නයිජීරියානු ව්‍යාජ ස්කෑම් ජාවාරමට ජනතාව නොදැනුවත්කම නිසා හසුවෙලා – CID කියයි
නයිජීරියානු ව්‍යාජ ස්කෑම් ජාවාරමට ජනතාව නොදැනුවත්කම නිසා හසුවෙලා – CID කියයි
(03.10.2025 – hirunews.lk)
අන්තර්ජාලය හරහා දුගී ජනතාවට උදව් කරන බව පවසමින් රු. මිලියන 12 ට අධික මුදල් සහ තෑගි ලබා දෙන බවට පවසා ජනතාව රවටමින් OTP අංක ලබාගෙන බැංකු ගිණුම්වල තිබෙන මුදල් වංචනික ලෙස ලබා ගැනීමේ ජාවාරමක් මේ දිනවල බහුල වශයෙන් සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වුවා.
මේ දිනවල බහුල ලෙස අන්තර්ජාලය ඔස්සේ ත්‍යාග සහ මුදල් ලබා දෙන බව පවසමින් නයිජීරියානු කණ්ඩායමක් විසින් පවත්වාගෙන ‘නයිජීරියානු ව්‍යාජ ස්කෑම් ජාවාරම’ට ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව නොදැනුවත්කම නිසා හසු වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.
මෙම සිද්ධියට අදාළ සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශනය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු වන නයිජීරියානු ජාතිකයකු ලබන 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකථන සහ පරිගණක රජයේ රස පරීක්ෂක වෙත යැවීමට ද අධිකරණයෙන් නියම වූවා.
මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිව්දෙනකු (4) මේ වනවිට ඇප මත මුදාහැර තිබුණා.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නයිජීරියානු ජාතිකයාගෙන් අවශ්‍ය තොරතුරු ලබාගැනීමට ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු සඳහා ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් පුද්ගලයන්ගේ සහයෝගතාවය යටතේ මෙම ජාවාරම සිදුවන බවත් එම පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
අන්තර්ජාලය හරහා දුගී ජනතාවට උදව් කරන බව පවසමින් තෑගි මුදල් සහ මුදල් ලබා දෙන බවට පවසා ජනතාව රවටමින් OTP අංක ලබාගෙන බැංකු ගිණුම්වල තිබෙන මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරැණු දැක්වුවා ෴
‘වට්ස්ඇප්’ වංචා සහ ‘හැක්කිරීම්’ වැඩිවෙයි : අවදානමට පෙර දැනුවත්වන්න
(03.10.2025 – hirunews.lk)
මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ‘වට්ස්ඇප්’ හරහා සිදුවන වංචා සහ හැක්කිරීම් සම්බන්ධ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ’ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ පවසනවා.
ඒ අනුව මේ වන විට ගිණුම් හැක්වීම් සම්බන්ධ වාර්තා වැඩි වශයෙන් ලැබෙමින් පවතින බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ.
ඊට අමතරව විවිධ භාණ්ඩ අඩු මිලට අලෙවි කරන බව පවසමින් ලැබෙන පණිවුඩ ලැබෙන සමූහ හරහා සිදුවන වංචාව ද වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව චාරුක දමුණුපොළ පවසනවා.
“ඔබ නොදන්නා සමූහවලට එකතු වීමෙන් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. යම්කිසි භාණ්ඩයක් ඉතා අඩු මුදලකට අලෙවි කරන බව පවසමින්, අත්තිකාරමක් ලබාගෙන මුදල් වංචා සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම වට්ස්ඇප් ගිණුම් හැක් වීම් සම්බන්ධයෙනුත් වර්ධනයක් දක්නට ලැබෙනවා.”
අන්තර්ජාලය හරහා යම් කිසි රැස්වීමකට සම්බන්ධ වීමට අදාළව Zoom ලින්ක් එකක් හරහා කේතයක් ලබාගන්නා මුවාවෙන් වට්ස්ඇප් ගිණුමට අනවසර ප්‍රවේශයන් ලබා ගැනීම් වාර්තා වන බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරන්නේ.
ගිණුම් හැක්වීමේදී ලැයිස්තුවේ සිටින අනෙක් පුද්ගලයන්ට විවිධ පණිවිඩ යවමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීම් ආදිය සිදුවන බවද අනාවරණය වී තිබෙනවා.
මේ අනුව ගිණුම් හැක් වීමක් වාර්තා වුවොත් තමන් ගනුදෙනු කරන බැංකුව සම්බන්ධ කර ගනිමින් අදාළ ආරක්ෂක උපාය මාර්ග යොදන ලෙසත්, වංචාවට සම්බන්ධ දුරකථන අංක හෝ ගනුදෙනුවල පිටපත් තිබේ නම් ආසන්නතම පොලිසියට හැකි ඉක්මනින්ම පැමිණිල්ලක් සිදු කරන ලෙසත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලා සිටිනවා ෴
විදුලි සේවකයෝ අකුරට වැඩ කිරීමෙන් ඊළඟ අදියරට මාරුවෙති
(03.10.2025 – hirunews.lk)
මෙතෙක් ක්‍රියාත්මක වූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරමින් සඳුදා (06) දිනයේ සිට ඉහළ නිලධාරීන් සමග සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා.
අද (03) දිනය තුළ තමන් ගනුදෙනු නොකරන නිලධාරීන් සහ ඉහළ පිරිස කවුරුන්ද යන්න පිළිබඳව තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම නව ක්‍රියාමාර්ගය “නන්-කොපරේෂන්” (non-cooperation) හෙවත් සහයෝගයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙස ඔවුන් හඳුන්වා දෙන අතර, එය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන කාර්යාලයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවකට ආරාධනා කළහොත් ඊට සහභාගී වීමට සූදානම් බව ද ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
වෘත්තීය සමිති මෙම තීව්‍ර ක්‍රියාමාර්ගයට එළඹෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකින් තොරව සිදු කිරීම පිළිබඳව බලධාරීන්ට චෝදනා කරමින්.
ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් 24 න් බොහොමයක්ම මෙම ප්‍රතිව්‍යුහගතකරණයේ පවතින අඩුපාඩුකම්වලට සම්බන්ධ බව සඳහන්.
ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව වන්නේ, නව සමාගම් පිහිටුවීම, අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම, සේවකයින් අනුයුක්ත කිරීම වැනි පියවර නිසියාකාරව සිදු නොකිරීමයි.
තවද, සේවක ප්‍රතිලාභ තහවුරු කරන ලියවිලි, මානව සම්පත් ප්‍රතිපත්ති (HR Policies) ඇතුළු වැදගත් ලේඛන මෙතෙක් නිසි ලෙස සකස් කර නොමැති බවත්, ලැබී ඇත්තේ අසම්පූර්ණ කෙටුම්පත් පමණක් බවත් විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙනවා.
වර්තමානයේ සිදු කරනු ලබන අවිධිමත් ආකාරයට මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවුවහොත්, නව සමාගම් පිහිටුවීමත් සමග ගැටලු රාශියක් ඉස්මතු වන බව විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කරයි ෴
කටුනායක සිට කොළඹ බේරේ වැව දක්වා ගුවන් ගමන් ඇරඹෙයි
(03.10.2025 – hirunews.lk)
බේරේ වැව ‘ජලතර ගුවන් තොටුපලක්’ (water Aerodrome) ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව අද (03) දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැලසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙසයි මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ආරම්භ කර තිබෙන්නේ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ‘ජලතර ගුවන් ගමන්’ ක්‍රියාත්මක කරනු ලබන ‘සිනමන් ගුවන් සමාගම’ මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබනවා.
කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවට කෙටි වේලාවකින් සුව පහසුව කොළඹ නගරය වෙත කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව මෙම නව ගුවන් ගමන් ආරම්භයත් සමඟ උදාවනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න ඇතුළු පිරිසක් රැගත් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnamon Lake side Pire දක්වා මෙම සමාරම්භක ගුවන් ගමන ක්‍රියාත්මක වුණා.
