විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්
විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්
(15.10.2025 – 11:24 +0530 – sinhala.adaderana.lk)
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස ස්ථානමාරුකර යවා ඇති බව වාර්තාවෙයි.
අදාළ මාරුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වසර 31 පමණ සේවාකාලය තුළ ඔහුට කිසිදු දූෂණ චෝදනාවක් ද එල්ලවී නොමැති බව පොලිස් ආරාංචි මාර්ග පවසයි.
ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට (2) ආසන්න කාලයක් රාජකාරී කටයුතු සිදුකරනු ලැබීය.
එම කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය ටොන් දෙකකට (2) ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගැනීම විශේෂත්වයකි.
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වැළැක්වීමේ අරමුණින් ,’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ධීවර බෝට්ටු අයිතිකරුවන්, ස්කීපර්වරුන් සහ ගැනියන් (දැල් ඇදීමට සහාය වන පිරිස) දැනුවත් කිරීමේ වැඩසටහන් ද දිවයින පුරා හේමාල් ප්‍රශාන්ත මහතා විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේය.
ඒ හේතුවෙන් දකුණේ බෝට්ටු ස්කිපර්වරුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ඒමේ කටයුතුවලින් ඈත්ව ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් බෝට්ටු කිහිපයක් ඉදිරියේදී ගොඩබිමට ගෙන ඒමට නියමිත බවද වාර්තා වෙයි.
ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව කරන ලද වැටලීමේදී දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී පාර්සල් 51 ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839 ක් සොයා ගැනුණි.
එම පාර්සල් තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 670 ක්, ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 156 ක් අඩංගු බව පොලීසිය පවසයි.
මීට අමතරව ‘හෂීස්’ කිලෝග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.
මෙම මෙහෙයුම පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සෘජු අධික්ෂණයෙන් සිදුකළ වැටලීමක් වීමද විශේෂත්වයකි ෴
රේගුවේ හිරවුණු වාහනවලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි
(15.10.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා රේගුව විසින් BYD වාහන 1,000 කට අධික සංඛ්‍යාවක් රඳවා තබා ගැනීම නිසා වෙළඳපොළ තුළ අවිනිශ්චිතතාවයක් ඇති වී ඇති බවත්, එමඟින් දැනටමත් විදුලි වාහන සඳහා ආයෝජනය කර ඇති පාරිභෝගිකයින් අපහසුතාවයට පත් වී ඇති බවත් විදුලි වාහන හිමිකරුවන්ගේ සංගමයේ කැදවුම්කරු දීලක පිටගම්පොල පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
විදුලි වාහන ආනයන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවට තරයේ ඉල්ලා සිටින බවයි එම සංගමය පවසා සිටින්නේ.
විදුලි වාහන හිමිකරුවන්ගේ සංගමයේ කැදවුම්කරු වැඩිදුරටත් අවධාරණය කළේ, නිෂ්පාදක සහතික (Manufacturer Certificates) පිළිගැනීම රේගුව විසින් ප්‍රතික්ෂේප කිරීම සහ මෝටර් බලය සත්‍යාපනය කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාර පහසුකම් නොමැතිවීම නිසා පාරිභෝගික විශ්වාසය බිඳවැටී ඇති බවයි.
“මෝටර් බලය සත්‍යාපනය කළ හැක්කේ නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාරවලින් පමණයි. එවැනි පහසුකම් නොමැතිව සිදුකරන ඕනෑම දේශීය පරීක්ෂණයක් සියලු පාර්ශවයන් තෘප්තිමත් නොකරන අතර තත්ත්වය තවදුරටත් නරක අතට හරවනු ඇත” යනුවෙනුයි ඔහු පවසා සිටියේ.
විදුලි වාහන හිමිකරුවන්ගේ සංගමය රේගුවෙන් ඉල්ලා සිටින්නේ, රඳවා ගත් වාහනවල මෝටර් බලය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන රසායනාගාරවලින් වහාම පරීක්ෂණ ලබා ගන්නා ලෙසයි ෴
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට ඇප
(15.10.2025 – hirunews.lk)
ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (15) නියෝග කළා.
ඒ සැකකාර අමාත්‍යවරයාට රු. මිලියන 4 බැගින් ශරිර ඇප දෙකක් (2) සහ රුපියල් ලක්ෂයක (100,000) මුදල් ඇපයක් නියම කළා.
විදේශ ගමන් තහනම්ක් ද සැකකරුට අධිකරණයේ පනවනු ලැබුවා.
සාක්ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවත් දැනුම් දුන් පසුව හඩ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකාර අමාත්‍යවරයා අල්ලස් කොමිසම විසින් අද (15) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අල්ලස් කොමිස විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මනුෂ නානායක්කාර අල්ලස් කොමිසම වෙත අද (15) උදෑසන කොමිසමට පැමිණ තිබුණා.
