නව යොවුන් වියේ දරුවන්ගෙන් 18% කට ‘විෂාද’ තත්ත්වයක්

නව යොවුන් වියේ දරුවන්ගෙන් 18% කට ‘විෂාද’ තත්ත්වයක්


නව යොවුන් වියේ දරුවන්ගෙන් 18% කට ‘විෂාද’ තත්ත්වයක්

(10.10.2025 – hirunews.lk)

‘ලෝක මානසික සෞඛ්‍ය දිනය’ අදට (10) යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාව අද (10) එය සමරන්නේ මානසික සෞඛ්‍ය පිළිබද වැඩි අවදානයක් යොමුකළ යුතු කාල වකවානුවකයි.

‘ආපදා සහ හදිසි අවස්ථාවල දී මානසික සෞඛ්‍ය සේවාව සැමට සැමවිට’ යන්න තේමා කරගනිමින් අද (10) ලොවපුරා රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක් ‘ලෝක මානසික සෞඛ්‍ය දිනය’ සමරනවා.

මානසික සෞඛ්‍ය ගැටලු‍ පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය වර්ධනයට සහය වීම සඳහා ගනු ලබන උත්සාහයන් දිරිගැන්වීම අරමුණු කරගත්මෙම දිනය 1992 සිටයි සැමරෙන්නේ.

මෙරට ජනගහනයෙන් සියයට 10 ක ප්‍රතිශතයක් විවිධ මානසික රෝගවලින් පෙළෙන අතර ඉන් 2% ක ප්‍රතිශතයක් බරපතල මානසික රෝගවලින් පෙලෙන බවට තොරතුරැ වාර්තා වන පසුබිමකයි අප අද (10) මෙම දිනය සමරන්නේ.

දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මානසික ගැටලුවලදී ඇතැම් විට නිසි ප්‍රථිකාර ලබා නොගන්නේ ඇතැම් මිත්‍යා මත සහ අඩු දැනුවත්භාවය හේතුවෙන්.

මේ වන විටත් නව යොවුන් වියට එළඹෙන දරුවන්ගෙන් 18% ක් පමණ යම් ‘විශාද’ තත්ත්වයන්ට ලක්වෙලා.

එය රටක් විදියට අප මුහුණදෙන බරපතල අභියෝගයක්.

මෙම තත්ත්වය සමනය කර ගැනීම සදහා මෙරට සෞඛ්‍ය පද්ධතිය විවිධ කැප කිරීම් සිදුකරමින් සිටිනවා ෴


වැඩිහිටි රැකියා නියුක්තයන් අතර අක්ෂි දෝෂ ඉහළට

(10.10.2025 – hirunews.lk)

වයස අවුරුදු 20 ත් 45 ත් අතර වැඩිහිටියන් අතර පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය (Computer Vision Syndrome – CVS) හෙවත් අක්ෂි ආතතිය (Digital Eye Strain) ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.

මෙම තත්ත්වය, COVID-19 වසංගතය අතරතුර සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වූයේ නිවසේ සිට වැඩ කිරීමේ (Work from Home) සහ මාර්ගගතව අධ්‍යයනය කිරීමේ (Online Studying) ප්‍රවණතාව සමගයි.

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය (Consultant Coea Surgeon) කුසුම් රත්නායක සඳහන් කළේ, පරිගණක, ජංගම දුරකථන සහ අනෙකුත් ඩිජිටල් උපාංග දිගු වේලාවක් භාවිත කිරීම මෙයට ප්‍රධාන හේතුව බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවති උත්සවයකදීයි.

රෝග ලක්ෂණ ලෙස ඇස් අපහසුතාව, බොඳ වී පෙනීම, හිසරදය, තෙහෙට්ටුව සහ ඇස් වියළීම ඇතුළත්.

එමෙන්ම දුර්වල ආලෝකය, ඩිජිටල් තිරයේ ඇති දීප්තිය හෝ නිවැරදි නොකළ පෙනීමේ ගැටළු මගින් තත්ත්වය වඩාත් නරක අතට හැරිය හැකියි.