“අපි ආණ්ඩුවක් විදියට දේශීය ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වනවා. Cinnamon Air වගේ සමාගම් සියල්ලටම අපි ආරාධනා කරනවා පලාලි වගේ ගුවන් තොටුපොලවලටත් දේශීය ගුවන් වාර ආරම්භ කරන්න එන්න කියලා. අපි ආණ්ඩුවක් වශයෙන් ඔබට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට බැදී සිටිනවා” යැයි අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී ප්‍රකාශ කළා.
2011 / 2012 වර්ෂ වල ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද ‘ජලතර ගුවන් ගමන්’ ආරම්භ කරනු ලැබු අතර එවකට පැවති දැඩි ආරක්ෂක නියාමනයන් සහ දුෂ්කරතා හේතුවෙන් එම සේවාව අත් සිටවනු ලැබුවා.
නව රජය පත් වීමත් සමඟම දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම සහ නීතී රීතී ලිහිල් කිරීම මත එම සේවාව සැපයීමට සුදුසු පරිසරයක් නිරිමාණය වී ඇති බැවින් ‘සිනමන් ගුවන් සේවය’ මෙම සේවාවන් නැවත ආරම්භ කිරීම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට මහත් රුකුලක් වනවා.
‘සිනමන් ගුවන් සමාගම’ මේ වන විට නුවර, මඩකලපුව, සීගිරිය, කොග්ගල, වීරවිල, හැටන්, ත්‍රිකුණාමලය ආදී දේශීය සංචාරක ගමනාන්ත 10 ක් වෙත ගුවන් ගමන් සිදු කරනු ලබනවා.
මෙම බේරේ වැව ආශ්‍රීත ‘ජලතර ගුවන් තොටුපල’ට අමතරව නුදුරේදීම කොළඹ වරාය නගරය සඳහා ද මෙවැනි ‘ජලතර ගුවන් ගමන් සේවා’ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදු කරමින් පසු වන බවද, කොළඹ නගරය සඳහා නව හෙලිකොප්ටර් නැවතුම් අංගන දෙකක් (2) හදුන්වා දීම සඳහාද කටයුතු කරමින් පවතිනවා.
මේ වන විට ‘ජලතර ගුවන් තොටුපල’ 22 ක් නිසි පරීක්ෂා කිරීම්වලින් පසුව මෙහෙයුම් සඳහා අනුමත කර ඇති බව ද ‘ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය’ පවසනවා.
අඩු කොලිටි ප්ලාස්ටික් බෝතල්වලට වැඩ වරදී : SLS සහතිකය අනිවාර්ය කෙරේ
(03.10.2025 – hirunews.lk)
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නැවත භාවිත කළ හැකි සියලුම ප්ලාස්ටික් බෝතල් (reusable plastic bottles) සහ පොලිමර් පාදක ළදරු කිරි දෙන බෝතල් (polymer-based feeding bottles) 2026 අප්‍රේල් 01 වන දින සිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) සහතිකය දැරීම අනිවාර්ය කර තිබෙනවා.
ඔක්තෝබර් 01 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, අවශ්‍ය SLS ප්‍රමිතීන්ට අනුකූල නොවී, නිල සහතිකකරණ සලකුණ ප්‍රදර්ශනය නොකර, එවැනි බෝතල් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් නිෂ්පාදකයින්ට, ආනයනකරුවන්ට, බෙදාහරින්නන්ට සහ වෙළඳුන්ට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇති.
මෙම නියෝගය ප්‍රධාන කාණ්ඩ දෙකක් ආවරණය කරයි. එනම්, පානීය ද්‍රව රැගෙන යාම සඳහා නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සහ පොලිමර් ද්‍රව්‍යවලින් සාදන ලද ළදරු කිරි බෝතල් සඳහා වෙන් වෙන් වූ පිරිවිතරයන් හඳුන්වා දී තිබෙනවා.