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් මින් පෙර අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඊයේ (14)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා ෴
මව්කුසේ කලල තැන්පත් කරන තාක්ෂණය ළඟදීම කාසල් රෝහලට : දැනටමත් මව්වරුන් පෝලිමේ
(15.10.2025 – hirunews.lk)
මෙරට රජයේ අංශයේ ප්‍රථම වතාවට ශරීරයෙන් පිටත කලල සංසේචනය කිරීමේ (IVF – In Vitro Fertilization) සේවාව ආරම්භ කිරීමට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල සූදානමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කරනවා.
මෙම ක්‍රියාවලිය යටතේ මවගෙන් ගත් ඩිම්බයක් සහ පියාගෙන් ලබාගත් ශුක්‍රාණුවක් විද්‍යාගාරයක් තුළදී එකතු කර, කලල වර්ධනය කර, පසුව මවගේ ගර්භාශයේ තැන්පත් කිරීමට නියමිතයි.
මෙම වටිනා සේවාව අපේක්ෂාවෙන් දැනටමත් යුවළවල 1,725 ක් පමණ සිටින බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.
දිවයිනේ කිසිදු රාජ්‍ය රෝහලක මෙම තාක්ෂණය නොමැති අතර පෞද්ගලික අංශයෙන් මෙම කටයුත්ත සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ විස්සත් තිහත් (20-30) අතර ප්‍රමාණයක් වැය වන බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය දැනට අවසාන අදියරේ පවතින අතර, අවශ්‍ය උපකරණ සහ විද්‍යාගාරයේ සැකසුම් කටයුතු බොහෝ දුරට අවසන් බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටිනවා.
කෙසේවෙතත් මේ තාක් මෙම කටයුත්ත ප්‍රමාද වී ඇත්තේ ගොඩනැගිල්කේ සුළු ඉදිකිරීම් ප්‍රමාදයක් හේතුවෙන් බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම වටිනා ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීම මත ඉතා ඉක්මනින් මහජන අයිතියට පත්වනු ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා විශ්වාසය පළ කරනවා ෴
ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට
(15.10.2025 – 23:23 +0530 – sinhala.adaderana.lk)
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98 වන ස්ථානයට පත්ව ඇත.
වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41 කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.
2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5 ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.
දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.
අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5 කින් පහළට පැමිණ මේ වනවිට 85 වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57 කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100 වන ස්ථානයේද, පාකිස්තානය 103 වන ස්ථානයේද පසුවෙයි.
මෙහි අවසන් ස්ථානය එනම් 106 වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24 කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය ෴
බෙලිඅත්තේ චණ්ඩි මල්ලි මගේ තාත්තව මරපු එකට සජිත්, රනිල්, රාජපක්ෂලා, නෙවිල්, තිස්ස – මුන් ඔක්කොම සම්බන්ධයි (15.10.2025)
+
This New Flying Vehicle from China Will Change Travel Forever (14.10.2025)
+
කිලෝමීටර් දහස් ගනනක් ඈත සිටින රෝගියෙකු සමග ‘සූම්’ තාක්ෂණයෙන් සම්බන්ධවී දීගොඩ කුමාර මහතා එම රෝගියාව ක්ෂණිකව සුවපත් කරන ආකාරය – ‘හෙට ලොව වෛද්‍ය විද්‍යාව අද’ (15.10.2025)
+
‘පාස්කු ප‍්‍රහාර මහ මොලකරු’ හඳුනාගත් බව ආරක්‍ෂක ලේකම් පැහැදිලිවම කිවුවා..
(16.10.2025 – 00:02 +0530 – lankacnews.com)
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවට ‘ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවි සෙනෙවිරත්න’ විසින් උසස් නිලතල කාරක සභාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්යේ මහලේකම් නිසාම් කාරියප්පර්’ ‘හිරු රූපවාහිනී නාලිකාවේ’ සාකච්ඡාවකට එක්වෙමින් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය.
කාරියප්පර්ට අනුව, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හැටියට පත්වීම ස්ථීර කිරීම සඳහා උසස් නිල සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේදී රවි සෙනෙවිරත්න අවසානයේදී පැවසූ වචනය වූයේ, “අපි දැනටමත් මහ මොළකරු හඳුනාගෙන තිබෙනවා” යනුවෙනි.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසියේ පැත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එය ‘අසත්‍ය වාර්තාවක්’ බවයි.
කාරියප්පර් සඳහන් කළේ, පොලිස් නිවේදනය මඟින් ඔහුගේ ‘ට්විට්’ පණිවිඩයේ කිසිදු කරුණක් වැරදි බවට ප්‍රතික්ෂේප කිරීම කර නොමැති බවයි. පොලීසිය විසින් නිවැරදි කර ඇත්තේ වෙනත් මන්ත්‍රීවරයෙකුගේ ‘ට්විට්’ එකක ඇති වැරදි කරුණක් පමණක් බවද ඔහු කියා සිටියේය.
