සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් (3) පරලොව යැවූ දොළුවේ මාරක අනතුරේ තවත් තොරතුරු එළියට

සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් (3) පරලොව යැවූ දොළුවේ මාරක අනතුරේ තවත් තොරතුරු එළියට


සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් (3) පරලොව යැවූ දොළුවේ මාරක අනතුරේ තවත් තොරතුරු එළියට

(06.10.2025 – 19:06 +0530 – sinhala.adaderana.lk)

පොහොය දිනයේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් (3) මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ අනුවේදනීය පුවතක් ගම්පොළ දොළුව ප්‍රදේශයෙන් අද (06) වාර්තාවුණි.

මෝටර් රථය පැදවූ කාන්තාවගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවට පොලීසිය සැක පළ කරයි.

අනතුරට ලක්වූයේ වප් පොහෝදා ගම්පොළ දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ සිල් සමාදන්ව සිටි වැඩිහිටි කාන්තාවන් සිව්දෙනෙකි (4).

එම කාන්තාවන් දහවල් දානය ගෙන සනීපාරක්ෂක කෘත්‍ය ඉටුකර ගැනීම සඳහා විහාරස්ථානයෙන් පිටත ඇති වැසිකිළි වෙත යමින් සිටිය දී දහවල් 01:30 ට පමණ මෙම ඛේදවාචකයට මුහුණ දී තිබුණි.

එහිදී ඔවුන් ප්‍රධාන මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් සිව්දෙනාගේ (4) ගැටී අසල තිබූ ලොරි රථයක ද ගැටී නතර වී ඇත.

එලෙස ගැටුණු ඔවුන් මෝටර් රථයට සහ අනෙක් පසෙක වූ ලොරි රථයට මැදිවී බරපතළ තුවාල ලබා තිබුණි.

කාන්තාවන් සිව්දෙනා (4) අතරින් තිදෙනෙකු (3) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූ අනෙක් කාන්තාව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

අනතුරින් මියගියේ ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ, 67 හැවිරිදි මාලිනි විජේසූරිය සහ ගම්පොළ ගුරුකැලේ පදිංචිව සිටි පල්ලේගෙදර අනුලාවතී යන කාන්තාවන් තිදෙනාය (3).

අනතුර සිදුකළ මෝටර් රථය පදවා ඇත්තේ 36 හැවිරිදි කාන්තාවකි.

ඇය පුහුණුවන රිය බලපත්‍රයක් හිමි තැනැත්තියක් බව පොලීසිය සඳහන් කළේය.

අදාළ කාන්තාව සිය සැමියා සහ දරු දෙදෙනා (2) සමඟ ගම්පොළ නගරයට පැමිණ ඇති අතර මෝටර් රථය පදවා ඇත්තේ ඇගේ සැමියා විසිනි.

කෙසේ වෙතත් පසුව සැමියා විසින් බිරිඳට මෝටර් රථය පැදවීමේ අවස්ථාව ලබාදී ඇති අතර විහාරස්ථානය අසලදී මෝටර් රථයේ තිරිංග වෙනුවට එම කාන්තාවට වැරදීමෙන් ඇක්සලරේටරය පෑගී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදී මෝටර් රථය වේගයෙන් ඇදී ගොස් කාන්තාවන් සිව්දෙනාගේ (4) ගැටී පසුව ලොරි රථයේ ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරත් සමඟ ලොරි රථය මාර්ගයට ඇදී විත් නැවතී ඇති අතර මෝටර් රථය බැම්මක ගැටී තිබේ.

රිය පැදවූ කත රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

(බ්‍රේක් පැඩලය වෙනුවට ඇක්සලරේටරය පෑගී ඇත්නම් ඇයට මූලික පුහුණුව වත් නිසි පරිදි ලැබී නැත. ප්‍රසිද්ධ පාරවල් වල රිය පැදවීමට පෙර පාලු පාරවල් වල රිය පදවා මූලික පුහුණුව ලබාගත යුතුව තිබුණි. සැමියා වගකිව යුතුයි ? – අමරසර)

+++

+++

+++


දික්වැල්ල මුහුදේ දිය නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලෙයි

(06.10.2025 – hirunews.lk)

මාතර – දික්වැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිසක් අතරින් තුන්දෙනෙකු (3) දියේ ගිලී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඉන් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් දෙදෙනා (2) මුදාගෙන බතීගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඉන් එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් මාතර මහා රෝහලට මාරුකර යවා ඇති බව ද පොලිසිය සඳහන් කළා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ ෴


පුනරුද කොන්ඩම් ? (06.10.2025)

+


SB නොගියෙ LTTE එකට විතරයිනෙ… (05.10.2025)

+

මහින්ද රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැද්ද ? (06.10.2025)

+

පනත සම්මතයි, ශිෂ්‍යයා ගුරුවරයාට නෙළයි… (05.10.2025)

+

‘තංගල්ලේ සනා’ ආණ්ඩුවේ සපෝටර් කෙනෙක්ද ? විමල්ගෙන් තංගල්ලේ පොලිසිය අහයි (06.10.2025)

+

මේ ආණ්ඩුවේ ‘පොලිස් දේශබන්දු’ නිර්මාණය වෙමින් පවතී… සිරස මුට්ටිය දාලා බලයි (05.10.2025)

+

ෆොන්සේකාට හතර අතින් මහජන අප්‍රසාදය එල්ල වෙයි… දැන් ඇති ෆොන්සේකා හොඳටම ඇති (06.10.2025)

+


ඇවිල්ලා අවුරුද්දයි… කරපු කෙංගෙඩියක් නෑ – උලපනේ හිමි අදත් ආණ්ඩුවට සැරටම දෙසයි (06.10.2025)

+


සීනි නිසා බත් නොකා ඉඳලා නැති ලෙඩ හදාගන්නේ නැතුව … සීනි හොඳ කරගන්න පාරම්පරික හාල් කන්න ලේසිම ක්‍රමය මෙන්න (30.09.2025)

+++


හෙටින් (07) පසු විදුලි සේවකයින් ලොක්කන් සමග ගණුදෙනු නවත්වයි

(06.10.2025 – hirunews.lk)

විදුලි වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීව සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට (07) පස්වරුවේ සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු හෙට (07) දිනයේ සිට නතර කරන බවයි එම සංගමය සදහන් කළේ.

ඒ අනුව අමාත්‍යංශ නිලධාරීන් සමග සෘජු ලිපි හුවමාරුව, සාකච්ඡා සඳහා සහභාගී වීම, ආදියෙන් වැළකී සිටින අතර අමාත්‍යංශ නිලධාරීන් විසින් ලබාදෙන නියෝගවලට අනුගතව කටයුතු කිරීමෙන් ද වැළකී සිටිම ද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කිරීම හමුවේ සිදුවනු ඇති.

කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවද ඔවුන් සදහන් කළා.

ලංකා විදුලිබල මණ්ඩලය ප‍‍්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ එම පනතට විරෝධය දක්වමින් විදුලි වෘත්තිය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය මස 04 වැනිදා සිටයි.

එමෙන්ම, පරිපාලන කටයුතු සහ රජය විසින් සිදුකරන වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලියට එරෙහිව හෙට (07) නැගෙනහිර පළාතේ සියළු රෝහල් ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *