නාරංගල කඳු තරණයට ගිය තරුණයන් 22 ක් අතරමං
(04.10.2025 – hirunews.lk)
හාලිඇල නාරංගල කන්ද තරණය කිරිමට ගිය දේශීය තරුණ කණ්ඩායම් තුනක් අද (4) පස්වරුවේ පතිත වූ ධාරාණිපාත වර්ෂාවත් අධික සුළං තත්වයත් හේතුවෙන් කඳු මුදුණේ අතරමං වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
කණ්ඩායම් තුනක සාමාජිකයන් 22 ක් මෙසේ කඳු මුදුණේ අතරමං වී සිටින බවත් ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනිමට මේ වනවිටත් කන්දේගෙදර පොලිසියේ නිළධාරින් පිරිසක් සහ බදුල්ල එළදලුව යුධ හමුදා කඳවුරේ යුධ හමුදා කණ්ඩායමක් පිටවී ගොස් සිටින බවත් කන්දේගෙදර පොලිසිය සඳහන් කරනවා.
මීගමුව ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස අද (04) පස්වරුවේ නාරංගල කන්ද තරණය කිරීමට යාමේදී මෙසේ හදිසියේ ඇති වූ ධාරානිපාත වර්ෂාව සමඟ හමාගිය දැඩි සුළඟින් ඔවුන් කඳු මුදුණේ ඉදිකර තිබු කුඩාරම් ගැළවී සුළඟේ ගසාගෙන ගොස් මෙසේ අතරමං වී ඇති බවට වාර්තා වෙනවා.
සුළඟ සහ අධික ශීතල හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව සිටින බවත් දැනට ඔවුන් සතුව ඇති ජංගම දුරකථන මාර්ගයෙන් දුරකථන සබඳතා පවත්වා ගෙන යමින් ඔවුන් කඩිනමින් මුදවා ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය සඳහන් කරනවා ෴
+++
නාරංගල කන්ද :
+
රජයේ වී සහල් කරන්න අරුම පුදුම ටෙන්ඩරයක්.. රුපියල් මිලියන ගණනක වංචාවක්.. මහින්දානන්ද වැලිකඩදී හමුවෙන්නැයි ලොක්කෙකුට දන්වයි..
(04.10.2025 – 22:22 +0530 – lankacnews.com)
රජයේ වී සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී අරුම පුදුම ටෙන්ඩරයක් කැඳවමින් විශාල වංචාවක් සිදුවී ඇති බවත් මෙම ටෙන්ඩරය මගින් රජයේ මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 200 ක මුදලක් අහිමි කර ඇති බවත් ‘ශ‍්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සම්මේලනයේ’ කැඳවුම්කරු මුදිත පෙරේරා මහතා චෝදනා එල්ල කරයි.
පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ‘ලංකා සත්ව ආයතනය’ විසින් පළමු වරට කැඳවන ලද මෙම ටෙන්ඩරය හරහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් රජයේ වී සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවයි.
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරන්නේ යම් පුද්ගලයෙකුගේ හිතවතෙකුට රජයේ සියලු වී සහල් බවට පත් කිරීමේ අවස්ථාව ලබාදීමේ අරමුණින් බවට සම්මේලනය චෝදනා කරයි.
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් සිදු කළ යුතු වුවත්, මෙම ටෙන්ඩර් ලියවිලිවලට අත්සන් කර ඇත්තේ සතොස සභාපතිවරයාමය. ප්‍රසම්පාදන කමිටු සභාපති විදිහට නොව, සතොස සභාපති විදිහටය. චෝදනා එල්ල වන්නේ සතොස සභාපති කෝසල විල්භාව මහතාටයි.
පෙරේරා මහතාට අනුව, සාමාන්‍යයෙන් ලංකාවේ වී ප්‍රභේදය, දිස්ත්‍රික්කය සහ සහල් නිෂ්පාදනය කරන වර්ගය අනුව විවිධ ප්‍රතිශතවලින් සහල් ලැබෙනවා. කෙසේ වෙතත්, කෝසල විල්භාව මහතා විසින් තීරණය කර ඇත්තේ යල කන්නේ ලංකාවේ වීවලින් ලැබිය හැකි සහල් ප්‍රතිශතය 63% ක් බවයි.
මෙය වංචාවක් බවට පෙන්වා දෙන්නේ, රතු වී ප්‍රභේද ගත් විට 65%, 66%, හෝ 67% ක් දක්වා සහල් ලබාගත හැකි වීම නිසාය. තවද, යල කන්නේ සුදු වී වර්ග ගත්තද 63% ට ඉහළ ප්‍රතිශතයක් ලබාගත හැකි බව පෙන්වා දෙනු ලැබේ.
63% යන සහල් ප්‍රතිශතය ගැනීම මත පමණක් 2% ක ‘කට් එකක්’ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් මහා භාණ්ඩාගාරයට ආසන්න වශයෙන් රුපියල් මිලියන 200 ක මුදලක් අහිමි වී තිබේ.
‘ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සම්මේලනය’ කෝසල විල්භාව මහතාට තරයේ අවධාරණය කරන්නේ, ඇමතිවරයෙකු හෝ වෙනත් දේශපාලනඥයෙකු පැවසූ පමණින් ඔහුගේ යාළුවෙකුට මෙම වී තොග ලබා දීමට තීරණය කරන්නේ නම්, ඔවුන් නීතිමය කටයුතු ගැනීමට කිසිසේත් පසුබට නොවන බවයි.
සම්මේලනය ඉල්ලා සිටින්නේ ඉදිරි පැය 48 ඇතුළතදී මෙම ටෙන්ඩර් දැන්වීම වහාම අවලංගු කර, නව ටෙන්ඩර් නිවේදනයකට යා යුතු බවයි.
එසේ නොවුණහොත්, කෝසල විල්භාව මහතාට අනිවාර්යයෙන්ම නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයාව වැලිකඩදී මුණගැසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට සම්මේලනය අවධාරණය කරයි.
මීට වසර 11 කට පෙර ඔහුගේ පුටුවේ සිටි සතොස සභාපතිවරයා වූ නලින් ප්‍රනාන්දු මහතා ‘කැරම් බෝඩ් සෙල්ලමකට’ හිරේ ගිය බවත්, විල්භාව මහතාට මෙම ‘වී සෙල්ලමකින්’ හිරේ යන්නට නියමිත බවත් මෙහිදී සිහිපත් කර දෙනු ලැබිණි.
+
රංග දිසානායක අල්ලස් කොමිසමට පත්වන්නේ ඇමති බිමල්ගේ ටොම් පචයකින් (04.10.2025)
+
තක්සලාවට 250 යි ලොක්කෝ සේරම එයි ! (04.10.2025)
+
කුඩු අයිස් ගෙන්නන්නෙ පොහොට්ටුව, විකුණන්නේ මාලිමාව… අයිස්ලන්තෙ විනෝද සමය (04.10.2025)
+
මතකයිනේ, වයිෆ් එක්ක පිටකොටුවේ ඇපල් කාපු මෑන්… දැන් ෂේප් වෙන්න හදන්නෙ (04.10.2025)
+
නැගිටපල්ලා නැගිටපල්ලා වසන්තයා නං ගොඩ ගිහිල්ලා… (04.10.2025)
+
NPP ආණ්ඩුව කුක්කන් බැඳ තබනු! වාචාලයන් මෙල්ල කරනු! නැත්නම් ඇත්තටම ‘බිග් කුච්චන්’ වෙයි (04.10.2025)
+
ඉපලෝගම ගෙදරක පුටුවක් උඩ බිළිඳියක් දමා ගිය සැකකාරිය පොලිසියට කොටු වූ හැටි (04.10.2025)
+
‘කජ්ජා’ගේ ගෑනි රාජපක්ෂලාට විරුද්ධ වගේ කරන්නේ රඟපෑමක්. ඕකි නාමල්ට කියන්නේ ‘අයියා’ කියලා, කපිලට කියන්නේ ‘මාමා’ කියලා (04.10.2025)
+++
බැකෝ සමන්, මනම්පේරි තවත් වමාරයි : “ඒක දුන්නේ කජ්ජාව ඉවර කරන්න කියලා මම දන්නෙ නෑ සර්” (06.10.2025)
+
අබිරහස් කන්ටේනර් 323 අලුත්ම තත්වය මෙන්න! – තොරතුරු කොමිසමටත් රේගුව සඟවන තොරතුරු (06.10.2025)
+
යකෝ බලය තියාගෙන මොකද මේ කරන්නේ…. ළමයි එක්ක සෙල්ලම් කරන්න ලෑස්තිවෙන්න එපා (06.10.2025)
+
දයාසිරි අදත් (05) ආණ්ඩුවට අංචියක් අදියි – දයාසිරි රට කැළඹෙන හෙළිදරව් ගොඩක් කරපු මාධ්‍ය හමුව (05.10.2025)
+
මේ මොන ### ආණ්ඩුවක්ද කියන්නකෝ – කාවින්ද මාධ්‍යවේදියන් බය කරපු හැටි (05.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