කාරියප්පර් ප්‍රශ්න කර සිටියේ, රවි සෙනෙවිරත්න විසින් සිය පත්වීම ස්ථිර කර ගැනීම සඳහා කාරක සභාවේ විශ්වාසය දිනා ගැනීමේ අරමුණින් මෙම ප්‍රකාශය සිදු කළාදැයි තමා නොදන්නා බවයි.
පාස්කු ප්‍රහාරය මුළු රටම බලා සිටින සහ ආණ්ඩුව පුන පුනා කී මහ මොළකරු සොයා ගැනීම පිළිබඳ කාරණයක් බව ඔහු අවධාරණය කළේය. මෙම ප්‍රහාරයෙන් දෙසිය ගණනක් මිය ගිය අතර, මුස්ලිම් තරුණ තරුණියන් රැසක් වසර ගණනාවක් සිරගතව සිටි බවද ඔහු සිහිපත් කළේය.
කාරක සභාව හමුවට අගමැතිතුමිය සහ ඇමති රත්නායක ඇතුළු මන්ත්‍රීවරුන් පැමිණ සිටි බවද කාරියප්පර් මහතා සඳහන් කළේය.
මහ මොළකරු හඳුනාගෙන තිබෙනවා නම්, කාරක සභාවේ සිටි මන්ත්‍රීවරුන් විසින් ‘කවුද ඒ මහ මොළකරු’ කියලා ඇහුවේ නැද්ද? යනුවෙන් ප්‍රශ්න නොකිරීම ගැන ඔහු විමතිය පළ කළේය.
කාරියප්පර් පෙන්වා දුන්නේ, මහ මොළකරු හඳුනාගෙන ඇතැයි පැවසුවද, මෙතෙක් කිසිවකුත් නමක් ප්‍රකාශ නොකිරීම ප්‍රශ්නය බවයි.
වසන්ත සමරසිංහ තමා පිළිබඳව ප්‍රශ්න කළ යුතු බව ප්‍රකාශ කළද, කාරක සභාවෙන් අයින් කිරීමේ හෝ ප්‍රශ්න කිරීමේ අයිතිය ඇත්තේ නීත්‍යානුකූල සභාපතිතුමියට බව කාරියප්පර්ගේ ස්ථාවරය විය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මහජන නියෝජිතයකු ලෙස මෙවැනි වැදගත් කරුණක් මහජනතාවට දැනුම් දීම වරදක් නොවන බවත්, එයින් එන ඕනෑම ප්‍රතිඵලයක් විඳීමට තමා සූදානම් බවත්ය.
පාස්කු ප්‍රහාර නඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාරියප්පර් ප්‍රකාශ කළේ, D35/8/2/24 නඩුවේ වාර්තාවේ මෙතෙක් හෙළිදරව් නොකරන ලද කරුණු සම්පූර්ණයෙන්ම අඩංගු වන බවයි. කෙසේ වෙතත්, විමර්ශනය පවත්වමින් තිබේ යනුවෙන් නිරතුරුවම පවසන බවද ඔහු කියා සිටියේය.
+
බස්නාහිර ටිකට් නැතිව යන මගීන්ට අවවාද කිරීම අවසන් : දඩ ගැසීම ඇරඹේ
(16.10.2025 – hirunews.lk)
බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරු හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන් සම්බන්ධයෙන් ඊයේ (15) සිට නීතී දැඩිව ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළා.
මෙම නීතිය කඩකරන කොන්දොස්තරවරුන් දින 3 ක වැඩ තහනමකට හා දඩයකට ලක්වන අතර ටිකට්පත් සන්තකයේ තබා නොගන්නා මගීන්ට ද දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇති.
බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පසුගිය පළමුවැනිදා (01) සිට අනිවාර්ය කෙරුණු අතර ඒ අනුව ගෙවුණු දින 14 ක කාලය තුළ බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නිසි ලෙස සිදුවන්නේ ද යන්න පරීක්ෂා කෙරුණා.
එම කාලසීමාව තුළ සිදු කෙරුණේ ටිකට් පත් නොමැති මගීන්ට සහ ටිකට් පත් නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට අවවාද කිරීම පමණයි.
කෙසේ වෙතත් එම නීතිය කඩකරන මගීන්ට සහ කොන්දොස්තරවරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ඊයේ (15) සිට ආරම්භ කෙරුණා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ the transfer of Head of Narcotics. Re ICE containers sprung out by Sampath Manamperi, it was functionaries from Narcotics that cleared the containers. Obvisouly the deaprtment is infested with acolytes of both corrupt politcians and drugs mafia. The department should be laundered clean of corrupt agents, so it needs a new washing machine and an operator. Hope that makes sense!