දීර්ඝ සහ අධීක්ෂණයකින් තොර තිර භාවිතය හේතුවෙන් ළමයින් ද වැඩි වශයෙන් අවදානමට ලක්ව ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

වෛද්‍යවරයා අවධාරණය කළේ, බොහෝ දරුවන් දෙමාපියන්ගේ අධීක්ෂණයකින් තොරව ඩිජිටල් තිර ඉදිරියේ අධික කාලයක් ගත කරන බවයි.

මෙම තත්ත්වයෙන් වැළැක්වීම හෝ කළමනාකරණය කිරීම සඳහා නිතිපතා අක්ෂි පරීක්ෂණ සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥයින් නිර්දේශ කරනවා.

නිසි මොනිටර ස්ථානගත කිරීම, දීප්තිය අඩු කිරීම, තිරයේ දීප්තිය සකස් කිරීම සහ තිරය ඇස්වලින් සැලකිය යුතු දුරින් තබා ගැනීමටයි ඔවුන් උපදෙස් දෙන්නේ.

මීට අමතරව, සෑම මිනිත්තු 20 කට වරක් අඩි 20 ක් දුරින් ඇති වස්තුවක් දෙස තත්පර 20 ක් බලා සිටීම, නිතර ඇසිපිය හෙළීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ නිවැරදි ඉරියව් පවත්වා ගැනීමද නිර්දේශ කෙරෙනවා.

වියළි බව වැළැක්වීම සඳහා පරිගණක සඳහාම වෙන් වූ කණ්ණාඩි පැළඳීම සහ අක්ෂි තෙතෙමනය සඳහාවන බෙහෙත් (Lubricating eye drops) භාවිත කිරීමටයි අක්ෂි විශේෂඥයින් යෝජනා කරන්නේ ෴


නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රහාරයක්

(10.10.2025 – 20:18 +0530 – sinhala.adaderana.lk)

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී අද (10) පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදීමක් සිදු කර තිබේ.

නීතීඥවරයා විසින් පෙනී සිටි නඩු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබූ අතර එම බස් රථයට යාමට ඉඩ සලසමින් මෝටර් රථය පිටතට ගන්නා ලෙස පොලිස් කොස්තාපල්වරයා විසින් නීතීඥවරයා දන්වා ඇත.

එහිදී නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව එම ගැටුම පහරදීමක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (10) නියෝග කළේය.

+++

+


තට්ටු 40 ක බිල්ඩිමක් මෙතන ගහන්න යනවා – UDA එක සල්ලිවලට යට වෙලා කරන වැඩේ අසික්කිතයි (10.10.2025)

+


රාජ්‍ය බලය ගන්න මිනී මරපු ජෙප්පෝ විශ්වාස කරන්න අපිට ඔලුවේ අමාරුවක් නෑ… (10.10.2025)

+


බැංකු මාෆියාකාරගෙන්ගේ නිරුවත මෙන්න – ටයි පොල්ල දාගෙන ජනතාවගේ රිරී මාංශයම හුරගෙන කනවා (10.10.2025)

+


මහජනතාවට නැති කිසිඳු වරප්‍රසාදයක් අපිට එපා – සුනිල් හඳුන්නෙත්ති (10.10.2025)

+


PRO දං චූටි කේස් එකෙන් වසන්තයා කිච වෙයි… (10.10.2025)

+

බිමල් දන්නෙත් නැතුව බිමල්ට වෙන්න යන දේ… ඒත් ඒ ගැන අනුරවත් හරියට දන්නවද ? (10.10.2025)

+


කොන්ඩම් දාන්න කියන ආණ්ඩුවේ ඇමතිට මන්ත්‍රීවරියෝ කනේ ඇඟිලි ගහගන්න කියා දෙයි (10.10.2025)

+


නා උයන හාමුදුරුවරු අපවත් වුණේ ඇයි? විශේෂඥ වෛද්‍යවරයාට රෝග මූලය නොපෙනෙන්නේ ඇයි? භාතිය ඇතාගේ භව ගමන? – මාස 3 කට පසු ධම්මරාජ මහා බෝසතානන් වහන්සේ ගෙන් විඩියෝවක් (10.10.2025)

+


ගිනි අවි දෙකක් (2) සමඟ හිටපු සෙබළෙක් දැලේ

(11.10.2025 – hirunews.lk)

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ටී-56 පතරොම් 11 ක් සමඟ හිටපු යුද හමුදා සෙබළකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ‍, වයස අවුරුදු 37 ක් වන කාවන්තිස්සපුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙක්.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත තිස්සමහාරාම පොලිස් වසමේ සාමගුලිය වැව අසල වගා ඉඩමක වැටලීමක් සිදු කර එහි වාඩියක් තුල තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක්, ටී-56 පතරොම් 11 ක්, එම්-16 පතරොම් 03 ක් හා එම්.පී.එම්.ජී. පතරොම් 03 ක් සමඟ මෙම සැකකරු අද (11) අත්අඩංගුවට ගත් බව ‍පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

තිස්සමහාරාම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


‘ගහෙන් වැටුණු කොස්තාපල්ට ගොනෙක් අනී …’

(11.10.2025 – hirunews.lk)

පොලිස් කොස්තාපලයෙකු රිය අනතුරකට ලක්ව සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයන් තිදෙනකු (3) නිලධාරියාගේ ගෙල බැදි රුපියල් ලක්ෂ හතකට (7) ආසන්න වටිනාකමකින් යුත් රන් මාලය කොල්ලකා පලා ගොස් ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසනවා.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ වැලිපැන්න පොලිස් ස්ථානයට අනුයුක්ත අම්බල්නගොඩ හෙප්පමුල්ල පදිංචි පොලිස් කොස්තාපලයෙකු බව ‍පොලිසිය සඳහන් කරනවා.

මෙම පොලිස් කොස්තාපල් රාජකාරි නිවාඩු ලබා සිට ඇති අතර, යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ තිබූ යකඩ කණු සහිත වැටක ගැටී අනතුරක් සිදුව ඇති බවත්, පසුව එම ස්ථානයට පැමිණි පුද්ගලයින් තිදෙනකු (3) ගෙන් අයකු (1) ඔහුගේ ගෙල බැදි රන් මාලය කොල්ලා පලා ගොස් ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම රන්මාලය පවුම් දෙකහමාරක් (2½) එනම් රුපියල් ලක්ෂ හයහමාරක් (6½) වටිනා එකක් බවද පොලිසිය සඳහන් කරනවා.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පැවසුවා ෴


දුවගේ කොටහළුවට රන් භාණ්ඩ මිලදී ගන්න ආ බව පෙන්වා රන් ආභරණ පෙට්ටියක් මංකොල්ල කාලා

(11.10.2025 – hirunews.lk)

රත්‍රන් මිලදී ගැනීමට යැයි පවසමින් අවිස්සාවේල්ල නගරයේ ‍රන් සාප්පුවකට පැමිණ රුපියල් ලක්ෂ 4 ක ස්වර්ණාභරණ පෙට්ටියක් කොල්ලකා පලා ගිය යුවළක් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.

මෙම සැකකරු වනගතව ජීවත් වෙමින් කලින් කළට පැමිණ මෙවැනි කොල්ලකෑම් සිදුකරමින් සිටින අයකු බවත් මෙහි සැකකාරිය එම සැකකරුගේ අනියම් බිරිය බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම සැකකරුවන් ඊයේ (10) අවිස්සාවේල්ල නගරයේ ඇති මෙම රන් භාණ්ඩ අලෙවිසලට පැමිණ සිය දියණියගේ වැඩිවිය පැමිණීමේ උත්සවය නිමිත්තෙන් රන් මාලයක් සහ මුදුවක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියමින් රන් භාණ්ඩ පරීක්ෂා කරන මුවාවෙන් රන් පෙට්ටියක් රැගෙන පලා ගොස් තිබූ බව පොලිසිය පැවසුවා.

සැකකරු මෙවැනි සිද්ධීන් හේතුවෙන් සිව් වරක් (4) බන්ධනාගාර ගතව සිට ඇති අයකු බවත්, වරක් හිරෙන් පැනගොස් තිබූ අයකු බවත් පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්රිය පාර, උක්වත්ත පදිංචි 41 හැවිරිදි කාන්තාවක් සහ ‘කොටහැර ඇටයා’ නමැති අය බව පොලිසිය සඳහන් කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පදිංචියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ අවිස්සාවේල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලක හිමිකාර ව්‍යාපාරික‍යෙක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *