සැකකරුවන් ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණයට මෙසේ කියා සිටියා :

“ස්වාමීනී, මෙම සමාගම භාණ්ඩ අඩු මිලට භාණ්ඩ ලබාගෙන ගනුදෙනුකරුවන්ට එම භාණ්ඩ ලබා දී ඔවුන් හරහා තවත් ගනුදෙනුකරුවන් හඳුන්වා ගනිමින් පිරිමිඩාකාරව මෙම වංචාව සිදු කර තිබෙනවා.

එසේම භාණ්ඩ සීයක් පමණක් මෙම ගනුදෙනුවට අදාළ කරගෙන තිබෙන අතර වැඩි වශයෙන් අලෙවි කර තිබෙන්නේ සූර්ය කෝෂයි. යොදාගෙන තිබෙන සූර්යකෝෂ රුපියල් දස දහසක (10,000) මිලට ගෙන එම සූර්ය කෝෂ 60,700 ට පමණ මුදලකට ගනුදෙනුකරුවන්ට විකුණා ඇති බව විමර්ශනය තුළ අනාවරණය කර තිබෙනවා. මෙම විමර්ශනය සම්බන්ධයෙන් 2017 දී නීතිපති උපදෙස් සඳහා යොමු කළ අතර පසුගිය සැප්තැම්බර් මස 25 වැනිදා ඔවුන් සැකකරුවන් ලෙස නම් කරමින් ලබා දුන් උපදෙස් ප්‍රකාරව සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

2009 -2012 අතර කාලය තුළ මෙම ගනුදෙනුව සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් ප්‍රකාරව 2017 දී විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. මෙම අපරාධයට මොවුන්ගේ ඇති දායකත්වය සම්බන්ධයෙන් එහිදි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා. අධ්‍යක්ෂකයන් අපරාධයට ක්‍රියාකාරිව සම්බන්ධ වී ඇද්ද යන්න මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා. එසේම මෙම හේතුවෙන් වින්දිතයින් අනාවරණය වන්නේද යන්න මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියා.

වින්දිතයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර නැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේ රාජ්‍යට මෙම මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයන්ට අදාළ පූර්ණ විමර්ශනයක් කර ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.

එසේම මෙම විමර්ශනය කරුණු පැහැදිලි මදි බවත් සැකකරුවන්ට ඇති අපරාධමය චෝදනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට මහේස්ත්‍රාත්වරයා උපදෙස් ලබා දුන්නා.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ හිටපු නීතිපති සංජය රාජරත්නම් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන්ට ඇති මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. අධිකරණයට දන්වා සිටියේ කිසිදු පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් ලැබී නැති බවත් ඒ මහතා අධිකරණයට දැනුම් දෙමින් පෙර නඩු තීන්දු ගණනාවක් ඉදිරිපත් කරමින් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් ඇති සිද්ධිමය කරුණු ඉදිරි දින වාර්තා කරන ලෙස නියෝග කළ අතර එසේ කරුණු වාර්තා කිරීමට අපහසු වුවොත් ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන බවත් පොලිසියට කියා සිටියා ෴


තාරුණ්‍යයේ කොරියා සිහිනය බොඳවෙයි – කාර්යාංශය වටලන්න තරුණ තරුණියෝ එයි (30.10.2025)

+


වසන්ත සර්ගෙ උපදෙසින් කෝටිපතියෙක් වෙන හැටි ? (29.10.2025)

+

ජගත් මනුවර්ණගේ තවත් වංචාවක් හෙළිවෙයි ? 6/5/2024 (30.10.2025)

+


සජිත්ට දිනන්නත් බයියන්ගේ ඡන්දේ දිනාගන්න ඕනෙ (29.10.2025)

+

කූට ලේඛන හදලා සල්ලි ගත්තා කියන නළුවා හැංගිලා ද ? (30.10.2025)

+

එදා විමල් ඇවිත් කියපු සමහර දේවල් ඇත්ත නෙවෙයි (30.10.2025)

+

තනියම යන අයට යන්න දෙන්න, එකතු වෙන අය එන්න (29.10.2025)

+

ලෝයර් නෝනගෙ කේස් එකත් පැළවත්තටම කඩං වැටිච්චි (30.10.2025)

+


පාතාලයේ ලෝයර් සහ තක්කඩි සාස්තරකාරයෝ (29.10.2025)

+

පාතාලයේ ලෝයර් ගේ හස්බන්ඩ් නෙමේ. එහෙනම් කව්ද? (30.10.2025)

+


සෙව්වන්දි දරූන්වත් පාවාදෙයි? | ලෝයර් නෝනා දරූන්ගේ යාලුවා? සිංගප්පූරූත් ගිහින්, ගෙවල් පවා මාරු කරලාලූ (30.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *