හඳුන්කූරු ඡාවාරමට මුවාවී අහිංසකයන්ගේ රු. කෝටි ගණනකට විද්ද යුවළම රිමාන්ඩ්

හඳුන්කූරු ඡාවාරමට මුවාවී අහිංසකයන්ගේ රු. කෝටි ගණනකට විද්ද යුවළම රිමාන්ඩ්


හඳුන්කූරු ඡාවාරමට මුවාවී අහිංසකයන්ගේ රු. කෝටි ගණනකට විද්ද යුවළම රිමාන්ඩ්

(08.10.2025 – hirunews.lk)

අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ පන්නල්ගම ගම්මානයේ හඳුන්කුරු ජවාරමකට මුවාවී කටයුතු කර එම ප්‍රදේශයේ ජනතාවගේ රු. කෝටි ගණනක මුදලක් වංචා කරන ලදැයි කියන යුවළක් ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරිකා පෙරේරා අද (08) නියෝග කළා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ අම්පාර පොලිසියේ විශේෂ අපරාධ අංශය විසින්.

දැනට වසරක (1) පමණ කාලයක් මෙම යුවළ පන්නල්ගම ගම්මානයේ පහන් තිර පැකට් කිරිමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර පසුව එය හඳුන්කුරු පැකට් කිරීමේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

මුල් (1) අදියරේදි රුපියල් 50,000 ක් දෙන පුද්ගලයකුට හදුන්කුරු පැකට් 1000 ක් දී ඇති අතර එය පැකට් කර ආපසු භාර දිමෙන් පසුව මුලින් ගෙවන ලද 50,000 ට අමතරව තවත් රුපියල් 25,000 ක් වැඩිපුර ලබා දී තිබූ බවට අනාවරණය වුණා.

මෙය වාසි සහගත ව්‍යාපාරයක් එකක් යැයි සිතු මෙම ගම්මානයේ විශාල පිරිසක් මෙම ජාවාරමට හසුව තිබේ.

පසුව මෙම යුවළ අදාළ ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා තවත් නියෝජිතයන් පිරිසක් යොදවා එම මාර්ගයෙන් අවට ගම්මාන ගණනාවක පිරිස් ද මෙම ජාවාරමට සම්බන්ධ කරගෙන මුදල් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන තිබූ බවට වාර්තා වෙනවා.

දෙවන (2) අදියරේදි රුපියල් 250,000 ක් බඳින අයකුට ඇසිරිම සඳහා හදුන්කරු පැකට් 6000 ක් දෙන අතර එය සකස් භාර දිමෙන් පසුව රුපියල් 250,000 ට අමතරව තවත් රුපියල් 125,000 ක් දිමට පටන් ගෙන තිබේ.

මුල් අවස්ථාවේ කොටසකට නියමිත අයුරින් මුදල් ගෙවා ඇති අතර ඒ තුලින් ජනතාවගේ තුල විශ්වාසය දිනාගත් මෙම යුවල පසුව රුපියල් ලක්ෂ 10, 25, 50, 100 ආදි වශයෙන් මුදල් ලබාගෙන තිබේ. එම මුදල් සමහරක් මෙම යුවල ලබාගෙන ඇති අතර අනෙක් මුදල් තම නියෝජිතයින් හරහා භාර ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඉකුත් තුන්වෙනි දින (03) ගමෙන් හොර රහසේම පිටව ගොස් ඇති අතර අද (08) උදැසන අම්පාර විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට භාර වී තිබේ.

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දරගේ නියමය මත අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාශ භාර වැඩ බලන පොලිස් අධිකාරි ප්‍රදිප් මහතාගේ මෙහෙයවිමෙන් අම්පාර විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසිංහ ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


තංගල්ලේ පොලිසියට නොගිය විමල් වීරවංශ එකපාරම මාධ්‍ය හමුවකින් එළියට එයි (08.10.2025)

+


කවුරුත් හරියට නොකියන LGBTQIA+ විශේෂ හෙලිදරව්ව – පැලවත්තේ ගොබෙල්ස් සැමරුමේ අලුත්ම විස්තර (08.10.2025)

+


පන්නිපිටිය කඩේක ගින්නක් | බුලත් පුවක් එක්ක බුදු පිළිම වික්ක කඩේ වහල තියෙද්දී හදිස්සියේ ගිනි අරන් (08.10.2025)

+


සජබ නීතිඥයන් වහාම මාධ්‍ය කැඳවයි – රටේ අනාගතය ගැන ඇඟ හිරි වැටෙන කතාවක් කියයි (08.10.2025)