මෙම පියවර මඟින් පාරිභෝගික ආරක්ෂාව ශක්තිමත් කිරීම, අඩු ගුණාත්මක ප්ලාස්ටික් භාණ්ඩ වෙළඳපොළට ඇතුළුවීම වැළැක්වීම සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම අරමුණු කරන බව සඳහන් ෴
නිවාස කොල්ල කෑ අම්මයි පුතයි කොටුවෙයි
(03.10.2025 – 15:12 +0530 – sinhala.adaderana.lk)
නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කරමින් සිය පුතු සමගින් එක්ව එම නිවාස මංකොල්ලකෑමේ ජාවාරමක නිතරව සිටි මව්-පුතු දෙපළක් බෙම්මුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ කාන්තාව කලක සිට තම පුතු මෙහෙයවන කොල්ල කණ්ඩායමක් යොදවා නිවාස මංකොල්ලකෑමේ ජාවාරමේ නිරත වී තිබේ.
අවසන්වරට ඔවුන් බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසක සිදුකළ කොල්ලයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම හසුකරගැනීමට පොලීසියට හැකිව ඇත.
මෙම කාන්තාව මීගමුවේ පිහිටි නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කර ඇති අතර, ඒ හරහා බෙම්මුල්ලේ නිවසේ ගෘහ සේවයට පැමිණ තිබේ.
පසුව සිය පුතු මෙහෙයවනු කොල්ල කල්ලිය හා එක්ව රාත්‍රී කාරයේදී නිවැසියන් බැඳදමා රුපියල් ලක්ෂ 15 කට අධික ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් ඇත.
අත්අඩංගුවට ගත් මව්-පුතු දෙපළ හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඇතුළු කොල්ලකල්ලිය පැය 24 ක් ගතවීමට පෙර අත්අඩංගුවට ගැනීමට බෙම්මුල්ල පොලීසිය සමත්විය.
එහිදී ඔවුන් සතුව තිබී සොරකම්කරන ලද ස්වර්ණාභරණ, හෙරොයින් ග්‍රෑම් 3 ක් සිය භාරයට ගෙන ඇත.
මෙම කොල්ලකල්ලිය දිවයින පුරා කොල්ලත් කෑම් 10 ක් පමණ සිදුකර ඇති බවට හෙළි වී ඇති අතර, අදාළ කාන්තාවගේ පුත්‍රයා සංඝයා වහන්සේ නමක් අපවත් කිරීමක් සම්බන්ධවද චෝදනා ලබා අධිකරණයෙන් ඇපමත මුදාහැර සිටින පුද්ගලයෙක් බවද හෙළි වී තිබේ.
සැකකරුවන් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴
‘තලපති’ ඉවර කරන ‘ස්ටාලින් මෙහෙයුම’. එක්සත් ජාතීන් ඉදිරියේ ‘ට්‍රම්ප්’ යකා නැටුවේ ඇයි ? (02.10.2025)
+
පනත සම්මත වුණොත් ගුරුවරුන්ට වෙන දේ… අත උස්සන මන්ත්‍රීවරුන්ට විමල්ගෙන් අභියෝගයක් ! (03.10.2025)
+
මේ නීතිය සම්මත කරන්නේ ගර්භනී පාසල් ශිෂ්‍යාවන් බිහි කරන්න ද ? පනත අස් කරගන්නා තුරු ‘ජාතික නිදහස් පෙරමුණ’ සටනේ (03.10.2025)
+
ඔයත් නිකං ජේවීපීකාරයෙක් වගේනෙ චෝදනා කරන්නෙ ? (03.10.2025)
+
තමන්ගේ සාරය ජේවීපියට දිය නොකළ, ලාල්කාන්ත… (03.10.2025)
+
රංගට ආණ්ඩුවේ හොරු අහුවෙන්නේ නැද්ද? (03.10.2025)
+
ගංජා ද්‍රෝහියා vs බේබදු ප්‍රේමියා | ගැමි ජෙප්පනි; මමයි රියල් ජෙප්පා – විමල් වීරවංශ (03.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