රන් කැබලි පෙන්වා ව්‍යාපාරිකයාගේ රු. කෝටි 15 කට විද්ද අයෙක් අත්අඩංගුවට
රන් කැබලි පෙන්වා ව්‍යාපාරිකයාගේ රු. කෝටි 15 කට විද්ද අයෙක් අත්අඩංගුවට
(09.10.2025 – hirunews.lk)
රන් කිලෝ 15 ක් පවතින මිලට වඩා රුපියල් කෝටියක් (1) මිල අඩුවෙන් ලබාදෙන පවසා මහනුවර වෙළෙම්බඩ ව්‍යාපාරිකයෙකු රවටා ඔහු සතු රුපියල් කෝටි 15 ක මුදලක් කොල්ලකෑ කල්ලියක සාමාජිකයකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඹිලිපිටිය තුන්කම පදිංචි සැකකරු කොළඹ රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
කොල්ලය සම්බන්ධයෙන් පොලීසිය මෙයට පෙර කාන්තාවක් (1) ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මේ වනවිට ඇප මත නිදහස්ව සිටිනවා.
එම සැකකරුවන්ගේ ජංගම දුරකතන දත්ත පරීක්ෂා කිරීමෙන් ලබාගත් තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු සතුව තිබී යතුරු පැදි දෙකක් (2), රන් පවුම් දෙකක (2) මාලයක්, ලැප්ටොප් පරිගණකයක් (1) හා රුපියල් 65,000 ක මුදලක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
කොල්ලයට සම්බන්ධ වීමෙන් ලැබුණු රුපියල් ලක්ෂ 15 ක මුදල් වැයකර සැකකරු මෙම භාණ්ඩ මිලට ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මෙම කොල්ලය සඳහා 14 දෙනෙකු සම්බන්ධ වී තිබෙන බවත් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් කොට්ඨාස අපරාධ විමාර්ශන ඒකකය පවසනවා.
ගම්පොළ වෙළම්බඩ ව්‍යාපාරිකයා සතුව මුදල් තිබෙන බව දැන ගැනීමෙන් පසු එක් (1) සැකකරුවෙකු පසුගිය අප්‍රේල් මස ඔහුගේ නිවසට පැමිණ රන් කැබැල්ලක් පෙන්වා එවැනි රන් කැබලි කිලෝවක පමණ ප්‍රමාණයක් තිබෙන බවත් අඩු මිලකට ඒවා මිලට ගැනීමට හැකි බවත් පවසා තිබුණා.
එය පරීක්ෂා කර බලා සැබෑ රන් බව හඳුනා ගැනීමෙන් පසු ව්‍යාපාරිකයා ගනුදෙනුවට කැමැත්ත පළකර තිබේ. ඒ අනුව පසුගිය මැයි මස 08 වැනිදා ඔහුගේ නිවසේ දී ගනුදෙනුව සිදු කිරීමට එකඟතාව දක්වා ඇත. එදිනට රන් කිලෝවක් රැගෙන එන බවත් එය පරීක්ෂා කර රුපියල් කෝටි 15 ක මුදලක් ලබාදෙන ලෙසත් සැකකරු ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙනවා.
ව්‍යාපාරිකයා තමා සතු මුදල්වලට අමතරව සහෝදරයෙකුගෙන් ද මුදල් ලබාගෙන රුපියල් කෝටි 15 ක මුදල සම්පූර්ණ කරගෙන සිටිය දී වෑන් රථයකින් පැමිණි සැකකරුවන් අදාළ මුදල් කොල්ලකා පලාගොස් තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙළම්බඩ පොලීසිය හා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ සිදුකර සැකකරුවන් 10 දෙනෙකු සමඟ ඔවුන් පැමිණි වෑන් රථය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත්, පොලිස් පරීක්ෂක වීරරත්න, වෙළම්බඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් ගුණවර්ධන ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වනවා.
සැකකරු ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ කළේ නෑ – රවි සෙනවිරත්න
(09.10.2025 – hirunews.lk)
පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව තමන් එහි පෙනී සිටි බවත්, එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න අවධාරණය කර සිටිනවා.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඉදිරිපත් කරනු ලැබූ නිවේදනයකයි.
පොලිස් මූලස්ථානයේ මාධ්‍ය කොට්ඨාසය විසින් අද (09) මාධ්‍ය වෙත එවන ලද එම නිවේදනය පහතින් දැක්වෙයි.
“පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වේ.
එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා සඳහන් කරන්නේ, 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවත්, එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවටත් අවධාරණය කර සිටියි.
තවද, ඉහත සංසරණය වන ප්‍රවෘත්තිය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවත් අවධාරණය කර සිටියි.
මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට කටයුතු කරන ලද පුද්ගලයින් සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත්, මීට අදාළ නෛතික ක්‍රියා මාර්ග ගැනීමට නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි” ෴
පිහිනුම් තටාකයේ ගිලී ‘පෙරපාසල් සිසුවෙකු’ මරුට
(09.10.2025 – hirunews.lk)
මිරිහාන ප්‍රදේශයේ පෞද්ගලික පාසලක ඉගෙනුම ‘අවුරුදු 5 ක් වයසැති දරුවෙකු’ පාසලේ පිහිණුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ – තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි පෙරපාසල් යන දරුවෙකුයි.
අදාළ පාසලේ ගුරුවරුන් සමග දරුවන් පිරිසක් පිහිණුම් පුහුණුවීම් සදහා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පිහිණුම් තටාකයකට ඊයේ (08) පස්වරුවේ ගොස් තිබුණා.
පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ පුහුණුවීම් කරමින් සිටියදී සිසුවා දියේ ගිලී ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම මරණය, සතියක කාලයක් තුළ පිහිණුම් තටායකට වැටීමෙන් සිසුන් මිය ගිය 3 වන අවස්ථාව බව ද වාර්තා වනවා.
මීට පෙර දික්වැල්ල ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු පාසලේ පිහිණුම් තටාකයකට වැටී මියගොස් තිබුණා.
එමෙන්ම කොළඹ පිහිණුම් සමාජ පිහිණුම් තටාකයට වැටී 8 හැවිරිදි සිසුවෙකු මිය ගියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ පියා කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබුණා.
එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝග කළේ දරුවාගේ දේහය භූමදාන කටයුතු සඳහා ඔහුගේ දෙමාපියන් වෙත මුදාහරින ලෙසයි.
එමෙන්ම අනතුරට ලක්වූ ස්ථානය පරීක්ෂා කර වාර්තාවක් ගොණු කරන ලෙසත් නියෝග කර තිබුණා ෴
2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
(09.10.2025 – hirunews.lk)
2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවන
https://www.doenets.lk/ හෝ
https://www.results.exams.gov.lk/ වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.
මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.සා.පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට ද අද (09) මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය තව දුරටත් දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
ක්ෂණික ඇමතුම් අංකය : 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව : 011 278 4208, 011 278 4537, 011 278 5922
ෆැක්ස් අංකය : 011 278 4422
අපි කරන්නේ නිච්චි දිදී උඩ අරින එක..| ඇයි අවුල්ද..? ඔයා ෆින්ලන්තේද..? දන්නවනේ | නිරෝෂන් මාර කතා කියන්නේ (09.10.2025)
+
සැප විදේශ සංචාරයකට P.R.O. මහත්මියක් ඕනෑකර තිබේ ! (09.10.2025)
+
මේක පැළවත්තේ CIDයෙන් පාලනය කරන රටක්ද ? මේ අසූචි නාන විදියට CID ගිහින් හෝදාගන්ඩ බෑ හලෝ (09.10.2025)
+
ප්‍රාඩෝ ගර්ල්ගෙ LGBTQI + සමානාත්මතාව… මේ ආතල් මාලිමා ආණ්ඩුවෙම්ම විතරයි (09.10.2025)
+
බිමල්ගේ 5000 අරන් කොල්ලා ගංජා මිශ්‍ර මෝදක කාලා… සර්ට ගුටි දීලා සර් ඉස්පිරිතාලෙ (09.10.2025)
+
ආණ්ඩුවට බොරු චෝදනා කරන අයට අපේ විරෝධය… CID මහත්තුරු මේවා බලා ගනී (09.10.2025)
+
කුණු කරවල කෑල්ලක් සේ, ලිස්ට් එකෙන් එළියට දාපු ඇමති වසන්තගේ පී.ආර්.ඕ. (09.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