+


විදුලි ඉංජිනේරුවෝ ‘ගේමට එන්ටර්’ වෙයි – ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න පේලි ගැසෙයි (08.10.2025)

+


විකුණන්නේ නැහැ කියන එක අමුලික අසත්‍යක් | ලංවීමේ අනාගතය ගැන සැක හිතෙන කතාවක් පාඨලී රටටම හෙළිකරයි (08.10.2025)

+++

ජනාධිපතිගේ කතා ඇහුවම අපිට මතක් වෙන්නෙ එෆ්එම් නාලිකාවල හිටිය ගිරව් – බල්තෙසාර් එක ඇලක් සුද්ද කරලා නෑ (08.10.2025)

+


මහින්ද මරන්න ෆොන්සේකාට කොන්ත්‍රාත්තුවක් ? (08.10.2025)

+

දුර්වල මෝඩ ඩෝබිලාගේ අකමැතිම මිනිහා වෙන්න ! (08.10.2025)

+


මේ ආණ්ඩුවේ කීදෙනෙක් ඉන්නවද… තාත්තලාගේ නම් වාසගම් හංගන අය ? (08.10.2025)

+

ෆොන්සේකාට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැද්ද? එහෙනං ඇයි ඒ ? (08.10.2025)

+

රවී කුමුදේශ්ට CID එන්න කිව්වේ ඇයි ? CIDයට වෙන වැඩ නැද්ද ? (08.10.2025)

+


ගම්මන්පිලගේ සටන පල දරයි. කන්ටේනර් 323 ට වෙන්න යන දේ මෙන්න (09.10.2025)

+


විමල්ගෙන් තංගල්ල පොලීසියට පැය දෙකහමාරක (2½) ප්‍රකාශයක්

(09.10.2025 – hirunews.lk)

සීනිමෝදර මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව මාධ්‍යවල ගිය ප්‍රවෘත්ති සහ තමන් විසින් සොයා ගත් තොරතුරු අනුව අදාළ ප්‍රකාශය සිදු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ තංගල්ල පොලීසියට ප්‍රකාශ කර ඇතැයි වාර්තා ‍වෙනවා.

සීනිමෝදර මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවකු ගැන මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ඊයේ (09) පෙරවරු 09:30 ට පමණ විමල් වීරවංශ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකට ගොස් තිබුණා.

ඔහු එම ‍ඒකකයට ගොස් තිබුණේ නීතිඥ නෙලුම් ක්‍රිෂාන්ත පුංචිහේවා සමඟයි.

තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා වීරවංශ ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශය සටහන් කරගත් අතර ප්‍රකාශය ලබා ගැනීමට පැය දෙකහමාරක (2½) පමණ කාලයක් ගතව තිබූ බව පොලිසිය පවසනවා.

රැඳවුම් නියෝග මත තංගල්ල පොලිසිය භාරයේ ප්‍රශ්න කරමින් සිටි ‘පුවක්දණ්ඩාවේ සනා’ නමැත්තාට අයත් ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය රැගෙන ඒම පිළිබඳව වීරවංශ සිදු කළ ප්‍රකාශය ගැන පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා.

එහිදී වීරවංශ පවසා ඇත්තේ එම සැකකරුට අයත් ධීවර යාත්‍රාවකින් ගොඩබිමට මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට තමා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට පෙර මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයකින් එලෙස ප්‍රචාරය කර තිබූ බවයි.

එසේම, මෙම කරුණ සම්බන්ධයෙන් තමාද තොරතුරු සොයා ගත් බව ඔහු ප්‍රකාශ කළ බව පොලීසිය පවසනවා.

දහවල් 12 ට පමණ ප්‍රකාශය ලබාදීමෙන් පසු වීරවංශ පිටව ගියා .

හම්බන්තොට දිස්ත්‍රික් ජාතික නිදහස් පෙරමුණේ නායක වීරකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සඳුන් බණ්ඩාර බෝදරගම ඇතුළු පක්ෂයේ සාමාජිකයන් පිරිසක් වීරවංශ පැමිණෙන විට තංගල්ල කදුරුපොකුණ පාරේ පිහිටි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කාර්යාලය අසළට පැමිණ සිටියද ඔවුන්ට එම කාර්යාලය තුළට යාමට පොලිසිය ඉඩ දුන්නේ නැත ෴

+++

මාලිමා ආණ්ඩුවේ ‘සිස්ටම් චේන්ජ්’ එක මේකද ? ප්‍රකාශය ලබා දුන් විමල් පොලිසියෙන් පිටවෙයි ! (09.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *